top of page

පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය (Computer vision syndrome) යනු කුමක්ද?


පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය යනු අක්ෂි හා දෘෂ්ටිය සම්බන්ධ ගැටළු වල එකතුවක් වන අතර එය දිගුකාලීනව ඩිජිටල් තිර භාවිතය නිසා ඇති වෙයි. (පරිගණක, ටැබ්ලටය, ස්මාර්ට් ජංගම දුරකථනය). එය ඩිජිටල් අක්ෂි විඩාව (Digital eye strain) ලෙසද හැඳින්වේ.


අවදානම් සාධක


  • ඉහළ දෘශ්‍ය ඉල්ලුමක් (Visual demand) තිබීම.


Digital තිරයක් දෙස බැලීම, මුද්‍රිත තිරයක් දෙස බැලීමට වඩා අපහසුය. එනම්, එහිදී ඉහළ දෘශ්‍ය ඉල්ලුමක් ඇතිවන අතර ඇස් විඩාවට පත් කරයි.


  • ඩිජිටල් තිරයේ රූපයක මායිම සාමාන්‍යයෙන් ඉතා තියුණු නොවන අතර එම නිසා එය රූපයේ විභේදනය (Resolution) අඩු කිරීම.

එමගින් රූපයේ ගුණාත්මක භාවය අඩු කර නරඹන්නාගේ දෘෂ්ටි ඉල්ලුම වැඩි කරයි.


  • පරස්පරතා මට්ටම (Contrast level) අඩු වීම.


තිරය මත ආලෝකය දීප්තිමත් වීම (Glare) සහ පරාවර්තනය වීම.


  • ඇස් යමක් දෙස යොමු කිරීම (Eye focusing) සහ ඇස් චලනය කිරීමේ අවශ්‍යතා (Eye movement requirements) පරිගණක නැරඹීමේ දී ඉහළ වීම.


  • නිවැරදි නොකළ සහ නිවැරදි කරමින් පවතින දෘෂ්ටි ගැටළු තිබීම.


  • සෑම දිනකම පරිගණක හෝ ඩිජිටල් තිර උපාංගයක අඛණ්ඩව පැය දෙකක් හෝ වැඩි කාලයක් ගත කරන පුද්ගලයින්.



රෝග ලක්ෂණ


  • අක්ෂි විඩාව (strain)

  • හිසරදය

  • බොඳවී පෙනීම

  • වියළි ඇස්

  • බෙල්ලේ විඩාව (strain)


මෙම රෝග ලක්ෂණ සදහා හේතු,

  • අලෝකය අඩු වීම.

  • ඩිජිටල් තිරයේ අධික දීප්තිමත් බව.

  • ඩිජිටල් තිරය හා නරඹන්නා අතර දුර වැඩි වීම.

  • වැරදි ඉඳගැනිමේ ඉරියව්.

  • නිවැරදි නොකල දෘෂ්ටි රෝග.


මෙම රෝග ලක්ෂණ ඔවුන්ගේ දෘශ්‍ය හැකියාවන්, ඩිජිටල් තිරයක් බැලීමට ගත කරන කාලය, දුර දෘෂ්ටිකත්වය, විෂම දෘෂ්ටිකත්වය සහ ඇසේ වයස්ගත වීම වැනි නිවැරදි නොවන දෘෂ්ටි ගැටළු ඇති පුද්ගලයින් අතර වෙනස් වේ.


මෙම දෘශ්‍ය රෝග ලක්ෂණ බොහොමයක් තාවකාලික වන අතර පරිගණක භාවිතය නැවැත්වීමෙන් පසු අඩු වේ. නමුත් සමහර පුද්ගලයින්ට පරිගණක භාවිතය නැවැත්වීමෙන් පසුව පවා අපැහැදිලි/බොඳවූ දර්ශනයක් අත්විඳිය හැකිය. බොඳ වූ දෘෂ්ටි රෝග ලක්ෂණ සුවකිරීමට කිසිවක් නොකරන්නේ නම් එය නැවත නැවතත් ඇති වී සමහර විටෙක කාලයත් සමග ඩිජිටල් තිර භාවිතය නිසා එය නරක අතට හැරෙනු ඇත.


රෝග විනිශ්චය


පරිපූර්ණ අක්ෂි පරීක්ෂාවකින් පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය හඳුනාගත හැකිය.


ඩිජිටල් තිරය දෙස බැලීමේදී අවශ්‍ය වන දෘෂ්ටි අවශ්‍යතා පිළිබඳ තවදුරටත් පරීක්ෂා කිරීම සඳහා,

  • රෝගියාගේ ඉතිහාසය

  • පාරිසරික සාධක

  • සෞඛ්‍ය තත්වය

  • දෘෂ්ටි තීව්‍රතාව මැනීමෙන්

  • වර්තන දෝෂ පරීක්ෂාව

  • ඇස් යමක් දෙස යොමු කිරීමේ පරීක්ෂාව

පිළිබඳ සැලකිලිමත් විය යුතුයි.


වැළැක්වීම


පරිගණක දෘෂ්ටි සින්ඩ්‍රෝමය ඇතිවීම වැළැක්වීමට විවිධ පියවරයන් අනුගමනය කළ හැකිය. ඒවා නම්,


  • ඩිජිටල් තිරය මත ආලෝකය සහ දීප්තිය පාලනය කරන්න.

  • ආලෝකය පාලනය

  1. දිලිසීම වළක්වා ගත හැකි පරිදි සෑම විටම පරිගණක තිරය ස්ථානගත කරන්න, විශේෂයෙන් හිසට ඉහළින් ආලෝකකරණය හෝ කවුළු භාවිතා කරන්න.


  • දිලිසීම වළකින තිර භාවිත කරන්න.

  1. තිරයෙන් පරාවර්තනය වන ආලෝකයේ ප්‍රමාණය අඩු කරන පෙරහන් ලෙස ක්‍රියා කරන තිර භාවිතය.


  • තිර නැරඹීමේදී තිරය හා පුද්ගලයා අතර නිසි දුරක් පවත්වා ගන්න සහ නිවැරදි ඉරියව් භාවිතා කරන්න.


  • පරිගණක තිරයේ පිහිටීම

  1. පරිගණක තිරය ඇස් මට්ටමට වඩා අංශක 15 ක් 20 ක් පහලින් තිබිය යුතු අතර තිරයේ මධ්‍යයේ සිට මැනීම කළ යුතු ය.


  • ලිපි ද්‍රව්‍ය

  1. යතුරුපුවරුවට ඉහළින් සහ මොනිටරයට පහළින් තබන්න.

(එවිට හිස ලේඛනවල සිට තිරය වෙත යොමු කිරීම අවශ්‍ය නොවේ)


  • පුටුව

  1. පුටුව සුවපහසු විය යුතුය.

  2. පුටුවේ උස නිසි පරිදි සකස් කරන්න. (පාද බිම ස්පර්ශ විය යුතුය)

  3. යතුරු ලියනය (Typing) කරන විට දෑත් සඳහා ආධාරක සැපයිය යුතුය.

  4. යතුරු ලියනය කිරීමේදී මැණික් කටුව යතුරු පුවරුවේ මත නොපැවතිය යුතුය.


  • අක්ෂි පරීක්ෂා කර සුළු පෙනීමේ ගැටළු නිසි ලෙස නිවැරදි කර ඇති බවට සහතික වන්න.


  • දෘෂ්ටි සෞඛ්‍ය රැකගැනීමේ පුරුදු ඇති කර ගැනීම.


  • විවේකය

  1. පැය දෙකක් අඛණ්ඩව පරිගණක භාවිතයෙන් පසු මිනිත්තු 15 ක් ඇස්වලට විවේකය ලබා දෙන්න.

  2. නැරඹීමේ සෑම මිනිත්තු 20 කටම වරක් තත්පර 20 ක් බැගින් දුර ඇති වස්තූන් දෙස බැලීම මඟින්, අක්ෂි නාභි ගත කිරීමේ ක්‍රියාවලිය නැවත නිසි ලෙස සිදු කිරීම පහසු කරවයි.


  • ව්‍යායාම

  1. ඇස් සඳහා නිතිපතා ව්‍යායාම කරන්න. (එමගින් ඇස් වල විඩාබර බව අඩු කරයි)

  2. පරිගණකය ආශ්‍රිතව ඇතිවන ඇසෙහි වියළි බව ඇති වීම වැළැක්වීමට ව්‍යායාම අතරතුර නිරන්තරයෙන් ඇසි පිය හෙළීමට අමතක නොකරන්න.


තිළිණි ඉසුරිකා


https://www.aoa.org/healthy-eyes/eye-and-vision-conditions/computer-vision-syndrome?sso=y


Loh, K.Y. and Redd, S.C. (2008). Understanding and Preventing Computer Vision Syndrome. Malasian Family Physician, 3(3), 128-130.

10 views0 comments
bottom of page