top of page

නියුමෝනියාව පිළිබඳව ඔබ දැනුවත්ද?

Vimukthi Chandula

නියුමෝනියාව යනු පෙනහළු තුල ඇති ගර්ථ (Alveoli) සහ අවට පටක වල ඇතිවන ප්‍රදාහ තත්ත්වයකි. එය එක් පෙනහල්ලකට හෝ දෙකටම බලපෑ හැක. පුද්ගලයෙකුට නියුමෝනියාව වැළඳුණු විට ගර්ථ සැරව සහ වෙනත් තරල වලින් පිරී යන අතර එමඟින් හුස්ම ගැනීම වේදනාකාරී වීම සහ ඔක්සිජන් හුවමාරුව සීමා වීම සිදු වේ.





නියුමෝනියාව සදහා බලපාන කරුණු


වෛරස්, බැක්ටීරියා සහ දිලීර ඇතුළු රෝග කාරක ගණනාවක් නිසා නියුමෝනියාව ඇති විය හැක. එය බැක්ටීරියාවක් හෝ වෛරසයක් නිසා ඇති වුවහොත් ඔබෙන් රෝගය වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය විය හැකිය.

බොහෝ විට බැක්ටීරියා මඟින් ඇති වන නියුමෝනියාව Streptococcus pneumoniae (pneumococcus) නම් බැක්ටීරියාව ඇතිකරයි . ඇතැම් විට Haemophilus influenzae සහ Mycoplasma pneumoniae වැනි වෙනත් බැක්ටීරියා ද ඊට සම්බන්ධ වේ.


වෛරස් මඟින් ඇති වන නියුමෝනියාව සඳහා බොහෝ විට හේතු වන්නේ influenza, RSV (Respiratory Syncytial Virus) සහ SARS-CoV-2 (COVID-19 ඇති කරන වෛරසය) යි. රෝහල් ගතව සිටින පුද්ගලයින්ට සම්බන්ධ කරන ශ්වසනාධාරක මඟින් නියුමෝනියාව ආසාදනය වුවහොත් එය “ventilator-associated pneumonia” ලෙස හැඳින්වේ. Community-acquired pneumonia නම් යමෙකුට රෝහලින් පිටත සමාජය මඟින් ඇති වන නියුමෝනියාවයි. Healthcare associated pneumonia යනු යමෙකු සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක රැඳී සිටියදී හෝ පසුව නියුමෝනියාව වැළඳීමයි.


රෝග ලක්ෂණ


රෝග ලක්‍ෂණ පුද්ගලයාගේ වයස, රෝග කාරකය සහ සමස්ත සෞඛ්‍ය තත්ත්වය මත පදනම්ව වෙනස් විය හැකිය. රෝග ලක්‍ෂණ සාමාන්‍යයෙන් දින කිහිපයක් තුළ දී වර්ධනය වේ. නියුමෝනියාවේ ප්‍රධාන රෝග ලක්‍ෂණ වන්නේ අධික උණ සහ සෙම්ප්‍රතිශ්‍යාවයි.


නියුමෝනියාවේ පොදු රෝග ලක්‍ෂණ අතර:


  • හුස්ම ගැනීමේදී හෝ කහින විට ඇතිවන පපුවේ වේදනාව

  • හුස්ම හිරවීම හෝ හුස්ම ගැනීමට අපහසු වීම

  • සෙම හෝ සෙම නිපදවන කැස්ස

  • තෙහෙට්ටුව සහ ආහාර අරුචිය

  • ඔක්කාරය, වමනය සහ පාචනය


අවදානම් සාධක


  • විශේෂයෙන් ළදරුවන්ට සහ වැඩිහිටියන්ට (අවුරුදු 65 ට වැඩි) නියුමෝනියාව වැළඳීමේ අවදානම ඉහළ ය.


  • දියවැඩියාව, වකුගඩු රෝග හා පිළිකා වැනි නිදන්ගත රෝග වලින් පෙලෙන දුර්වල වූ ප්‍රතිශක්තිකරණ පද්ධතියක් ඇති පුද්ගලයින්ටද නියුමෝනියාව වැළඳීමේ වැඩි අවදානමක් ඇත.


  • ඇදුම සහ COPD වැනි පෙනහළු රෝග, හෘද රෝග, දුම්බීම සහ උණ (ඉන්ෆ්ලුවෙන්සා) වැනි සමහර වෛරස් ආසාදන ඇති පුද්ගලයින්ද නියුමෝනියාවට ගොදුරු විය හැක.


  • වායු දූෂණය, දුම සහ සමහර රසායනික ද්‍රව්‍ය වැනි පෙනහළු සදහා අහිතකර ද්‍රව්‍යයන්ට දිගු කාලයක් නිරාවරණය වීම මඟින්ද පුද්ගලයන්ට නියුමෝනියාව වැලදිය හැක.


  • රෝහල් ගත නොවූ පුද්ගලයින්ට සාපේක්ෂව රෝහල් ගතව සිටින පුද්ගලයින්ටද නියුමෝනියාව වැළඳීමේ ඉහල අවදානමක් ඇත.


ප්‍රතිකාර


නියුමෝනියාව සඳහා සිදු කරන ප්‍රතිකාර, රෝගයේ බරපතලකම සහ සංකූලතා ඇතිවීමේ අවදානම මත රඳා පවතී. අනෙකුත් සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සමඟ නියුමෝනියාවට ප්‍රතිකාර කිරීමේදී භෞත චිකිත්සාව ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.


වළක්වා ගැනීම


▪️ නිතරම දෑත් සේදීම වැනි පුද්ගලික ස්වාරක්ෂක පුරුදු ඇති කිරීම, ශ්වසන ආසාදන වැළැක්වීමේ හොඳම ක්‍රමවේදයයි.


▪️ ළමුන් තුළ, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රමාණවත් පෝෂණයක් ලබා දීම සහ පාරිසරික අවදානම් සාධක අවම කිරීම මඟින් නියුමෝනියාව වලක්වා ගත හැකිය.


▪️ එන්නත්කරණය මඟින් ද ප්‍රධාන වශයෙන් නියුමෝනියාව ඇතිවීම වළක්වා ගත හැක.


▪️ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් ලෙස පවත්වාගැනීමට විටමින් නිශ්පාදන වැනි පෝෂණ අතිරේක බහුලව භාවිත වේ.


▪️ දුම්පානයෙන් වළකින්න.



References:-

https://www.webmd.com/lung/understanding-pneumonia-basics

https://www.ncbi.nlm.nih.gov/books/NBK525774/


යශෝධා මාසිංහ

4 views0 comments

Comments


bottom of page