COVID 19 වසංගත සමයේදී ගර්භනී මවුවරුන්ගේ සෞඛ්‍යය යහපත් ලෙස පවත්වාගමු
- Wephysio MFC
- Jul 19, 2020
- 1 min read
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, ගර්භනී මව්වරුන්ට COVID-19 රෝගය වැළඳීමට සාමාන්‍ය ජනතාවට වඩා වැඩි ඉඩක් තිබේද යන්න හෝ ඔවුන් බරපතල රෝගාබාධවලට ගොදුරු වීමේ වැඩි අවදානමක් තිබේද යන්න ඔප්පු කිරීමට දැනට කිසිදු සාක්ෂියක් නොමැත. පවතින තොරතුරු මත පදනම්ව, ගර්භනී කාන්තාවන්ටද වැඩිහිටි පුද්ගලයන්ට මෙන්ම සමාන අවදානමක් ඇති බව පෙනේ.
කෙසේ වෙතත්, ඔවුන්ගේ ශරීරයේ හා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්වීම් හේතුවෙන් ගර්භනී කාන්තාවන්ට ශ්වසන ආසාදනවලින් අහිතකර ලෙස බලපැම් ඇති කිරීමේ හැකියාවක් පවතී. ගර්භනී කාන්තාවන් රෝගවලින් ආරක්ෂා වීම සැමවිටම වැදගත් වේ.
ගර්භණී සමයේදී මවගෙන් දරුවාට කොරෝනා වයිරස් සම්ප්‍රේෂණය වීමට හැකියාවක් නොමැත. නමුත් උපතින් පසු අලුත උපන් බිළිඳාට පුද්ගලයාගෙන් පුද්ගලයාට ආකාරයට වෛරසය පැතිරීමට ඉඩ ඇත. ගර්භණී සමයේදී නිරෝගී ජීවිතයක් ගත කිරීම සඳහා සෑම විටම නිසි මාර්ගෝපදේශ අනුගමනය කරන්න.

දරු ප්රසූතියෙන් පසු, දරුවාගේ ආරක්ෂාව ඉතා වැදගත් වේ. එමනිසා, නිසි ශ්වසන සනීපාරක්ෂාව සහ දරුවා ස්පර්ශ කිරීමට පෙර හා පසු නිවැරැදි ලෙස අත් සේදීම සැමවිටම මතක තබා ගන්න.
ඔබට කිසියම් ගැටළුවක් ඇත්නම් හැකි ඉක්මනින් ඔබ වෛද්‍ය උපදෙස් ලබාගන්න (1390 අමතන්න).
කවිශ්ක අංජන
References
https://www.who.int/news-room/q-a-detail/q-a-on-covid-19-pregnancy-childbirth-and-breastfeeding
Comentarios