top of page
Vimukthi Chandula

ඩිමෙන්ශියාව


ඩිමෙන්ශියාව යනු පුද්ගලයෙකුගේ එදිනෙදා කටයුතු කිරීමේ හැකියාව අඩාල වන ලෙස මතකය සහ වෙනත් චින්තන කුසලතාවයන් පිරිහීමයි. සංජානන ක්‍රියාකාරිත්වයේ ප්‍රගතිශීලී හා අඛණ්ඩ පිරිහීම මගින් එය සිදු වේ. ඩිමෙන්ශියා රෝගියෙකුට එදිනෙදා ජීවිතයේ සංජානනය, හැසිරීම සහ ක්‍රියාකාරකම් පිළිබඳ ගැටලු ඇත.

ඩිමෙන්ශියාව යනු රෝගයක් නොවන අතර එය විවිධ අසනීප හෝ තුවාල හේතුවෙන් ඇතිවිය හැකිය. මෙම මානසික ආබාධ අඩු අවස්ථාවේ සිට දරුණු අවස්ථාවන් දක්වා වර්ධනය විය හැකිය. එසේම පෞරුෂයේ වෙනස්කම් වලට ද මෙය හේතු විය හැක.





සමහර ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන් ප්‍රගතිශීලී ය. මෙයින් අදහස් කරන්නේ කාලයත් සමඟ තත්ත්වය නරක අතට හැරෙන බවයි. සමහර ඩිමෙන්ශියා රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කළ හැකි අතර පෙර පැවති තත්ත්වයට පත්කර ගත හැකිය.

රෝග ලක්ෂණ

ඩිමෙන්ශියාව එක් එක් පුද්ගලයාට විවිධ ආකාරයෙන් බලපායි. බොහෝ අවස්ථාවලදී ඩිමෙන්ශියාව ක්‍රමයෙන් වැඩි වන අතර කාලයත් සමඟ නරක අතට හැරේ. කෙසේ වෙතත්, බොහෝ පුද්ගලයින් ඩිමෙන්ශියා රෝගයේ පහත අවධිවලදී රෝග ලක්ෂණ අත්විඳිති:

මෘදු සංජානන දුර්වලතා.


වැඩිහිටි පුද්ගලයින්ට මෘදු සංජානන දුර්වලතා (MCI) ඇති විය හැකි නමුත් කිසි විටෙකත් ඩිමෙන්ශියාව හෝ වෙනත් මානසික ආබාධයක් දක්වා මෙය වර්ධනය විය නොහැකිය.


MCI ඇති පුද්ගලයින් සාමාන්‍යයෙන් අත්විඳින රෝග ලක්ෂණ:


  • අමතක වීම

  • වචන මතක තබා ගැනීමේ ගැටලුව

  • කෙටි කාලීන මතක ගැටළු

මෘදු ඩිමෙන්ශියාව.


මෙම අවධියේදී රෝගීන්ට ස්වාධීනව ක්‍රියා කිරීමට හැකියාව ඇත.


රෝග ලක්ෂණ:


  • ️කෙටි කාලීන මතකය නැති වීම

  • ️කෝපය හෝ මානසික අවපීඩනය ආදී පෞරුෂමය වෙනස්කම්

  • ️දේවල් වැරදි ලෙස තැබීම හෝ අමතක වීම

  • ️සංකීර්ණ කාර්යයන් සිදු කිරීමේ හෝ ගැටලු විසඳීමේ අපහසුතා

  • ️හැඟීම් හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අපහසුතා

මධ්‍යස්ථ ඩිමෙන්ශියාව.


ඩිමෙන්ශියාව මෙම අවධිය දක්වා වර්ධනය වන විට, රෝග ලක්‍ෂණ පැහැදිලි වන අතර දෛනික කාර්යයන් හා ක්‍රියාකාරකම් වලට බාධා ඇති වේ.


රෝග ලක්ෂණ වන්නේ:


  • දුර්වල විනිශ්චය

  • ව්‍යාකූලත්වය සහ කලකිරීම

  • මතකය නැති වීම

  • එදිනෙදා කටයුතු සදහා සහය අවශ්‍ය වීම

  • සැලකිය යුතු පෞරුෂ වෙනස්කම්.

දරුණු ඩිමෙන්ශියාව.


ඩිමෙන්ශියා රෝගයේ මෙම අවධියේදී, මානසික හා ශාරීරික ලක්‍ෂණ පිරිහීමට ලක් වේ.


රෝග ලක්ෂණ:


  • ඇවිදීම, ගිලීම සහ මුත්‍රා පාලනය කිරීම ඇතුළු ශාරීරික ක්‍රියාකාරකම් පවත්වා ගැනීමට නොහැකි වීම

  • සන්නිවේදනය කිරීමට නොහැකි වීම

  • පූර්ණ කාලීන සහාය අවශ්‍ය වීම

  • වේලාව සහ ස්ථානය පිලිබඳ අවබෝධයක් නොමැති වීම

  • ඥාතීන් හා මිතුරන් හඳුනා ගැනීමේ අපහසුව

  • ආක්‍රමණශීලීබව ආදී හැසිරීම් වල වෙනස්කම් අත්විඳීම

  • ආසාදන ඇතිවීමේ අවදානම වැඩි වීම

හේතු.

ඩිමෙන්ශියා රෝගය ඇතිවන්නේ මොළයේ ස්නායු සෛල හා ඒවායේ සම්බන්ධතාවලට හානි වීමෙනි. මොළයේ හානි වූ ප්‍රදේශය අනුව ඩිමෙන්ශියාව මිනිසුන්ට වෙනස් ලෙස බලපාන අතර විවිධ රෝග ලක්‍ෂණ ඇති කරයි.

මොළයේ රෝග ඇතුළු විවිධ හේතූන් නිසා ඩිමෙන්ශියාව ඇති විය හැක. එවැනි වඩාත් සුලභ හේතු වන්නේ, Alzheimer's රෝගය සහ Vascular ඩිමෙන්ශියාව යි.

ඩිමෙන්ශියා රෝගයට වඩාත් පොදු හේතු :


  • ️ස්නායු උත්පාදක රෝග

  • ️Alzheimer's රෝගය

  • ️Vascular ඩිමෙන්ශියාව

  • ️ඖෂධ භාවිතයේ අතුරු ආබාධ

  • ️දිගු කාලීන මත්පැන් පානය

  • ️මොළයේ සමහර පිළිකා හෝ ආසාදන

  • ️පාකින්සන් රෝගය සමග ඩිමෙන්ශියාව.

  • ️frontotemporal lobar degeneration

ඩිමෙන්ශියා රෝගය වෙනත් තත්වයන් නිසා ද ඇති විය හැකිය:


  • ️normal-pressure hydrocephalus සහ subdural hematoma වැනි මොළයේ ව්‍යුහාත්මක ආබාධ

  • ️hypothyroidism , විටමින් B -12 ඌනතාවය සහ වකුගඩු හා අක්මාවේ ආබාධ වැනි පරිවෘත්තීය ආබාධ

  • ️ඊයම් වැනි විෂ

අවදානම් සාධක.

බොහෝ සාධක අවසානයේ ඩිමෙන්ශියා රෝගයට දායක විය හැකිය. වයස, පවුල් ඉතිහාසය, ඩවුන් සින්ඩ්‍රෝමය වැනි සමහර සාධක වෙනස් කළ නොහැකි අතර අනෙකුත් සාධක වල අවදානම අඩු කල හැකිය.


  • වයස - විශේෂයෙන් වයස අවුරුදු 65 ට පසු අවදානම වැඩිවේ. කෙසේ වෙතත්, ඩිමෙන්ශියාව වයසට යෑමේදී ඇති වන සාමාන්‍ය රෝගයක් නොවන අතර, තරුණයින් තුළද ඩිමෙන්ශියාව ඇති විය හැක.

  • පවුල් ඉතිහාසය - ඩිමෙන්ශියා රෝගයේ පවුල් ඉතිහාසයක් තිබීමෙන් ඔබට මෙම තත්ත්වය වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇත.

  • ඩවුන් සින්ඩ්‍රෝමය - ඩවුන් සින්ඩ්‍රෝම් සහිත බොහෝ පුද්ගලයින්ට මැදි වයසේදී මුල් කාලීන Alzheimer's රෝගය හට ගනී.

  • ආහාර පාලනය සහ ව්‍යායාම - ව්‍යායාම නොමැතිකම ඩිමෙන්ශියා අවදානම වැඩි කරයි. ඩිමෙන්ශියා අවදානම අඩු කරන නිශ්චිත ආහාර වේලක් නොදන්නා නමුත් පර්යේෂණ වලින් පෙන්නුම් කරන්නේ ධාන්‍ය, ඇට වර්ග බහුල ආහාර වේලක් අනුගමනය කරන අය හා සසඳන විට සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර වේලක් ගන්නා පුද්ගලයින් තුළ ඩිමෙන්ශියා රෝගය ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් ඇති බවයි.

  • අධික ලෙස මත්පැන් භාවිතය - අධික ලෙස මත්පැන් පානය කිරීම මොළයේ වෙනස්කම් ඇති කරයි

  • හෘද වාහිනී අවදානම් සාධක - මේවාට අධි රුධිර පීඩනය, අධික කොලෙස්ටරෝල්, ධමනි බිත්ති වල මේද තැන්පත් වීම (ධමනි සිහින් වීම) සහ තරබාරුකම ඇතුළත් වේ.

  • මානසික අවපීඩනය

  • දියවැඩියාව

  • දුම්පානය කිරීම

  • වායු දූෂණය - ප්‍රවාහන තදබදය සහ දැව දැවීම වැඩි වීමෙන් සිදු වන වායු දූෂණය ඩිමෙන්ශියා අවදානම සමඟ සම්බන්ධ වේ.

  • හිස කම්පනය - දැඩි හිස කම්පනයක් ඇති පුද්ගලයින්ට Alzheimer's රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇත. කම්පන සහගත මොළයේ ආබාධයක් (TBI) ඇති වයස අවුරුදු 50 හෝ ඊට වැඩි පුද්ගලයින්ට, ඩිමෙන්ශියා සහ Alzheimer's රෝගය වැළඳීමේ අවදානම වැඩිය. වඩාත් දරුණු හා multiple TBI ඇති පුද්ගලයින් තුළ මෙම අවදානම වැඩිය.

  • නින්දට බාධා වීම - sleep apnea සහ වෙනත් නින්දට බාධා ඇති පුද්ගලයින්ට ඩිමෙන්ශියා රෝගය වැළඳීමේ වැඩි අවදානමක් ඇත.

  • විටමින් සහ පෝෂණ ඌනතාවයන් - විටමින් D, විටමින් B-6, විටමින් B -12 සහ ෆෝලික් අම්ලය අඩු වීම නිසා ඩිමෙන්ශියා අවදානම වැඩි විය හැකිය.

  • මතකය නරක අතට හැරවිය හැකි ඖෂධ.

භෞත චිකිත්සක කළමනාකරණය.

ඩිමෙන්ශියා රෝගය වැළැක්වීම සහ ඩිමෙන්ශියා වල බලපෑම අවම කිරීම සඳහා භෞතචිකිත්සාව භාවිතා කළ හැකිය. මේ සඳහා ව්‍යායාම වැඩසටහන් සකස් කිරීමෙන් භෞතචිකිත්සකවේදියෙකුට උපකාර කළ හැකිය. ව්‍යායාම මගින් සංජානන පරිහානිය මන්දගාමී කිරීමෙන් ඩිමෙන්ශියා රෝගය ඇතිවීම වැළැක්වීමට හෝ ප්‍රමාද කිරීමට හැකිය. මෙය රෝගී ක්‍රියාවලිය සමඟ අපේක්‍ෂා කරන ක්‍රියාකාරිත්වයේ පසුබෑම මන්දගාමී කිරීමට සහ ජීවන තත්ත්වය උසස් කිරීමට හේතු විය හැක.

References:

https://www.mayoclinic.org/diseases-conditions/dementia/diagnosis-treatment/drc-20352019

https://www.healthline.com/health/dementia#causes

https://www.who.int/news-room/fact-sheets/detail/dementia


දිල්කි කරුණාතිලක.

9 views0 comments

Comments


bottom of page