top of page

COVID 19 වසංගත සමයේ දියවැඩියාවෙන් පෙළෙන ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉහල නංවා ගැනීමට දැනුවත් වෙමු

Writer's picture: Wephysio MFCWephysio MFC

COVID 19 වයිරස දිගු කාලීන රෝගී තත්ව වලින් පෙලෙන පුද්ගලයන් හට ඔවුන් හට රෝගී තත්ත්වය දරුණුවීමට ඇති නැඹුරුතාවය ඉහලය. දියවැඩියාව රෝග තත්ත්වය ඇති පුද්ගලයන් හට COVID 19 ආසාධනය වුවහොත් ඔවුන්ට ප්‍රතිකාර කිරීම සාමාන්‍ය ප්‍රතිකාර ක්‍රම වලට වඩා බැරෑරුම් තත්ත්වයක් වේ. එසේ වන්නේ ඔවුන්ගේ රුධිර ග්ලූකෝස් මට්ටම නියමිත අගයක පවත්වාගෙන යාම අසීරු වීමයි.


COVID 19 වසංගත රෝගය පැතිරී යන මේ අවධියේ දී ඔබ දියවැඩියාවෙන් පෙළේ නම් පහත සඳහන් උපදෙස් විශේෂයෙන් පිළිපදින ලෙස නිර්දේශ කරනු ලැබේ. එය ඔබගේ නීරෝගී දිවිපැවැත්මක් සඳහා මනා පිටිවහලක් වනු ඇත.




1. රෝගී අවස්ථාවක් සඳහා මුහුණ දීමට පෙර සූදානමින් සිටින්න.


2. ඔබ සමඟ හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගත යුතු පුද්ගලයන්ගේ තොරතුරු තබා ගන්න.


3. ඔබ තනිව සිටින අයෙක් නම් ඔබගේ රෝගී තත්ත්වයන් පිළිබඳ විශ්වාසී පුද්ගලයකු දැනුවත් කර තබන්න.


4. ඔබගේ රුධිර ග්ලූකෝස් මට්ටම පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටින්න.


දියවැඩියාව සඳහා රුධිරයේ සීනි මට්ටම ඉලක්ක කරන්න (වයස අවුරුදු 20+)


- නිරාහාරව(fasting) - 100 mg / dL ට අඩු

- කෑමට පෙර - 70-130 mg / dL

- ආහාර ගැනීමෙන් පසු (පැය 1-2) - 180 mg / dL ට අඩු

- ව්‍යායාම කිරීමට පෙර - ඉන්සියුලින් ගන්නවා නම් අවම වශයෙන් 100 mg / dL වත් ගන්න

- නිදාගන්නා කාලය - 100-140 mg / dL


5. දියවැඩියාව සඳහා ලබා ගන්නා ඖෂධ නිවැරදිව ලබා ගන්න.


6. ග්ලූකෝස් මට්ටම පහළ බැසිය හැකි හදිසි අවස්ථාවන් සඳහා පෙර සූදානමින් සිටින්න.


7. අධිකව මහන්සි වීමෙන් තොර හා ප්‍රමාණවත් නින්දක් සහිත ක්‍රමවත් දින චර්යාවක් ගත කරන්න.


8. ප්‍රමාණවත් තරම් වූ ජලය සහ ආහාර ලබා ගන්න.


මෙහිදී සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ලබා ගැනීම දියවැඩියාව රෝගය පාලනය මූලික අංගයකි. එබැවින් මෙම කාලය තුළ දී ඔබගේ ආහාර වේලෙන් වැඩි කොටසක් කාබෝහයිඩ්‍රේට් ප්‍රතිශතය අඩු ආහාර වර්ග උදා- එළවළු, පලතුරු, නූඩ්ල්ස් වැනි ආහාර ද, තෙලේ බැදගන්න ලද ආහාර භාවිතයෙන් වැළකීමෙන්ද, සීනි, මේදය, පිෂ්ඨය සහිත ආහාර අඩු ප්‍රමාණවලින් ද, ප්‍රෝටීන බහුල ආහාර මාලු, කිරි, බිත්තර ප්‍රමාණවත් තරම් ලබා ගැනීම සුදුසුය.


9. විධිමත් ශාරීරික ක්‍රියාකාරකම් මාලාවක නියැලෙන්න.


නිවාසෙදී පහසුවෙන් සිදු කළ හැකි ශාරීරික ක්‍රියාකාරකම් මාලාවක් දිනපතා අනුගමනය කිරීම සාමාන්‍ය ජනතාව සඳහා ද නීරෝගී දිවිපැවැත්මක් සඳහා දායක වන අතර මෙහිදී දියවැඩියා රෝගීන් සඳහා එහි දායකත්වය ඉතා ඉහළය.


10. ඔබට උණ, කැස්ස, ස්වසන අපහසුතා සහිත රෝගී තත්ත්වයක් පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න.


ප්‍රසාදි අමරසේකර



References


  • https://www.idf.org/aboutdiabetes/what-is-diabetes/covid-19-and-diabetes.html

  • https://www.webmd.com/diabetes/guide/normal-blood-sugar-levels-chart-adults

7 views0 comments

Comments


bottom of page