top of page

Cholecystitis

Vimukthi Chandula

Cholecystitis යනු පිත්තාශයේ ඇතිවන ආසාත්මික තත්ත්වයකි. පිත, පිත්තාශයේ සිරවීමට ලක්වීම හේතුවෙන් Cholecystitis ඇති වේ. සාමාන්‍යයෙන් පිත පිත්තාශයෙන් පිටතට ගොස් කුඩා අන්ත්‍රය තුළට ගලා යයි. පිත්තාශය අවහිර වී ඇත්නම් එය පිත්තාශය තුළ තැන්පත් වේ. මෙය පිත්තාශයේ දැවිල්ල ඇති කරන අතර ආසාදනය වීමටද හේතු වේ. Cholecystitis උග්‍ර හෝ නිදන්ගත තත්ත්වයක් විය හැකිය.




Cholecystitis සඳහා හේතුවන ප්‍රධානම සාධකය පිත්තාශයේ ගල් ඇතිවීමයි. පිත්තාශයේ ඇති ගල් මගින් පිත්ත නාලය අවහිරවී පිත ඉවතට ගලා යාමට බාධා කිරීම මෙම ආසාත්මිකතාවයට මග පාදයි.

මිට අමතරව,


  • පිත්ත නාලය අවහිර කරන පිළිකාමය ගැටිති

  • ආසාදන

  • පිත්ත නාලයේ අවහිර වීම් .

  • පිත්තාශයට රුධිරය සපයන රුධිර නාල වල අක්‍රමිකතා Cholecystitis වලට හේතු වේ.

රෝග ලක්ෂණ


  • ️ ඉහල දකුණු පස සහ මධ්‍ය උදර ප්‍රදේශවල දැඩි වේදනාව

  • ️ දකුණු උරහිසට හා කොන්දට විහිදෙන වේදනාව

  • ️ ස්පර්ශ කරන විට උදරය මෘදු බවක් දැනීම

  • ️ ඔක්කාරය

  • ️ වමනය

  • ️ උණ

  • ️ සම සහ ඇස් කහ වීම

Cholecystitis සමග බැදුනු අවදානම් තත්වයන්


  • පිත්තාශයේ ආසාදන :-

පිත්තාශය තුල සිරවුණු පිත බැක්ටීරියා ආසාදනවලට ලක්වීම.

  • පිත්තාශයේ පටක මියයාම :-

නිසි ප්‍රතිකාර නොකිරීම නිසා පිත්තාශයේ පටක මියයාමට ලක්විය හැක.

  • පිත්තාශයේ ඇතිවන පළුදුවීම් හා පිපිරීම්

  • අක්මාව හා සම්බන්ධ පිත්තාශයේ නාල තුවාල වීම

  • අග්න්‍යාශයේ ආසාදනය හා ප්‍රදාහ තත්ත්වයන්

  • උදරයේ ශ්ලේෂ්මලකය ආසාදනය වීම හා ප්‍රදාහ තත්ත්වයන්

පිත්තාශය ඉවත් නොකළහොත් Cholecystitis රෝග තත්වය උත්සන්න වන අතර එය දිගු කාලීන (නිදන්ගත) තත්ත්ව දක්වා වර්ධනය විය හැකිය. නිදන්ගත Cholecystitis, රෝග ලක්‍ෂණ ඇති නොකරයි. නමුත් එමඟින් පිත්තාශයේ බිත්ති වල පළුදුවීම් හා පිපිරීම් ඇති වී හානි විය හැකිය.එවිට පිත්තාශය කුඩා වීමට පටන් ගන්නා අතර කාලයත් සමග පිත ගබඩා කර මුදා හැරීමට ඇති හැකියාව අඩුවේ.

Cholecystitis වලක්වා ගන්නේ කෙසේද ;


  • මේදය හා කොලෙස්ටරෝල් අඩු, සමබල ආහාර වේලක් ගැනීම.

  • දේහ බර නිසි පරාසයක පවත්වා ගැනීම.

  • දේහ බර අඩු කරගැනීමට අවශ්‍ය නම් එය ක්‍රමානුකුලව සෙමින් සිදුකිරීම.

  • නිතිපතා ව්‍යායාම කිරීම

භෞතචිකිත්සක කළමනාකරණය

ව්‍යායාම වැඩසටහන් සකස් කිරීමෙන් භෞතචිකිත්සකවේදියෙකුට මේ සදහා උපකාර කළ හැකිය. ආන්ත්‍රික චලනයන් නැවත ඇති කිරීමට ව්‍යායාම උපකාරී වන බැවින් පිත්තාශය ඉවත් කිරීමේ ශල්‍යකර්මයෙන් පසු හැකි ඉක්මනින් රෝගියාගේ ප්‍රගතිශීලී චලනයන් සහ සංචලනයන් ආරම්භ කිරීම භෞතචිකිත්සකවේදියෙක් මනාව සිදු කරයි.

References

· https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/cholecystitis

· https://www.mayoclinic.org/diseases-conditions/cholecystitis/symptoms-causes/syc-20364867

· http://emedicine.medscape.com/article/171886-overview


ධරණි ගුණවර්ධන

ඔමල් සේනානායක

4 views0 comments

Comments


bottom of page