top of page

Cervical myelopathy

Vimukthi Chandula


Cervical myelopathy කොඳු ඇට පෙළේ ඇතිවන සම්පීඩනයන් හේතුවෙන් හටගනියි.

කොඳු ඇට පෙළ ක්‍රමයෙන් පරිහානියට පත්වීම හේතුවෙන් (කොඳු ඇට පෙළේ stenosis ) බෙල්ලේ කශේරුක නාලයේ පටු වීමක් සිදු වේ.

මෙය වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින්ගේ සුසුම්නාවේ හටගන්නා වඩාත් සුලභ ආබාධයකි.

Cervical myelopathy ඇතිවීමට හේතු; විවිධ කාණ්ඩවලට බෙදිය හැකිය.


ස්ථිතික සාධක

  • ගෙලෙහි කොඳු ඇට පෙළේ ඇතිවන ක්ෂය වීම් ආශ්‍රිත වෙනස්වීම් හේතුවෙන් කොඳු ඇට පෙළේ කශේරුක නාලය පටු වීම.

  • සංජානනීයව පටු කොඳු ඇට පෙළක් ඇති රෝගීන්ට Cervical myelopathy රෝග ලක්ෂණ වර්ධනය සඳහා වැඩි අවදානමක් ඇත.

  • නිදන්ගත හේතු මගින් ගෙල ආශ්‍රිත පටල වල සිදුවන පරිහානිය ; සුෂුම්නාව සහ ස්නායු මූල සම්පීඩනය වීම් සඳහා වඩාත්ම පොදු හේතුව වේ.


ගතික සාධක

එය බෙල්ලෙහි කොඳු ඇට පෙළේ යාන්ත්‍රික අසාමාන්‍යතා හෝ අස්ථාවරත්වය නිසා හටගනියි.


සනාල සහ සෛලීය සාධක

  • කොඳු ඇට පෙළට අවශ්‍ය තරමට රුධිර ගමනාගමනයක් නොලැබුන විට oligodendrocytes වලට එය බලපාන අතර, එහි ප්‍රතිඵලයක් demyelination තත්ත්වයන් ඇතිවේ.

  • කශේරුක නාල සම්පීඩනය ගෙලෙහි චලිතයන් තුලින් සිදුවන සම්පීඩනයේ එකතුවීමක් ලෙස සැලකේ.( ගෙල නැමීම, දිගු කිරීම වැනි ක්‍රියා )


Cervical myelopathy රෝග ලක්ෂණ

  • Cervical myelopathy නිතරම පාර්ශ්වික corticospinal tracts (ස්වේච්ඡා අස්ථි මාංශ පේශි පාලනය) සහ spinocerebellar tracts (proprioception ඇති කරවන ) සම්පීඩනය කරයි.

  • එය සිරුරේ ඉහළ ප්‍රදේශයේ අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයටද , ඇවිදීමේ රටාවන්හි වෙනස්කම් ඇති වීමට ද හේතු වේ.

  • posterior longitudinal ligament and ligamentum flavum වැනි සුෂුම්නාව අවට බන්ධනිවල අස්ථිභවනය වීම.

  • අත් පා දුර්වලතාවය සහ හිරිවැටීම සිදු වේ.

  • අතිරේක රෝග ලක්ෂණ වන්නේ බෙල්ලේ වේදනාව සහ තද ගතිය (චලන පරාසය අඩු වීම) උරහිස් ප්‍රදේශයේ වේදනාව, එක් අතක හෝ අත් දෙකෙහිම හිරි වැටෙනසුලු බව , Babinski සහ Hoffman's sign, ataxia සහ dexterity loss

  • ප්‍රතීක ක්‍රියා වැඩි වීම (patella සහ Achilles), ප්‍රතීක ක්‍රියා වෙනස් වීම (උදා: clonus, Babinski සහ Hoffman's sign), spastic quadriplegia , මුත්‍රාශය-බඩවැල් වල ක්‍රියාකාරිත්වයට ඇතිවන බාධාවන්ද ඇති වේ.


වෙනත් හේතු

  • බෙල්ලේ ඇතිවන රූමැටොයිඩ් ආතරයිටිස් තත්ත්වයන්

  • හිසට එකවර ඇතිවන කම්පනයන් නිසා හටගන්නා තුවාල හෝ වෙනත් ග්‍රෛවී කශේරුකා වලට ඇති වන කම්පන

  • කොඳු ඇට පෙළහි ඇතිවන ආසාදනයන්

  • කොඳු ඇට පෙළේ හටගන්නා පිළිකා

රෝග ලක්ෂණ

  • ️ අත් පා වල දුර්වලතාවය

  • ️ ගෙලෙහි චලන පරාසය අඩු වීම

  • ️ චාලක ක්‍රියාවන්හි අපහසුතා ඇති වීම

  • ️ උරහිසේ හෝ අත්වල වේදනාව

  • ️ ඇවිදීමේ රටාවේ වෙනස්කම් ඇති වීම

  • ️ කශේරුක නාලය හානි වූ මට්ටමට පහළින් අත් හා පාද දුර්වල වීම

  • ️ එක් අතක හෝ අත් දෙකම හිරිවැටීම

  • ️ Radiculopathy සංඥා

භෞතචිකිත්සක කළමනාකරණය

භෞතචිකිත්සක ප්‍රතිකාරයේ අරමුණු වන්නේ වේදනාවන්ට සහනය ලබා දීම , අත් පා ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම, ස්නායු පරිහානියට පත්වීම වැළැක්වීම, ස්නායු දුර්වලතා මග හැරවීම හෝ ස්නායු ක්‍රියාකරිත්වය ප්‍රතිස්තාපනයයි. මේ සඳහා සුදුසුකම්ලත් භෞතචිකිත්සකවේදියෙකු යටතේ ප්‍රතිකාර ගැනීමෙන් මෙම අරමුණු සාක්ෂාත් කර ගතහැක.


References

https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/cervical-myelopathy


චතුමිණි ගුණරත්න

3 views0 comments

Comentarios


bottom of page