top of page

Erb's palsy.

Vimukthi Chandula



Erb's palsy යනු ගර්භනී සමයේදී සිදුවිය හැකි ස්නායු සම්බන්ධ ආබාධයකි- මෙම ආබාධය ඇති ළදරුවෙකුගේ අතෙහි මාංශපේශී දුර්වලවීම නිසා මැණික්කටුව සහ අතේ ඇඟිලි නැමී, උරහිස එල්ලී ඇත- මෙය waiters tip hand විකෘතිය ලෙසද හඳුන්වයි- ප්‍රසූත අවස්ථාවේදී ළදරුවාගේ හිස පැත්තකට ඇදීම නිසා හිස සහ උරහිස අතර පරතරය පුළුල් වීමෙන් ස්නායු මූලය ඇදීමට, පුපුරා යාමට, වෙන්වීමට ලක්විය හැක- මෙවැනි අවස්ථාවකදී වඩාත්ම අවදානමට ලක්විය හැක්කේ පස්වෙනි සහ හයවෙනි ග්‍රෛවී ස්නායු(C5 සහ C6 වන අතර) හත් වෙනි ග්‍රෛවී ස්නායුවද (C7)  සමහර විට හානිවේ- සැම ළදරුවන් 1000කින් එක් අයෙකු හෝ දෙදෙනෙකු මෙම තත්ත්වයට පත්වීමේ අවදානම ඇත.

 

අවදානම් සාධක.


  • උරහිස් ඩිස්ටෝසියාව (dystocia) - දරු ප්‍රසූතියේ දී ළදරුවාගේ උරහිස් එකක් හෝ දෙකම මවගේ ශ්‍රෝණිය තුළ සිරවීම.

  • සාමාන්‍ය ප්‍රමාණයට වඩා විශාල දරුවෙකුගේ ප්‍රසූතියක් සිදුවීම : Fetal macrosomia.

  • මවගේ අධික ස්ථූලභාවය.

  • ගර්භනී දියවැඩියාව.

  • ප්‍රසූතිය දිගු කාලයක් පැවතීම.

  • ළදරුවාගේ බ්‍රීච් ඉරියව්ව : Breech presentation.

 

ලක්ෂණ.


  • Waiters tip hand විකෘතිය පෙන්වීම.

  • බලපෑමට ලක් වූ අතෙහි ප්‍රතීකචාප ක්‍රියා නොමැති වීම.

  • සම්පූර්ණ අතෙහි හෝ කොටසක චලන හැකියාව නොමැති වීම.

  • අතෙහි ග්‍රහණ හැකියාව අඩු වීම.


මෙම තත්ත්වය කලින් හඳුනා නො ගත්තොත් දරුවාගේ අත දුර්වල වීම, දැනීමේ ශක්තිය නොමැති වීම, පූර්ණ හෝ අර්ධ අංශභාගය ඇතිවිය හැක-

 

ස්නායු සම්බන්ධ රෝග පරීක්ෂණ සිදු කරමින් මෙම රෝගය තහවුරු කර ගත හැක. උපතේදි මෙවැනි ආබාධවලට ලක් වන දරුවන්ගේ එම තත්ත්වය මාස තුනේ සිට හතර දක්වා කාලය තුළ වැඩිවීම හෝ කෙමෙන් සුව වීම සිදුවිය හැක. එම දරුවන්ගෙන් 80% සිට 90% දක්වා පිරිසක් සාමාන්‍ය හෝ ආසන්න සාමාන්‍ය තත්ත්වයට පත්වේ. නමුත් යථා තත්ත්වයට පත්වීමට අවුරුදු දෙකක් පමණ ගතවිය හැක.


Erbs palsy සඳහා සමහර අවස්ථාවලදී ශල්‍යකර්ම වෙත යොමුවීමට ද සිදු වේ- භෞතචිකිත්සක ප්‍රතිකාර මඟින් ස්ථිර විකෘති වැළැක්වීම, අතුරු ආබාධ වැළැක්වීම, චලන හැකියාව සහ මාංශපේශි ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ කාර්යක්ෂමතාව උපරිම කිරීම සිදු කරයි

 

References

https://www.cerebralpalsyguidance.com/birth-injury/erbs-palsy/ https://orthoinfo.aaos.org/en/diseases--conditions/erbs-palsy-brachial-plexus-birth-palsy


සන්කලනි ද සිල්වා.

6 views0 comments

Comments


bottom of page