top of page

Multiple Sclerosis (MS)


Multiple sclerosis යනු මොළය, කොඳු ඇට පෙළ සහ දෘෂ්ටි ස්නායු වලින් සෑදී ඇති, මධ්‍ය ස්නායු පද්ධතිය ආශ්‍රිත, පූර්ව නිර්ණයක් සිදුකළ නොහැකි, නිදන්ගත රෝගී තත්ත්වයකි. එය ප්‍රතිශක්තිකරණ ආශ්‍රිත රෝග‍යක් ලෙස සැලකෙන අතර, මෙහිදී ප්‍රතිශක්තිකරණ පද්ධතිය මධ්‍ය ස්නායු පද්ධතියෙහි නීරෝගී පටක වලට එරෙහිව ක්‍රියා කරයි.


Multiple sclerosis වලදී, මධ්‍ය ස්නායු පද්ධතියේ හානිය මොළය, කොඳු ඇට පෙළ සහ ශරීරයේ අනෙකුත් කොටස් අතර ස්නායු සංඥා සම්ප්‍රේෂණයට බාධා කරයි.



රෝග ව්‍යාප්තිය


ලොව පුරා මිලියන 2.3 කට අධික පිරිසකට MS රෝගය වැළඳී ඇති බව හඳුනාගෙන ඇත. මෙම පුද්ගලයින් බොහෝමයක් වයස අවුරුදු 20 ත් 50 ත් අතර වුවද, ළමයින් සහ වැඩිහිටියන්ටද රෝගය වැළඳීමේ හැකියාව පවතී. ඕනෑම පුද්ගලයෙක්ට MS රෝගය වැළඳීමේ හැකියාව ඇති නමුත් එහි ආකාර කිහිපයක් ඇත. පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන්ට මෙම රෝගය වර්ධනය වීමේ හැකියාව තුන් ගුණයකින් වැඩි අතර මෙම ස්ත්‍රී-පුරුෂ භේදය පසුගිය අවුරුදු 50 තුළ වැඩි වෙමින් පවතී.


MS ඇතිවීමට හේතු


MS සඳහා හේතුව කුමක්දැයි නිශ්චිතව නොදන්නා නමුත් විද්‍යාඥයන් විශ්වාස කරන්නේ MS ඇති කරනු ලබන්නේ සාධක කිහිපයක එකතුවක් නිසා බවයි. එම සාධක නම්,


▪️ ප්‍රතිශක්තිකරණ සාධක

▪️ පාරිසරික සාධක

▪️ ආසාදන තත්ත්ව ආශ්‍රිත සාධක (infectious factors)

▪️ ජානමය සාධක


අවදානම් සාධක


MS ඇති කරනු ලබන තනි අවදානම් සාධකයක් නොමැත, නමුත් සාධක කිහිපයක් සමස්ත අවදානමට දායක වන බව විශ්වාස කෙරේ.


  • අඩු විටමින් D මට්ටමක් පැවතීම.

  • දුම්පානය

  • ස්ථූලතාව

  • භූගෝලීය සාධක (Geographic gradient)



රෝග ලක්ෂණ


MS හි රෝග ලක්ෂණ විචල්‍ය සහ පූර්ව නිර්ණයක් කල නොහැකිය . දෙදෙනෙකුට හරියටම සමාන එකම රෝග ලක්ෂණ නොමැති අතර, එක් එක් පුද්ගලයාගේ රෝග ලක්ෂණ කාලයත් සමඟ වෙනස් විය හැකිය.


වඩාත් පොදු රෝග ලක්ෂණ


  • MS Hug (Dysesthesia) - කවන්ධය (Torso) වටා තද වීමේ සංවේදනයක් ඇති වීම.

  • තෙහෙට්ටුව (Fatigue ) - 80% ක් පමණ පුද්ගලයන්ට ඇතිවේ. නිවසේ හා රැකියාව ආශ්‍රිත කාර්යය කිරීමේ හැකියාව කෙරෙහි සැලකිය යුතු ලෙස බාධා ඇති කළ හැකි අතර, අවම ක්‍රියාකාරකම් සීමාවන් ඇති පුද්ගලයෙකුගේ වඩාත් කැපී පෙනෙන රෝග ලක්ෂණය විය හැකිය.

  • හිරිවැටීම( Numbness & tingling ) - මුහුණේ, ශරීරයේ හෝ ශරීර අන්තයන්හි (අත් සහ පාදවල) හිරිවැටීම බොහෝ විට MS ඇති බව හඳුනාගත් අය අත්විඳින පළමු රෝග ලක්ෂණය වේ.

  • දෘෂ්ටික ගැටළු - බොහෝ පුද්ගලයින් සඳහා MS හි පළමු රෝග ලක්ෂණයයි. Optic neuritis, Neuromyelitis optica, අපැහැදිලි පෙනීම (Blurred vision ), Poor contrast හෝ Colour vision සහ අක්ෂි චලනයේදී වේදනාව භයානක විය හැකිය. ඒවා වහාම පරීක්ෂා කළ යුතුය.

  • දුර්වලතාවය (Weakness )- MS හිදී ඇතිවන දුර්වලතාවය, භාවිතයට නොගත් මාංශ පේශි විසංයෝජනය වීම (Deconditioning) හෝ මාංශ පේශි උත්තේජනය කරන ස්නායු වලට හානි වීම නිසා ඇති වේ. මෙය පුනරුත්ථාපන ක්‍රම (Rehabilitation strategies), සංචලන ආධාරක (Mobility aids) සහ වෙනත් ආධාරක උපකරණ (Assistive devices) භාවිතයෙන් කළමනාකරණය කළ හැකිය.

  • ඇවිදීමේ දුෂ්කරතා - දුර්වලතාවය, Spasticity, සමබරතාවය නැතිවීම, සංවේදක නොදැනීම (Sensory deficit ) සහ තෙහෙට්ටුව ඇතුළු සාධක කිහිපයකට සම්බන්ධ වන අතර භෞත චිකිත්සාව, උපකාරක චිකිත්සාව (Assistive therapy ) සහ ඖෂධ භාවිතයෙන් මේ සඳහා ප්‍රතිකාර කළ හැකිය.

  • වේදනාව - MS හි දී වේදනා සින්ඩ්‍රෝමය (Pain syndrome) බහුලව දක්නට ලැබේ. MS ඇති පුද්ගලයින්ගෙන් 55% කට යම් වේලාවක “සායනිකව සැලකිය යුතු වේදනාවක්” ඇති අතර අඩකට ආසන්න සංඛ්‍යාවකට නිදන්ගත වේදනාවක් ඇති බව අධ්‍යයනයකින් පෙන්වා දී ඇත.

  • මානසික අවපීඩනය සහ මතකය හා මානසික ඒකාග්‍රතාවය පිළිබඳ ගැටළු.


 

අඩුවෙන් ඇතිවන රෝග ලක්ෂණ


  • ගැස්ම / වෙවුලීම (Tremor)

  • Seizures

  • හුස්ම ගැනීමේ ගැටළු

  • කථන සහ ශ්‍රවණ ගැටළු

  • රසය නොදැනීම

 


MS වර්ග 


MS හි වඩාත් සුලභ වර්ග වන්නේ,

Relapsing- Remitting MS (RRMS)


වඩාත් සුලභ රෝග ආකාරයයි. මෙය ස්නායු පද්ධතිය ආශ්‍රිත රෝග ලක්ෂණ ඇති වීම හෝ වර්ධනය වීම මඟින් පහසුවෙන් හඳුනාගත හැක. මෙම නැවත ඇතිවීම් හෝ උග්‍රවීම්, රෝගය පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සුව වීමෙන් පසුව වුවද සිදුවිය හැකිය.



Secondary-Progressive MS (SPMS)


SPMS මූලිකවම රෝග ලක්ෂණ වරින් වර ඇතිවීම හෝ වර්ධනය සිදුවන ආකාරයකි. RRMS රෝගයෙන් පෙළෙන සමහර අය අවසානයේදී SPMS තත්ත්වයට සංක්‍රමණය වන අතර කාලයත් සමඟ ස්නායු ක්‍රියාකාරිත්වය නරක අතට හැරේ (Accumulation of disability).


Primary-Progressive MS (PPMS)


PPMS හඳුනාගත හැකි ආකාරය වන්නේ රෝග ලක්ෂණ ආරම්භයේ සිටම නරක අතට හැරෙන ස්නායු ක්‍රියාකාරිත්වයයි (Accumulation of disability ). රෝග ලක්ෂණ වරින් වර ඇතිවීම හෝ වර්ධනය වීම මෙහිදී දැකගත නොහැක.


 

ප්‍රතිකාර


වෛද්‍ය ප්‍රතිකාර


ඔබට MS රෝගය ඇති බව හඳුනාගෙන ඇත්නම්, නිශ්චිත රෝග විනිශ්චයකින් අනතුරුව (සක්‍රිය හෝ නැවත නැවත ඇතිවන ආකාරය) හැකි ඉක්මනින් FDA මඟින් අනුමත කරන ලද “රෝග වෙනස් කිරීමේ” (Disease modifying drug) ඖෂධ මඟින් ප්‍රතිකාර කිරීම සලකා බැලීමට ජාතික MS සංගමය නිර්දේශ කරයි. මෙම ඖෂධ MS නැවත නැවත ඇති වීම හා රෝගයේ බරපතලකම අඩු කිරීමට උපකාරී වේ. එමෙන්ම මධ්‍ය ස්නායු පද්ධතියෙහි නව තුවාල (Lesions) ඇතිවන ප්‍රමාණය සහ රෝග ප්‍රගතිය මන්දගාමී කිරීමට උපකාර වේ.



භෞතචිකිත්සක ප්‍රතිකාර


භෞතචිකිත්සකවරුන් ඔබේ ශරීරයේ චලනය හා ක්‍රියාකාරිත්වය පිළිබඳ හැකියාව විනිශ්චය කර ඒ සඳහා ප්‍රතිකාර කරයි. ඇවිදීම සහ සචලතාව (Walking & mobility), ශක්තිය (Strength), සමබරතාවය, ඉරියව් (Posture), තෙහෙට්ටුව (Fatigue) සහ වේදනාව කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කරයි. භෞත චිකිත්සාවට ඇවිදීමේ පුහුණුව, ඇවිදීමේ ආධාරක භාවිතයෙන් ඇවිදීමට පුහුණු කිරීම (Poles, Canes, කිහිලිකරු, Scooters, රෝද පුටු) සහ වෙනත් ආධාරක භාවිතය (Assistive devices) ඇතුළත් ව්‍යායාම වැඩසටහනක් අයත් විය හැකිය. මෙහි අරමුණ වන්නේ ස්වාධීනත්වය, ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම සහ ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය සාක්ෂාත් කර ගැනීම සහ පවත්වාගෙන යාමයි. ඊට අමතරව පුනරුත්ථාපනය මඟින් De-conditioning, මාංශ පේශි දුර්වල වීම, සංචලතාවයේ ඌනතාවයෙන් සහ Spastic සම්බන්ධ මාංශ පේශි හැකිලීම් වැනි සංකූලතා වළක්වා ගත හැකිය. මුත්‍රාශය ආශ්‍රිත සංකූලතා අවම කිරීම සඳහා භෞත චිකිත්සකවරයකුගේ නිර්දේශය මත Pelvic floor ව්‍යායාම සිදු කළ හැකිය.


ඒ අනුව, භෞතචිකිත්සාව පුනරුත්ථාපන ක්‍රියාවලියේදී වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර MS ඇති පුද්ගලයින්ගේ ක්‍රියාකාරකම් සහ ව්‍යායාම ප්‍රවර්ධනය කිරීමට උපකාරී වේ. එසේම ක්‍රියාකාරී හා ස්වාධීන ජීවිතයක් නැවත ආරම්භ කිරීමට හෝ පවත්වා ගැනීමටද එමඟින් හැකියාව ලැබේ. බොහෝ MS රෝග ලක්ෂණ පාලනයට එය ඉතා වැදගත් විය හැකි අතර, තද බව (Stiffness), සමබරතාවය, Spasticity සහ Spasm කළමනාකරණය සඳහා විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. භෞතචිකිත්සක ප්‍රතිකාර රෝගියාගේ මුළු ශරීරයම සමස්තයක් ලෙස සලකා සිදු කෙරේ.


 References


https://www.nationalmssociety.org/What-is-MS


https://mymsaa.org/ms-information/overview/introduction/


සෆ්නා හුසේන්

6 views0 comments
bottom of page