top of page

භෞතචිකිත්සාව යනු කුමක්ද?

Sinhala (8).jpg

භෞතචිකිත්සාව සෞඛ්‍ය හා ප්‍රජා සේවා වල අත්‍යවශ්‍ය අංගයකි. භෞතචිකිත්සාව යනු සෞඛ්‍ය ක්ෂේත්රය තුළ ජීවිත කාලය පුරාවටම උපරිම චලනය හා ක්‍රියාකාරී හැකියාව වර්ධනය කිරීම, පවත්වා ගැනීම සහ යථා තත්වයට පත් කිරීම පිළිබඳ විශේෂඥ සෞඛ්‍ය වෘත්තියයි.

භෞතචිකිත්සක නිළධාරින් සෞඛ්‍ය ප්‍රවර්ධනය, වැළැක්වීම, ප්‍රතිකාර කිරීම හා පුනරුත්ථාපන යන ක්ෂේත්‍රවල සේවය කරයි. ශාරීරික, මානසික, චිත්තවේගීය හා සමාජීය යහපැවැත්ම වැඩිදියුණු කිරීම තුළින් භෞත චිකිත්සක නිළධාරින් මිනිසුන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උපරිම කර ගැනීමට උපකාරී වේ. වයස්ගත වීම, තුවාල, රෝගාබාධ, තත්වයන් හෝ පාරිසරික සාධක මගින් චලනය හා ක්‍රියාකාරිත්වයට තර්ජනයක් එල්ල වන විට ජීවිතයේ ඕනෑම අවස්ථාවක දී ඔවුන්ට මිනිසුන්ට උදව් කළ හැකිය.

භෞතචිකිත්සාව යනු උපාධිය පදනම් කරගත් වෘත්තියකි. භෞතචිකිත්සක නිළධාරින් පුළුල් පරාසයක රෝග තත්වයන් තක්සේරු කිරීමට, රෝග විනිශ්චය කිරීමට සහ ප්‍රතිකාර කිරීමට සුදුසුකම් ලබයි.

භෞතචිකිත්සක නිළධාරීන් විසින් වෘත්තීමය වශයෙන් සිදු කළ යුතු එමෙන්ම ඔවුන් විසින් සිදු කිරීමට සුදුසුකම් සපුරා ඇති කාරණා නම්,

 

  • රෝගියාගේ / සේවාදායකයාගේ හෝ සේවාදායක කණ්ඩායමේ අවශ්‍යතා පිළිබඳ පුළුල් පරීක්ෂණයක් / තක්සේරු කිරීම.

  • රෝගීන් / සේවාදායකයින් සම්බන්ධයෙන් සායනික තීන්දු තීරණ ගැනීම සඳහා විභාගයෙන් / තක්සේරු කිරීමෙන් සොයා ගත් කරුණු ඇගයීමට ලක් කිරීම.

  • රෝග විනිශ්චය, පුරෝකථනය සහ සැලැස්ම සකස් කිරීම.

  • වෙනත් සෞඛ්‍ය විශේෂඥවරයෙක් වෙත යොමු කළ යුතු විට එය සිදු කිරීම.

  • රෝගීන් / සේවාදායකයින්ට ලබා දිය යුතු උපදේශන ලබාදීම හා ඔවුන් වෙනත්

  • භෞතචිකිත්සක මැදිහත්වීමක් සහිත  ප්‍රතිකාර වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.

  • ඕනෑම  භෞතචිකිත්සක මැදිහත්වීමක / ප්‍රතිකාරයක ප්‍රතිපල තීරණය කිරීම.

  • ස්වයං කළමනාකරණය සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීම.

විශේෂඥ භෞතචිකිත්සක ක්ෂේත්‍ර,

 

භෞතචිකිත්සාව පුළුල් පරාසයක විහිදී ඇති අතර ඒ අතුරින් භෞතචිකිත්සකවරුන් විසින් විශේෂඥතාවයක් දක්වන සායනික විෂය ක්ෂේත්‍ර කිහිපයක් ලෙස:

 

  • මාංශ පේශි / විකලාංග

  • හෘද සහ ශ්වසන රෝග

  • ස්නායු රෝග

  • ළමා රෝග

  • ක්‍රීඩා වෛද්‍ය විද්‍යාව

  • රක්තවේදය

  • වැඩිහිටි පුද්ගලයින් / වයෝවෘද්ධ පුද්ගලයන්

  • Medical Conditions

  • කාන්තා සෞඛ්‍යය; ප්‍රසව හා නාරිවේද

  • පිළිකා රෝග

  • මහජන සෞඛ්‍යය


භෞතචිකිත්සාව ප්‍රයෝජනවත් වන්නේ,
 

  • අනවශ්‍ය ශල්‍යකර්ම සහ ඖෂධ භාවිතය වළක්වයි.

  • භෞතචිකිත්සක ප්‍රතිකාර අතුරු ආබාධ නොමැත.

  • ඔබේ සංචරණය සහ චලනය වැඩි දියුණු කරයි.

  • ඇතැම් රෝග ඇති වීම වළක්වයි; දියවැඩියාව, හෘදයාබාධ, ආඝාතය.

  • වැටීම හා සම්බන්ධ තුවාල, මානසික ආතතිය සහ කාංසාව අඩු කරයි.

  • ඔබේ වයස සහ ශාරීරික යෝග්‍යතාවය වැඩි කරයි.

  • සැත්කම් වලින් පසු සංකූලතා අඩු කරයි.

  • ඕනෑම නිදන්ගත රෝගයකින් වේදනාව සමනය කරයි.


භෞතචිකිත්සක නිළධාරින් ස්වාධීනව සහ සාමූහික ව ප්‍රතිකාර සහ පුනරුත්ථාපන වැඩසටහන්වල දී කටයුතු කරයි.


භෞතචිකිත්සක නිළධාරින් සේවය සපයන ස්ථාන ලෙස,
 

  • රෝහල්, දැඩි සත්කාර ඒකක, බාහිර රෝගී සායන

  • අධ්‍යාපන හා සායනික පර්යේෂණ මධ්‍යස්ථාන(Clinical Research Centers)

  • පුනරුත්ථාපන මධ්‍යස්ථාන.

  • ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන

  • පෙර පාසල් සහ විශේෂ පාසල් ඇතුළු පාසල්

  • ක්‍රීඩා මධ්‍යස්ථාන

  • ජ්‍යෙෂ්ඨ පුරවැසි මධ්‍යස්ථාන

  • ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩසටහන්

  • ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන/ වෘත්තීය සෞඛ්‍ය මධ්‍යස්ථාන / සේවා ස්ථාන / සමාගම්

  • භෞතචිකිත්සක පෞද්ගලික සායන

භෞතචිකිත්සාවේ ඉතිහාසය, වර්තමානය සහ අනාගතය

History,Pressent & Future of Physitherapy

භෞතචිකිත්සාව පිටුපස ඉතිහාසය වසර ගණනාවක් තිස්සේ වර්ධනය වී පරිණාමය වී ඇති අතර එහි පරිණාමය අඛණ්ඩ ක්‍රියාවලියකි. ක්‍රිස්තු පූර්ව 450 හිදී  හිපොක්‍රටීස්, හෙක්ටර් සහ පසුව ගැලෙනස් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දෑතින් සිදුකරන ප්‍රතිකාර (manual therapy) ක්‍රම, මාංශ පේශි සහ සන්ධි ආශ්‍රිතව ඇතිවන ආතතිය හෝ වේදනාව සමනය කිරීම සදහා අත් භාවිතයෙන් සිදුකරන ප්‍රතිකාර සහ ජලචිකිත්සාව (hydrotherapy) භාවිතා කළහ.

 

පුරාණ චීනයේ සෑම පළාතකම පාහේ වෛද්‍ය විද්‍යාලවල ව්‍යායාම ශාලාවක් තිබුනි. එහිදී ප්‍රතිකාරමය ව්‍යායාම සහ therapeutic massage පිළිබඳ තාක්ෂණය දැන සිටි පුහුණු වෛද්‍යවරුන් (ටාවෝස්) සිටියහ. “Cong-fou ”(ක්‍රි.පූ 3000) කෘතියේ ක්‍රියාකාරී (active), උදාසීන (passive) සහ සංයුක්ත (combined) ව්‍යායාම සහ therapeutic massage පිළිබද විස්තර කර ඇත.  පුරාණ ඉන්දියාවේ, යෝගීන් අවම වශයෙන් හුස්ම ගැනීමේ ව්‍යායාම 800 ක් පමණ භාවිතා කර ඇති අතර, බොහෝ විට ඔබේ හුස්ම රඳවා තබා ගැනීමේ ව්‍යායාමවල ආධාරයෙන් රෝග වළක්වා ප්‍රතිකාර කෙරුණි. පුරාණ ඊජිප්තු වෛද්‍යවරු ශාරීරික ව්‍යායාම, therapeutic massage, ආහාර ගැනීම, gidroprotsedur සමඟ රූමැටික් රෝගයට ප්‍රතිකාර සිදුකර ඇත. පුරාණ රෝමයේ ප්‍රතිකාරමය ව්‍යායාම විශේෂයෙන් ම දියුණු විය. ක්‍රි.ව. 360 දී ලියන ලද Oribaza නම් කෘතියෙහි, එම සමයේ ඇති සියලුම ද්‍රව්‍යයන් විස්තර කෙරෙන අතර, ප්‍රතිකර්ම ආශ්‍රිත ව්‍යායාම උපකරණ පිළිබදව ද විස්තර කර ඇත.

 

භෞතචිකිත්සාව ක්‍රි.ව. 250 දී රක්තවාතය සහ හිසරදය වැනි අවස්ථා වලදී වේදනා සහන සඳහා ගෝල්ඩ්ෆිෂ් විදුලි මාළු භාවිතා කරන ලදී. භෞතචිකිත්සක නිළධාරීන් අද වේදනා සහනයක් ලබා දීම සඳහා විද්‍යුත් ක්ෂේත්‍ර භාවිතා කරමින් ප්‍රතිකාර සිදුකරති. Abu Ali ibn Sina (Avicenna) සිය “Canon of Medicine” සහ “Book of Healing” යන ග්‍රන්ථවල වෛද්‍ය ජිම්නාස්ටික්, ජල පතිකාරක, දැඩි කිරීමේ ව්‍යායාම, ආහාර පාලනය ආදිය වැනි පතිකාර ක්‍රම විවිධ රෝග සඳහා ප්‍රතිකාර කිරීමට සහ වැළැක්වීම පිළිබද විස්තර කර ඇත.

 

1573 දී මර්කුරියාසා විසින් ජිම්නාස්ටික් පිළිබඳ පළමු කෘතිය ලෙස " The Art of Gymnastics" ප්‍රකාශයට පත් කරන ලදී. ජර්මානු වෛද්‍ය F. Hoffmann (1660-1742) වැඩිදියුණු කළ, එකල පැවති වෛද්‍ය ප්‍රතිකාර සම්මතයන්ගෙන් ඔබ්බට ගිය ප්‍රතිකාර ක්‍රමයක් ඉදිරිපත් කලේය, මෙය ඉතා ජනප්‍රිය වූ අතර, මෙම ක්‍රමය  තුල සැලකිය යුතු ප්‍රමාණයක් rubbing, ආහාර පාලනය, therapeutic massage, භෞතචිකිත්සාව යනාදිය භාවිතා කරන ලදි. 1771 දී විකලාංග වෛද්‍ය විද්‍යාවේ වෙළුම් දෙකකින් යුතු කෘතියක වන “The movement - the best treatment for the body” ප්‍රකාශයට පත් කරන ලද අතර එහි ජිම්නාස්ටික්, gidroprotsedur, therapeutic massage, ආහාර ආදිය පිලිබද විස්තරාත්මකව විස්තර කර ඇත.

 

1780 දී Tissot විසින් ප්‍රකාශයට පත් කරන ලද “Gymnastique medicinale Et Chirurgicale” කෘතියෙහි මිනිස් අවයව වලට සියලු ආකාරයේ රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා විස්තර, කායික විද්‍යාව, සනීපාරක්ෂාව සහ චිකිත්සාව යන අනු කොටස් යටතේ යටතේ විස්තර කර ඇත. එමෙන්ම ව්‍යායාම, rubbing ද විස්තර කර ඇත. 1864 දී Swede T. Brandt විසින් නාරිවේද රෝගවලින් පෙළෙන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රතිකාරමය ව්‍යායාම සහ therapeutic massage ක්‍රමයක් සකස් කළේය. කිරීම සඳහා ජර්මානු ජාතික Ertel විසින් 1881 දී කඳුකර භූමි ප්‍රදේශයක නැගීමේ දී ඇතිවන හෘදයේ හා රුධිර නාල වල රෝග සඳහා ප්‍රතිකාර ක්‍රමයක් යෝජනා කරන ලදී. Schott විසින් හෘද රෝගීන් සඳහා ව්‍යායාම වැඩි දියුණු කරන ලද අතර එය 1884 දී ප්‍රතිරෝධී ව්‍යායාම මත පදනම් විය. ස්විට්සර්ලන්ත වෛද්‍යවරයකු වන Frenkel විසින් 1889 දී ස්නායු පද්ධතියේ අනත්වය(ataxia), අංශභාගය, paresis සහ වෙනත් රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා ව්‍යායාම මාලාවක් යෝජනා කරන ලදී.

 

දහඅටවන ශතවර්ෂයේ විකලාංග වෛද්‍ය විද්‍යාවේ වර්ධනයෙන් පසු, භෞත චිකිත්සාවේ පසුකාලීන වර්ධනයන්ට සමානව සන්ධි ක්‍රමානුකූලව ව්‍යායාම කිරීමෙන් රක්තවාතය හා ඒ හා සමාන රෝග සඳහා ප්‍රතිකාර කිරීම සඳහා Gymnasticon වැනි යන්ත්‍ර නිපදවන ලදී.

 

වෘත්තිමය කණ්ඩායමක් ලෙස සැබෑ භෞත චිකිත්සාවේ මුල්ම ලේඛනගත සම්භවය therapeutic massage, manipulation සහ ව්‍යායාම සඳහා 1813 දී රාජකීය මධ්‍යම ජිම්නාස්ටික් ආයතනය (RCIG) ආරම්භ කළ අතර Per Henrik Ling “ස්වීඩන ජිම්නාස්ටික් පියා” වේ.

 

භෞතචිකිත්සාව යන වචනයේ ඉංග්‍රීසි යෙදුම වන physiotherapy වචනයේ පළමු භාවිතය ජර්මානු භාෂාවෙන් 1851 දී “Physiotherapie” යන වචනය වේ.

නූතන භෞතචිකිත්සාව 19 වන ශතවර්ෂයේ අග භාගයේදී ගෝලීය පරිමාණයෙන් බලපාන සිදුවීම් හේතුවෙන් ස්ථාපිත කරන ලද අතර එය භෞතචිකිත්සාවේ වේගවත් දියුණුවක් ඇති කරන ලදි.

භෞතචිකිත්සාවේ තවත් වැදගත් සලකුණක් ඇතිවූයේ පෝලියෝ වසංගතය ව්‍යාප්ත වූ සමයයි. මෙම කාලයේදී භෞතචිකිත්සක නිළධාරීන් පෝලියෝ රෝගීන්ගේ පුනරුත්ථාපන හා ප්‍රතිකාර සඳහා මූලික වීය. පළමුවන ලෝක සංග්‍රාමයේදී තුවාල ලැබූ සොල්දාදුවන් සමඟ වැඩ කිරීමට සහ ශාරීරික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීම සඳහා කාන්තාවන් බඳවා ගත් අතර භෞතචිකිත්සක ක්ෂේත්‍රය ආයතනිකකරණය සිදුවිය.

 

පළමු භෞතචිකිත්සක පර්යේෂණය ග්‍රන්තය 1921 මාර්තු මාසයේදී එක්සත් ජනපදයේ දී, " The PT Review " නමින් ප්‍රකාශයට පත් කරන ලදී.

 

සන්ධි වල ක්‍රියාකාරීත්වය සහ manipulation කෙරෙහි අවධානය යොමු කිරීම 1950 දශකයේ සිට ජනප්‍රිය වීමට පටන් ගත්තේය.

 

1950 දශකයේ අග භාගයේදී, භෞතචිකිත්සක නිළධාරීන් රෝහල් පදනම් කරගත් සේවය ඉක්මවා බාහිර රෝගී විකලාංග සායන, රජයේ පාසල්, විද්‍යාල / විශ්ව විද්‍යාල සෞඛ්‍ය මධ්‍යස්ථාන, වයෝවෘද්ධ සැකසුම්, පුනරුත්ථාපන මධ්‍යස්ථාන සහ වෛද්‍ය මධ්‍යස්ථාන වෙත සේවය සැපයීමට පටන් ගත්හ.

 

භෞතචිකිත්සාව සඳහා වූ ලෝක සම්මේලනය (WCPT) 1951 දී ආරම්භ කරන ලදී.

 

භෞතචිකිත්සක වෘත්තීය තුල විශේෂීකරණය 1974 දී එක්සත් ජනපදයේ දී සිදු විය.

 

1996 දී WCPT විසින් ලෝක භෞතචිකිත්සක දිනය පිහිටුවන ලදි. සෑම වසරකම ලොව පුරා භෞතචිකිත්සක සංවිධාන භෞතචිකිත්සක නිළධාරීන්ගේ කාර්යභාරය සැමරීම හා ප්‍රසිද්ධ කිරීම සඳහා උත්සව හා සිදුවීම් සංවිධානය කරයි.

 

භෞතචිකිත්සාව පිටුපස ඇති ඉතිහාසය වසර ගණනාවක් තිස්සේ පරිණාමය වී ඇති අතර එහි පරිණාමය අඛණ්ඩ ක්‍රියාවලියකි. එක් එක් නවෝත්පාදනයන්, තාක්‍ෂණය සහ ක්‍රියා පටිපාටිය සමඟ භෞත චිකිත්සක නිළධාරීන් තම රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා භාවිතා කරන ශිල්පයේ හැකියාව තව දුරටත් වර්ධනය කරගනිති. භෞත චිකිත්සාව ආරම්භයේ සිට මේ දක්වාම බොහෝ සාර්ථක වී ඇත.

 

අද භෞතචිකිත්සාව

 

වර්තමාන භෞතචිකිත්සාව  උපතේ සිට මහලු විය දක්වා සැමට ස්වාධී න වු සෞඛ්‍ය සේවා වෘත්තියකි.

 

අනාගත භෞත චිකිත්සාව

 

ඕස්ට්‍රේලියානු භෞතචිකිත්සක සභාවේ 50 වන සංවත්සරය 2019 වර්ශයේ දී සනිටුහන් කරන ලදී.  එවැනි සංධිස්ථානයක් සනිටුහන් කිරීමට අද සිට වසර 50 ඉදිරියට භෞතචිකිත්සාව කොතැනක ද යන්න සොයා බැලීම හැර වෙනත් යමක් තිබේද. මන්ද එමගින් තවත් අවුරුදු 20, 30, 40, 50 කින් භෞතචිකිත්සාවේ විශිෂ්ටත්වය පිළිබඳ අද අපට දැක ගැනීමට හැකි වන බැවිනි

 

ඔබ  දැන සිටියාද…

 

  • 2040 වන විට සෑම මිනිසෙකුටම ශරීරය, සෞඛ්‍යය සහ මනස ආවරණය වන පරිදි අධි-පුද්ගලීකරණය කරන ලද, නිරන්තරයෙන් යාවත්කාලීන කරන ලද උපදෙස් අත්පොත - තත්‍ය කාලීන රෝග නිර්ණයන් (පුද්ගලික X Ray, MRI, Ultra Sound, රුධිර පරීක්ෂණ, PET සහ CAT ස්කෑන්), X Ray Vision හා ගැටළු සහ රෝග සඳහා වර්ණ කේත කරන ලද මාර්ගෝපදේශන පද්ධතියක් පවතින බව. මෙම දත්ත භාවිතා කරමින් භෞතචිකිත්සක ප්‍රතිකාර සැලසුම් කිරීමට, ක්‍රියාත්මක කිරීමට සමත් වන බව. 

  • 2045 වන විට - රෝග නිවාරණයෙන් පසු පුද්ගලයන් පුනරුත්ථාපනය කිරීම - බොහෝ දුරට ඉතිහාසයට පමණක් සීමා වනු ඇත.භෞතචිකිත්සාව තුළ නවතම පිටුවක් පෙරළමින්  රෝගයට නිරාවරණය වීමට පෙර එය හඳුනා ගැනීම සහ වළක්වා ගැනීම; භෞතචිකිත්සාවේ මං සලකුණක් වනු නොඅනුමානයි.

 

  • 2050 වන විට භෞතචිකිත්සක නිළධාරීන් රෝගියාගේ භාහිර ශරීරයේ මෙන්ම අභ්‍යන්තරයේ ද ක්‍රියා කරනු ඇත.

References

  • Sharma, K. N. (2012) ‘Exploration of the History of Physiotherapy’, Scientific Research Journal of India, 1(1), pp. 19–22.

Music

bottom of page