top of page

අවධානය අඩු වීමේ හා ක්‍රියාකාරිත්වය අධික වීමේ රෝගී තත්වය (ADHD)




  • අවධානය අඩු වීමේ හා ක්‍රියාකාරිත්වය අධික වීමේ රෝගී තත්වය (ADHD) යනු අසාමාන්‍ය මට්ටමේ අධි ක්‍රියාකාරීත්වය සහ ආවේගශීලී හැසිරීම් ඇති කළ හැකි මානසික සෞඛ්‍ය තත්ත්වයකි. ADHD රෝගය ඇති පුද්ගලයින්ට එක් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ හෝ දිගු වේලාවක් නිශ්චලව සිටීමේ හැකියාවක් නොමැත.

  • මේ නිසා ADHD සහිත පුද්ගලයන් නොසැලකිලිමත් බව සහ ශක්තිමත්බවේ වෙනස්කම් අත්විඳිති. එය ඔවුන්ගේ අධ්‍යයන කටයුතු, රැකියාව සහ  ගෘහස්ත ජීවිතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් ඇති කරයි.


ADHD වල ව්‍යාප්තිය.


මෙම තත්වයේ ආරම්භය සාමාන්‍යයෙන් සිදු වන්නේ ළමුන් තුළ ඇති පොදු ප්‍රවණතාවක් අනුව වන අතර, පිරිමි ළමයින් රෝග ලක්ෂණ පෙන්වීමට වැඩි ඉඩක් ඇත.

මෙය  සාමාන්‍යයෙන් වයස අවුරුදු 7 පමණ වන විට ඇරඹෙන අතර   එක්සත් ජනපදයේ වැඩිහිටි ජනගහනයෙන් 4.1% ක් මෙම රෝග ලක්ශණ  පෙන්වයි.

  • ️ වයස අවුරුදු 5-17  ළමුන් අතර රෝග ලක්ෂණ ව්‍යාප්තියේ ප්‍රතිශතය හඳුනාගෙන ඇත.

  • ️ වයස අවුරුදු 5-17 පිරිමි ළමුන් අතර රෝග ලක්ෂණ ව්‍යාප්තියේ ප්‍රතිශතය හඳුනාගෙන ඇත.

  • ️ වයස අවුරුදු 5-17  ගැහැණු ළමයින් අතර ව්‍යාප්තියේ ප්‍රතිශතය විනිශ්චය කර ඇත.

 

ADHD සදහා බලපාන සාධක.

ADHD සඳහා නිශ්චිත හේතුව පැහැදිලි නැති නමුත් මේ පිළිබඳ පර්යේෂණ දිගටම පවතී. සීනි මගින් අධි ක්‍රියාකාරීත්වය ඇති කරන බවට සැක කරන නමුත් මෙය සෘජුවම ADHD ඇති කරන බවට විශ්වාසදායක සාක්ෂි නොමැත. එය කෙනෙකුගේ අවධානය පවත්වා ගැනීමට වැදගත් කාර්යභාරයක් ඉටු කළද, එය ADHD සඳහා හේතුවක් ලෙස නොසැලකේ.

  • ️ ජාන විද්‍යාව:  අධ්‍යයන වලින් පෙනී යන්නේ ADHD ජාන මගින් පවුලේ සාමාජිකයන් අතර සම්ප්‍රේෂණය වන බවයි.

  • ️ පරිසරය: ඊයම් වලට  නිරාවරණය වීම වැනි සාධක මුල් ළමාවියේදී මෙම රෝගය ඇතිවීමේ අවදානම වැඩි කළ හැක.

  • ️ සංවර්ධනය: පුද්ගල සංවර්ධනයේ ප්‍රධාන අවස්ථා වලදී මධ්‍යම ස්නායු පද්ධතිය ආශ්‍රිත ගැටළු මගින්ද මෙම රෝගය ඇතිවිය හැක.

 

ADHD හි රෝග ලක්ෂණ.

පුළුල් පරාසයක හැසිරීම් රටා ADHD සමඟ බැදී  තිබේ.  ඒවායින් සමහරක් නම්,

  • යම් කාර්යයක් කෙරෙහි අවධානය යොමු කිරීමේ ගැටලුවක් තිබීම.

  • කාර්යයන් සම්පූර්ණ කිරීම ගැන අමතක වීම

  • පහසුවෙන් අවධානය වෙනතකට යොමු වීම

  • නිශ්චලව  වාඩි වී සිටීමට  අපහසු වීම

  • වෙනත් පුද්ගලයින් කතා කරන අතරතුර ඔවුන්ට බාධා කිරීම.

 

ADHD වල ආකාර

  ADHD රෝග විනිශ්චය වඩාත් නිරවද්‍යව කිරීමට, APA විසින් මෙම රෝග තත්ත්වය කාණ්ඩ තුනකට වර්ග කර ඇත.

  • අතිශය නොසැලකිලිමත්

  • අධි ක්‍රියාකාරී - ආවේගශීලී

  • අධි ක්‍රියාකාරී ,ආවේගශීලී සහ නොසැලකිලිමත්

 

අතිශය  නොසැලකිලිමත්.

  •  ️ මෙම වර්ගයේ ADHD ඇති පුද්ගලයින්ට අවධානය යොමු කිරීම, කාර්යයන් අවසන් කිරීම සහ උපදෙස් අනුගමනය කිරීම අතිශයින් දුෂ්කර ය.

  • ️බොහෝවිට මේ ආකාරයේ ADHD සහිත දරුවන් පන්ති කාමරය තුලදී කඩාකප්පල්කාරී ක්‍රියා කිරීමට නැඹුරු නොවන නිසා ඔවුන්ගේ රෝග විනිශ්චය නිසි ලෙස සිදු නොවිය හැක.


අධි ක්‍රියාකාරී-ආවේගශීලී.

  මෙම වර්ගයේ ADHD ඇති පුද්ගලයින් මූලික වශයෙන් අධි ක්‍රියාකාරී සහ ආවේගශීලී හැසිරීම් පෙන්වයි. මේ අතර ;

  • ️ නොසන්සුන් වීම

  • ️ වෙනත් පුද්ගලයින් කතා කරන අතරතුර ඔවුන්ට බාධා කිරීම

  • ️ ඔවුන්ගේ වාරය එන තුරු බලා සිටීමට නොහැකි වීම වැනි ලක්ෂණ පෙන්වයි.

  • ️ මෙම වර්ගයේ ADHD වැලදුනු අයගේ අධි ක්‍රියාකාරී-ආවේගශීලී බව වැඩි නිසා    කාර්යයන් කෙරෙහි අවධානය යොමු කිරීම අපහසු විය හැකිය.

 

අධි ක්‍රියාකාරී ,ආවේගශීලී සහ නොසැලකිලිමත්.

  • ADHD හි වඩාත් සුලභ තත්ත්වය මෙයයි. මෙම රෝගය  ඇති පුද්ගලයින්ට නොසැලකිලිමත්බව සහ අධි ක්‍රියාකාරී රෝග ලක්ෂණයන්ද පෙන්නුම් කරයි.

  • මෙම රෝගීන්, අවධානය යොමු කිරීමට ඇති නොහැකියාව, ආවේගශීලීත්වයට නැඹුරු වීම සහ සාමාන්‍ය මට්ටමට වඩා වැඩි ක්‍රියාකාරකම් සහ ශක්තිමත් බාවය වැනි  ලක්ෂණ පෙන්නුම් කරයි.

 

භෞත චිකිත්සක කළමනාකරණය.

  • ශාරීරික ක්‍රියාකාරකම් සහ ව්‍යායාම මගින්  ආතතිය, කාංසාව සහ මානසික අවපීඩනය වැනි රෝග ලක්ෂණ අඩු කිරීම මෙන්ම සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන බවද  පෙන්වා දී ඇත.

  • ශාරීරික ක්‍රියාකාරකම්  මගින් ADHD  රෝගය ඇති අයගේ සමාජ කුසලතා , හැසිරීම් සහ විශේෂයෙන්ම ළමුන්ගේ හැසිරීම වැඩි දියුණු කරයි.  මනා ශ්‍රවණ අවධානයක් සමඟින්  අවධානය පවත්වා ගැනීමේ හැකියාව ශාරීරික ව්‍යායාම සමඟ  වැඩි දියුණු වේ.

 

ගිම්හාන් ශ්‍රීනායක.

සුපිපි දිනූකා.


References;

https://www.healthline.com/health/adhd

https://www.physio-pedia.com/Attention_Deficit_Disorders#cite_note-p4-6

9 views0 comments
bottom of page