top of page

Ataxic gait.

Vimukthi Chandula



Ataxia යනු කුමක්ද?


  • Ataxia යනු අසාමාන්‍ය, සමායෝජනය නොවූ චලනයන් පැවතීමයි.  මෙම තත්වයේදී විශේෂිත රෝගයන්ට සම්බන්ධයක් නොමැති රෝග ලක්ෂණ පෙන්නුම් කරයි.

  • ඇවිදීම සමායෝජනයෙන් තොර සහ 'පාලනය කල නොහැකි' බවක් පෙනෙන නිසා අස්ථායී, ගැස්සෙනසුළු ඇවිදීම ataxic ඇවිදීමක් (Ataxic gait) ලෙස විස්තර කෙරේ.

  • ඇවිදීම වැනි පුනරාවර්තී කාර්යයකදී, Ataxia රෝග ලක්ෂණ ඉතා පැහැදිලි ලෙස පෙනේ.

 

Ataxic gait යනු කුමක්ද?


  • Ataxic gait හටගන්නේ මස්තිෂ්කයේ ආබාධයක් නිසා හෝ ස්වප්‍රතිග්‍රාහක සංඥා නැතිවීම නිසා ශරීරයේ පහළ අන්තයේ සමායෝජනය නැතිවී යාමෙනි.

  • රෝගීන්ට බොහෝ විට අනාරක්ෂිත බවක් දැනෙන අතර බිත්තිය හෝ ගෘහ භාණ්ඩ අල්ලාගනිමින් ඇවිදීමට සිදු වේ. 

 

Ataxic gait හි ලක්ෂණ.


  • ️බොහෝ දුරට Ataxic gait හි ලක්ෂණ වන්නේ සරල රේඛාවක ඇවිදීමේ අපහසුවතාවය, පැත්තට කැරකීම, දුර්වල සමබරතාවය, පුළුල් වූ ආධාරක පදනම, අතෙහි චලනයන්ගේ පාලනය නොමැති බව සහ පුනරාවර්තන හැකියාව නොමැතිකම ය. 

  • ️මෙම රෝග ලක්ෂණ බොහෝ විට මත්පැන් පානය කිරීමෙන් පසු මත්පැන් වල බලපෑම නිසා ඇවිදින ආකාරයට සමාන වේ.

 

Ataxic Gait ඇතිවීමට හේතුව කුමක්ද?


  • මොළය, සුෂුම්නාව සහ පර්යන්ත ස්නායු පද්ධතිය තුළ ඇති අසාමාන්‍යතා නිසා Ataxic gait ඇති විය හැක. අනුමස්තිෂ්කය ආශ්‍රිත ගැටළු හේතුවෙන් ඇති වන ataxia තත්වයන්හිදී, ඇවිදින විලාසයේ වෙනස් ලක්ෂණ පෙන්නුම් කරයි.

  • අනුමස්තිෂ්කය  විසින් සියුම් චලනයන් යාමනය කරන සංඥා මොළය පුරා පතුරවයි. අනුමස්තිෂ්ක නියුරෝන වලට හානි වූ විට, අනුමස්තිෂ්කයට ශරීරයේ අනෙකුත් ප්‍රදේශවලින් සහ මොළයෙන් ලැබෙන තොරතුරු ඒකාබද්ධ කිරීමට අපහසු වේ.  එහි ප්‍රතිඵලයක් වශයෙන්, සමබරතාවය, ඉරියව්ව සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වය සමායෝජනය කිරීම අපහසු වන අතර එය ඇවිදීමේ ක්‍රියාකාරිත්වයට පැහැදිලිවම බලපෑම් ඇතිකරයි.

 

Ataxic gait ප්‍රමාණනය කරන්නේ කෙසේද?


  • අනුමස්තිෂ්ක අක්‍රියතාවයෙන් ඇති වන Ataxic gait හි රෝග ලක්ෂණ නිරීක්ෂණය කළ හැකි වුවද, ඔවුන්ගේ අවබෝධය වැඩිදියුණු කිරීම සඳහා මෙම ඇවිදීමේ වෙනස්කම් ප්‍රමාණනය කිරීම වැදගත් වේ. 

  • Ataxic gait හි දක්නට ලැබෙන පොදු වෙනස්කම් නම් පුළුල් වූ ආධාරක පදනමක් තිබීම, ඒකක කාලයක්දී තබන පියවර සංඛ්‍යාව වෙනස් වීම, Tandem gait හි ( එක් පාදයක ඇඟිලි අනෙක් පාදයේ විලුඹෙහි ස්පර්ශ වන පරිදි ඇවිදීම ) වැරදි පියවරයන් පැවතීම, පියවර වල විචල්‍යතාවය වැඩිවීම සහ දුර්වල සමතුලිතතාවයක් තිබීමයි.

  • පියවර අතර පරතරය අඩුවීම, ඇවිදීමේදී පාදය ඇදගෙන යාමට සිදුවීම Ataxia හේතුවෙන් ඇතිවන බලපෑම් වේ.

  •  ආධාරක පදනම පුළුල් වීමේ ප්‍රමාණනය මැනීම මගින් සහ පියවරෙන් පියවර පාද තැබීමේදී ඇතිවන විචල්‍යතාවයන් මැනීම මගින් Ataxia හේතුවෙන් ඇවිදීමේ විලාසයේ ඇති වන අපගමනයන් ප්‍රමාණනය කළ හැක.

  • ඇවිදීමේදී පාද වල විලුඹ දෙක අතර හරස් පරතරය මැනීම මගින් ආධාරක පදනම් පුළුල් වීමේ ප්‍රමාණනය මැනිය හැක. eGVI වැනි ගෝලීයව සම්මත ක්‍රමවේදයක් භාවිතා කිරීම මගින් හෝ පියවර අතර පරතරය, පියවර අතර කාලය, පාදය පොළොවෙහි ස්පර්ශ වී පවතින කාලය සහ පාදය පොළොවෙන් එසවී පවතින කාලය වැනි මිනුම් නිරීක්ෂණය කිරීම මගින් පියවරෙන් පියවරට ඇතිවන වෙනස්කම් ප්‍රමාණනය කල හැක.

  • Cerebellar ataxia නිසා ඇති වන ඇවිදීමේ වෙනස්කම් පිළිබඳ වැඩි අවබෝධයක් තිබීම හා ඇවිදීමේ අපගමනයන්ගේ ලක්ෂණ වඩා හොඳින් ඉස්මතු වී පෙනීම, වඩා ගුණාත්මක ප්‍රතිකාර ලබාගැනීමට සහ මෙම ආබාධය කලින් හඳුනා ගැනීමට වැදගත් විය හැක.

 

භෞතචිකිත්සක කළමනාකරණය.


  • පුනරුත්ථාපනය මගින් Ataxia සහිත පුද්ගලයින්ගේ ඇවිදීම, සමබරතාවය සහ ශරීරයේ පාලනය වැඩිදියුණු කළ හැකිය.

  • එමෙන්ම එදිනෙදා ක්‍රියාකාරකම්වල නිතර වීම වැඩි දියුණු කිරීමට සහාය විය හැක.

  • Ataxia තත්වය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වන රෝගීන්ගේ ඇදවැටීමේ සම්භාවිතාවය ඉහළ බැවින් එම රෝගීන් වැටීමෙන් වළක්වා ගැනීම වැදගත් වේ.

  • ශරීරයේ ස්ථායීතාවයට අභියෝග කරන සීමාවන් ගවේෂණය කරන සහ ඉහළ ගාත්‍රා බර දරා ගැනීම අඩු කිරීමට ඉලක්ක කරන ක්‍රියාශීලි බවින් යුතු කාර්ය පුහුණු වීම, මස්තිෂ්ක අක්‍රියතාවයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ඇවිදීම සහ සමබරතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වන බව පෙන්නුම් කරයි.

  • මාංශ පේශි ශක්තිමත් කිරීම සහ නම්‍යශීලීබව පුහුණු කිරීමද පුනරුත්ථාපනය කිරීමේදී යොදා ගනී.

  • බොහෝ විට රෝගීන්ගේ ක්‍රියාකාරිත්වයට සහාය වීම සඳහා චිකිත්සක උපකරණ සපයනු ලැබේ.

 

මූලාශ්‍ර:-


 https://www.hopkinsmedicine.org/neurology_neurosurgery/centers_clinics/ataxia/conditions/

https://www.protokinetics.com/common-gait-deviations-ataxic-gait/

 

මල්ෂා සෙව්වන්දි.

5 views0 comments

Comments


bottom of page