top of page

නිවසේ සිටින අතරතුර ශාරීරික ක්‍රියාශීලීබව රැකගනිමු

Writer's picture: Wephysio MFCWephysio MFC

නව COVID 19 පැතිරීම වැළැක්වීම සඳහා මේ දිනවල නිවසේ රැඳී සිටින ලෙස ජනතාවට උපදෙස් දී ඇත. දිගු කලක් නිවසේ රැඳී සිටීම ශාරීරිකව ක්‍රියාශීලීව සිටීම සඳහා සැලකිය යුතු අභියෝගයක් වේ. ක්‍රමවත් ශාරීරික ක්‍රියාකාරකම් මගින් මානසික සෞඛ්‍යය වැඩි දියුණු වන අතර විශාදය, ඥානාත්මක පිරිහීම(cognitive decline) සහ ඩිමෙන්ශියාව ආරම්භ වීම ප්‍රමාද කර සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කෙරේ.


පහත දැක්වෙන්නේ නිවසේ සිටින අතරතුර ක්‍රියාශීලීව සිටීමට සහ උදාසීන හැසිරීම අඩු කිරගැනීමට උපදෙස් කිහිපයකි.


  • දවස ගත කරන විට කෙටි ක්‍රියාකාරී විවේකයක් ගන්න.

  • අන්තර්ජාලයේ ඇති Online Exercises classes යොමුවූ කෙනෙක් නම් දිගටම අනුගමනය කරන්න.

  • ඇවිදින්න(නිවස තුල)

  • නැගිටින්න

  • සන්සුන් වන්න



ප්‍රශස්ත සෞඛ්‍යය සඳහා, සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ හොදින් ජලය පානය කිරීම වැදගත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානය සීනි පැණිරස බීම වෙනුවට පානීය ජලය නිර්දේශ කරයි. මත්පැන් පානය සීමා කිරීම හෝ වළක්වා ගන්න. පලතුරු හා එළවළු හැකිතරම් ආහාරයට ගන්න, ලුණු, සීනි සහ මේදය ආහාරයට ගැනීම සීමා කරන්න. පිරිපහදු කළ ආහාරවලට වඩා ධාන්‍ය වර්ග වලට වැඩිපුර ආහාරයට එකතු කර ගන්න.


අවවාදයයි - මෙම මඟ පෙන්වීම කිසිදු රෝග ලක්ෂණයක් හෝ උග්‍ර ශ්වසන රෝග විනිශ්චයක් නොමැති නීරෝගී පුද්ගලයින් සඳහා වේ. කිසියම් රෝගී තත්වයකදී මෙය වෛද්‍ය උපදේශයක් ලෙස භාවිතා නොකළ යුතුය.



චතුරංග පල්ලේගම


References


http://www.euro.who.int/en/health-topics/health-emergencies/coronavirus-covid-19/novel-coronavirus-2019-ncov-technical-guidance/stay-physically-active-during-self-quarantine


Comments


bottom of page