top of page

B.Sc. (ගෞරව) භෞතචිකිත්සක උපාධි පාඨමාලාව


භෞතචිකිත්සාව වෛද්‍ය විද්‍යාවේ ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතින වෘත්තියක් වන අතර, භෞතචිකිත්සකයකවරු යම් පුද්ගලයෙකුගේ ජීවිත කාලය පුරා සෞඛ්‍යයේ උපරිම චලනය හා ක්‍රියාකාරී හැකියාව වර්ධනය කරන, පවත්වා ගන්නා සහ පුනරුත්ථාපනය කරන චලනයන් පිළිබඳ විශේෂඥයන් වේ.

ශ්‍රී ලංකාවේ සුදුසුකම්ලත් භෞතචිකිත්සකවරයකු වීමට ඇති එකම මාර්ගය පිළිගත් විශ්ව විද්‍යාලයකින් B.Sc. (Hons) භෞතචිකිත්සාව පිළිබඳ ගෞරව උපාධිය ලබා ගැනීමයි.

මෙම උපාධි පාඨමාලාවේදී, භෞතචිකිත්සාව පිළිබඳ දක්ෂ උපාධිධාරීන් වෛද්‍ය, භෞතචිකිත්සක සහ සායනික විද්‍යාවන් පිළිබඳ පුළුල් දැනුමකින් සහ පර්යේෂණ මත පදනම් කරගත් පුහුණුව භාවිතා කරමින් පුද්ගලයන්ගේ රෝග/ ආබාධ හඳුනාගැනීමට හා තක්සේරු කිරීමට හැකියාව ඇති අතර, එවැනි තත්ත්වයන් මඟහරවා ගැනීමට හෝ භෞතචිකිත්සක ප්‍රථිකාර සඳහා මැදිහත්වීම් හඳුනා ගනී. එය පුද්ගලයාගේ අනුරූප ගැටළු මත භෞතික, මානසික, සමාජ, සංස්කෘතික හා පාරිසරික සාධක කෙරෙහි අවධානය යොමු කරයි. 

 

Sinhala.jpg

භෞත චිකිත්සකයින් දැඩි සත්කාර ඒකක (ICU), වාට්ටු, බාහිර රෝගී සායන සහ ප්‍රජා මූලික සෞඛ්‍ය මධ්‍යස්ථානවල මෙන්ම පෞද්ගලික භෞතචිකිත්සක සායනවල සේවය කරයි. එපමණක් නොව, භෞතචිකිත්සක නිළධාරීන් නීරෝගිමත් සෞඛ්‍යයක් පවත්වා ගැනීම සහ රෝග හා ආබාධ වැළැක්වීම ප්‍රවර්ධනය කරයි.

උපාධි පාඨමාලාවේ කාලසීමාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් වසර 4 ක් වන අතර එය ශ්‍රී ලංකා සුදුසුකම් පද්ධතියේ SLQF 6 (මූලික උපාධියක ඉහළම මට්ටම) ලෙස වර්ගීකරණය කළ ශාස්ත්‍රීය අගය (Credits) 120 වන පාඨමාලාවකි. 

B.Sc.(ගෞරව) භෞතචිකිත්සක පාඨමාලාව ධාරාවන් 5කින් සමන්විත වේ.

  • Basic Science Stream

  • Applied Physiotherapy Stream

  • Behavioral Science Stream

  • Clinical Science Stream

  • Research Stream

මෙහිදී, උපාධි අපේක්ෂකයින් පහත සඳහන් විෂයයන් හැදෑරිය යුතුය.

  • Anatomy

  • Physiology

  • Genetics

  • Biomechanics

  • Kinesiology

  • Electro Physical agents

  • Pathology

  • Pharmacology

  • Microbiology

  • Rheumatology

  • Orthopedics

  • Neurology

  • Cardiology

  • Respiratory sciences

  • Pediatrics

  • Geriatrics

  • Obstetrics

  • Gynecology

  • General surgery and medicine

  • Sports Physiotherapy

  • Psychiatry

  • Burns management

  • War injury management

  • Community-Based Rehabilitation

  • Occupational Health

  • Evidence-based practice in  Physiotherapy

  • Electives

තවද, පර්යේෂණ ධාරාව (Research stream) යටතේ භෞතචිකිත්සක උපාධි අපේක්ෂකයින්ට විද්‍යාත්මක පර්යේෂණ, ආචාර ධර්ම පිළිබඳ අනිවාර්ය ක්ෂේත්‍රයන්හි පුහුණුව ලබා දෙන අතර, අධීක්ෂකවරයෙකුගේ මඟ පෙන්වීම යටතේ තෝරාගත් මාතෘකාවක් පිළිබඳ පර්යේෂණ ව්‍යාපෘතියක් පවත්වා පර්යේෂණ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ. 

සායනික පුහුණුව ශ්‍රී ලංකා ජාතික රෝහල, රාගම පුනරුත්ථාපන රෝහල, ළය රෝහල-වැලිසර, රිජ්වේ ආර්යා ළමා රෝහල, වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI), ද සොයිසා මාතෘ රෝහල, ක්‍රීඩා වෛද්‍ය ආයතනය - ක්‍රීඩා අමාත්‍යාංශය හා ප්‍රජා පුනරුත්ථාපන මධ්‍යස්ථානවල දී ලබා දෙනු ලැබේ.

කාර්යක්ෂම, සැලකිලිමත් සහ කාරුණික භෞතචිකිත්සක නිළධාරීන් බිහිකිරීම සඳහා අවශ්‍ය වන මූලික, ව්‍යවහාරික හා සායනික විද්‍යාවන්, චර්යාත්මක විද්‍යාවන් සහ පර්යේෂණයන්හි විශිෂ්ටත්වය ලබා ගන්නා විද්‍යාර්ථින්ට පළමු පෙළ (First Class) උපාධිය පිරිනමයි.

විද්‍යාවේදී (ගෞරව) භෞත චිකිත්සක උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු පශ්චාත් උපාධි අධ්‍යාපනය ලැබීමට අවස්ථා තිබේ.  
නිදසුන් ලෙස,
 

  • Master of Physiotherapy (MPT)

  • Doctor of Physiotherapy (DPT) 

  • Master of Philosophy in Physiotherapy (MPhil) 

  •  Doctor of Philosophy in Physiotherapy (Ph.D.)

යනාදිය දැක්විය හැකි ය.

B.Sc. (ගෞරව) භෞතචිකිත්සක උපාධිය පිරිනමනු ලබන්නේ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යා පීඨය සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින කොතලාවල විශ්ව විද්‍යාලය විසිනි. අ.පො.ස. උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ධාරාවේ ඉහළ Z ලකුණු ලබා ඇති සිසුන් මෙම පාඨමාලාවට අයදුම් කිරීමට සුදුසුකම් ලබයි. වර්තමානයේ දී පූර්ව උපාධි අපේක්ෂකයින් සංඛ්‍යාව 100 දක්වා වැඩි කර ඇත.

References

https://med.cmb.ac.lk/allied-health/

https://www.ugc.ac.lk/index.php?option=com_content&view=article&id=1156%3Asri-lanka-qualifications-framework&catid=97%3Anotices-to-universities&Itemid=109&lang=en

 

සඳුනි තක්ෂිලා 

ශ්‍රී ලංකාවේ භෞතචිකිත්සකවරුන්ගේ කාර්යභාරය

ශ්‍රී ලංකාවේ භෞතචිකිත්සකවරුන්ගේ කාර්යභාරය
Sinhala.jpg

භෞතචිකිත්සක උපාධි පාඨමාලාව 2006 දී ශ්‍රී ලංකාවේ ආරම්භ කරන ලදී. එය සිව් අවුරුදු උපාධි පාඨමාලාවකි. වර්තමානයේ රාජ්‍ය විශ්ව විද්‍යාල දෙකක් (කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලය) භෞතචිකිත්සක උපාධි පාඨමාලාව පිරිනමයි. සෑම වසරකම භෞතචිකිත්සක උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා සිසුන් 60 ක් පමණ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වේ. රාජ්‍ය විශ්ව විද්‍යාල වල භෞතචිකිත්සක පාඨමාලාව සඳහා ප්‍රධාන වශයෙන් සිසුන් තෝරා ගනු ලබන්නේ Z අගය පදනම් කරගනිමිනි. Z අගය ශ්‍රේණිගත කිරීම අනුව භෞතචිකිත්සක පාඨමාලාව සෑම දිස්ත්‍රික්කයකම 3 වන හෝ 4 වන ස්ථානය ලබා ගනී.

යමෙක් B.Sc. භෞත චිකිත්සක (ගෞරව) උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසුව, ඔහු / ඇය CMCC (කොළඹ වෛද්‍ය විද්‍යාල කවුන්සිලය) හි ලියාපදිංචි විය යුතුය. එවිට ඔහුට / ඇයට SLMC (ශ්‍රී ලංකා වෛද්‍ය කවුන්සිලය) හි ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කළ හැකිය. SLMC ආයතනයේ ලියාපදිංචි වීමකින් තොරව කිසිවෙකුට ශ්‍රී ලංකාවේ භෞතචිකිත්සක නිලධාරියෙකු ලෙස පුහුණුවීම් කළ නොහැකිය. එය ශ්‍රී ලංකාවේ නීතිමය අවශ්‍යතාවකි.

ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි ස්ථාන මොනවාද?

SLMC ආයතනයේ ලියාපදිංචි භෞතචිකිත්සක නිලධාරීයෙකුට රජයේ, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ ඇතුළු විවිධ අංශවල සේවය කිරීමට අවස්ථා තිබේ.

රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් ගැසට් පත්‍රයක් මඟින් දැනුම් දෙනු ලැබේ. භෞතචිකිත්සක නිලධාරීන් රජයේ සේවයට තෝරා ගනු ලබන්නේ උපාධිය බලපැවැත්වෙන දිනය හා GPA ලකුණු අනුව ය. අනෙකුත් අංශ බඳවා ගැනීම් සඳහා පුරප්පාඩු හා සම්මුඛ සාකච්ඡා අනුගමනය කරයි.

ප්‍රධාන වශයෙන් රාජ්‍ය අමාත්‍යාංශ තුනක් සඳහා භෞතචිකිත්සක නිලධාරීන් බඳවා ගැනීම සිදු කරයි. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සියලුම ශික්ෂණ රෝහල්, මූලික රෝහල් සහ පළාත් රෝහල් ඇතුළු සාමාන්‍ය රෝහල් සහ විශේෂිත රෝහල් (කාන්තා රෝහල්, ළමා රෝහල්, පුනරුත්ථාපන රෝහල්, ශ්වසන සත්කාර රෝහල් ආදිය) සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලැබේ. ආරක්ෂක අමාත්‍යාංශය (ගුවන් හමුදාව, යුධ හමුදාව) සහ ක්‍රීඩා අමාත්‍යාංශය භෞතචිකිත්සක නිලධාරීන් ස්ථිර හෝ කොන්ත්‍රාත් පදනම මත බඳවා ගනී.

භෞතචිකිත්සක නිලධාරීන්ට රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යයන කාර්ය මණ්ඩලය ලෙස (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, කනිෂ්ඨ කථිකාචාර්යවරුන්, සහකාර කථිකාචාර්යවරුන්, උපපාදනාචාර්‍යවරුන් ආදී) සේවය කළ හැකිය. එසේම B.Sc. උපාධි සුදුසුකම හේතුවෙන් සම සෞඛ්‍ය විද්‍යා දෙපාර්තමේන්තු / පීඨ  වල පමණක් නොව වෙනත් පීඨ වලද සේවය කළ හැකිය.

භෞතචිකිත්සක නිලධාරීන්ට සියළුම පෞද්ගලික රෝහල්, පෞද්ගලික භෞතචිකිත්සක සායන, රාජ්‍ය නොවන සංවිධාන පදනම් කරගත් සායන, ක්‍රීඩා කණ්ඩායම් (ක්‍රිකට්, පාපන්දු ආදිය), ආබාධ තත්ත්ව ඇති ළමුන් සඳහා විශේෂිත පාසල් ආදී පෞද්ගලික අංශයේ විශාල රැකියා අවස්ථාවන් තිබේ. SLMC ලියාපදිංචිය ඇති ඕනෑම භෞතචිකිත්සක නිලධාරීයෙකුට නිවාසවලට ගොස් ප්‍රතිකාර කල හැකිය.

ශ්‍රී ලංකාව තුළ භෞතචිකිත්සක නිලධාරීන්ට,

 

  • පළමු සම්බන්ධතා / ස්වාධීන වෘත්තිකයන් ලෙස ක්‍රියා කිරීම

  • රෝගී තත්ත්වයන් පරීක්ෂා කිරීම

  • රෝග විනිශ්චය කිරීම

  • රෝග වැළැක්වීමේ උපදෙස් / සේවාවන් ලබා දීම

  • වෙනත් විශේෂඥයින් / සේවාවන් වෙත යොමු කිරීම

  • ප්‍රතිකාර කිරීම (මැදිහත්වීම්, උපදෙස් සහ ප්‍රතිඵල ඇගයීම)

  • දුරස්ථ සෞඛ්‍ය සේවාවන් සැපයීම  (කෝවිඩ් -19 වසංගත තත්ත්වය සමඟ දුරස්ථ සෞඛ්‍ය  සේවා හඳුන්වා දෙන ලදී.)

වැනි සේවාවන් සැපයීමට අවසර ඇත.

භෞතචිකිත්සක නිලධාරීන්ට ලබා දිය හැකි සේවාවන් මොනවාද?

භෞතචිකිත්සාව මඟින් මිනිස් ක්‍රියාකාරිත්වය හා චලනය පිළිබඳ ව සැලකිලිමත් වේ. එය ශරීරයේ ක්‍රියාකාරී චලිතයන් උපරිම කිරීම සඳහා ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියයි. එම නිසා, එය පහත දැක්වෙන සෑම වෛද්‍ය තත්ත්වයකට ම පාහේ සම්බන්ධ වේ; 

  • සන්ධි, අස්ථි, මාංශ පේශි හා ස්නායු ආශ්‍රිත සෞඛ්‍ය තත්ත්වයන්

  • ශ්වසන සහ හෘද රෝග තත්ත්වයන් 

  • සැත්කම් (පෙර සහ පසු)

  • දරුවන්ගේ සෞඛ්‍ය ගැටලු 

  • කාන්තාවන්ගේ සෞඛ්‍ය ගැටලු

  • ක්‍රීඩා කිරීම නිසා ඇතිවන තුවාල

  • යෝග්‍යතාවය සහ ශරීරයේ මනා පෙනුම පවත්වා ගැනීම

  • පුනරුත්ථාපනය ආදිය.

භෞතචිකිත්සාව, පසුගිය දශකය වන තෙක්ම  සීමිත සම්පත් හේතුවෙන්  විශාල වශයෙන් ව්‍යාප්තව පැවතියේ කොළඹ දිස්ත්‍රික්කයේ පමණි. භෞතචිකිත්සාව පිළිබඳ උපාධිධාරීන්ගේ සංඛ්‍යාව පසුගිය වසර කිහිපය තුළ වැඩිදියුණු වී ඇති අතර ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බඳවා ගැනීම් ඉහළ ගොස් තිබේ. වර්තමානයේ භෞතචිකිත්සාව දිවයින පුරා විසිරී ඇති සේවාවක් වන අතර එයට විශාල ඉල්ලුමක් පවතී.

භෞතචිකිත්සාව යනු වේගයෙන් වැඩිදියුණු වන සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයකි. වර්තමානයේදී, අඛණ්ඩ වෘත්තීය සංවර්ධනය  සහ සාක්ෂි පදනම් කරගත් පුහුණුව ශ්‍රී ලංකා භෞත චිකිත්සකයින් අතර වෙන කවරදාටත් වඩා ජනප්‍රියය. වෘත්තීය කුසලතා සහ දැනුම පවත්වා ගැනීමට සහ සංවර්ධනය කිරීමට සහ අපගේ පුරවැසියන්ට වඩාත් හොඳ සේවාවක් සැපයීමට එය ඔවුන්ට උපකාරී වේ.


භෞතචිකිත්සක P.W. හෂිනි නිමේෂා
ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල (කොළඹ 05)
SLMC Reg.No.0626

භෞතචිකිත්සාවේ වෘත්තීමය පැතිකඩෙන් බිඳක්..

භෞතචිකිත්සාවේ වෘත්තීමය පැතිකඩෙන් බිඳක්..
Sinhala.jpg

B.Sc.(Hons) භෞතච්කිත්සක උපාධිය ලබාගැනීමත් සමඟ ඔබ දැනුම හා කුසලතා වලින් සන්නද්ධ වේ. ඉන් අනතුරුව ඔබ කළ යුත්තේ වෘත්තීය භොෟතච්කිත්සකවරයෙකු ලෙස ලියාපදිංචි වීමයි. ඒ සඳහා ඔබ පළමුව ලංකා වෛද්‍ය විද්‍යාල කවුන්සිලයේ (CMCC) ලියාපදිංචි විය යුතුය. ඉන් අනතුරුව ඔබ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) ලියාපදිංචි විය යුතු වේ. එහිදී ඔබට වෘත්තීමය ලියාපදිංචි අංකයකින් යුත් හැඳුනුම්පතක් ලැබෙනු ඇත. එම හැඳුනුම්පත රෝගී ප්‍රතිකාර සේවය ලබා දීමට ඔබට ලැබෙන වලංගු අවසරපතයි. එය නොමැතිව කිසිදු ප්‍රතිකාරයක් කිරීමට නීතියෙන් අවසරයක් නැත.

 මෙහිදී ඔබට අංශ කිහිපයක රැකියා තෝරාගැනීමට හැකිය. 
ප්‍රධාන වශයෙන්,

  • රාජ්‍ය අංශය 

  • පෞද්ගලික අංශය

  • ස්වකීය අංශය 

  • විදේශ රැකියා අංශය

Government Sector 


If you are looking for  Government Sector
There are many sub categories. some of them include,

 

  • Lecturer (Ministry of Education)

  • Physiotherapist (Ministry of Health)

  • Sport Physiotherapist (Ministry of Sports)

  • Physiotherapist (Ministry of Defense - All Forces)

Ministry of Education will recruit Graduates (Preferably 1st Class Degree) as lecturers for the universities.
And also, there are opportunities to work as lecturers in private universities too.
Depending on your higher education you will be able to promote from a demonstrator, lecturer, senior lecturer, Head of the department and more. 

Physiotherapists for government hospital will be recruited by an annual gazette. Most of graduates will select this path and become government Physiotherapists.
Once you are selected you have to follow a 6 months internship (paid). After the internship you will get a list of hospitals to mark your choice. Depending on your degree’s date and your Grade Point Average (GPA) you will be selected to a government hospital.
Then you will become a state sector worker and you start working. While you are working you have to pass 9 months’ probation period where your discipline, attendance and behavior will be evaluated as every other government worker.
After 3 years you will be a permanent government worker and obtain the benefits. (This is the basic procedure for every government worker)

Ministry of sports and ministry of defense will also recruit Physiotherapists for their sport teams and hospitals.
These vacancies will be published in newspapers and gazettes.
When you were selected as a Physiotherapist to a sport team you will ultimately specialized as a sport Physiotherapist.
While when you were selected to forces you will become a member of the certain force. (Army/Navy/Air Force/Police)

Private sector 


If you are looking for a carrier in the Private Sector,
there are many fields in private sector too.

  • Private Hospitals

  • Private Clinics

  • Sport Clubs

  • Nursing Homes

  • Schools

  • Special needs children centers

  • NGOs

  • Researcher / Research Assistants

  • Community Projects 

  • Volunteer projects

  • Veterinary Physiotherapy clinics

Are some of them.

Personal sector 


If someone wants to start their carrier in personal Sector,  After getting registered as a Physiotherapist you can plan to start your own clinic.
You have to follow few easy steps to register your clinic under Private Health Services Regulatory Council (PHSRC) and you are ready to go.
Then you have to buy relevant treatment equipment which are not too expensive.
Now your clinic is ready for services.

Apart from that you can start home visits or clinic visits or personal appointments where you will visit the patients and treat.

Overseas sector


Overseas based carrier pathway is also one of the main pathway after Graduation in B.Sc. (Hons) Physiotherapy . 
Many countries prefer to recruit Physiotherapists from Sri Lanka for their hospitals.
There are so many opportunities around the world mostly in UK, Australia, Singapore, Middle east and Asia.
You can become a foreign employed Physiotherapist easily if you follow the correct guidance.


In the government service Physiotherapy is considered as an essential service.

In the government service Physiotherapy is considered as an essential service.
Physiotherapy is considered as an essential service as it plays a major role in health and fitness in people.
Physiotherapy management along with the medical management is very essential for most of the diseases and disabilities.
And for some conditions Physiotherapy plays the major role.

  • Musculoskeletal conditions like Arthritis, Muscle strain, osteoporosis etc

  • Neurological conditions like stroke, spinal cord injuries etc

  • Orthopedic conditions like fractures, dislocations etc.

  • Pediatric conditions like Cerebral Palsy, Torticollis, spina bifida etc

Physiotherapy has an important and essential part in Intensive Care Unit (ICU) patients management too.
Patient recovery is much faster when the Physiotherapy management is involved.

As a Physiotherapist you have to upgrade your knowledge throughout your service in order to update your treatment in sake of the patients. Various programs, seminars, workshops, conventions, symposiums and many more will be there locally and internationally to improve your Continuous Professional Development (CPD) 


Considerable number of Physiotherapists involved in research and Evidence Based Practice (EBP) in order to enhance and upgrade the Physiotherapy profession by uncovering new fields.
And this new knowledge is being shared locally and globally and new techniques and methods are introduced very frequently. Hence, Physiotherapy has a dynamic and active development. 


Physiotherapists have to enrolled in professional organizations, associations and unions to discuss and take important decisions regarding the profession.
Government Physiotherapy Officers Association (GPOA), Sri Lanka Society of Physiotherapists (SLSP), Colombo Physiotherapy Alumni Association (CoPAA) are some of those professional organizations.


Physiotherapy is a stress-free job where you can always work with happiness by seeing your patients improving day by day. 
Physiotherapist is a person who always happy and present with a pleasant smile.
Decent behavior and empathy towards every human is an absolute part in Physiotherapist’s life.

As a Physiotherapist you have to work with many professionals. You will earn respect through your profession among colleagues, fellow professionals and among public.
All Physiotherapists are team workers and always tend to help each other.
Health care workers in every level tends to get advices and treatments from Physiotherapists for their own diseases and disabilities. By treating them Physiotherapists help to maintain the health and fitness among the health care community too.

And also, we usually spent more time with patients because of our treatments. Hence, we will be able to understand our patients fully and work accordingly towards their improvement.
We explained the treatment and the exercises to the patients and help and guide the patient to do it successfully.
You will be delight to see them improve fast. And their love and blessings will be always with you.

Physiotherapist do lots of social work and also public awareness campaigns where we deliver important messages to the public. Physiotherapists fulfill this immense service through mass media like television, radio, newspapers and through social media.

Physiotherapist maintain their physical fitness and health properly as we need to advice our patients and public on those.

You will become a respectable and important personality once you become A Physiotherapist.

A Physiotherapist is a person who has a brain of a scientist heart of a humanitarian and hands of an artist.


Physiotherapist Nuwan C Rodrigo,
Secretary,
Sri Lanka Association for Child Development
B.Sc.(Hons)(Col) Physiotherapy
Lady Ridgeway Hospital for Children
SLMC Reg.No.0504

දැඩි සත්කාර ඒකකය තුළ භෞත චිකිත්සක කාර්යභාරය ....

දැඩි සත්කාර ඒකකය තුළ භෞත චිකිත්සක කාර්යභාරය ....
icu post_sinhala3.png

දැඩි සත්කාර යනු ,සාමාන්‍යයෙන් දැඩි සත්කාර ඒකකවල ජීවිතයට තර්ජනයක් සහිත පුළුල් සත්කාර සහ නිරන්තර අධීක්ෂණයක් අවශ්‍ය වන රෝගීන්ට ලබාදෙන විශේෂිත ප්‍රතිකාර වේ.

මෙලෙස බරපතල ලෙස රෝගාතුර වූ රෝගීන් බොහොමයක්  දිගුකාලීන යන්ත්‍රික ශ්වසනය හා දැඩිසත්කාර ඒකක තුල දිගුකාලයක් රැදීසිටීම නිසා දිගු කාලීන කායික හා මානසික සංකූලතාවන්ට ගොදුරු වේ. 

දැඩි සත්කාර ඒකක තුළ,

  • විවිධ සැත්කම් සදහා භාජනය වූ රෝගීන්.

  • ශ්වසන සංකූලතා සහිත රෝගීන්.

  • අංශභාග රෝගීන්.

  • පිළිකා රෝගීන්.

  • තදබල ආසාදන සහිත රෝගීන්.

  • හෘද රෝගීන්.

  • අනතුරු වලට ලක්වූ රෝගීන්

ප්‍රතිකාර ලබයි.

මෙලෙස දීර්ඝ කාලයක් දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීමේ අහිතකර බලපෑම් ලෙස,

  •  ක්‍රියාශීලී නොවීම, මාංශපේෂි ක්ෂය වීම හා දුර්වල වීම. වයසත් සමග වර්ධක හෝර්මෝනය අඩුවීම නිසා සම්පූර්ණ ඇඳ විවේකය (complete bed rest) මගින් තරුණයන්ගේ දිනකට මාංශ පේශි වලින් 1% ක් පමණ  හානි වන අතර, වැඩිහිටියන්ගේ දිනකට 5% ක් දක්වා හානි විය හැක.

  • දීර්ඝ කාලීන යාන්ත්‍රික ශ්වසනය හේතුවෙන් සිදුවන මහාප්‍රාචීර දුර්වලතාවය

  • හෘද හා ශ්වසන ක්‍රියාකාරිත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා අඩුවීම 

  • ලේ නහර තුළ රුධිර කැටි (deep vein thrombosis)ඇතිවීම 

  • තුවාල ඇතිවීම 

  • ආසාදන

  • සමේ ඇතිවන සංකෝචන ආරම්භ වීම

  • නියුමෝනියාව

  • මරණ අනුපාතය වැඩි වීම 

එමනිසා, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා බහුවිධ කණ්ඩායමක් අවශ්‍ය වේ. මෙම බහුවිධ කණ්ඩායමේ (multidisciplinary team) චිකිත්සක වරයාගේ කාර්‍යභාරය ඉතා වැදගත් වේ. මෙයට හේතුව දැඩි සත්කාර ඒකකයේ බරපතල ලෙස රෝගාතුර වූ රෝගියෙකුගේ ජීවන තත්ත්වය තීරණය කිරීමේදී එය ප්‍රධාන වන බැවිනි.

දැඩි සත්කාර ඒකකයේ භෞත චිකිත්සකවරයාගේ ඉක්මන් දායකත්වය, (Acute response)

  • රෝගියා දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීම සහ සමස්ත රෝහලේ ගතකරන කාලය අඩු කිරීමට 

  • දැඩි සත්කාර ඒකකයට සම්බන්ධ සංකූලතා වැළැක්වීමට

  • දිගු කාලීන ශරීර ක්‍රියාකාරීත්වය සහ ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

දැඩි සත්කාර ඒකකවල භෞත චිකිත්සාවේ අරමුණු

  • හෘද ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත ලෙස පවත්වාගැනීම.

  • යාන්ත්‍රික ශ්වසනය  සහ ඔක්සිජන් ප්‍රතිකාර භාවිතා කරන රෝගීන්ගේ ඒ මත යැපීම වැලැක්වීමේ  ක්‍රියාවලියට සහාය වීම.

  • නිශ්චලතාවයේ ප්‍රතිවිපාක වළක්වා ගැනීම සඳහා ඉක්මන් පුනරුත්ථාපන / චලනයන් සිදු කිරීම.

  • සන්ධි ආරක්ෂිතව පවත්වාගැනීම, මාංශ පේශි, මෘදු පටක කෙටි වීම සහ ස්නායු හානි අවම කිරීම සඳහා ස්ථානගත කිරීම පිළිබඳ උපදෙස්.

  • බාහිර හානියක් නිසා මොළයේ තුවාල (traumatic brain injury) ඇතිවන  රෝගීන්ගේ මාංශ පේශි තානය(muscle tone) කෙරෙහි ඍණාත්මක බලපෑම් අවම කිරීම සඳහා ශරීර පිහිටීම වෙනස් කිරීම.

  • ස්වාධීනව ක්‍රියාකිරීමේ හැකියාව සහ ව්‍යායාම වැඩි දියුණු කිරීමට ඉච්ජානුග චලනය ප්‍රශස්ත කිරීම.

  • මාංශ පේශිවල ඇතිවිය හැකි රෝග තත්ත්වයන් කළමනාකරණය කිරීම.

  • පවුල සහ රැකබලා ගන්නන් දැනුවත් කිරීම.

  • භෞත චිකිත්සක  සත්කාර අඛණ්ඩව අධීක්ෂණය කිරීම සඳහා වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය සමඟ සම්බන්ධතා පැවැත්වීම.

 
දැඩි සත්කාර ඒකකය තුල භෞත චිකිත්සක වරයාගේ කාර්‍යභාරය ප්‍රධාන කොටස් දෙකක් යටතේ බෙදා වෙන්කල හැක. 

  1. ශ්වසන භෞතචිකිත්සාව

  2. පුනරුත්ථාපනය 

ශ්වසන භෞතචිකිත්සාව

ශ්වසන භෞතචිකිත්සාවේදී භෞත චිකිත්සකවරයාගේ කාර්යභාරය වන්නේ රෝගීන්ගේ ශ්වසන මාර්ග‍ය පවිත්‍ර කිරීමට සහ ශ්වසන පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට/වැඩිදියුණු කිරීමට සහාය වීමයි.

එමගින්,

  • යාන්ත්‍රික ශ්වසනාධාරක ආශ්‍රිත නියුමෝනියාව වැළැක්වීමට.

  • රෝගීන් යාන්ත්‍රික ‍ ශ්වසනාධාරකය මත  යැපීම  වැලැක්වීමට. 

  • සුවවීමේ ක්‍රියාවලියට

  • ශ්වසන පද්ධතිය ආශ්‍රිත ‍ස්‍රාව එම පද්ධතියෙන් ඉවත්කිරීමට.

  • Intubated රෝගීන් තුල සහ අනිච්ඡානුග ලෙස  හුස්ම ගන්නා රෝගීන් තුළ නියමිත පෙනහළු පරිමාව පවත්වා ගැනීමට උපකාරී වේ.

හෘද හා ශ්වසන ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත මට්ටමට පත්කිරීමේ ක්‍රම

  • යාන්ත්‍රික නොවන ලෙස පෙනහළු විස්තාරණය(MHI) (යාන්ත්‍රික වාතාශ්‍රය පමණි)

  • මුඛය හෝ නාසය තුලින්  සිදුවන චූෂණය (යාන්ත්‍රික වාතාශ්‍රය පමණි)

  • යාන්ත්‍රික නොවන ප්‍රතිකාර ක්‍රම(manual techniques):

  • Chest shaking  and vibration,  chest wall compression,  chest clapping/percussion 

  • රෝගියා නිවැරදි ආකාරයට ස්ථානගත කිරීම, ගුරුත්වය දෙසට  සිදුකරන ස්ථානගත කිරීම (GAP)

  • Active  Cycle of Breathing (ACBT)

  • Intermittent Positive-pressurebreathing (IPPB)

  • Continuous Positive Airways Pressure (CPAP)

  • යාන්ත්‍රික ලෙස සිදුකරන ශ්වසනය (NIV)

  • නාසය / මුඛය ආශ්‍රිත චූෂණය 

  • Positive Expiratory Pressure(PEP) මුඛ ආවරණ, නළා කපාට

අප සැවොම අසා ඇති කරුණක් නම්, රෝගියෙකුට හුස්ම ගැනීමට අපහසු වූ විට එම රෝගියා කෘතිම ශ්වසන යන්ත්‍රයකට (ශ්වසනාධාරකයකට) සම්බන්ධ කරන බවයි. දීර්ඝ කාලයක් තිස්සේ යාන්ත්‍රික ශ්වසනාධාරක් සම්බන්ධ කර තිබීම  නිසා ශ්වසන ක්‍රියාකාරිත්වය අඩාල වන අතර ප්‍රාචීර දුර්වලතාව ඇති කරයි. එබැවින් භෞතචිකිත්සකවරයා මෙම මාංශ පේශි ශක්තිමත් කිරීමට උපකාරී කරයි. භෞත චිකිත්සකවරයා වෙනත් වෛද්‍ය කණ්ඩායම් සමඟ සමීපව කටයුතු කර රෝගියාගේ හුස්ම ගැනීමේ යන්ත්‍රය මත යැපීම අවම කිරීම සඳහා දිනපතා සැලැසුම් සකස් කරයි. (යාන්ත්‍රික ශ්වසනාධාරකය මතයැපීම වැලැක්වීම).

Intubated රෝගීන් සදහා, භෞත චිකිත්සකයින් සාමාන්‍යයෙන් යාන්ත්‍රික නොවන, වාතනය මඟින් පෙනහලු පමණට වඩා විස්තාරණය කිරීම සහ ස්ථානගත කිරීම ප්‍රතිකාර ක්‍රම ලෙස භාවිතා කරන අතර අනිච්චානුගව හුස්ම ගන්නා රෝගීන් සදහා චලන වැඩි දියුණු කිරීම.    

මෑත කාලීනව දැඩි සත්කාර ඒකකයේ භෞත චිකිත්සක කළමණාකරණයේ දැකගත හැකි වැදගත් සාක්ෂි ලෙස,

  • භෞත චිකිත්සාව ජීවිතයේ ගුණාත්මකභාවය, ශාරීරික ක්‍රියාකාරිත්වය, පර්යන්ත සහ ශ්වසන මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම.

  • භෞත චිකිත්සාව ශ්වසන ආධාරක රහිතව  ගත කල හැකි දින ගනණ වැඩි කිරීමට උපකාරී වීම.

  • එය රෝහල සහ ICU LOS (Length of Stay) තුළ රැඳී සිටින කාලය අඩු කිරීම.

කෙටියෙන් කිවහොත්, භෞත චිකිත්සාව මගින් "ජීවන තත්ත්වය, ශාරීරික ක්‍රියාකාරිත්වය, පර්යන්ත හා ශ්වසන මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම, ශ්වසන ආධාරක රහිතව ගත කල හැකි දින වැඩි කිරීම සහ රෝහල් හා දැඩි සත්කාර ඒකකයේ රැඳී සිටීම අඩු කිරීම ආදී සැලකිය යුතු ප්‍රතිලාභයක්" ලබා දෙයි.

 

පුනරුත්ථාපනය (mobilization)

  • යාන්ත්‍රික ශ්වසනයක් සහිත රෝගියකුගේ චලන මට්ටම

  • රෝගියාව නිවැරදිව ස්ථානගත කිරීම  (රෝගියාගේ සක්‍රිය සහභාගිත්වයෙන් හෝ එසේ නොමැතිව )

  • ඇඳ කෙලෙවර වාඩි වී සිටීම

  • රෝගියා සිටින ස්ථානය මාරු කිරීම(රෝගියාගේ සක්‍රිය සහභාගිත්වයෙන් හෝ නොමැතිව )

  • රෝගියාව  නැගී සිටවීම.(රෝගියාගේ සක්‍රිය සහභාගිත්වයෙන් හෝ නොමැතිව )

  • එහා මෙහා ගෙන යා හැකි ශ්වසන ආධාරකයක් සමඟ ඇවිදීම

  • නවීකරණය කරන ලද ඇවිදීමේ රාමු හෝ ඇවිදීමට යොදාගන්නා ආධාරකයක් (walker)සමඟ හෝ නැතිව ඇවිදීම

පුනරුත්ථාපනය සැකසුම් දෙකකදී සිදුවිය හැකිය

  • රෝහල තුල

  • රෝහලෙන් පිටව ගිය පසු

දැඩි සත්කාර ඒකක ආශ්‍රිත දුර්වලතාවය (ICUAW) සුලභ වන අතර එය බරපතල රෝගාබාධවල පළමු දින කිහිපය තුළ ආරම්භ වේ.

රෝගීන්ට යාන්ත්‍රික ශ්වසනය  ලැබෙමින් තිබියදී ව්‍යායාම කිරීමෙන්  ICUAW වලින් ආරක්ෂා විය නොහැකි අතර දිගු කාලීන ස්නායු ක්‍රියාකාරිත්වය අඩපණ කළ හැකිය.

දැඩි සත්කාර ප්‍රතිකාර ( ආඝාතය, ප්‍රධාන සැත්කම්, විකලාංග සැත්කම්) වලින් පසුව ව්‍යායාමයේ ඇති වැදගත්කම නම් ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්ම උපරිම කිරීමයි.
                          
බරපතල රෝගාබාධවලින් පසු ව්‍යායාමයේ ඇති වාසි සමහරක් නම්:

  • මාංශ පේශිවල ශක්තිය සහ සන්ධි චලනය වැඩි දියුණු කිරීම

  • ස්ථාවරත්වය සහ සමබරතාවය වැඩි දියුණු කිරීම

  • ව්‍යායාම වල නිරතවිය හැකි ධාරිතාවය වැඩිකිරීම සහ යෝග්‍යතාවය වැඩි දියුණු කිරීම

  • රුධිර සංසරණය වැඩිදියුණු කිරීම 

  • යහපැවැත්ම සහ ක්‍රියාකාරීත්වය වැඩි කිරීම.

බරපතල රෝගාබාධ සදහා ප්‍රතිකාර සිදු කිරීමට භෞත චිකිත්සාව බොහෝ උපකාර වන නමුත් හැකි ඉක්මනින් නිතිපතා ව්‍යායාමවලට ​​සහභාගී වීමෙන් ආරම්භයේදීම ඔබේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වැඩි හැකියාවක් ඇත. මෙය දිගු ක්‍රියාවලියක් සේ හැඟිය හැකි නමුත් ඔබේ පුනරුත්ථාපන වලින් උපරිම ප්‍රයෝජන ලබා ගත හැකි වන පරිදි ඔබට මෙම අරමුණු ඔබේ භෞත චිකිත්සකවරයා සමඟ සාකච්ඡා කළ හැකිය..

 

References


Beers, M.H., Porter, R.S., Jones, T.V., Kaplan, J.L. and Berkwits, M., 2006. The Merck Manual of Diagnosis and Therapy. 18th. Whitehouse Station, NJ: Merk Research Laboratories.

Kayambu, G., Boots, R. and Paratz, J., 2013. Physical therapy for the critically ill in the ICU: a systematic review and meta-analysis. Read Online: Critical Care Medicine| Society of Critical Care Medicine, 41(6), pp.1543-1554.


Chief Physiotherapist W.M Pavithra Ruwanjith Wickramasinghe 
B.Sc(Hons)(Col) Physiotherapy 
Master in Business Management (col)
Nawaloka Hospital - Negombo
SLMC Reg.No.0480

bottom of page