top of page

Achilles ඛණ්ඩරාවේ වේදනාව ගැන ඔබ දැනුවත්ද?

Vimukthi Chandula

Achilles tendinopathy යනු Achilles ඛණ්ඩරාව අධිකව වෙහෙසවීම නිසා ඇති වන සුලබ අබාධයකි.මෙය නිසා Achilles ඛණ්ඩරාව ඉරීමකට වුවද ලක්විය හැකිය.





Achilles tendinopathy හි උග්‍රතාවය අනුව එය වර්ග කල හැකිය.


  • සෞම්‍ය - යම් ක්‍රියාකාරකමක නියැලෙන විට හෝ එයට වහාම පසුව Achilles ඛණ්ඩරාවේ වේදනාවක් ඇති වේ.

  • මධ්‍යම - Achilles ඛණ්ඩරාව ඉදිමීමකට ලක් වේ.සමහර අවස්ථා වලදී ඛණ්ඩරාව මත ගැටිති ඇති වේ.

  • උග්‍ර- ඉතා කලාතුරකින් Achilles ඛණ්ඩරාව ඉරීමකට ලක්විය හැක.


රෝග ලක්ෂණ


  • ️ විලුඹ පිටුපස ඇතිවන වේදනාව

  • ️ ඇවිදීමේ අපහසුතා

  • ️ Achilles ඛණ්ඩරාව ඉදිමීම

  • ️ Achilles ඛණ්ඩරාව අවට ඇතිවන තද බව

  • ️ Achilles ඛණ්ඩරාව අවට උෂ්ණත්වය ඉහල යාම


Achilles tendinopathy හි අවදානම් සාධක


මෙහි අවදානම් සාධක කිහිපයක් ඇත.ඒවා නම්,


▫️ Achilles ඛණ්ඩරාව අධිකව වෙහෙසවීම - ඛණ්ඩරාවේ කුඩා ඉරීම් ඇතිවන තුරු එය ඇදීමට ලක් වේ. පැනීම් සහ basketball වැනි ක්‍රීඩා වල නියැලෙන පුද්ගලයන්ගේ මෙම අවදානම වැඩිය.

▫️ පාද වල විකලාංග- පැතලි පාද සහිත හෝ ඇවිදින විට පාදය ඇතුලු දෙසට හැරෙන සමහර පුද්ගලයන් Achilles tendinopathy වලට වඩාත් නැඹුරු වේ.

▫️ නුසුදුසු සපත්තු පැලදීම - අඩි උස සපත්තු වැනි පොළව සමග අඩු ස්පර්ශයක් සහිත සපත්තු පැළඳ ඇවිදීමේ දී හෝ දිවීමේ දී මෙම අවදානම ඉතා වැඩිය.

▫️ ස්ථුලතාවය - අධික බර නිසා Achilles ඛණ්ඩරාව මත මෙන්ම ශරීරයේ අනෙකුත් කොටස් මතද අධික පීඩනයක් යෙදේ.

▫️ ආතරයිටිස්

▫️ වැරදි ව්‍යායාම සහ ඉරියව් භාවිතය

▫️ අධි රුධිර පීඩනය

▫️ අධික කොලෙස්ටරෝල් මට්ටම

▫️ Achilles tendinopathy පිළිබඳ පවුල් ඉතිහාසය

▫️ දීර්ඝකාලීන steroid භාවිතය


Achilles tendinopathy වළක්වාගැනීම


  • Warm-up සහ cool-down සදහා stretching ව්‍යායාම ඇතුලත් කරගැනීම.

  • ක්‍රීඩා සදහා අවශ්‍ය ශාරීරික යෝග්‍යතා මට්ටමක් පවත්වාගැනීම.

  • නිතර අඩි උස පාවහන් පැලදීමෙන් වැලකීම.

  • ශරීර ස්කන්ධය සමාන්‍ය මට්ටමක පවත්වා ගැනීම.


භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් ඉතා ඵලදායි ලෙස Achilles tendinopathy ආබාධය පුනරුත්ථාපනය කල හැකි අතර එමගින් වේදනාව අඩු කර සුවවීම සදහා ඉඩ සලසයි.


References: -

https://patient.info/foot-care/heel-and-foot-pain-plantar-fasciitis/achilles-tendinopathy

https://www.betterhealth.vic.gov.au/health/conditionsandtreatments/achilles-tendonitis


ශෙහාන් අකලංක

12 views0 comments

Comments


bottom of page