top of page

ඔබ පාලනයකින් තොරව මුත්‍රා පිට වීම (Urinary Incontinence - UI) ගැන දන්නවාද ?

මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය දුබලතා හේතුවෙන් පාලනයකින් තොරව අහම්බෙන් මුත්‍රා පිට වීම සිදුවේ. එය බොහෝ විට සුව කළ හැකිය.


ශරීරයේ මුත්‍රා මුත්‍රාශයේ ගබඩා කිරීම සිදු වේ. මුත්‍රා කිරීමේදී මුත්‍රාශයේ මාංශ පේශි සංකෝචනය වී මුත්‍රා මුත්‍රමාර්ගයට ගෙන යයි. ඒ සමගම, මුත්‍රමාර්ගය අවට ඇති මාංශ පේශි ලිහිල් වන අතර මුත්‍රා ශරීරයෙන් පිටවීම සිදුවේ. මුත්‍රාශයේ හා අවට මාංශ පේශි නිසි පරිදි ක්‍රියා නොකරන විට. අහඹු ලෙස, නිසි ක්‍රියාකාරිත්වයෙන් තොරව මාංශ පේශි ලිහිල් වේ, එවිට මුත්‍රා කාන්දු විය හැකිය.


මෙම තත්වයන් වැඩිහිටි පුද්ගලයින් තුළ හා විශේෂයෙන් කාන්තාවන් තුළ සුලභ වේ. ගර්භණීභාවය, දරු ප්‍රසූතිය හා ආර්තවහරණය වැනි සුවිශේෂී සෞඛ්‍ය සිදුවීම් නිසා කාන්තාවන්ගේ මුත්‍ර මාර්ගයට හා අවට මාංශ පේශිවලට බලපෑමක් සිදු වේ. මුත්‍රාශය, මුත්‍රමාර්ගය, ගර්භාෂය සහ බඩවැල් වලට සහාය වන ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි දුර්වල හෝ හානි විය හැකිය. මුත්‍රා පිටවීමට සහාය වන මාංශ පේශි දුර්වල වූ විට, ඔබ මුත්‍රා කිරීමට සූදානම් වන තෙක් මුත්‍රා වල මාංශ පේශි වඩාත් වෙහෙස මහන්සි වී වැඩ කළ යුතුය. මුත්‍රාශයේ සහ මුත්‍රමාර්ගයේ ඇති මෙම අමතර ආතතිය හෝ පීඩනය මුත්‍රා පිටවීම හෝ කාන්දු වීම ඇති කරයි. එසේම, ගැහැණු මුත්‍ර මාර්ගය පුරුෂ මුත්‍ර මාර්ගයට වඩා කෙටි වේ. කාන්තාවකගේ මුත්‍ර මාර්ගය සිදුවන ඕනෑම දුර්වලතාවයක් හෝ හානියක් මුත්‍රා පාලනයකින් තොරව පිටවීමට වැඩි ඉඩක් ඇත.



UI කාණ්ඩ 4ක් යටතේ වර්ග කරනු ලැබේ


  1. ආතතිය අපහසුතාව (stress incontinence)

  2. හදිසි අපහසුතාව (urge incontinence)

  3. පිටාර ගැලීම (overflow incontinence)

  4. ක්‍රියාකාරී අපහසුතාව (functional incontinence)


ආතතිය අපහසුතාව (stress incontinence)

මුත්‍රාශයට ඉහළ පීඩනය යෙදෙන විට මුත්‍රා කාන්දු වීම සිදුවේ. ව්‍යායාම අතරතුර, කැස්ස, කිවිසුම් යාම, සිනාසීම හෝ බර වස්තූන් එසවීම යන අවස්ථා වලදී බොහෝ විට මෙම තත්වය ඇති වේ. තරුණ හා මැදිවියේ කාන්තාවන් අතර වඩාත් සුලභ වේ. මෙය තව දුරටත් කාණ්ඩ 4ක් යටතේ වර්ග කරයි. එහිදී,


Grade 0 - මූත්‍රා පිට වීමක් පාලනයකින් තොරව සිදු නොවේ.

Grade 1 - සිට ගෙන සිටින විට මුත්‍රා බිඳිති ලෙස පිට වීම සිදුවේ.

Grade 2 - සිට ගෙන සිටින විට මුත්‍රා ගලා යාම පාලනයකින් තොරව සිදු වේ.

Grade 3 - හාන්සි වී සිටින විට මුත්‍රා ගලා යාම පාලනයකින් තොරව සිදු වේ.


හදිසි අපහසුතාව (stress incontinence)

මුත්‍රා කිරීමට අවශ්‍ය වූ විට මුත්‍රා කාන්දු වන අතර වැසිකිළියට යාමට තරම් කාලයක් මුත්‍රා රඳවා තබා ගත නොහැකිවේ. දියවැඩියාව ඇති පුද්ගලයින් අතර බහුලව දක්නට ලැබේ.


පිටාර ගැලීම (overflow incontinence)

සෑම විටම පිරී ඇති මුත්‍රාශයේ සිට මුත්‍රා කුඩා ප්‍රමාණයක් කාන්දු වේ. දියවැඩියාව, සුෂුම්නා ආබාධිත , පුරස්ථි ග්‍රන්ථි විශාල වීම නිසා මුත්‍රා මාර්ගය අවහිර වීම් සහිත පුද්ගලයන් තුල මේ තත්වය සුලබ වේ.


ක්‍රියාකාරී අපහසුතාව (overflow incontinence)

මුත්‍රාශයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය ඇති වයස්ගත පුද්ගලයින් තුළ බොහෝ විට දක්නට ලැබේ. ඉක්මනින් ගමන් කිරීමට අපහසු නිසා ඔවුන්ට වැසිකිළියට යෑමට ගතවන කාලය වැඩි වීම නිසා මෙහිදී ගැටලුව ඇතිවේ.



UI සඳහා හේතු


  • මුත්‍ර මාර්ගය, යෝනි මාර්ගය ආසාදන තත්වයන්

  • මලබද්ධය

  • මුත්‍රාශයේ මාංශ පේශි දුර්වල වීම හෝ අධි ක්‍රියාකාරී

  • ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි දුර්වල වීම ගර්භනීභාවයෙන් පසු, දරු උපත් වලින් පසු, ආර්තවහරණය අවධියේ සුලබයි.

  • මුත්‍රාශයේ ක්‍රියාකාරිත්වය පාලනය කරන ස්නායුවට හානි වීම

  • ශ්‍රෝණි අවයව බාහිරට ප්‍රසාරණය වේ

  • පිරිමින් තුළ පුරස්ථි ග්‍රන්ථිය විශාල වී මුත්‍රා මාර්ගය අවහිර වීම


UI රෝග විනිශ්චය සහ ප්‍රතිකාර කිරීම


ඔබට සුදුසු ප්‍රතිකාර ක්‍රමය ඔබේ රෝගී තත්ත්වය මත තීරණය කරනු ලැබේ. මේ සඳහා පොදු ප්‍රතිකාර ක්‍රම කිහිපයක් නම්,


  • ශ්‍රෝණි මාංශ පේශි ව්‍යායාම (Pelvic muscle exercises)

  • Bio feedback

  • Time voiding

  • ජීවන රටාව වෙනස් කිරීම


UI ඇති වීමේ අවදානම අවම කර ගත හැකි හොඳම ක්‍රමය ඔබේ මුත්‍රාශය නිරෝගීව තබා ගැනීම.


ඔබේ මුත්‍රාශය නිරෝගීව තබා ගැනීමට මෙම ක්‍රම 13 අනුගමනය කරන්න


  • ප්‍රමාණවත් තරම් තරල, විශේෂයෙන් ජලය පානය කරන්න. (සාමාන්‍ය සෞඛ්‍ය සම්පන්න වැඩිහිටියෙකුට සෑම දිනකම දියර වීදුරු 6-8 පානය කිරීමට නිර්දේශිතයි)

  • මත්පැන් සහ කැෆේන් සීමා කරන්න. උදා: කෝපි, තේ, චොකලට්, බොහෝ ලවණ

  • දුම්පානය නතර කරන්න

  • මල බද්ධය සුව කර ගැනීම හෝ පාලනය කර ගත යුතුය

  • නිරෝගී බරක් තබා ගන්න

  • නිතිපතා ව්‍යායාම කරන්න

  • ශ්‍රෝණි තට්ටුවේ මාංශ පේශි ව්‍යායාම කරන්න

  • අවශ්‍ය වූ විට නිතරම නිතරම මුත්‍රා පිට කරන්න -අවම වශයෙන් සෑම පැය 3 ත් 4 ත් අතර කාලයක් මුත්‍රා කිරීමට උත්සාහ කරන්න.

  • මුත්‍රා කිරීමේදී මුත්‍රාශය සම්පූර්ණයෙන්ම හිස් කිරීමට ප්‍රමාණවත් කාලයක් ගන්න

  • මුත්‍රා කිරීමේදී සැහැල්ලුවෙන් සිටින්න

  • වැසිකිළිය භාවිතා කිරීමෙන් පසු ලිංගික ප්‍රදේශයේ ඉදිරිපස සිට පසුපසට පිස දමන්න

  • ලිංගිකව හැසිරීමෙන් පසු මුත්‍රා කරන්න

  • කපු යට ඇඳුම් සහ ලිහිල් ඇඳුම් ඇඳීම සිදු කරන්න.



ප්‍රසාදි අමරසේකර



References


  • https://www.nia.nih.gov/health/urinary-incontinence-older-adults

  • https://www.womenshealth.gov/a-z-topics/urinary-incontinence

bottom of page