top of page

Patellar Dislocation

Vimukthi Chandula


🔵දණිස් පොල්කටුව නියමිත ස්ථානයෙන් ඉවතට තල්ලු වූ විට මෙය සිදු වේ. මෙය patella මත ඇතිවන ඍජු ප්‍රබල කම්පනයක් හෝ patella මත අධික පීඩනයක් යෙදෙන පරිදි සිදු කරන චලන හේතුවෙන් සිදු විය හැක. මේ නිසා ඒ අවට පවතින අස්ථි, කාටිලේජ, මාංශ පේශී හා බන්ධනි වලටද හානි සිදුවිය හැක. Patellar Dislocation සහිතව ඇවිදීමට නොහැකිය. දණහිස නැමීමට උත්සාහ කරන විට එය දිගහැරීමට හෝ නැමීමට නොහැකි වන පරිදි ලොක් වීමට හෝ දණහිසට යමක් හසු වූවාක් මෙන් දැනීම හා සියුම් ශබ්දයක් ඇති වීම සිදු වේ. මේ සදහා නිසි ලෙස ප්‍රතිකාර නොකළහොත් එය අනාගතයේදී Patellar Dislocation ස්වයංසිද්ධව නිතර නිතර සිදු වීමට හේතු විය හැක.

 

🔵Patellar Dislocation හි වර්ග.


🔹Acute Patellar Dislocation - මෙය ඍජු බලපෑමක් හෝ ඔබට එරෙහිව ඹබේම ශරීර බර භාවිතා කරන අයහපත් පියවරක් නිසා ඇති වන බලයක් හේතුවෙන් සිදු වේ.ඉතා දැඩි ගැටීමක් නිසා patella එහි නියමිත ස්ථානයෙන් ඉවතට විස්ථාපනය විය හැක.ඇතැම් විට පාදයේ පහළ කොටස පොළවට තදින් සවි වී ඇති අවස්ථාවක දණහිසේ ඇඹරීමක් ඇති වන පරිදි සිදු කරන හදිසි හැරීමක් වැනි සරල සිද්ධියක් නිසාද patella dislocation සිදු විය හැක. මලල ක්‍රීඩකයන් හා නර්ථනයේ යෙදෙන්නන් බහුලව මීට ගොදුරු වේ.

ඇතැමුන්ගේ patella එහි නියමිත ස්ථානයේ රදවා තබන ඛණ්ඩරා හා බන්ධනි ලිහිල් වීම නිසා ඔවුන් patella අස්ථායීතාවයෙන් පෙළේ.පෙර පැවති තුවාලයක් හෝ වෙනත් කායික විද්‍යාත්මක තත්වයක් මීට හේතු විය හැක. මෙවැනි අස්ථායී patella පහසුවෙන් ඉවතට විස්ථාපනය විය හැක.


🔹 Congenital Patellar Dislocation - මෙම රෝගීන් උපතින්ම මෙම තත්වය පෙන්නුම් කරයි. එය බොහෝ විට වෙනත් සංවර්ධන අසාමන්‍යතා සමග සම්බන්ධ වේ.

 

🔵Patellar Dislocation හි රෝග ලක්ෂණ.


🔸ශ්‍රවණය කළ හැකි සිහින් පිපිරුම් හඩ

🔸දණහිසෙහි බකල් ගතිය

🔸අධික වේදනාව

🔸හදිසි ඉදිමීම හා දණහිසේ පාර්ශවික පැත්තේ ගැටිත්තක් හසු වීම

🔸දණහිස් තැල්ම

🔸දණහිස් ලොක් වීම

🔸ඇවිදීමට නොහැකි වීම

🔸patella නියමිත ස්ථානයෙන් පිටත පිහිටන ආකාරය දැකිය හැකි වීම

 

🔵Patellar Dislocation සදහා අවධානම් සාධක.


◻️ දුර්වල පාද මාංශ පේශීන් හෝ පාදවල ශක්තියේ අසමතුලිතතාවක් සහිත පුද්ගලයින්ගේ දණහිස් සන්ධිය මත අනවශ්‍ය පීඩනයක් යෙදේ.

◻️කාන්තාවන් පුරුෂයින්ට සාපේක්ෂව patellar dislocation සදහා වැඩි අවධානමක් පෙන්නුම් කරයි. මක්නිසාද යත් කාන්තාවන්ට පුළුල් උකුල් ඇති බැවින් කලවා අස්ථි ඇතුලට නැඹුරු වන අතර පුළුල් කෝණයකින් දණහිසට සම්බන්ධ වේ. (Q කෝණය)

නීරෝගී පිරිමි පුද්ගලයෙකුගේ එය අංශක 14ක් පමණ වන අතර කාන්තාවකගේ එය අංශක 17ක් පමණ වේ.

 ◻️ සමහරුන්ගේ patella, patella groove එක මත නොගැලපෙන ලෙස හෝ අනවශ්‍ය ලෙස ඉහලින් පිහිටා තිබිය හැක.

 ◻️Patella අස්ථායීතාව සහිත පුද්ගලයින්

 ◻️සන්ධි මත වඩා වැඩි පීඩනයක් ඇති වන පරිදි අධික ශරීර බරක් හා උසක් සහිත පුද්ගලයින්

 ◻️පූට්ටු දණහිස් ( Genu Valgum )

 

🔵ප්‍රථමාධාර.


🔹ඹබට දණහිස් වේදනාව ඇතිනම්  හෝ  patella විස්ථාපනය වී ඇති බවට සැකයක් පවතීනම් ඉදිමීම හා දණහිස අවට ප්‍රදාහය වීම අවම කිරීමට R.I.C.E. මූලධර්මය අනුගමනය කරන්න.

 🔹නැවත ඇතිවීම වැළැක්වීම සඳහා ප්‍රතිකාර සහ භෞතචිකිත්සක කළමනාකරණය

🔹Patella නැවත විස්ථාපනය වීම හෝ තුවාල වීම වැළැක්වීමට යම් කාලයක් සඳහා  කකුල නිශ්චල තත්වයක තබනු ලැබේ.

🔹සුවය ලබන තුරු දින කිහිපයක් හෝ සති කිහිපයක් ඇවිදීම සදහා ඔබට කිහිලිකරු ලබා දීමට ඉඩ ඇත.

Patellar Dislocation වලට ප්‍රතිකාර කිරීමේදී තවුරටත් දණිස් අස්ථිය චලනය වීම වැළැක්වීමට, අවට මාංශපේශීන්හි ශක්තිය වැඩි දියුණු කිරීමට, සන්ධියේ චලන පරාසය වැඩි කිරීමට,වේදනාව අඩු කිරීමට,ප්‍රදාහ තත්ත්ව පාලනයට,සන්ධි ක්‍රියාත්මකතාව හා සන්ධියේ ස්ථායීතාව වැඩි දියුණු කිරීමට භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම බොහෝ ඉවහල් වේ.


ඉයෙල් ස්පෙල්මන්

තිසරු බණ්ඩාර




7 views0 comments

Comments


bottom of page