මස්තිෂ්ක ආඝාතය යනු චලනය හා ඉරියව්වට බලපාන ශාරීරික ආබාධයකි. මාංශ පේශි තද වීම, චලනයේ පරාසය සීමා කිරීම සහ සංවේදක දුර්වලතා වැනි තත්වයන්ට ප්‍රතිකාර කිරීම සඳහා භෞත චිකිත්සාව මස්තිෂ්ක ආඝාත රෝගියාට ප්‍රයෝජනවත් වේ. භෞතචිකිත්සාවේ පරමාර්ථය වන්නේ රෝගියාගේ එදිනෙදා කටයුතුවලදී හැකිතාක් ස්වාධීන අය බවට පත් කිරීමයි. භෞතචිකිත්සක අරමුණු සහ ක්රියාකාරකම් සෑම දරුවෙකුටම ආවේණික ලෙස සකස් කරනු ඇත.
මස්තිෂ්ක ආඝාතය සහිත ළදරුවන් ඔවුන්ගේ වර්ධනයේ සන්ධිස්ථාන (developmental milestones) කරා ළඟා වීමට ප්‍රමාද වේ. එය දරුවාගේ වර්ධනයේ දී ප්‍රධාන ගැටළුවකි. භෞත චිකිත්සාවේදී, ඔවුන්ගේ චලන සන්ධිස්ථාන (motor milestones) කරා ළඟා වීමට පහසුකම් සපයයි. එබැවින් ඔවුන්ට හැකි තරම් ස්වාධීන විය හැකිය. මස්තිෂ්ක ආඝාතය සහිත දරුවන් සඳහා භෞත චිකිත්සාව ලබා ගැනීමේ වැදගත් ම වන්නේ එය යි.
භෞත චිකිත්සාවේ කාර්යභාරය ප්‍රධාන පියවර 3 කින් සමන්විත වේ.
පියවර 1: තක්සේරු කිරීම
රෝගියාගේ තක්සේරුව චිකිත්සකයාට රෝගයේ බරපතලකම ශ්‍රේණිගත කිරීමට සහ තනි ඉලක්ක තබා ගැනීමට උපකාරී වේ. ප්‍රතිකාර සැලැස්ම ඵලදායීද නැද්ද යන්න තීරණය කිරීම රෝගියාට සහ රෝගියාගේ මට්ටම වැඩිදියුණු කිරීමට උපකාරී වේ.
පියවර 2: ප්‍රතිකාර ක්‍රමය සැලසුම් කිරීම සහ සෑම දිනකම එය ක්‍රියාත්මක කිරීම.
ප්‍රතිකාරයේ සැලැස්ම මුළුමනින්ම රඳා පවතින්නේ ප්‍රතිකාර අරමුණු මත ය. එය ව්‍යායාම අනුපිළිවෙල සහ ආධාරක (adaptive devices) පුහුණු කිරීමෙන් සමන්විත වේ.
පියවර 3: රෝගියාට සහ පවුලේ සාමාජිකයින්ට මඟ පෙන්වීම.
භෞතචිකිත්සාවේ අරමුණු
දරුවන්ගේ වර්ධන අවධි කරා ළඟා වීමට උපකාර කරයි
මාංශ පේශි ශක්තිය වැඩි කිරීම
මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන් තුළ මාංශ පේශි දුර්වලතාවය පොදු ආබාධයකි. මාංශ පේශි ශක්තිය නම්‍යශීලී බව, ඉරියව් සහ සමබරතාවය වැඩි කිරීමට උපකාරී වේ.
විඳදරාගැනීම වැඩි දියුණු කිරීම
විඳදරාගැනීම යනු විශාල මාංශ පේශි සහ මුළු ශරීරය ව්‍යායාම මධ්‍යස්ථ සිට ඉහළ තීව්‍රතාවයකින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කිරීමේ හැකියාවයි. මෙම දරුවන් අඩු ශාරීරිකව ක්‍රියාශීලී වන අතර වඩාත් දුර්වල හෘද විඳදරාගැනීමක් ඇත. මධ්‍යස්ථ සිට ඉහළ තීව්‍රතාවයකින් යුත් ක්‍රියාකාරකම් වලට නිතිපතා සහභාගී වීම විඳදරාගැනීම වැඩි කරයි.
සම්බන්ධීකරණය හැකියාව (coordination) වර්ධනය කිරීම
සම්බන්ධීකරණය යනු ශරීරයේ විවිධ කොටස් එකට සුමටව හා කාර්යක්ෂමව භාවිතා කිරීමේ හැකියාවයි. නැවත නැවත චලනයන් හරහා මොළයට පණිවිඩ යැවීමෙන් සම්බන්ධීකරණය වැඩි දියුණු කරයි
සංචලතා උපාංග සමඟ හෝ නැතිව වැඩි සංචලතාවකට පහසුකම් සැපයීම
මස්තිෂ්ක ආඝාතය සහිත බොහෝ දරුවන් සංචලතාවයේ සීමාවන්ට මුහුණ දෙති. විකලාංග උපාංග, walkers, crutches, රෝද පුටු වැනි උපකාරක උපකරණ දරුවෙකුගේ ජීවන තත්ත්වය වැඩි දියුණු කරයි.
චලනයේ පරාසය වැඩි කිරීම
සන්ධි වල චලනය වැඩි කිරීම
වේදනාව පාලනය කිරීම
ඉදිමීම සහ දැවිල්ල අඩු කිරීම
මාංශ පේශි කෙටි වීම කිරීම
සංකූලතා ඇතිවීමේ සම්භාවිතාව අඩු කිරීම
ස්වයං රැකවරණය සඳහා සහභාගීත්වය වැඩි කිරීම
මාංශ පේශි කැක්කුම ලිහිල් කිරීම
දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් දැනුවත් කිරීම
භෞතචිකිත්සක ප්‍රතිකාරවල වාසි
මස්තිෂ්ක ආඝාතය හා සම්බන්ධ චලන ගැටළු හඳුනා ගැනීම, කළමනාකරණය කිරීම සහ ප්‍රතිකාර කිරීම.
මස්තිෂ්ක ආඝාතය පිළිබඳ රෝග ලක්ෂණ කාලයත් සමඟ වඩාත් පැහැදිලිව දැකගත හැකිය, දරුවාගේ රෝග ලක්ෂණ ඇගයීම, වර්ධනය හා සංවර්ධනය අධීක්ෂණය කිරීම, වෛද්‍ය ඉතිහාසය සමාලෝචනය කිරීම සහ ශාරීරික පරීක්ෂණයක් පැවැත්වීම. තක්සේරුකරණ සොයාගැනීම් අනුව රෝගියාට භෞත චිකිත්සාව ලබා දෙනු ලැබේ.
ශාරීරික හා ක්‍රියාකාරී කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අභ්‍යාස සහ ක්‍රියාකාරකම් භාවිතා කිරීම.
මෙම දරුවාට ඔවුන්ගේ වයස සහ සංජානන මට්ටම අනුව කුඩා ක්‍රීඩාවක් ලෙස ව්‍යායාම ලබා දෙනු ලැබේ.
සංකූලතා, විකෘතිතා සහ ආබාධ වැළැක්වීමට උදව් වීම.
යහපැවැත්ම, යෝග්‍යතාවය සහ සමස්ත සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම.
ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමට පහසුකම් සැපයීම.
රශ්මි ශෙහාරා
ෆාතිමා නිලූෆා
Comments