top of page

Bell’s palsy

Vimukthi Chandula

Bell’s palsy යනු කුමක්ද?


Bell’s palsy යනු මුහුණේ මාංශ පේශි තාවකාලිකව දුර්වල වීම හෝ අංශභාගය ඇතිවීමේ රෝගී තත්ත්වයකි. ඔබේ මුහුණේ මාංශ පේශි පාලනය කරන ස්නායුවේ ප්‍රදාහ තත්ත්ව, ඉදිමීම හෝ සම්පීඩනයක් ඇති වූ විට එය සිදුවිය හැකිය.


මෙම තත්වය නිසා ඔබේ මුහුණේ එක් පැත්තක් පහතට එල්ලා වැටිමක් හෝ දැඩි ස්වාභාවයක් ගැනීමට ඉඩ ඇත. බලපෑමට ලක් වූ පැත්තේ සිනහ වීමට හෝ ඔබේ ඇස් වසා ගැනීමට ඔබට අපහසු විය හැකිය. බොහෝ අවස්ථාවලදී Bell’s palsy තාවකාලික වන අතර සාමාන්‍යයෙන් සති කිහිපයකට පසු රෝග ලක්‍ෂණ පහව යයි.


Bell’s palsy ඕනෑම වයසක දී සිදු විය හැකි වුවත්, වයස 16 ත් 60 ත් අතර පුද්ගලයින් අතර මෙම තත්ත්වය බහුලව දක්නට ලැබේ. Bell’s palsy නම් රෝගය නම් කෙරුණේ එම රෝගය ගැන මුලින්ම විස්තර කළ ස්කොට්ලන්ත ජාතික කායික විද්‍යාඥ චාල්ස් බෙල් විසිනි.





Bell’s palsy රෝග ලක්‍ෂණ මොනවාද?


Bell’s palsy හි රෝග ලක්‍ෂණ ඔබට සෙම්ප්‍රතිශ්‍යාව, කන ආසාදනය හෝ අක්ෂි ආසාදනය වීමෙන් සති එකක් හෝ දෙකක් තුළ වර්ධනය විය හැකිය. සාමාන්‍යයෙන් ඒවා ක්‍ෂණිකව දිස්වන අතර, උදෑසන අවදි වූ විට හෝ කෑමට හෝ බීමට උත්සාහ කරන විට ඒවා ඔබට දැක ගත හැකිය. Bell’s palsy සලකුනු වී ඇත්තේ මුහුණේ එක් පැත්තක පහතට වැටෙන පෙනුමක් සහ බලපෑමට ලක් වූ පැත්තේ ඔබේ ඇස විවෘත කිරීමට හෝ වසා ගැනීමට නොහැකි වීමෙනි. දුර්ලභ අවස්ථාවන්හිදී, Bell’s palsy ඔබේ මුහුණේ දෙපැත්තටම බලපායි.


Bell’s palsy පිළිබඳ වෙනත් සලකුණු සහ රෝග ලක්ෂණ


  • ️පාලනයකින් තොරව කටින් කෙල විසි වීම

  • ️කෑමට හා බීමට ඇති අපහසුව

  • ️සිනහ වීම හෝ නළල රැලි ගැසීම වැනි මුහුණේ ඉරියව් ඇති කිරීමට නොහැකි වීම

  • ️මුහුණේ දුර්වලතාවය

  • ️මුහුණේ මාංශ පේශි කැක්කුම

  • ️වියළි ඇස සහ මුඛය

  • ️හිසරදය

  • ️ශබ්දයට සංවේදීතාව


Bell’s palsy ඇතිවීමට හේතුව කුමක්ද?


Bell’s palsy සඳහා හේතුව තවමත් හරියාකාරව නොදනී. මුහුණේ ස්නායු පාලනය කිරීමේ චලනයට එරෙහිව ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කිරීම නිසා විය හැකි යැයි විශ්වාස කෙරේ.


Bell’s palsy සමහර විට පහත සඳහන් දෑ සමඟ සම්බන්ධ වේ.


  • දියවැඩියාව

  • අධි රුධිර පීඩනය

  • තුවාල

  • විෂ ශරීරගත වීම

  • Lyme රෝගය

  • Guillain-Barré සින්ඩ්‍රෝමය

  • Sarcoidosis

  • Myasthenia gravis

  • Multiple sclerosis

  • ආසාදනය, විශේෂයෙන් Herpes simplex වෛරසය සමඟ වෛරස් ආසාදනය වීමෙන් පසුව (මුඛයේ ඇති සෙම්ප්‍රතිශ්‍යාවට සම්බන්ධ වෛරසයක්)


Bell’s palsy නිසා ඇති විය හැකි සංකූලතා මොනවාද?


️Bell’s palsy ඇති බොහෝ පුද්ගලයින් කිසිදු සංකූලතාවයකින් තොරව සම්පූර්ණයෙන්ම සුවය ලබයි. කෙසේ වෙතත්, Bell’s palsy වඩාත් දරුණු අවස්ථාවලදී පහත සංකූලතා ඇති විය හැක.


  • ️කපාල ස්නායු වලට හානි විය හැකියි. මෙම ස්නායුව ඔබේ මුහුණේ මාංශ පේශි පාලනය කරයි.

  • ️ඔබේ ඇසේ අධික වියලි බවක් පැවතිය හැකි අතර එමඟින් ඇසේ ආසාදන, වණ හෝ අන්ධභාවයට පවා පත් විය හැක.

  • ️ඔබේ ශරීරයේ එක් කොටසක් චලනය වීමෙන් තවත් කොටසක් පාලනයකින් තොරව චලනය වීමට හේතු වන synkinesis රෝගය ඔබට ඇති විය හැක. උදාහරණයක් වශයෙන්, ඔබ සිනාසෙන විට ඔබේ ඇස වැසීමට ඉඩ ඇත.


Bell’s palsy රෝගයට ප්‍රතිකාර කරන්නේ කෙසේද?


ඖෂධ

  • දැවිල්ල අඩු කරන කෝටිකොස්ටෙරොයිඩ් ඖෂධ

  • වෛරස් හෝ බැක්ටීරියා Bell’s palsy ඇති කළහොත් නියම කළ හැකි ප්‍රතිවෛරස් හෝ ප්‍රතිබැක්ටීරීය ඖෂධ

  • මෘදු වේදනාව සමනය කළ හැකි ibuprofen හෝ acetaminophen වැනි වේදනා නාශක ඖෂධ,

  • අක්ෂි ඖෂධ


නිවසේදී සිදු කළ හැකි ප්‍රතිකාර


  • වේදනාව සමනය කිරීම සඳහා ඔබේ මුහුණ මත උණුසුම්, තෙතමනය සහිත තුවායක් තැබීම.

  • මුහුණ සම්බාහනය

  • ඔබේ මුහුණේ මාංශ පේශි උත්තේජනය කිරීම සඳහා භෞතචිකිත්සක අභ්‍යාස සිදු කිරීම.

References

https://www.mayoclinic.org/diseases-conditions/bells-palsy/symptoms-causes/syc-20370028

https://www.healthline.com/health/bells-palsy

https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/bells-palsy

යුගාන් මලීෂ

4 views0 comments

Comments


bottom of page