top of page

Vertigo පිළිබද ඔබ දැනුවත් ද

Writer's picture: Wephysio MFCWephysio MFC

Vertigo යනු සමබරතාව නැති වීම හෝ කරකැවිල්ල ඇතිවීමයි.



Vertigo තත්ත්වය ඇතිවීමට හේතු

  • Benign paroxysmal positional vertigo (BPPV) - මෙය vertigo සදහා බලපාන ප්‍රධාන හේතුව වේ. ඇදේ පෙරලීම, වැතිර සිටීම, දිගා වී සිට හිද ගැනීම, නැමීම හෝ ඉහල බැලීම වැනි ඉරියව් මගින් කෙටි කාල පරාසයක් තුල පවත්නා vertigo තත්වය වැඩි විය හැක. BPPV හට ගන්නේ කුඩා කැල්සියම් අංශු අභ්‍යන්තර කණෙහි නාලිකාවල ගැටෙන විට වේ. අභ්‍යන්තර කණ ගුරුත්වාකර්ෂණයට සාපේක්ෂව හිස හා ශරීර චලනයන් පිළිබඳ ව සංඥා මොළයට යවයි. එය සමබරතාව පවත්වා ගැනීමට උපකාරී වේ.

Benign- තවදුරටත් රෝගයට හේතු නොවන

Paroxymal- තාවකාලික සහ එකවර හටගත්

Positional- දේහයේ ඉරියව් වෙනස් වීමට සම්බන්ධ

Vertigo- බමනය වන සේ වැරදි ලෙස සංවේදනය

  • Meniere’s disease - මෙය අභ්‍යන්තර කණෙහි ආබාධයක් වන අතර එය තරලය සෑදීම හා කණෙහි පීඩන වෙනස් වීම නිසා ඇති වේ.

  • අභ්‍යන්තර කණේ ආසාදන (Vestibular neuritis) - මෙම ආසාදනය මගින් ශරීරය අවට සමබරතාව සදහා උපකාර කරණ ස්නායු වටා අභ්‍යන්තර කණෙහි ප්‍රදාහය (Inflammation) ඇති කරයි.

  • හිසෙහි හෝ බෙල්ලේ තුවාල.

  • ආඝාතය හෝ tumor වැනි මොළයේ ගැටලු.

  • කණට හානි කරණ ඇතැම් ඖෂධ.

  • ඉරුවාරද හිසරදය.


රෝග ලක්ෂණ

  • බමනය වනවා සේ දැනීම (Spinning sensation).

  • කෙටි කාලයකට සීමා වේ.

  • ඉරියව් වෙනස් කිරීමේ දී ඇති වේ.

  • ඔක්කාරය.

  • පෙනීමේ බාධාවීම්.

  • ක්ලාන්ත ගතිය.

  • සමබරතාව නැති වීම - සිට ගෙන සිටීමට හෝ ඇවිදීමට අපහසු විය හැක.

  • වමනය වූ වද ඇති විය හැක.

Vertigo තත්වයක දී එහි රෝග ලක්ෂණ ඇති වීම අවම කර ගැනීමට කළ යුතු හා නො කළ යුතු දේවල්.

✅ කළ යුතු දේවල්


  • කරකැවෙන ගතිය අඩු කිරීම සදහා නිහඬ අඳුරු කාමරයක වැතිර සිටීම.

  • එදිනෙදා කටයුතු වල දී ඔබේ හිස ප්‍රවේසමෙන් හා සෙමින් චලනය කිරීම.

  • ඔබට කරකැවිල්ල දැනෙන විට වාඩි වී සිටීම.

  • ඔබ රාත්‍රියේ නැගිටිනවා නම් විදුලි පහන් ක්‍රියාත්මක කිරීම. ඔබට වැටීමේ අවදානමක් ඇත්නම් ඇවිදීමේ දී සැරයටියක් භාවිතා කිරීම.

  • කොට්ටා දෙකක් හෝ වැඩි ගණනක් මත හිස ඔසවා තබා නිදා ගැනීම.

  • ඇදෙන් නැගිටීමට පෙර ටික වේලාවක් ඇදෙහි වාඩි වී සිටීම.

  • සැහැල්ලුවෙන් (relax) සිටීමට උත්සාහ කිරීම.


❌ නො කළ යුතු දේවල්


  • බිම ඇති දේවල් ගැනීම සදහා එක වර නැමීමෙන් වැළකීම.

  • ඉහල ඇති රාක්කයකට ළඟා වීම වැනි අවස්ථාවක දී බෙල්ල ඇදීමකට(stretch) ලක් නොවීමට වග බලා ගැනීම.

භෞතචිකිත්සක ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් BPPV වලින් සුවය ලබා ගැනීම සදහා යොදා ගනු ලැබේ.



ශෂිනි පෙරේරා



References


  • https://www.webmd.com/brain/vertigo-symptoms-causes-treatment

  • https://www.nhs.uk/conditions/vertigo/

  • https://www.healthyhearing.com/help/tinnitus/bppv

Comments


bottom of page