top of page

නව යොවුන් වියේදී  ඇතිවන  කොන්දේ  වේදනාව.




වසංගත රෝග අධ්‍යයනයන් ගණනාවකින් පෙන්නුම් කරන ලද  ආකාරයට නව යොවුන් වියේ දී ඇතිවන කොන්දේ  වේදනාවේ ඉහළ ව්‍යාප්තියක් දක්නට ඇත.


නව යොවුන් වියේ දී කොන්දේ  හටගන්නා වේදනාව ප්‍රධාන වශයෙන් මාංශ පේශි, අස්ථි ආශ්‍රිත සහ  අන්තර් කශේරුක මඩල ආශ්‍රිත ලෙස කාණ්ඩ තුනකට වෙන් කල හැක.

 

මාංශපේශි ආශ්‍රිත  වේදනාව.

  • නව යොවුන් වියේ පසුවන අයගේ කොන්දේ  වේදනාව සඳහා වඩාත් ම පොදු හේතුව මෙය වේ.

  • මාංශපේශි ආශ්‍රිත වේදනාව, කොඳු ඇට පෙළට වටා ඇති  උරස් හෝ කටී ප්‍රදේශයන්හි  මාංශපේශි ආශ්‍රිතව ඇති වේ.

  • මේ  ආකාරයේ වේදනාවන් බොහෝ විට අධික ලෙස එම මාංශ පේශී  භාවිතා කිරීම නිසා හට ගනියි.

  • අනෙකුත් අදාළ දායක සාධක වන්නේ අධික බරක් රැගෙන යාම, වැරදි ක්‍රීඩා උපකරණ භාවිතය , මනෝ සමාජීය පීඩනය, මානසික අවපීඩනය සහ කාංසාවයි.


අස්ථි ආශ්‍රිත  වේදනාව.

  • අස්ථි ආශ්‍රිත වේදනාව කොඳු ඇට පෙළේ මධ්‍යයේ ඇති වන අතර සාමාන්‍යයෙන් කොඳු ඇට පෙළ පසුපසට නැමීමේදී  වේදනාව  වැඩි වේ.

  • නව යොවුන් වියේ පසු වන අයගේ අස්ථි ආශ්‍රිත කොන්දේ වේදනාව සඳහා පොදු හේතුන් අතර spondylolysis, Adolescent idiopathic scoliosis[AIS],sheurmann’s disease වැනි  රෝග ඇතුළත් වේ.


Spondylolysis.

️ සාමාන්‍යයෙන් පහළ කටී කශේරුකාවේ කොටස්වල ඒකපාර්ශ්විකව හෝ ද්විපාර්ශ්වික ඇතිවන දෝෂ නිසා හටගත හැක.


Scoliosis .

️ කොඳු ඇට පෙළේ අසාමාන්‍ය පාර්ශ්වීය වක්‍රතාවයකි. එය කොඳු ඇට පෙළේ විෂමතා, මාංශ පේශි කැක්කුම හෝ අංශභාගය, ආසාදනය හෝ කොදු ඇට පෙල ආශ්‍රිත ගෙඩියක් නිසා ඇති විය හැක. AIS යනු idiopathic scoliosis හි වඩාත් සුලභ ආකාරය (80-85% ) වේ. AIS වඩාත් සුලභ කොඳු ඇට පෙළේ විකෘතිතාවයක්ද වේ .


Scheuermann's රෝගය.

කොඳු ඇට පෙළේ thoracolumbar ප්‍රදේශයේ අසාමාන්‍ය වර්ධනයක් වන අතර එය කොඳු ඇට පෙළේ වක්‍රභාවය  වැඩි කරයි.

 

අන්තර් කශේරුක මඩල ආශ්‍රිත  වේදනාව.

  • ️ අන්තර් කශේරුක මඩල ආශ්‍රිත වේදනාව සාමාන්‍යයෙන් කඳ නැමීමේදී   වැඩි වන අතර අනෙකුත් කොටස් වලට ද වේදනාව ගමන් කල හැකිය.

  • ️ නව යොවුන් වියේ දී ඇතිවන  කොන්දේ වේදනාවෙන් ආසන්න වශයෙන් 10%ක් පමණ මෙම ගණයට අයත් වේ.


Disc herniation.

  • ️ යනු  පරිහානියට පත් වූ අන්තර් කශේරුකා මඩල  සහිත වැඩිහිටියන් අතර පොදු වූ (40% පමණ )ආබාධයකි.

  • ️ Disc herniation  සඳහා අවදානම් සාධක ලෙස ඇතුළත් වන්නේ දැඩි කම්පනය, scheuermann’s disease, disc herniation පිලිබද පවුල් ඉතිහාසය, තරබාරුකම, වැරදි ඉරියව්වෙන් ක්‍රීඩා ක්‍රියාකාරකම්[උදා: බර ඉසිලීම, මල්ලවපොර, ජිම්නාස්ටික්]වල නිරත වීම  ආදියයි.

 

රෝග ලක්ෂණ.

  • ️ උණ සමඟ රාත්‍රීයේදී ඇතිවන  කොන්දේ  වේදනාව

  • ️ පිට ප්‍රදේශයේ පැතිරී යන උග්‍ර වේදනාව

  • ️ උකුල් සන්ධි සංවේදීතාව නිසා හටගනු ලබන  නිදන්ගත වේදනාව

  • කොඳු ඇට පෙළ ඉදිරියට නැමීම සමඟ වේදනාව

  • ️ කොඳු ඇට පෙළ පසුපසට  දිගු කිරිමත්  සමඟ හටගන්නා  වේදනාව

  • ️ scoliosis සමග එකවරම ඇතිවන වේදනාව.

 

නව යොවුන් වියේ දී කොන්දේ ඇතිවන වේදනාව සඳහා අවදානම් සාධක.

  • නව යොවුන් වියේ මුල් අවදියේ  පසුවන අය

  • අධික ශරීර බර හේතුවෙන් කොදු ඇට පෙල මත  අමතර ආතතියක් ඇති කිරීම

  • නුසුදුසු ඉරියව්වලින් දිගු වේලාවක් වාඩි වී සිටීම

  • එක දිගට පරිගණක සමඟ වැඩ කිරීම

  • මානසිකව බලපාන  සාධක

  • අධික බර දෑ  වැරදි ලෙස එසවීම

 

නව යොවුන් වියේ දී කොන්දේ ඇතිවන වේදනාව වැලැක්වීමට නම් ,

  • භෞතචිකිත්සක අභ්‍යාස, නිවරදි ඉරියව් පිලිබද දැනුවත් කිරීම  සහ ශාරීරික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම ඇතුළුව ප්‍රතිකාර ක්‍රම සිදු කල හැක.

  • කොන්දේ අමාරුව වළක්වා ගැනීමට ඇති සුදුසුම විසදුම නම් එය  කල් ඇතිව හඳුනා ගැනීමයි

  • වැලැක්වීමේ පියවරයන්ට නිසි තාක්‍ෂණය ඇතුළත් විය හැකිය[උදා: ක්‍රීඩා එසවීම සහ අධික lumbar lordosis සීමා කිරීම, මාංශ පේශී  ශක්තිමත් කිරීමේ ව්‍යායාම වලට සහභාගී වීම ].

 

භෞතචිකිත්සක ප්‍රතිකාර .

  • ️ නව යොවුන් වියේ දරුවන්ට ප්‍රතිකාර කිරීම අපහසු විය හැකි අතර කොඳු ඇට පෙළේ වර්ධනය පිළිබඳ මනා අවබෝධයක් ඇතිව වෙනස් ආකාරයකින් ප්‍රතිකාරයන් සඳහා ප්‍රවේශ විය යුතුය.

  • ️ ව්‍යායාම යනු සන්ධි තද බව අඩු කිරීම සඳහා කටී  කොඳු ඇට පෙළේ චලනය දිරිමත් කිරීම, කටී ප්‍රදේශය ආශ්‍රිත මාංශපේශින් හි ශක්තිය සහ කොඳු ඇට පෙළ ආශ්‍රිත මාංශ පේශිවල සුදුසු motor controlling  දිරිමත් කිරීම සඳහා ඉවහල් වන  ඵලදායී ප්‍රතිකාරයකි.

 

මහේෂා දිල්‍ රුක්ෂි

References

https://www.aafp.org/afp/2007/1201/p1669.html#:~:text=When%20children%20or%20adolescents%20seek,%2C%20scoliosis%2C%20and%20Scheuermann's%20kyphosis


36 views0 comments
bottom of page