top of page

Spina Bifida යනු කුමක්ද ?

Spina Bifida යනු ස්නායුක නල දෝෂයකි. ස්නායුක නළය යනු අවසානයේදී දරුවාගේ මොළයට හා කොදු ඇට පෙළට වර්ධනය යන ව්‍යුහයයි. ගර්භණී සමයේදී ස්නායු නළය සෑදීමට පටන් ගන්නා අතර පිළිසිද ගැනීමෙන් සති 4 කින් පමණ එය අවසාන වේ. Spina bifida රෝගයේදී කොදු ඇට පෙළේ ස්නායු නලයේ කොටසක් නිසි ලෙස වර්ධනය වීම හෝ වැසීම සිදු නොවන අතර එය සුෂුම්නාවේ හා කොදු ඇට පෙළේ අස්ථිවල දෝෂ ඇති කරයි. එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, දරුවා උපත ලබන්නේ සුෂුම්නාවේ කොටසක් පිටුපසට නිරාවරණය වීමෙනි. එමනිසා මෙම රෝගය උපතේදි ළදරුවාගේ පිටේ බාහිර මල්ලක් වැනි ව්‍යුහයක් තිබීමෙන් හදුනාගත හැකි අතර එහි මෙනින්ජයි (meninges) සහ සුෂුම්නා පටක අඩංගු වේ. මෙම රෝගය කොදු ඇට පෙළ දිගේ ඕනෑම ප‍්‍රදේශයක සිදුවිය හැක.



Spina bifida ආකාර


Spina bifida ආකාර 03 ක් ඇත


🔹 Spina bifida occulta

🔹 Meningocele

🔹 Myelomeningocele


Spina bifida occulta

Spina bifida occulta අවම වර්ගයේ ආකාරය වේ. මෙම රෝගයේදි, කොදුඇට පෙළේ පිටුපස විවරයක් හෝ මල්ලක් වැනි ව්‍යුහයක් ඇති නොවේ. මෙම වර්ගයේ spina bifida සාමාන්‍යයෙන් කිසිදු ආබාධයක් ඇති නොකරයි.


Meningocele

Meningocele තත්වයේදී, දරුවාගේ කොදු ඇට පෙළේ පිටුපසට විවරයක් හරහා මෙනින්ජයි (meninges) සහ තරල පැමිණීමක් නිසා මෙහිදී මල්ලක් වැනි ව්‍යුහය පිහිටයි. සාමාන්‍යයෙන් ස්නායු හානියක් නැත. මෙම වර්ගයේ Spina bifida වලදී සුළු ආබාධ ඇති විය හැක.


Myelomeningocele

Myelomeningocele වඩාත් බරපතල ආකාරයේ Spina bifida වර්ගයයි. මෙම තත්වය සමග දරුවාගේ කෝන්දේ පිටුපසට විවරයක් හරහා තරල පැමිණීම නිසා මල්ලක් වැනි ව්‍යුහයද පිහිටයි. මෙනින්ජයි (meninges) සමග සුෂුම්නාවේ හා ස්නායු වල කොටසක් මෙම ව්‍යුහයෙහි ඇති අතර ඒවාට හානි වීමක් සිදුවේ. මෙම වර්ගයේ Spina bifida මධ්‍යස්ථ සිට දරුණු ආබාධ දක්වා හේතු වේ.


Spina bifida ඇති වීමට හේතු


Spina bifida ඇතිවීමට හේතුව කුමක්දැයි නිශ්චිතව තහවුරු කර නැති අතර එය පරිසරය හා පවුල් ඉතිහාසය හෝ මවගේ ශරීරයේ ෆෝලික් අම්ලය (විටමින් බී) අඩුවීම නිසා විය හැකියැයි විශ්වාසයක් පවතී.


Spina bifida ඇති වීමට අවධානම් සාධක


  • මවගේ වයස - යෞවන මව්වරුන් තුළ බහුලව දක්නට ලැබේ.

  • ගබ්සා වීමේ ඉතිහාසය - අතීතයේ ගබ්සා වු කාන්තාවකට වැඩි අවධානමක් ඇත

  • උපත් පිළිවෙල - පළමු උපත ලැබූ ළදරුවන්ට වැඩි අවධානමක් ඇත

  • සමාජ ආර්ථික තත්ත්වය - පහළ සමාජ ආර්ථික පවුල්වල උපත ලබන දරුවන්ට වැඩි අවධානමක් ඇත.

  • දියවැඩියාව

  • තරබාරුකම

  • ශරීරයේ උෂ්ණත්වය ඉහළ යාම


රෝග ලක්ෂණ


  • කොන්දේ පිටුපස මල්ලක් වැනි ව්‍යුහයක් ඇති විය හැක.

  • රෝගය හට ගත් ස්ථානයේ කෙස් කළඹක් හෝ උපන් ලකුණක් වැනි ස්වරූපයක් දිස් වේ.

  • කකුලේ මාංශ පේශි දුර්වල වීම

  • අසාමාන්‍ය හැඩැති පාද

  • අසමාන උකුල්

  • පැති කුදය (Scoliosis)

  • බඩවැල් හා මුත‍්‍රාශයේ ගැටළු

  • අධික බර

  • හුස්ම ගැනීමට, ගිල දැමීමට හෝ අත් චලනය කිරීමට අපහසු විම

  • Hydrocephalus


Spina bifida ඇති දරුවන්ට ශල්‍යකර්මයකින් අනතුරුව භෞතචිකිත්සක ප‍්‍රතිකාර ලබා දිය හැකි අතර එය එදිනෙදා කාර්යයන්ට ඇතුළත් කළ හැකි කාර්යක්ෂම හා අරමුණු සහිත චලනයන් වර්ධනය කිරීමට දරුවාට උපකාරී වේ.



හෂිනි රුහුණගේ



References


  • https://www.mayoclinic.org/diseases-conditions/spina-bifida/symptoms-causes/syc-20377860#:~:text=Spina%20bifida%20is%20a%20birth,the%20tissues%20that%20enclose%20them.

  • https://www.nhs.uk/conditions/spina-bifida/

  • https://www.cdc.gov/ncbddd/spinabifida/facts.html

  • https://www.webmd.com/parenting/baby/spina-bifida


20 views0 comments
bottom of page