top of page

පර්යන්ත ස්නායු රෝග යනු මොනවාද ?

පර්යන්ත ස්නායු රෝග යනු, ස්පර්ශය, වේදනාව, උෂ්ණත්වය වැනි සංවේදනයන් වලට ප්‍රතිචාර නොදැක්වීම හෝ දක්වන ප්‍රතිචාරය අඩුවීම, දහඩිය දැමීම අඩුවීම, පාදවල ඇතිවන වෙනස්කම් (Foot deformities), ඇවිදීමේ හා බර දරාගැනීමේ වෙනස්කම් ආදී ශරීරයේ ආන්තික කොටස්වල සිදුවන ක්‍රියාකාරිත්වයේ වෙනස්කම් වේ. මේවා ශරීරයේ පර්යන්ත ස්නායු පද්ධතියට හානි වීමෙන් ඇතිවන ආබාධ තත්ත්වයන් වේ. මෙයට හේතුව තුවාල, පද්ධති ආශ්‍රිත රෝග, ආසාදන රෝග හා ප්‍රවේණිගත ආබාධ හේතුවෙන් මෙම ස්නායු වලට හානි වීම හෝ විනාශ වීමයි.


පර්යන්ත ස්නායු රෝග යනු පර්යන්ත ස්නායු පද්ධතියට හානි කිරීම එනම් මධ්‍ය ස්නායු පද්ධතිය (මොළය සහ කොඳු ඇට පෙළ) සහ ශරීරයේ අනෙකුත් සියලුම කොටස් අතර සංඥා යවන විශාල සන්නිවේදන ජාලයට හානි වීමෙන් ඇතිවන රෝග වේ. පර්යන්ත ස්නායු විවිධ ආකාරයේ සංවේදී තොරතුරු මධ්‍ය ස්නායු පද්ධතියට (CNS) යවයි. එසේම CNS වෙතින් ශරීරයේ සෙසු කොටස් වෙත සංඥා ද රැගෙන යයි.



🔵 පර්යන්ත ස්නායු රෝග වර්ග


විවිධ වර්ගයේ පර්යන්ත ස්නායු රෝග 100 කට වඩා පවතී. සෑම වර්ගයකටම අනන්‍ය වූ රෝග ලක්ෂණ සහ විශේෂිත ප්‍රතිකාර ක්‍රම ඇත. පර්යන්ත ස්නායු රෝග තවදුරටත් ස්නායු ආශ්‍රිත හානිය අනුව වර්ගීකරණය කර ඇත. එක් ස්නායුවකට පමණක් හානි සිදු වූ විට Mononeuropathy තත්ත්වය ඇතිවේ.ස්නායු කිහිපයක් හෝ වැඩි ගණනකට හානි වීමෙන් වඩා බහුලව දක්නට ලැබෙන Polyneuropathy තත්ත්වය ඇතිවේ. බොහෝ විට ඒවා වර්ගීකරණය කර ඇත්තේ බලපෑම් ඇතිවූ ස්නායු සංඛ්‍යාව හා වර්ග අනුව ය.


🔺 ස්නායු සංඛ්‍යාව අනුව,


🔸 Mononeuropathy උදා: Carpel tunnel syndrome

🔸 Polyneuropathy උදා: Guillain barre syndrome


🔺 ස්නායු වර්ග අනුව,


🔸 සංවේදක ස්නායු ආශ්‍රිත රෝග

🔸 චාලක ස්නායු ආශ්‍රිත රෝග

🔸 ස්වයංසාධක ස්නායු ආශ්‍රිත රෝග


🔵 පර්යන්ත ස්නායු රෝගය ආශ්‍රිත රෝග ලක්ෂණ


රෝග ලක්ෂණ සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ අතේ හෝ පාදයේ ඇඟිලි හිරිවැටීමෙනි. එය පාද හෝ අත් දක්වා විහිදෙන අතර රාත්‍රියේදී බොහෝ විට දරුණු වන පිළිස්සීම වැනි සවේදනය, හිරි වැටීම, තෙරපීමක් වැනි සංවේදනයක් සහ/හෝ උග්‍ර වේදනාවන් ඇති කරයි. වේදනාව නියතව දීර්ඝ කාලීනව පැවතීම හෝ වරින් වර ඇති විය හැකි නමුත් සාමාන්‍යයෙන් වේදනාව ශරීරයේ දෙපැත්තේම අත් දෙකෙහි හෝ පාද දෙකෙහිම සමානව දැනේ. සමහර පර්යන්ත ස්නායු රෝග එක්වරම ඇතිවන වන අතර අනෙක් ඒවා වසර ගණනාවක් පුරා සෙමින් වර්ධනය වේ. පර්යන්ත ස්නායු රෝග වර්ගය අනුව රෝග ලක්ෂණ වෙනස් විය හැකිය.


🔶 සංවේදක ස්නායු ආශ්‍රිත රෝගවල රෝග ලක්ෂණ


▪️ බලපෑමට ලක් වූ ශරීර කොටසෙහි අල්පෙනෙති සහ ඉඳිකටු ඇනීම වැනි වේදනාවක් ඇතිවීම, හිරිවැටීම, වේදනාව හෝ උෂ්ණත්වයේ වෙනස්කම් වලට දක්වන සංවේදිතාව අඩුවීම

▪️ විශේෂයෙන් ඔබේ පාදවල දැවෙන හෝ තියුණු වේදනාවක් ඇතිවීම, සාමාන්‍යයෙන් පාදවල ඉතා සැහැල්ලු ස්පර්ශයක් වැනි කිසිසේත් වේදනාකාරී නොවිය යුතු දෙයකින් වේදනාව දැනීම.

▪️ පාදවල හෝ අත් වල පිහිටීම පිළිබඳ ඇති අවබෝධය අඩු වීම නිසා ඇති වන සමබරතාව හෝ සම්බන්ධීකරණය නැති වීම.


🔶 චාලක ස්නායු ආශ්‍රිත රෝගවල රෝග ලක්ෂණ


▪️ මාංශ පේශි ඇඹරීම (Twisting)සහ කෙණ්ඩා පෙරලීම (Cramps)

▪️ මාංශ පේශි දුර්වල වීම හෝ අඩපණ වීම මාංශ පේශි එකක් හෝ වැඩි ගණනකට බලපෑම් ඇතිවිය හැක .

▪️ මාංශ පේශි ක්ෂය වීම

▪️ ඔබේ පාදයේ සහ ඇඟිලිවල ඉදිරිපස කොටස ඔසවා තැබීමේ දුෂ්කරතාවය, ඇවිදීමේදී විශේෂයෙන් කැපී පෙනේ (Foot drop)


🔶 ස්වයංසාධක ස්නායු ආශ්‍රිත රෝගවල රෝග ලක්ෂණ


▪️ මල බද්ධය හෝ පාචනය, විශේෂයෙන් රාත්‍රි කාලයේදී ඇති වේ

▪️ රෝගාතුර බවක් දැනීම,උදරයේ ඉදිමුණු බවක් දැනීම සහ Belching තත්ත්වය ඇති විය හැක.

▪️ අඩු රුධිර පීඩනය, ඔබ නැගී සිටින විට ක්ලාන්තය හෝ කරකැවිල්ල දැනිය හැකිය

▪️ වේගවත් හෘද ස්පන්දනය (Tachycardia )

▪️ අධික ලෙස දහඩිය දැමීම හෝ දහඩිය දැමීම අඩුවීම

▪️ ලිංගික ක්‍රියාකාරිත්වයේ ගැටළු

▪️ ඔබේ මුත්‍රාශය හිස් කිරීමට අපහසු වීම

▪️ ආන්ත්‍රික පාලනය නැතිවීම


🔶 Mononeuropathy රෝග ලක්ෂණ


▪️ ඇඟිලිවල සංවේදනයේ වෙනස්කම් හෝ දුර්වලතාවය

▪️ ද්විත්ව පෙනීම (Double vision) හෝ ඔබේ ඇස් නාභිගත කිරීමේදී ඇතිවන වෙනත් ගැටළු, සමහර විට අක්ෂි වේදනාව

▪️ ඔබේ මුහුණේ එක් පැත්තක දුර්වලතාවය (Bells Palsy )

▪️පාදයේ හෝ කකුලේ අස්ථියේ වේදනාව (Shin pain), දුර්වලතාව හෝ වෙනස් වූ සංවේදනය


🔵 පර්යන්ත ස්නායු රෝගයට හේතු


ස්නායු රෝග බොහෝ විට අත්පත්කරගත් (Acquired), එනම් ජීවිතයේ මුල් කාලයේ සිට හෝ ජානමය වශයෙන් ඇති වූ ඒවා නොවේ. මෙම අත්පත්කරගත් ස්නායු රෝග Symptomatic (වෙනත් රෝගයක් හෝ තත්ත්වයක ප්‍රතිඵල ලෙස ඇතිවූ, පහතින් දක්වා ඇත) හෝ Idiopathic (නිශ්චිත හේතුවක් නොදන්නා) වේ.



🔵 Symptomatic acquired පර්යන්ත ස්නායු රෝග


🔘 දියවැඩියාව

🔘 රසායනික ප්‍රේරිත ස්නායු රෝග

🔘 Inflammatory infections

🔘 ස්වයං ප්‍රතිශක්තිකරණ රෝග

🔘 Protein abnormalities

🔘 විෂ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම (විෂ සහිත ස්නායු රෝග)

🔘 පෝෂණ ඌනතාව

🔘 වකුගඩු අකර්මණ්‍ය වීම

🔘 දිගුකාලීන මත්පැන් භාවිතය

🔘 සමහර ඖෂධ - විශේෂයෙන් පිළිකා සහ H.I.V / ඒඩ්ස් සඳහා සිදු කරන ප්‍රතිකාර


ජානගතව ඇතිවන පර්යන්ත ස්නායු රෝග දුර්ලභ වේ. සමහර පුද්ගලයින් තුළ පර්යන්ත ස්නායු රෝගය ඇතිවීමට හේතුවන කරුණු තවමත් අනාවරණය වී නොමැත - මෙය Idiopathic ලෙස හැඳින්වේ.


🔵 භෞත චිකිත්සක අරමුණු සහ ප්‍රතිකාර


රෝගියා සහ රෝග වර්ගය අනුව ප්‍රතිකාර ක්‍රම වෙනස් විය හැකිය, පර්යන්ත ස්නායු රෝග සඳහා භාවිතා කරන පොදු භෞත චිකිත්සක ප්‍රතිකාර ක්‍රම පහත දැක්වේ.


▪️ වේදනාව අඩු කිරීම

▪️ මාංශ පේශි ශක්තිය නැවත ලබා ගැනීම

▪️ මෘදු පටක සංකෝචනය වීම වැළැක්වීම

▪️ රෝගියාගේ ඉරියව් නිවැරදි කිරීම

▪️ රෝගියාගේ සංචලතාව වැඩි කිරීම

▪️ සමබරතාවය හා සම්බන්ධීකරණය වැඩි කිරීම

▪️ ශරීර යෝග්‍යතාවය සහ ශක්ති මට්ටම වැඩි දියුණු කිරීම


🔵 සංකූලතා


ඇතැම්විට මෙම පර්යන්ත ස්නායු රෝග හෘද රිද්මයේ වෙනස්කම්, සංසරණ පද්ධතිය ආශ්‍රිත ගැටළු සහ පාදයේ තුවාල (Foot ulcers) වැනි වෙනත් සෞඛ්‍යය ගැටළු ඇතිකිරීමට ද හේතු වේ. මෙම සංකූලතා පර්යන්ත ස්නායු රෝගයට බලපාන හේතුව මත රඳා පවතී.



https://www.ninds.nih.gov/Disorders/Patient-Caregiver-Education/Fact-Sheets/Peripheral-Neuropathy-Fact-Sheet


https://www.foundationforpn.org/what-is-peripheral-neuropathy/symptoms/


https://www.nhs.uk/conditions/peripheral-neuropathy/


සොවිකා සෙල්වකුමාර්


9 views0 comments
bottom of page