top of page

ඇදුම රෝගය පිළිබද ඔබ දැනුවත් ද ?

Updated: Jul 30, 2020

ඇදුම රෝගය යනු නිදන්ගත ප්‍රදාහමය තත්වයකි. එහි ලක්ෂන වන්නේ විවිධ අභයන්තර හා බාහිර උත්තේජක හේතුවෙන් ශ්වසනාලවල ඇතිවන අධික්‍රියාකාරිත්වය වේ. මේ නිසා පුනරාවර්තී, වරින් වර පවත්නා, ප්‍රතිවර්ත්ය වන වායු ගමන් කිරීමට අවහිරයක් ශ්වසනාලවල ඇති වේ. මේ නිසා හුස්ම ගැනීමේ අපහසුතා හා සමහරක් ශාරීරික ක්‍රියාකාරකම් කිරීමට අපහසු හෝ නොහැකි වනු ඇත. ශ්වසනාලවල ආස්තරය ඉදිමීම සහ ශ්වසනාලවල බිත්තියේ ඇති පේශි තද වීම නිසා රෝග ලක්ශන ඇති වේ. ශ්වසනාලවල කුහරයේ සෙම පිරීම නිසා ශ්වසනාල තුලින් ගමන් කල හැකි වාත ප්‍රමානය තව දුරටත් අඩු වේ. මෙම රෝග තත්වය පාලනය කල හැකි මුත් සම්පූර්න සුව කල නොහැක.


රෝග ලක්ෂණ

  • මෙහි ප්‍රධාන රෝග ලක්ෂනය වන්නේ හතිය ඇති වීමයි.

  • සිනාසීමේදී, හා වයායාම කිරීමේදී කැස්ස ඇති වීම( විශේෂයෙන් රාත්‍රි කාලයෙදී)

  • හුස්ම ගැනීමේ අපහසුතාවය

  • පපුව හිර කිරීම

  • මහන්සිය


ඔබට තිබෙන රෝග ලක්ශන අනුව ඔබට පවතින ඇදුම රෝග ආකාරය තීරනය වේ.ඇදුම රෝගය පවතින සියල්ලන් හට ඉහත රෝග ලක්ශන නොතිබෙන්නට වුවද හැකිය.


ඇදුම රෝගයේ විවිධ ආකාර

ශ්වාසනාල ආශ්‍රිත ඇදුම රෝගය (වඩාත් බහුල ආකාරය)


ළමා කාලයේ ඇතිවන ඇදුම රෝගය


වැඩිහිටි අවධියේ ඇතිවන ඇදුම රෝගය


ආසාත්මික ඇදුම රෝගය


  • ආසාත්මික ඇදුම රෝගය ඇති කිරීම උත්තේජනය කරන්නේ ආසාත්මික කාරක වන බල්ලන්, පූසන් වැනි සුරතල් සතුන්ගේ ලෝම, සමහර ආහාර,පරාග හා දූවිලි ආදියයි.


ආසාත්මික නොවන ඇදුම රෝගය


  • ආසාත්මික නොවන ඇදුම රෝගය ඇති කිරීම උත්තේජනය කරනුයේ ආසාත්මික කාරක නොවන වාතයේ ඇති උද්දීපක වන අලු, සිගරට් දුම, සිසිල් වාතය , වායු දූෂක, සුවඳ විලවුන් සහ සුවඳ කාරක වේ.


රැකියා ආශ්‍රිත ඇදුම රෝගය


  • රැකියා ආශ්‍රිත ඇදුම රෝගය ඇති කිරීම උත්තේජනය කරනුයේ වැඩ බිම් ආශ්‍රිත ව තිබෙන දූවිලි, ඩයි වර්ග, වායූන් සහ දුමාර සහ සඳහා රසායන ද්‍රවය ආදිය වේ.


වයායාම කිරීම නිසා හටගන්නා ඇදුම රෝගය


  • වයායාම කිරීම නිසා හටගන්නා ඇදුම රෝගය හට ගන්නේ වයායාම කිරීමට පටන් ගෙන මිනිත්තු කීපයක් ගත වන විට හෝ වයායාම කිරීම අවසන් කර මිනිත්තු 10-15 ක් ගත වන විටය.


ඇස්ප්‍රීන් භාවිතය නිසා හට ගන්නා ඇදුම රෝගය


  • ඇස්ප්‍රීන් නිසා හට ගන්නා ඇදුම රෝගය හට ගැනීම උත්තේජනය කරනුයේ ඇස්ප්‍රීන් හෝ වෙනත් ඖෂධ භාවිතා කිරීම නිසායි.


රාත්‍රි ගත ඇදුම රෝගය


  • රාත්‍රි ගත ඇදුම රෝගය උත්තේජනය කරනුයේ සුරතල් සතුන්ගේ ලෝම, දූවිලි එමෙන්ම ස්වාභාවික නින්ද ආදිය වේ. මෙහි දී රාත්‍රි කාලයෙදී රෝග ලක්ශන උත්සන්න විය හැක.


විචලනය වන කැස්සක් සහිත ඇදුම රෝගය


විචලනය වන කැස්සක් සහිත ඇදුම රෝගයේදී සාමාන්ය ඇදුම රෝග ලක්ශන වන හතිය, හුස්ම ගැනීමේ අපහසුතාවය ආදිය නොමැත. මෙහිදී නොනැවතී පවත්නා වියලි කැස්සක් පවතී.


මේ සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැත. මේ සඳහා විවිධ සාධක බලපායි. ජානමය හේතු-ඔබගේ මව හෝ පියා හෝ සහෝදර සහෝදරියන් හෝ ඇදුම රෝගයෙන් පෙලෙයි නම් ඔබටද මෙය සෑදීමේ හැකියවක් ඇත.මීට පෙර වයිරස් ආසාදන ඇති වී තිබේ නම් ඔබට මෙය සෑදීමේ හැකියාවක් ඇත. සනීපාරක්ෂාව පිලිබඳ කල්පිතය-ලදරුවන් කුඩා කල පරිසරයට ප්‍රමානවත් පරිදි නිරාවරනය නොවීම නිසා ඔවුන්ගේ ප්‍රතිශක්තිකරන පද්ධතිය ඇදුම රෝගයට ඔරොත්තු නොදීම ආදිය වේ.


ප්‍රතිකාර

ඇදුම රෝගය සඳහා විවිධ ප්‍රතිකාර පවතී. ඒවා නම් ඖෂධ භාවිතය, ඉන්හේලර භාවිතය සහ භෞත චිකිත්සක ප්‍රතිකාර ආදියයි. එම භෞත චිකිත්සක ප්‍රතිකාර වන්නේ හුස්ම ගැනීමේ ආශ්‍රිත වයායාම, ස්වායු වයායාම සහ ශරීරය සැහැල්ලු කිරිමේ ක්‍රියාකාරකම් ආදිය වේ.


පහත දැක්වෙන්නේ ඇදුම රෝගය පාලනයට ගත හැකි ක්‍රම කීපයකි.

▪️ ඔබගේ ඉන්හේලරය පහසුවෙන් ගත හැකි පරිදි තබන්න.

▪️ ඔබට ආසාත්මික කාරක මොනවාදැයි දැන නිතරම ඒවායින් වැලකී සිටින්න.

▪️ මානසික ආතතියෙන් මිදෙන්න.

▪️ දුම් පානයෙන් සහ ඇල්කොහොල් පානයෙන් වැලකී සිටින්න.



පුන්සලා ප්‍රියදර්ශනී



References


  • https://www.healthline.com/health/asthma#diagnosis

  • https://www.nhs.uk/conditions/asthma/


19 views0 comments
bottom of page