top of page

කොවිඩ් - 19 එන්නතේ ඇත්ත දැනගමු

කොවිඩ් - 19 එන්නත යනු කුමක්ද?


ලෝකය පවතින්නේ කොවිඩ් - 19 වසංගතය සඳහා සාර්ථක පිළියමක් සොයමින් පසුවන කාල වකවානුවකය. මේ මොහොතේ, ලෝක සෞඛ්‍ය සංවිධානය සායනික අත්හදා බැලීම්වල ඉහළ ඵලදායීතාවයක් පෙන්වන එන්නත් කිහිපයක් සඳහා ඔවුන්ගේ අනුමැතිය ලබා දී ඇත.


කොවිඩ් ‑ 19 එන්නත යනු, කොරෝනා වයිරස් රෝග 2019 (කොවිඩ් ‑ 19) ඇති කිරීමට හේතු වන දරුණු උග්‍ර ශ්වසන සින්ඩ්‍රෝම් කොරෝනා වයිරස් 2 (SARS ‑ CoV ‑ 2) වෛරසයට එරෙහිව අත්පත් කරගත් ප්‍රතිශක්තිය ලබා දීමට නිපදවන ලද එන්නතකි. 2021 පෙබරවාරි වන විට, අවම වශයෙන් එක් ජාතික නියාමන අධිකාරියක් විසින් හෝ පිළිගත් එන්නත් 11ක් මහජන භාවිතය සඳහා අනුමැතිය ලබාගෙන ඇත. ඒවානම්,


RNA එන්නත් දෙකක් :

Pfizer/BioNTech එන්නත සහ මෝඩර්නා එන්නත


සාම්ප්‍රදායික ලෙස අක්‍රිය කළ එන්නත් හතරක් :

BBIBP-CorV, කොවැක්සින්, CoronaVac සහ CoviVac

වෛරස් වාහක එන්නත් හතරක් :

ස්පුට්නික් වී, ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත, කොන්විඩිසියා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත


එක් පෙප්ටයිඩ එන්නතක් :

EpiVacCorona


Pfizer/BioNTech සහ මෝඩර්නා යන දෙවර්ගයම RNA එන්නත් නිපදවා ඇත. එහිදී වෛරසයේ ජාන කේතයේ ඉතා කුඩා කොටසක් ශරීරයට එන්නත් කරන අතර එය කිරීටක වයිරසයේ කොටසක් නිපදවීමට පටන් ගෙන ශරීරයට ආරක්ෂාවක් සපයයි.


ඔක්ස්ෆර්ඩ් එන්නත වෙනස් වන්නේ පෙර කථාකරන ලද ජානමය ද්‍රව්‍යම ශරීරයට ගෙනයාමට හානිකර නොවන වෛරසයක් භාවිතා කරන බැවිනි. ඉතාම අඩු උෂ්ණත්වයක් අවශ්‍ය නොවන බැවින් ශීතකරණයේ ගබඩා කළ හැකිය. මේ එන්නත් තුනම මාත්‍රා දෙකක් ලෙස ලබා දිය යුතුය.


අප කොවිඩ් - 19 එන්නත ලබා ගත යුත්තේ ඇයි?


කොවිඩ් - 19 එන්නත මඟින් SARS-Cov-2 වෛරසයට එරෙහිව ඇතිවන ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් වර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රෝගයෙන් ආරක්ෂා වේ. එන්නත මඟින් ප්‍රතිශක්තිය වර්ධනය කිරීම යනු රෝගය හා එහි සංකූලතා වර්ධනය වීමේ අවදානම අඩු වීමයි. මෙම ප්‍රතිශක්තිය වෛරසයට එරෙහිව සටන් කිරීමට ඔබට උපකාරී වේ. ඔබ එන්නත ලබා ගැනීම මඟින් ඔබ අවට සිටින අයද ආරක්ෂා කරයි. මන්ද ඔබ රෝගවලින් හා එය ආසාදනය වීමට ඇති අවස්ථා වලින් ආරක්ෂා වුවහොත්, ඔබ විසින් වෙනත් අයෙකුට රෝගය ආසාදනය කිරීමේ අවදානම අඩු කරයි.

සෞඛ්‍ය සේවා නිළධාරීන්, වැඩිහිටි පුද්ගලයන් සහ වෙනත් රෝගමය තත්ත්වයන් ඇති පුද්ගලයින් වැනි කොවිඩ් - 19 සඳහා වැඩි අවදානමක් ඇති පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ. අධ්‍යයන වලට අනුව පෙනීයන්නේ, කොවිඩ් - 19 එන්නත මඟින් ඔබට කොවිඩ් - 19 වෛරසය වැළඳීමෙන් වැළකී සිටිය හැකි බවයි. ඔබට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වුවද, කොවිඩ් - 19 එන්නත ලබා ගැනීම මඟින්, කොවිඩ් - 19 වෛරසය නිසා සිදුවිය හැකි බරපතල රෝගාතුර වීම් වළක්වා ගත හැකි බව විද්‍යාඥයෝ සිතති. මෙම එන්නත හේතුවෙන් ඔබට කොවිඩ් - 19 ආසාදනය වීමක් සිදු නොවේ.


එන්නත ලබා ගැනීමෙන් පසු අපට සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජීවන රටාවකට යා හැකිද?


මෙම වසංගතය නැවැත්වීම සඳහා අනුගමනය කළ හැකි වැළැක්වීමේ ක්‍රම සියල්ලම භාවිත කළ යුතුය. එන්නත යනු ඔබේ සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ රෝග වැළැක්වීමට වඩාත් ඵලදායී ක්‍රමයකි.


එන්නත ලබා ගැනීමෙන් පසුවද, මුහුණු ආවරණ පැළඳීම, පුද්ගලික දුරස්ථභාවය සුරැකීම සහ සමූහ ලෙස එක්‍ රොක් වීමෙන් වැළකීම සිදුකළ යුතුය. එන්නත ලබා දීමෙන් අදහස් කරන්නේ අපට සෞඛ්‍යමය ආරක්ෂක පිළිවෙත් අනුගමනයෙන් වැළකිය සිටිය හැකි බව නොවන අතර අප හා අනෙක් අය අවදානමට ලක් නොකළ යුතු බවයි. විශේෂයෙන් එන්නත් මගින්, රෝගවලින් පමණක් නොව ආසාදන හා සම්ප්‍රේෂණයෙන්ගෙන්ද ආරක්ෂා විය හැකි ප්‍රමාණය පිළිබඳව තවමත් නිශ්චිතව හදුනාගෙන නොමැත.


කොවිඩ් - 19 එන්නත සහ මිත්‍යා මත



  • ක්‍රියාවලිය ඉතා ඉක්මන් බැවින් එන්නත අනාරක්ෂිත ය.

එන්නත ආරක්ෂිත සහ ඵලදායි බව ඔප්පු වී ඇත. එය ඉතා කෙටි කාලයක් තුළ වැඩි දියුණු කළද, අනෙක් සියලුම එන්නත් වලට සමාන ආහාර හා ඖෂධ පරිපාලන ක්‍රියාවලියක් හරහා ගොස් ඇති අතර, සියලු ආරක්ෂක ප්‍රමිතීන් සපුරාලයි. කිසිදු පියවරක් මඟ හැරුණේ නැත. ඒ වෙනුවට, එන්නත සංවර්ධනය කිරීම සඳහා වූ කෙටි කාල රාමුව සඳහා පෙර නොවූ විරූ ලෝක සහයෝගීතාවයක් ලැබුණු අතර ලොව ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක්ම ආයෝජනයට සහභාගි විය. සායනික අත්හදා බැලීම් සහ ආරක්ෂිත සමාලෝචන සදහා වෙනත් එන්නත් වලට සමාන කාලයක් ගත විය.


  • දරුණු අතුරු ආබාධ ඇති වෙි


එන්නත සායනිකව අත්හදා බැලීම්වලට සහභාගී වූ සමහර පුද්ගලයින් මාංශ පේශි වේදනාව, උණ සහ හිසරදය ඇතුළු වෙනත් එන්නත් සමඟ ඇතිවන අතුරු ආබාධ වාර්තා කළහ. කලාතුරකින් එන්නතේ අඩංගු සංඝටක හේතුවෙන් පුද්ගලයින්ට දරුණු අසාත්මිකතා ඇති විය හැකිය. දරුණු අසාත්මිකතා ඉතිහාසයක් ඇති පුද්ගලයින්ට එන්නත ලබා නොදෙන ලෙස විද්‍යාඥයින් නිර්දේශ කරන්නේ එබැවිනි.


  • කොවිඩ් - 19 එන්නතට DNA වෙනස් කළ හැකිය.

එන්නත් වල mRNA (එම්ආර්එන්ඒ) අඩංගු වන අතර එමඟින් නව කොරෝනා වයිරසයේ ඇති “ස්පයික් ප්‍රෝටීන්” සෑදීමට සෛලවලට උපදෙස් දෙයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය මෙම ප්‍රෝටීනය හඳුනාගත් විට, එය ප්‍රතිදේහ නිර්මාණය කිරීමෙන් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ගොඩනංවයි . ඉදිරියේ ඇතිවිය හැකි ආසාදන වලින් ආරක්ෂා වන ආකාරය ශරීරයට හැඩගස්වයි. mRNA කිසි විටෙකත් සෛලයේ න්‍යෂ්ටියට ඇතුළු නොවන අතර එහි අපගේ DNA(ජානමය ද්‍රව්‍ය) ගබඩා කරයි. අදාළ කාර්යය නිමවු පසු ශරීරය විසින් mRNA ඉවත් කරයි.


  • කොවිඩ් - 19 එන්නත කාන්තාවන් තුළ වඳභාවයට හේතු වේ.


සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු මගින් ඇඟවෙන්නේ වැදෑමහයේ ඇති ප්‍රෝටීන් වන සින්සිටින් -1 ට පහර දීමට එන්නත ශරීරය පුහුණු කරන අතර එය කාන්තාවන්ගේ වඳභාවයට හේතු විය හැකි බවයි. සත්‍යය නම්, ස්පයික් ප්රෝටීන් සහ වැදෑමහ ප්රෝටීන් අතර ඇමයිනෝ අම්ල අනුක්රමයක් පවතී. නමුත් එය ඉතා කෙටි බැවින් ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කල නොහැකි බව විද්‍යාඥයින් පවසයි. එබැවින් සශ්‍රීකත්වයට එය බලපාන්නේ නැත.

  • මට එන්නත ලබාගත් පසු, කොවිඩ්- 19 වෛරසය වැළඳිය හැකියි.

කොවිඩ් -19 වලට හේතු වන වෛරසය තිබීම සඳහා ශ්වසන පද්ධතියෙන් කොවිඩ් -19 සාම්පල හඳුනා ගැනීමට භාවිතා කරන වෛරස් පරීක්ෂණවලදි එන්නත් වල සජීවී වෛරසයක් නොමැති බැවින්, එන්නත් ඔබේ පරීක්ෂණ ප්‍රතිඵලයට බලපාන්නේ නැත. එන්නත මගින් ඔබේ ශරීරය සම්පූර්ණයෙන් ආරක්ෂා කිරීමටපෙර වෛරසයට ඔබ ගොදුරු වී සිටිය හැකිය.


කවිශ්ක අංජන


References


https://www.cdc.gov/coronavirus/2019-ncov/vaccines/facts.html


https://www.hopkinsmedicine.org/health/conditions-and-diseases/coronavirus/covid-19-vaccines-myth-versus-fact


https://www.who.int/news-room/q-a-detail/coronavirus-disease-(covid-19)-vaccines?adgroupsurvey

15 views0 comments
bottom of page