top of page

නිවැරදිව ඇවිදීම පිලිබඳව ඔබ දැනුවත්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

නිවැරදි ශිල්පීය ක්‍රම සහ හොඳ ඉරියව් සමඟ ඇවිදීම දුෂ්කර නොවේ එය;


  • ඔබේ අස්ථි හා සන්ධි නිසි ලෙස පෙළගස්වා තබයි

  • ඔබේ සන්ධි, මාංශ පේශි සහ අස්ථි කොටස් මත ඇඳීම හා ඉරීම අඩු කරයි

  • කොන්දේ, උකුලේ, බෙල්ලේ සහ පාදයේ වේදනාව වළක්වයි

  • මාංශ පේශි කැක්කුම සහ තෙහෙට්ටුව අඩු කරයි

  • අනතුරු වීමේ අවදානම අඩු කරයි

  • ඔබේ සමබරතාවය සහ ස්ථාවරත්වය වැඩි දියුණු කරයි


ඇවිදීම යනු ඔබව සතුටින් හා සෞඛ්‍ය සම්පන්නව තබන අඩු ශක්ති වැයවීමක් සහිත ව්‍යායාමයකි. එයට ඔබේ මුළු ශරීරයටම සම්බන්ධ වේ. හොඳ ඉරියව් සහ නිවැරදි ඇවිදීමේ ක්‍රමවේදයන් සමඟ එය එතරම් අපහසු නැත. ඔබ ඇවිදින විට ඔබේ හිස කෙලින් තබාගෙන, නිකට බිමට සමාන්තරව සිටින සේ සිටගෙන ඔබේ කන් උරහිසට ඉහළින් පෙලගැසෙන සේ තබාගන්න. ඇවිඳීමේදී ඔබේ පාද හෝ දුරකථනය නිතර නිතර බැලීමෙන් ඔබේ බෙල්ලට අනවශ්‍ය පීඩනයක් ඇති විය හැකිය. ඔබේ කොන්ද කෙලින් තබා ගන්න, ඔබේ කොන්දේ මාංශ පේශිවලට ආතතියක් ඇති කළ හැකි, ඇලවීම, නැමීම හෝ ඉදිරියට නැඹුරු වීම වළක්වා ගන්න.


ඔබේ උරහිස් ලිහිල්ව හා සැහැල්ලුවෙන් තබා ගැනීමට උත්සාහ කරන්න. ඔබ ඇවිදින විට ඔබේ ශරීරයේ හරයේ ඇති මාංශ පේශි(core muscles) සම්බන්ධ කර ගැනීමෙන් ඇවිදීම වඩාත් පහසු වේ. ඔබේට නාඹිය ඔබේ කොඳු ඇට පෙළ දෙසට තෙරපවා ගැනීමෙන් ඔබේ ශරීරයේ හරයේ ඇති මාංශ පේශි තද කර ගැනීම හා සම්බන්ධ වීම කෙරෙහි අවධානය යොමු කල හැක. මෙය ඔබට සමබරතාවය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමට උපකාරී වේ. ඔබ ඇවිදින විට, ඔබේ දෑත් ඔබේ දෙපැත්තෙන් සාමාන්‍ය ලෙස ඉදිරියට ගෙනයන්න. ඔබේ ශරීරය හරහා දෑත් යැවීම හා දෑත් අනවශ්‍ය ලෙස ඉහලට ගෙන ඒමෙන් වැලකෙන්න.


පාද තැබීමේදී පළමුවෙන්ම ඔබේ විලුඹ පොලොව මත තබන්න, ඉන්පසු කෙමෙන් අවසානයට ඔබේ ඇඟිලි පොලොවේ ගැටෙන පරිදි පාදය තබන්න. පාදය පොලොවෙන් ඉවතට ගන්නා විට අවසානයට ඇඟිලි ඉවත් වන සේ පාදය ඉවතට ගන්න. පියවර තැබීමීදී පාද පැතලි වීම වළක්වා ගන්න. සුවපහසු ලෙස ගැලපෙන සපත්තු පැළඳීමට වග බලා ගන්න, හොඳ ආරුක්කුවක් සහ විලුඹ ආධාරකයක් ඇති, ඔබේ පාද බිම වැදීමේදී කම්පනය උරා ගන්නා හොඳින් කුෂන් කර ඇති සපත්තු පලඳින්න.



ඔබ ඇවිදින ආකාරය ගැන සිහියෙන් සිටින්න. කළ යුතු හා නොකළ යුතු දේ කරන්න

කළ යුතු දේ;

  • ඔබේ හිස ඔසවා තබා ගන්න

  • ඔබේ කොඳු ඇට පෙළ ඍව තබා ගන්න

  • ඔබේ උරහිස පහළට සහ පසුපසට තබා ගන්න

  • ඔබේ ශරීරයේ හරයේ ඇති මාංශ පේශි(core muscles) සම්බන්ධ කරගන්න

  • ඔබේ දෑත් සොලවන්න

  • විලුඹේ සිට පාදය දක්වා පියවර තබන්න

නොකළ යුතු දේ;

  • පහළ බැලීම

  • ඉතා දිගු පියවර තැබීම

  • ඉණ රෝල් කිරීම

  • කුඳු ඉරියව්වෙන් සිටීම

  • වැරදි සපත්තු භාවිතා කිරීම


නිසි ආකාරයෙන් ඇවිදීම ඔබේ ශරීරය පුරා ඇති මාංශ පේශි, අස්ථි හා සන්ධි මත අනවශ්‍ය ආතතියක් හා පීඩනයක් යෙදීම වලකාලයි, නිවැරදි ඉරියව්වකට වැය වන්නේ අඩු ශක්තියකි. ඔබේ උරහිස් පිටුපසට හා සැහැල්ලුවෙන් තබා ගැනීමෙන් ඔබේ පෙනහලු සම්පූර්ණයෙන් පුළුල් වීමට ඉඩ සලසයි. ශරීරය නිවැරදිව තබා ගැනීම හා නිවැරදිව චලනය කිරීම මගින් රුධිර සංසරණය වැඩි දියුණු වීම සහ ආහාර ජීර්ණය වැඩි දියුණු වීම සිදුවේ.



කුමුදු කාරියවසම්



References


https://www.healthline.com/health/how-to-walk

Comentarios


bottom of page