top of page

මස්තිෂ්ක ආඝාතය(Cerebral Palsy) සහ මස්තිෂ්ක ආඝාතය හා සම්බන්ධ වෙනත් තත්වයන්

Writer's picture: Wephysio MFCWephysio MFC

මස්තිෂ්ක ආඝාතයේ විවිධ ආකාර


මස්තිෂ්ක ආඝාතය, චලනයන් කෙරෙහි බලපාන ආකාරය, ශරීරයේ බලපාන කොටස හා බලපෑම කෙතරම් දරුණුද යන්න අනුව ප්‍රධාන වර්ග හතරක් ඇත.

මස්තිෂ්ක ආඝාතය සහ මස්තිෂ්ක ආඝාතය හා සම්බන්ධ වෙනත්

  1. Spastic cerebral palsy

  2. Dyskinetic cerebral palsy

  3. Ataxic cerebral palsy

  4. Mixed cerebral palsy



Spastic cerebral palsy

Spastic cerebral palsy ඇති දරුවන්ට අසාමාන්‍ය ලෙස වැඩි ප්‍රතීක සහ තද, සමහර විට වේදනාකාරී මාංශ පේශි ඇත. ඔවුන් වර්ගය අනුව ඇවිදීමට යම් තරමක දුෂ්කරතාවයක් පෙන්නුම් කරයි. ස්පාස්ටික් මස්තිෂ්ක ආඝාතය නැවතත් උප වර්ග තුනකි,


  1. Spastic diplegia

  2. Spastic hemiplegia

  3. Spastic quadriplegia


Spastic diplegia

  • පැහැදිලි මාංශ පේශි තද බවක් සාමාන්‍යයෙන් පාද වල දක්නට ලැබේ. උකුල් සහ කකුල් මාංශ පේශි ඉතා තදින් ඇති අතර එමගින් කකුල් දණහිසට හරස් වී ඇතුළට ඇදී “කතුරක්” ලෙස පිහිටයි.

  • ඇඟිලි මතින් ඇවිදීම සිදු කරයි.

  • දෑත් වලටද බලපෑම් ඇතිවිය හැක.

  • ඇවිදීම අපහසු විය හැකිය

  • පාද වල ප්‍රතීක අධි ක්‍රියාකාරී වේ.

  • ළදරුවන් තම දෑත් පමනක් භාවිතා කර (කකුල් භාවිතා නොකර) බඩගා යෑම සිදු කරයි. සමහරු කිසිසේත් බඩගා ගැනීමට උත්සාහ නොකරයි.


Spastic hemiplegia

  • ශරීරයේ එක් පැත්තකට බලපායි.

  • සාමාන්‍යයෙන් ශරීරයේ එක් පැත්තක අතකට බලපාන නමුත් සමහර විට කකුලද ඇතුළත් වේ.

  • බලපෑමට ලක් වූ පැත්තේ අත් කකුල් කෙටි හා සිහින් වේ.


Spastic quadriplegia

  • මස්තිෂ්ක ආඝාතයේ වඩාත් දරුණු වර්ගයයි.

  • කකුල්වල සහ අත් වල මාංශ පේශි පාලනය කිරීමට හා සම්බන්ධීකරණය කිරීමට නොහැකිය.

  • දරුවන්ට බොහෝ විට ඔවුන්ගේ අවයවවල දැඩි තද ගතියක් ඇත.


Dyskinetic cerebral palsy

  • Spastic cerebral palsy වර්ගයට පසු මස්තිෂ්ක ආඝාතයෙහි දෙවන වඩාත් සුලභ වර්ගය මෙයයි.

  • මෙම දරුවන්ගේ අත් සහ කකුල් වල මන්දගාමී හා පාලනය කළ නොහැකි ගැස්සීම් සහිත චලනයන් පෙන්නුම් කරයි.

  • මුහුණේ සහ දිවේ මාංශ පේශිවල අධි ක්‍රියාකාරීත්වයක් ඇත.

  • මාංශ පේශිවල දැඩි බව විචල්‍ය විය හැකි අතර තද බවේ සිට ලිහිල් බව දක්වා වෙනස් විය හැකිය. dystonia, athetosis හා chorea වැනි චලන ආබාධ මෙම වර්ගයේ දරුවන් තුළ දැකිය හැකිය.

  • මෙම ආබාධ සිහින් ග්‍රාහක කුසලතා (උදා: කුඩා වස්තූන් ග්‍රහණය කර ගැනීම) සහ දළ ග්‍රාහක ක්‍රියාකාරිත්වයට බලපායි. (උදා: ඇවිදීම)


Ataxic cerebral palsy

මෙය අවම වශයෙන් පොදු වර්ගයයි. මෙම දරුවන් සම්බන්ධීකරනය නොකරන ලද චලනයන් පෙන්වයි. ඉක්මන් හෝ නිරවද්‍ය චලනයන් හෝ හිතාමතා සිදු කරන චලනයන් පාලනය කිරීමට ඔවුන්ට අපහසු වේ. එසේම ඒවා කථනය, ගිලීම සහ අක්ෂි චලනයන් කෙරෙහි බලපෑම් ඇති කරයි.


Mixed cerebral palsy

මෙම වර්ගයේ මස්තිෂ්ක ආඝාතය තනි මස්තිෂ්ක ආඝාතයක රෝග ලක්ෂණ නොපෙන්වයි. වර්ග කිහිපයක සම්මිශ්‍රණයකි. වඩාත් සුලභ වර්ගය වන්නේ ඩිස්කිනටික් හා ස්පාස්ටික් මස්තිෂ්ක ආඝාතයයි.


මස්තිෂ්ක ආඝාතය හා සම්බන්ධ වෙනත් තත්වයන්


🔸 බුද්ධි මට්ටම අඩු බව


  • දරුවාට සංජානන ක්‍රියාකාරිත්වය (සිතීමේ කුසලතා) සහ අනුවර්තන හැසිරීම (පරිසරයට අනුවර්තනය වීමේ හැකියාව) යන දෙකෙහිම සීමාවන් ඇත.


🔸 කොඳු ඇට පෙළේ විරූපණයන්


  • scoliosis, kyphosis සහ lordosis වැනි; කොඳු ඇට පෙළේ වාඩි වී සිටීම, සිටගෙන සිටීම සහ ඇවිදීමේ අපහසුතා ඇති විය හැකි අතර කල් පවතින පිට කොන්දේ වේදනාවන් ඇති වේ.


🔸 අපස්මාරය


  • මෙම දරුවන්ට අපස්මාරය ඇති අතර, එය ඇවිදීමට නොහැකි හෝ සීමිත සංචලනයක් ඇති දරුවන් අතර බහුලව දක්නට ලැබේ.


🔸 වර්ධනය හා ප්‍රමාද වීම


  • ළදරුවන් තුළ බර අඩු වීමක් ඇත. කුඩා දරුවන්ට අසාමාන්‍ය ලෙස මිටි වන අතර යෞවනයන් මිටිබව සහ ලිංගික සංවර්ධනයේ ඌනතාවයක් පෙන්නුම් කරයි. මාංශ පේශි සහ අත් පා සාමාන්‍යය ප්‍රමානයට වඩා කුඩා වේ.


🔸 පෙනීම දුර්වල වීම


  • බොහෝ දරුවන්ට ස්ට්‍රබිස්මස් (වපර ඇස) ඇත. මොවින්ට ඇති අනෙකුත් දෘශ්‍යාබාධිත නම්, ඇම්බ්ලෝපියා, දෘෂ්ටි ඇට්‍රොෆි (දෘෂ්ටි ස්නායුව පිරිහීම), නිස්ටැග්මස් (සිරස් හෝ තිරස් දිශාවකට නැවත නැවත ඇතිවන පාලනය කළ නොහැකි අක්ෂි චලනයන්), දෘශ්‍ය ක්ෂේත්‍ර දෝෂ (දෘශ්‍ය ක්ෂේත්‍රයේ එක් පැත්තක් නැතිවීම), වර්තන දෝෂ


🔸 ශ්‍රවණාබාධ


  • සෙංගමාලය හෝ මොළයට ඔක්සිජන් නොමැතිකම හේතුවෙන් සමහර දරුවන්ට අර්ධ හෝ සම්පූර්ණ ශ්‍රවණාබාධ ඇතිවේ. ශ්‍රවණ ගැටලු කථන හා සන්නිවේදන කුසලතාවන්ට ද බලපෑම් ඇති කරයි.


🔸 කථන හා භාෂා ආබාධ


  • මස්තිෂ්ක ආඝාතය ඇති බොහෝ දරුවන් කථනය සඳහා භාවිතා කරන මාංශ පේශි පාලනය කිරීම අපහසු වේ.


🔸 අසාමාන්‍ය සංවේදනයන් සහ සංජානනය


  • සමහර දරුවන් ස්පර්ශය වැනි සරල සංවේදනයන් කෙරෙහි වේදනාවක් හෝ අපහසුතාවක් දක්වයි.


🔸 ඉගෙනීමේ දුෂ්කරතා


  • සියුම් චලන සහ දළ චලන සම්බන්ධීකරණය මෙන්ම භාෂාව හා සන්නිවේදන ගැටළු ඇති අයට ඉගෙනීමේ අපහසුතා ඇති විය හැකිය. මොළයේ හානිය භාෂාවේ වර්ධනයට සහ බුද්ධිමය ක්‍රියාකාරිත්වයට බලපායි.


🔸 ආසාදන හා දිගු කාලීන රෝග


  • වැඩිහිටියන්ට හෘද හා පෙනහළු රෝග හා නියුමෝනියාව වැළඳීමේ වැඩි අවදානමක් ඇත.


🔸 මාංශ පේශී දැඩි බව


  • මෙය මාංශ පේශි විස්ථාපනය හා සන්ධි විරූපණයන් වැඩි කරයි.


🔸 මන්දපෝෂණය


  • මුඛයේ චලන දුර්වල වීම හේතුවෙන් හැපීම වැනි ආහාර සැපයීමේ ගැටළු ඇතිවිය හැකිය. මෙය දුර්වල පෝෂණය, විජලනය හා අඩු බරට හේතු විය හැක.


🔸 දන්ත ගැටළු


  • දන්ත සනීපාරක්ෂාව දුර්වල වීම නිසා මෙම දරුවන්ට විදුරුමස් රෝග හා කුහර ඇතිවීමේ අවදානමක් ඇත.


ප්‍රවීනා රාජපක්ෂ


References


28 views0 comments

コメント


bottom of page