top of page

කඳුළු ගෑස් වලට නිරාවරණය වීමේ ප්‍රතිඵල



 

කැරලි මර්දනකාරක, බොහෝ විට "කඳුළු ගෑස්" ලෙස හැඳින්වේ.  


මේවා සම, ශ්වසන පද්ධති‍ය, අක්ෂි වල අපහසුතාවයක් ඇති කරන ඝන හෝ දියර රසායනික ද්‍රව්‍ය  එකතුවකි.


කඳුළු ගෑස් කැනිස්ටර් පිපිරෙන විට, එහි ඇති කුඩු වාතයට විසිරෙන අතර  එය ඕනෑම තෙතමනය සහිත පෘෂ්ඨයකට ඇලී සිටී - එනම් ඔබේ ඇස්වල කඳුළු, ඔබේ සමේ දහඩිය, ඔබේ හිසකෙස්වල සහ කෙළ, ශ්ලේෂ්මල සහිත මුඛය හා ශ්වසන මාර්ගයන්හිද තැන්පත් වෙයි.

 

  කඳුළු ගෑස් සාමාන්‍යයෙන් කෙටි කාලීන සෞඛ්‍ය බලපෑම් ඇති කරන බව සලකනු ලැබුවද, සමහර අවස්ථාවල ස්ථීර ආබාධ ඇති කිරීම පිළිබඳවද  සාක්ෂි තිබේ.


දිගු කාලීන සෞඛ්‍ය බලපෑම් නිසා ශ්වසන අපහසුතාවය හා මරණය ද ඇති විය හැක.


කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසු ඔබ අත්විඳින රෝග ලක්ෂණ වල බරපතලකම රඳා පවතින්නේ:

  • ඔබ සංවෘත අවකාශයක හෝ විවෘත අවකාශයක සිටින්නේද යන වග

  • කොපමණ කඳුළු ගෑස් භාවිතා වූයේද යන වග

  • කඳුළු ගෑස් මුදා හරින විට ඔබ එයට කෙතරම් සමීපව සිටියේ ද යන වග

  • ඔබට එම දුමට නිරාවරණය වීමෙන් උත්සන්න විය හැකි ආබාධ තත්වයක් තිබේද යන්න වග මතය.



අක්ෂි මත ගැටුනු විට හටගන්නා රෝග ලක්ෂණ

කඳුළු ගෑස් වලට නිරාවරණය වූ වහාම, පහත දැක්වෙන රෝග ලක්ෂණ අත්විඳිය හැකිය:

  • කඳුළු ඒම

  • අනිච්ඡානුගව අක්ෂි වැසීම

  • ඇස් කැසීම

  • තාවකාලික අන්ධභාවය

  • නොපැහැදිලි පෙනීම

  • ඇසේ ඇතිවන රසායනික පිළිස්සුම්


දිගුකාලීන නිරාවරණය හෝ සමීපව නිරාවරණය  වීම මගින්

  • අන්ධභාවය

  • රක්තපාත තත්වයන්

  • ස්නායු හානි

                      සිදුවිය හැක.


ශ්වසන පද්ධතිය සහ ආමාශ ආන්ත්‍රික පද්ධති‍ය ආශ්‍රිත රෝග ලක්ෂණ වන්නේ,

  • හුස්ම හිරවීම

  • නාසය සහ උගුර පිළිස්සීම සහ කැසීම

  • හුස්ම ගැනීමේ අපහසුතාව

  • කැස්ස

  • නොදැනුවත්ව මුඛය දෙපසින් කෙල ගැලීම

  • පපුවේ තද ගතිය

  • ඔක්කාරය

  • වමනය

  • පාචනය

  • ශ්වසන අපහසුතාව


සම ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග ලක්ෂණ

  • කැසීම සහ කුෂ්ඨ

  • රතු පැහැය

  • බිබිලි

  • රසායනික පිළිස්සුම්


දිගු කලක් හෝ නැවත නැවත කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පශ්චාත් කම්පන ආතති ආබාධ (PSTD) රෝග ලක්ෂණ ඇති විය හැක.


කඳුළු ගෑස් වලට නිරාවරණය වීම හෘද ස්පන්දන වේගය හෝ රුධිර පීඩනය වැඩි කිරීමට හේතු විය හැක.


පූර්ව හෘද රෝග ඇති පුද්ගලයින් හට මෙය හෘදයාබාධ හෝ මරණයට ද හේතු විය හැක.

 

Bronchial spasm වැනි පෙනහළු රෝග ලක්ෂණ ඇති විට, ඔක්සිජන් චිකිත්සාව ඇතුළු කෙටි කාලීන වෛද්‍ය  ප්‍රතිකාර අවශ්‍ය විය හැකිය. Delayed pulmonary oedema රෝග ලක්ෂණ ඇති රෝගීන්, සමහර විශේෂඥයින් විසින් නිරීක්ෂණය කිරීම සඳහා පැය 24-48 ක් රෝහලේ රැඳී සිටීම හෝ විභව සංකූලතා සහ ඒවායේ සායනික තත්වයන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු දිගටම ලබාගනිමින් නිවසට පිටත් කර හැරීම නිර්දේශ කිරීම ද සිදුකරයි.

 

කඳුළු ගෑස්  වලට නිරාවරණයෙන් ඇති වන සංකූලතා වැළැක්වීමේ පියවර වන්නේ,

  • ️ නොබිඳෙන සුළු අක්ෂි ආවරණ පැළඳීම (උදා. - බිඳීමට ප්‍රතිරෝධී අව් කණ්නාඩි, පිහිනුම් ඇස් කණ්නාඩි හෝ විෂ වායුවලින් වැළැක්වීමට පළඳින මුව ආවරණ.)

  • ️ හැකිතාක් ඔබේ සම ආවරණය වන පරිදි ඇඳුම් පැලඳුම් ඇඳීම

  • ️ ඔබට පහසුවෙන් ඇවිදීමට  හැකි සුවපහසු, සංවෘත, ආරක්ෂිත සපත්තු පැලඳීම

  • ️ කඳුළු ගෑස් කුඩු වැනි ඇස් අපහසුතාවයට පත් කරන රසායනික ද්‍රව්‍ය රඳවාගත  හැකි අක්ෂි කාච, makeup සහ eye liner  පැළඳීමෙන් වළකින්න. ඔබ අක්ෂි කාච පළඳින්නේ නම්, සෑම විටම සම්පූර්ණ මුහුණම වැසෙන පරිදි විෂ වායුවලින්  වැළකීමට පළඳින මුව ආවරණ හෝ ඇස් කණ්නාඩියක් ළඟ තබා ගන්න

  • ️ කඳුළු ගෑස් කැනිස්ටර් ඉවත් කිරීමට උත්සාහ නොකරන්න, එසේ කිරීමෙන් ඔබට තවදුරටත් හානි සහ තුවාල සිදුවීමේ අවදානම වැඩි විය හැක

  •  ️ යමෙකු වැතිර සිටින හෝ වාඩි වී සිටින බවක් ඔබ දුටුවහොත්, ඔවුන් පිරිසිදු හා වාතාශ්‍රය ඇති ප්‍රදේශයකට ගෙන යාම අත්‍යවශ්‍ය වේ. කඳුළු ගෑස් කැනිස්ටරයේ කුඩු වාතයට වඩා ඝනත්වයෙන් වැඩි බැවින් , එය එහි කැනිස්ටරයෙන් ඉවත් කළ පසු, බිමට සමීප අවකාශයේ වැඩි වශයෙන් රැදී තිබේ

 

කඳුළු ගෑස් වලට නිරාවරණය වීමෙන් පසු කල යුතු ප්‍රතිකාර

  • ️ හැකි ඉක්මනින් නැවුම් වාතය ලබා ගන්න

  • ️ කඳුළු ගෑස් අධික ලෙස විසිරී ඇති ප්‍රදේශවලින් ඉවත් වී හැකි ඉක්මනින් නැවුම් වාතය ලබා ගන්න . ඇවිදින්න, දිවීමෙන් වළකින්න. දිවීම නිසා ඔබට වඩාත් දැඩි ලෙස හුස්ම ගැනීමට සිදු විය හැක, එවිට ඔබේ පෙනහළු වැඩි වශයෙන් කඳුළු ගෑස් වලින් පිරවේ. ඔබේ හුස්ම ඒකාකාරව තබා ගැනීමට උත්සාහ කරන්න

  • ️කඳුළු ගෑස් වලින් අපිරිසිදු වූ ඇඳුම් ඉවත් කර සමේ තැවරුණු රසායනික ද්‍රව්‍ය ඉතිරි නොවන තෙක් පිරිසිදු ජලයෙන් සෝදා හරින්න

  • ️ අපිරිසිදු නොවන ජලයෙන් මුහුණ සහ ඇස් සෝදන්න. ඔබේ මුහුණ සේදීම සඳහා ළදරු ෂැම්පු වැනි මෘදු සබන් භාවිතා කරන්න. ඔබේ ඇස්, නාසය හෝ මුඛය ස්පර්ශ නොකිරීමට උත්සාහ කරන්න. පිරිසිදු කිරීමට ඔබේ වතුර බෝතලයෙන් ජලය භාවිතා කරන්න. ඔබට විවෘත පානීය දිය උල්පතක් හෝ පොදු විවේකාගාරයක භාවිත කල හැකි නම්, විනාඩි 10 සිට 15 දක්වා ජලයෙන් ඔබේ ඇස් සෝදන්න

  • ️ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින්ට ඔක්සිජන් ප්‍රතිකාරය අවශ්‍ය විය හැක

  • ️ සියලුම අංශු ඉවත් කර මිනිත්තු 30 ක් හෝ ඊට වැඩි කාලයකට පසුව ඔබට තවමත් රෝග ලක්ෂණ ඇත්නම් සහ අක්ෂි හෝ පෙනහළු ගැටළු තිබේ නම් වහාම  වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට යොමු වීම අත්‍යවශ්‍යය


භෞතචිකිත්සක කළමණාකරණය

බොහෝ අය කඳුළු ගෑස් වලින් සංකූලතා නොමැතිව සුවය ලබයි. කෙසේ වෙතත්, විශාල මාත්‍රාවලට නිරාවරණය වීමෙන් හෝ විවිධ රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයින්ට ශ්වසන අපහසුතාව, අන්ධභාවය වැනි දරුණු රෝග ලක්ෂණ සහ මරණයද ඇති විය හැක. එම දරුණු රෝග තත්ත්ව වලදී භෞතචිකිත්සක ප්‍රතිකාරවල ප්‍රධාන වශයෙන් අරමුණු වනුයේ ශ්වසන පද්ධති හා රුධිර සංසරණ පද්ධතිවල ක්‍රියාකාරිත්වය උපරිම කිරීම සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීමයි.




රශිනි එදිරිවීර


References

Https://www.lung.org/clean-air/outdoors/what-makes-air-unhealthy/toxic-air-pollutants/tear-gas#:~:text=In%20general%2C%20exposure%20to%20tear,allergic%20reactions%20and%20respiratory%20distress

https://www.medicalnewstoday.com/articles/effects-of-tear-gas

https://www.healthline.com/health/tear-gas-effects#treatment

http://www.dickyricky.com/Medicine/Papers/2009_06_27%20BMJ%20Management%20of%20the%20effects%20of%20exposure%20to%20tear%20gas.pdf



17 views0 comments
bottom of page