top of page

COVID-19 පැතිර යාමේදී ඇදුම රෝගය උත්සන්නවීම පාලනය කරගනිමු.

Writer's picture: Wephysio MFCWephysio MFC

වයස, ස්ත්‍රී පුරුෂභාවය ආදී කරුණු වලින් තොරව COVID-19 සියලු පුද්ගලයන්හට ආසාදනය වේ. නමුත් දැනට පවතින වාර්තා වලට අනුව දියවැඩියාව, ඇදුම, හෘද රෝග ආදී නිදන්ගත රෝග සහිත පුද්ගලයන්හට COVID-19 වැළදීමේ අවදානම ඉහල බව වාර්තා වේ. ඇදුම මගින් හුස්ම ගැනීමේ අපහසුතාවය ඇති කරන අතර කැස්ස සහ හුස්ම හිරවීමේ තත්වයන් උත්සන්න කරවයි. ඇතැමුන්ට ඇදුම එතරම් බාධා ඇති නොකරන අතර අනෙකුත් පුද්ගලයන්හට ඇදුම මරණයට පවා හේතු වේ. මධ්‍යස්ථ හා දරුණු ඇදුම තත්ව ඇති පුද්ගලයින්ට COVID-19 වැළදීමේ වැඩි අවදානමක් ඇත. COVID-19 ඔබගේ ශ්වසන මාර්ගයට (නාසය, උගුර, පෙනහලු) ආසාදනය වීමෙන් ඇදුම රෝගය උත්සන්න විය හැකි අතර නියුමෝනියාව සහ උග්‍ර ශ්වසන රෝග වලටද හේතු විය හැකිය. එබැවින් අප මෙහිදී ඇදුම රෝගය පාලනය කිරීම පිලිබදව තොරතුරු ගෙන එන අතර එය ඔබට මනා පිටිවහලක් වනු ඇතැයි අප විශ්වාස කරන්නෙමු.


මධ්‍යස්ථ හා දරුණු ඇදුම තත්ව ඇති පුද්ගලයින්ට COVID-19 වැළදීමේ වැඩි අවදානමක් ඇත.එබැවින් COVID-19 පැතිර යාමේදී ඇදුම රෝගයේ රෝගී ලක්ෂණ උත්සන්න වීමේ අවදානම අවම කළ හැකි පූර්වාරක්ෂක ක්‍රියාමාර්ගයන් ඔබ දැනගැනීම වඩා වැදගත් වේ.



1. ඔබේ ඉන්හේලර් ඇතුළු වර්තමානයේ ඔබ ගන්නා ඖෂධ නිර්දේශ කළ පරිදි පවත්වාගෙන යන්න.

2. ඔබේ වෛද්‍යවරයගේ උපදෙස් වලින් තොරව ඔබගේ ඖෂධ නැවැත්වීම හෝ වෙනස් කිරීම නොකරන්න.

3. ඔබට නිවසේ දීර්ඝ කාලයක් රැඳී සිටීමට සිදුවිය හැකි බැවින් දින 30 ක කාලයක් සදහා ප්‍රමානවත් ඖෂධ ඔබ සතුව ඇති බවට වග බලා ගන්න.

4. ඔබගේ ඇදුම තත්වය උත්සන්න කරවන දූවිලි, පරාග ආදියෙන් වළකින්න.

5. මානසික ආතතිය මගින් ඇදුම උත්සන්න විය හැක. එබැවින් ඔබ මානසික ආතතිය සමඟ සාර්ථකව කටයුතු කිරීමට පියවර ගත යුතුය.


6. ඔබ සහ ඔබේ පවුලේ අය නිතර ස්පර්ශ කරන දෑ පිරිසිදු කර විෂබීජහරණය කරන්න. හැකි නම්, ඇදුම නොමැති අයෙකු විසින් පිරිසිදු කිරීම හා විෂබීජහරණය සිදුකරන්න. එහිදී,


  • ඇදුම රෝගයට හේතු විය හැකි විෂබීජ නාශක භාවිතය අවම කරන්න

  • ජනෙල් හෝ දොරවල් විවෘත කර ඇතුළත ඇති වාතය එළිමහනට හමායන පරිදි විදුලි පංකාවක් ක්‍රියාත්මක කරන්න

  • දුරකථන, රූපවාහිනී දුරස්ථපාලකයන්, මේස, දොර අගුලු වැනි දෑ පිරිසිදු කර විෂබීජහරණය කරන්න.

  • විශබීජනාශක නිෂ්පාදිතය කෙලින්ම පිරිසිදු කිරීමේ මතුපිටට ඉසීම වෙනුවට එම දියරය හෝ. ඉසිනය පිරිසිදු කිරීමේ. රෙදි කඩක් මතට ඉසින්න හෝ වත්කරගන්න.


නමුත් ඔබ ඖෂධ ලබා ගැනීමෙන් අනතුරුවද ඔබගේ ඇදුම රෝගී ලක්ෂණ ඉක්මනින් උග්‍ර තත්වයට පත්වන්නේ නම්, 1990ට ඇමතීම හෝ වහාම ඔබගේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.


ඇදුම රෝගය උත්සන්න වුවහොත් පහත පියවර අනුගමනය කරන්න

◾ 1990 අමතන්න.


◾ හැකි නම් පුද්ගලයාගේ ඇදුම සැලැස්ම අනුගමනය කරන්න.


◾ ඇදුම ප්‍රථමාධාර ලබා දෙන්න (පුද්ගලයාට ඇදුම සැලැස්මක් නොමැති නම්).


  • පුද්ගලයා කෙළින් හිදුවා තද ඇඳුම් ලිහිල් කරන්න.

  • පුද්ගලයාට ඉන්හේලර් වැනි ඇදුම ඖෂධ තිබේ නම් එය භාවිතා කිරීමට සහාය වන්න.

  • පුද්ගලයාට ආශ්වාස කරන්නෙකු නොමැති නම්, ප්‍රථමාධාර කට්ටලයකින් එකක් භාවිතා කරන්න. වෙනත් කෙනෙකුගෙන් ඉන්හේලර් ගන්න එපා. එහි ඇති ඖෂධය මෙම පුද්ගලයාට අවශ්‍ය ඖෂධයට වඩා වෙනස් විය හැකිය. එසේම, වෙනත් කෙනෙකුගේ ඉන්හේලර් භාවිතා කිරීමෙන් ආසාදනයක් ඇතිවීමේ අවදානමක් ඇත.



දිල්කි ක්‍යොරා



References


  • https://www.cdc.gov/coronavirus/2019-ncov/need-extra-precautions/asthma.html

  • https://www.webmd.com/first-aid/asthma-treatment

Yorumlar


bottom of page