top of page

Guillain-Barre syndrome (GBS) ගැන අපි දැන ගනිමු


Guillain-Barré syndrome (GBS) Landry's palsy ලෙසද හැඳින්වේ. ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් පර්යන්ත ස්නායු පද්ධතියේ කොටසක් ආක්‍රමණය කිරීම නිසා ඇති වන දුර්ලභ ස්නායු ආබාධයකි.


මෙම පර්යන්තය ස්නායු ආබාධය ඉතා අඩු දුර්වලතා තත්ත්වයන්ගේ සිට දරුණු අංශභාග තත්ත්වයන් දක්වා විහිදෙන අතර පුද්ගලයාගේ ස්වාධීන ශ්වසනයටද බාධා ඇති වේ.


Guillain-Barré syndrome ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැක. මෙය සින්ඩ්රෝමයක් ලෙස හඳුන්වනු ලබන්නේ එය මයලීන් හායනය හා සම්බන්ධ ශරීරය පුරා පැතිරුන ස්නායු රෝග සමූහයක් නියෝජනය කරන බැවිනි.


එය ඕනෑම වයසක දී ඇති විය හැකි අතර (එය වැඩිහිටියන් හා වයස් ගත පුද්ගලයන් අතර නිතර දක්නට ලැබේ) ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයම එක හා සමානව ආබාධයට ගොදුරු වේ. GBS සෑම වසරකම පුද්ගලයන් 100,000 කින් එක් පුද්ගලයෙකුට බලපාන බවට ගණනය කර ඇත.


බොහෝ විට මාස 6 සිට 12 දක්වා කාලය තුළ GBS දරුණුතම තත්ත්වයේ රෝගීන් පවා සුවය ලබයි. සුවය ලැබීමෙන් පසු, සමහර පුද්ගලයින්ට යම් තරමක දුර්වලතාවයක් දිගටම පවතිනු ඇත.



Guillain-Barré syndrome සඳහා හේතු


GBS සඳහා නිශ්චිත හේතුවක් නොදනී. එය බෝ නොවන අතර ප්‍රවේනිකව ඇති නොවන රෝගයකි. බලපෑමට ලක්වූ පුද්ගලයාගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ශරීරය ආක්‍රමණය කිරීමට පටන් ගනී. එබැවින් GBS ස්වයං ප්‍රතිශක්තිකරණ රෝගයක් ලෙස හැඳින්වේ.


GBS රෝගයේ රෝග ලක්ෂණ


චාලක ක්‍රියා


  • පාද වල මාංශ පේශි වල ඇති වන දුර්වලතාවයන් ශරීරයේ ඉහල අර්ධයට පැතිරෙන අතර කාලයත් සමඟ නරක අතට හැරේ.

  • ශරීරයේ දෙපසම ඇති වන දුර්වලතාවය නිසා මහාප්රාචීරයට හා කශේරුකා ස්නායු වලට හානි සිදු විය හැක.

  • ගිලීමට, කතා කිරීමට හෝ සැපීමට අපහසු වීම.

  • ප්‍රතීක ක්‍රියා අඩු වීම හෝ දක්නට නොලැබීම.


සංවේදන ක්‍රියා


  • පැහැදිලි කළ නොහැකි සංවේදනයන් ඇති වීම. (පාදවල හෝ අත්වල හිරි වැටීම)

  • ස්පර්ශට අසාමාන්‍ය සංවේදීතාවයක් පැවතීම.


මුහුණ හා සම්බන්ධ රෝග ලක්ෂණ


  • අක්ෂි පේශි වල හා පෙනීමේ අපහසුතා

  • කපාල ස්නායු මැදහත් වීම (III-VII සහ IX-XII) - වඩාත් සුලබම වන්නේ Facial palsy තත්ත්වයයි.


ස්වයං සාධක ක්‍රියා

  • හෘදය අකර්මණ්‍ය වීම

  • මුත්‍රා අඩස්සිය


වේදනාව


  • අතෙහි සහ පාදවල ඉඳිකටු ඇනීම වැනි දැනීමක් හෝ දැඩි වේදනාවක්, විශේෂයෙන් රාත්‍රියේදී ඇති වීම.


රෝගය ඇතිවීමට බලපාන සාධක සඳහා හේතු විය හැකි කරුණු


  • බොහෝවිට ශ්වසන හෝ ආමාශ ආන්තික වෛරස් ආසාදනයක් නිසා දුර්වලතාවයන් හා සංවේදන වෙනස්කම් ඇතිවේ.

  • සැත්කම් මගින්ද සින්ඩ්‍රෝමය ඇති විය හැක.

  • එන්නත් කිරීම මඟින් ම GBS අවදානම වැඩි විය හැක.


Guillain-Barré syndrome හි අවධීන්


Progressive phase

දින සිට සති 4 දක්වා පවතී


Plateau phase

මෙහි සුළු සායනික වෙනස්කම් සිදු වේ.

දින සිට මාස දක්වා පවතී.


Recovery phase

මෙම අදියරේ දී රෝගියාගේ යම් දියුණුවක් ඇති වේ.


GBS හි අහිතකර ප්‍රතිඵලවලට හේතු විය හැකි සාධක


  • වයසින් වැඩි වීම

  • දරුණු හෝ වේගයෙන් වර්ධනය වන රෝග

  • ප්රතිකාර ප්රමාද වීමෙන් වැඩි ස්නායු හානියක් සිදු වේ

  • දිගු කාලීනව ශ්වසන යන්ත්‍රයක් භාවිතා කිරීම මගින් නිව්මෝනියා තත්ත්වයක් ඇති විය හැක.


Guillain-Barré syndrome සඳහා ප්‍රතිකාර කිරීම


Guillain-Barré syndrome සඳහා නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත. කෙසේ වෙතත්, සමහර චිකිත්සා ක්‍රම මගින් රෝගයේ බරපතලකම අඩු කර ගත හැකි අතර සුවවීමේ කාලය කෙටි කර ගැනීමට හැකිවේ. පුද්ගලයාගේ යම් දියුණුවක් ආරම්භ වන විට, සාමාන්‍යයෙන් දැඩි ප්‍රතිකාර වල සිට පුනරුත්ථාපන ප්‍රතිකාර වලට මාරු කරනු ලැබේ. භෞතචිකිත්සකවරුන් රෝගීන් නැවත පෙර සිටි තත්ත්වයට ගැනීමටත්, කායික පුනරුත්ථාපන සහ වෙනත් ප්‍රතිකාර ලබා ගැනීමටත්, එදිනෙදා ජීවිතයේ ක්‍රියාකාරකම් නැවත ආරම්භ කිරීමටත්, ඔවුන්ගේ පූර්ව රෝගී ජීවිතයට නැවත ලඟා වීම සඳහා සූදානම් වීමටත් උපකාරී කරයි.


GBS හි සංකූලතා


  • අංශභාග තත්ත්වය හුස්ම ගැනීම පාලනය කරන මාංශ පේශිවලට පැතිරෙන විට හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම.

  • කල් පවතින දුර්වලතාවය, සුවය ලැබීමෙන් පසුව පවා ඇති විය හැකි හිරිවැටීම.

  • හෘද හෝ රුධිර පීඩන ගැටළු

  • මන්දගාමී අන්ත්‍ර හෝ මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය


References


https://www.ninds.nih.gov/disorders/patient-caregiver-education/fact-sheets/Guillain-barr%C3%A9-syndrome-fact-sheet


https://www.healthline.com/health/guillain-barre-syndrome


සුපසන් වීරසිංහ

6 views0 comments
bottom of page