top of page

අශ්වාරෝහක ක්‍රීඩාවේ සුලභ අනතුරු

Vimukthi Chandula

අශ්වාරෝහක ක්‍රීඩාව ප්‍රසිද්ධ සහ අවදානම් සහිත ක්‍රීඩාවකි. Dressage, show jumping සහ eventing තුරඟ ක්‍රීඩාවේ ලොව පුරා පිළිගත් තරඟකාරී ආකාර වන අතර එය ඔලිම්පික් උළෙලේ තුරඟ තරඟ ඉසව්වේ කොටසක්ද වේ.


ආරම්භ කරන විට බොහෝ තුරඟ ධාවකයින් එක් එක් ආකාරය උත්සාහ කරන අතර පසුව තම හැකියාවන් මත තුරඟ ක්‍රීඩාවේ තමාට සුවිශේෂී අංගයන් මත පදනම් වී විශේෂඥතාවයන් ලබා ගනී. මෙය අශ්වයා සහ අසරුවා අතර සුසංයෝගයක් වන අතර එයින් අදහස් කරන්නේ තෝරාගත් ක්‍රීඩාවේදී දස්කම් දැක්වීමේ හැකියාව අශ්වයාට තිබිය යුතු බවයි. සන්ධි වල දෘඪ බව හෝ කුඩා වේදනාවක් පවා අසරුවාගේ සමබරතාවයට බලපාන බැවින් අශ්වාරෝහකයන් නිසි පිළියම් ගැනීම ඉතා වැදගත් ය.




තුරඟ ධාවක ක්‍රීඩාව පූර්ණ ශරීර ක්‍රියාකාරිත්වයක් අවශ්‍ය වන ක්‍රීඩාවක් හෙයින් විවිධ අනතුරු සහ ආබාධ සිදු වීමේ අවදානමක් ඇත. ප්‍රධාන වශයෙන් සිදුවිය හැකි ආබාධ වර්ග දෙකකි.


1) Overload injuries


මෙම ආබාධ තත්ත්වය එකම කාර්ය නිරන්තරයෙන් පුනරාවර්තීයව සිදු කිරීම හේතුවෙන් හටගන්නා අතර ඒ සඳහා භෞතචිකිත්සක නිලධාරීයෙක් හමුවීම වැදගත් වේ. එමඟින් ආබාධ තත්ත්වය හඳුනාගෙන නිසි ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි අතර ඒ සඳහා බලපාන හේතුවද සොයා බැලිය හැක. එවන් සමහර පොදු ගැටළු නම්,

  • තෝන් ලණු ග්‍රහණය හා රඳවා සිටීම නිසා ඇතිවන මැණික් කටුව සහ උරහිස් වේදනාව ( Carpal tunnel syndrome, rotator cuff tendinopathy )

  • අධික බර ඉසිලීම සහ පුනරාවර්තී චලන හේතුවෙන් ඇතිවන කොන්දේ වේදනාව, ගෙල ප්‍රදේශයේ වේදනාව සහ උරහිස් වේදනාව

  • පාපටි පැළඳීම සහ එමඟින් ස්ථාවරත්වය පවත්වා ගැනීම නිසා ඇතිවන දණහිස් සහ විලුඹ වේදනාව

  • හිසරදය


2) Acute injuries


මෙම ආබාධ තත්ත්වය කරුණු කීපයක් නිසා සිදු වේ. සුලභවම බලපාන කරුණු වනුයේ,


  • අශ්වයා සිදුකරන ක්ෂනික නැවතීම නිසා ගෙල ප්‍රදේශයේ ඇතිවන whiplash ආබාධ තත්ත්වය

  • අශ්වයා වෙනතක දිව යාම සහ තෝන් ලණු ඇදීමට ලක්වීම නිසා ගෙල ප්‍රදේශයේ සහ උරහිස් මාංශ පේශී වලට හානි සිදුවීම

  • ඇද වැටීම- අශ්වයා පිට පැනීම හේතුවෙන් කොන්ද ප්‍රදේශය, උරහිස සහ මැණික් කටු ප්‍රදේශ වලට හානි සිදුවිය හැකි අතර ඇතැම් විට සන්ධි විස්ථාපනය වීම, කම්පනය, අස්ථි බිඳීයාම සහ මෘදු පටක වලට හානි වීම වැනි වඩාත් බරපතල තත්ත්වයන් ඇතිවිය හැක.

  • පාපහර හෝ සපා කෑමට ලක්වීම.


මෙම ආබාධ තත්ත්වයන් වළක්වා ගන්නේ කෙසේද?


  • සිරුර උණුසුම් කිරීමේ ව්‍යායාම(Warm up) - එමඟින් හෘද ස්පන්දනය වේගවත් කර රුධිර සංසරණය වැඩි කරයි. මෙම ව්‍යායාම වලින් පසු මිනිත්තු කිහිපයක් නම්‍යතාව පවත්වාගැනීමේ ව්‍යායාම (Stretches)වල නියැලෙන්න.

  • ශරීර සෞඛ්‍යය පිළිබඳ සැලකිලිමත් බව - ක්‍රීඩාවේ නියැලීමෙන් පසු සිරුර සිසිල් කිරීමේ (Cool down)ව්‍යායාම වල නියැලීම.

  • හිස් ආවරණ සහ ශරීර ආරක්ෂක වැනි නිසි ආරක්ෂක උපකරණ පැළඳීම.

  • අශ්වයන් අනපේක්ෂිත බැවින් නිරන්තර අවධානයෙන් සිටීම. මෙමඟින් බොහෝ අනතුරු වලක්වා ගත හැක.

  • අශ්වයා මත සිටින විට නිසි පරිදි පාපටි පැළඳීම

අශ්වයා මත සිටින විට අසරුවා අපහසුතාවයට පත්වීමට හේතු


  • ඕනෑම සන්ධි වේදනාවක් හෝ මාංශ පේශී තදවීමක් අශ්වයා මත අසුන් ගෙන සිටින ආකාරයට බලපායි.

  • කොන්ද ප්‍රදේශයේ වේදනාව සහ දුර්වල වූ ගැඹුරු උදරීය මාංශ පේශී ධාවනයේදී සමබරතාවයට බලපෑම් කරයි.

අශ්වාරෝහක ක්‍රීඩාවේදී භෞතචිකිත්සාව කෙතරම් දුරට වැදගත් ද?


භෞතචිකිත්සාව ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට, තුවාල වළක්වා ගැනීමට සහ සචලතාව සහ නම්‍යශීලී බව වැඩි කිරීමට උපකාරී වේ. භෞතචිකිත්සාව ශල්‍යකර්මයකින් පසු හෝ ආබාධිත තත්ත්වයන් පුනුරුත්ථාපනය සඳහා උපකාරී වේ. ධාවනයේදී කොන්ද පිටුපස වේදනාව හෝ දුර්වල මාංශ පේශි ධාවකයාගේ සමබරතාවයට බලපායි. අශ්වයාගේ සමබරතාවය නැති යැයි උපකල්පනය කිරීමට පෙර සැම විටම අසරුවාගේ පිහිටීම සහ බර බෙදා හැරීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය.


ඇතැම්විට අශ්වයා මත නිවැරදි පිහිටීම නොමැති වීමට සමහර ව්‍යුහයන් තදවීම හෝ දුර්වල වීම හේතු විය හැකිය. භෞතචිකිත්සකවරයකු විසින් සිදුකරන වෘත්තීයමය තක්සේරුවක් මඟින් ඔබට ඔබේ රෝග ලක්‍ෂණ ඇති කරන්නේ කුමන ව්‍යුහයන්ද යන්න තහවුරු කර ගැනීම සහ ඒ සඳහා පිලියම් කිරීමට සැලැස්මක් සකස් කිරීමට උපකාරී වනු ඇත.


References:-

https://www.physiosteps.co.nz/physio-for-common-equestrian-injuries/

https://www.physio.uk.net/horseriding.html


යශෝධා මධුරංගි

6 views0 comments

Comentários


bottom of page