top of page

නිවසේ සිටින අතරතුර ක්‍රියාශීලී ජීවිතයක් පවත්වා ගනිමු

ශ්‍රී ලංකාවේ නව COVID-19 රෝගය පැතිරීම වැලැක්වීමට නිවසේ රැඳී සිටින ලෙස දැනුම් දී ඇත. මේ දිනවල ශරීර යෝග්‍යතා මධ්‍යස්ථාන සහ පුද්ගලයින් සාමාන්‍යයෙන් ව්‍යායාම සිදුකරන වෙනත් ස්ථාන තාවකාලිකව වසා ඇත. උදාසීන හැසිරීම සහ අඩු ශාරීරික ක්‍රියාකාරකම්; පුද්ගලයන්ගේ සෞඛ්‍යය, යහපැවැත්ම සහ ජීවන තත්ත්වය කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකිය. මෙම කාලය තුළ සන්සුන්ව සිටීමට සහ ඔබේ සෞඛ්‍යය දිගටම පවත්වා ගැනීමට ඔබට උපකාරී වන ශාරීරික ක්‍රියාකාරකම් සහ මනස සැහැල්ලු කිරීමේ ක්‍රම සිදුකිරීම ඔබට උපකාරී වේ.


ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරන්නේ මිනිත්තු 150 ක මධ්‍යස්ථ තීව්‍රතාවකින් හෝ සතියකට මිනිත්තු 75 ක උපරිම තීව්‍රතාවකින් යුත් ශාරීරික ක්‍රියාකාරකම් සිදුකිරීම හෝ මේ දෙකේ ම එකතුවක් ලෙස සිදුකිරීමටය. මෙම ව්‍යායාම විශේෂ උපකරණ සහ සීමිත ඉඩක් නොමැතිව නිවසේ දී පවා සිදු කල හැකිය.




අවවාදයයි - මෙම මඟ පෙන්වීම කිසිදු රෝග ලක්ෂණයක් හෝ උග්‍ර ශ්වසන රෝග විනිශ්චය නොමැති නීරෝගී පුද්ගලයින් සඳහා වේ. කිසියම් රෝගී තත්වයක දී මෙය වෛද්‍ය උපදේශයක් ලෙස භාවිතා නොකළ යුතුය.



චතුරංග පල්ලේගම



References


http://www.euro.who.int/en/health-topics/health-emergencies/coronavirus-covid-19/novel-coronavirus-2019-ncov-technical-guidance/stay-physically-active-during-self-quarantine


bottom of page