top of page

මොකක්ද මේ ස්නැපිං හිප් සින්ඩ්‍රෝමය ?

Vimukthi Chandula

ස්නැපිං හිප් සින්ඩ්‍රෝමය ( SHS ) “Coxa saltans” ලෙසද හැඳින්වේ. එය උකුල් ප්‍රදේශයේ ඇතිවන ආබාධයකි. SHS ඇති පුද්ගලයන්ට උකුල් වල සන්ධිය චලනය වන විට යම් ශබ්දයක් ඇසෙනු ඇත. ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහ නර්ථන ශිල්පීන් සඳහා මෙම තත්ත්වය වඩාත් බරපතල ලෙස වේදනා ඇති කළ හැකි අතර ඔවුන්ගේ සමස්ථ ක්‍රියාකාරීත්වයටද බලපෑම් ඇති කරයි. සමස්ථයක් ලෙස ජනගහනයෙන් 5%- 10% ක ප්‍රමාණයක් මෙම රෝගයෙන් පෙලෙයි. මෙම රෝගය ඇති බහුතරයක් රෝගීන්ට වේදනාවක් නොදැනේ.


උකුල් සන්ධිය ලිස්සා යාම ඇවිදීම, පුටුවෙන් නැඟිටීම වැනි අවස්ථාවන් වලදී සිදු විය හැක. සාමාන්‍යයෙන් මෙම රෝගයේදී වේදනාවක් නොදැනේ. නමුත් ඇතැම් අවස්ථා වලදී වේදනාවක් දැනිය හැක. වේදනාවක් දැනීම, කාටිලේජ ඉරී යාම හා උකුල් සන්ධියේ ද්‍රව්‍ය කැබලි වීම පෙන්නුම් කරයි.




මෙම රෝගයේ ආකාර දෙකක් ඇත.


අභ්‍යන්තර සන්ධාන පෘෂ්ඨවල ඇතිවන ආබාධ

බාහිර සන්ධාන පෘෂ්ඨවල ඇතිවන ආබාධ

▪️ අභ්‍යන්තර උකුල් සන්ධිය ලිස්සා යාම

▪️ බාහිර උකුල් සන්ධිය ලිස්සා යාම


1. අභ්‍යන්තර සන්ධාන පෘෂ්ඨවල ඇතිවන ආබාධ


මෙම කාණ්ඩය තුළ උකුල් සන්ධිය ලිස්සා යාම සිදු වන්නේ උකුල් සන්ධිය ආශ්‍රිත ගැටළුවක් හෝ තුවාලයක් හේතුවෙනි. බාහිර හෝ අභ්‍යන්තර SHS මෙන් අභ්‍යන්තර ආන්තරික SHS ඇති වන්නේ කණ්ඩරාවක් හෝ මාංශ පේශි නිසා නොවේ.


2. බාහිර සන්ධාන පෘෂ්ඨවල ඇතිවන ආබාධ


අභ්‍යන්තර උකුල් සන්ධිය ලිස්සා යාම


උකුල් සන්ධියේ ඉදිරිපස අස්ථි ව්‍යුහයන් මත කණ්ඩරාවන් ලිස්සා යන විට මෙම තත්ත්වය ඇති වේ.


බාහිර උකුල් සන්ධිය ලිස්සා යාම


ඌර්වාස්ථියේ මුදුන මත කණ්ඩරාවන් හා මාංශ පේශීන් ලිස්සා යන විට මෙම තත්ත්වය ඇති වේ. උකුල් සන්ධිය ඉදිරියට නැමීම, පසුපසට නැමීම , ඇතුලට කරකැවීමේදී greater trochanter මත iliotibial band ලිස්සා යාම මෙහිදී සුලබව සිදු විය හැක.


මෙම රෝගය ඇති වීමට හේතූන්


පමණ ඉක්මවා උකුල් සන්ධිය භාවිත කිරීම.

Gluteus maximus මාංශ පේශියට සිදු කරන එන්නත් හා ශල්‍යකර්ම

ප්‍රමාණවත් නොවන මාංශ පේශීන් ලිහිල් කිරීම්

ව්‍යුහීය වෙනස්කම්

▪️ Greater trochanters අතර පරතරය වැඩි වීම.

▪️ ප්‍රමුඛව පිහිටන (Prominent) Greater trochanter

▪️ Biliac width පටු වීම.

▪️ Iliotibial band හි සිදු වන තද වීම.


අවධානම් සාධක.


එකම මාංශ පේශිය දිගින් දිගටම භාවිතා කරන ක්‍රීඩාවන් වල නිරත වෙන පුද්ගලයන් (ධාවන තරග, සොකර්, ජිම්නාස්ටික්)

එක්වරම අධික වර්ධන වේගයක් පෙන්වූ වැඩිහිටියන්

කාන්තාවන්

නර්ථන ශිල්පීන්


රෝග ලක්ෂණ


  • පාදය එසවීමේදී, පහත් කිරීමේදී, කරකැවීමේදී, පැද්දීමේදී උකුල් සන්ධියේ ඉදිරිපස, පසුපස හා පැති ප්‍රදේශයේ "පොප්" ශබ්ධයක් නැඟේ.

  • පාදය ඉදිරියට හා පසුපසට එසවීමට උත්සාහ කරන විට පාදයේ දුර්වලතාවයක් දක්නට ලැබේ.

  • උකුල් සන්ධියේ ඉදිරිපස, පසුපස හා පැති ප්‍රදේශයේ තද බවක් දක්නට ලැබේ.

  • උකුල් සන්ධියේ ඉදිරිපස, පසුපස හා පැති ප්‍රදේශයේ ඉදිමීමක් දක්නට ලැබේ.

  • පුටුවෙන් නැගිටීම සහ ඇවිදීම වැනි එදිනෙදා ක්‍රියාකාරකම් සිදු කිරීමේ අපහසුතාවයක් දැනෙ


භෞතචිකිත්සාවේ අරමුණු


  • වේදනාව අඩු කිරීම.

  • චලනය වැඩි කිරීම.

  • ශක්තිමත් භාවය වැඩි කිරීම.

  • යථා තත්වයට පැමිණීමේ වේගය වැඩි කිරීම.

  • ක්‍රියාකාරීත්වය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීම.

  • අනාගතයේදී නැවත ආබාධ ඇති වීම වැලැක්වීම.


මෙම ආබාධය වැළැක්වීමේ ක්‍රම


  • ක්‍රීඩාවන් හා බරැති ක්‍රියාකාරකම් වල නිරත වීමට පෙර ශරීරය උණුසුම් කරන ව්‍යායාම (Warmup)වල නිරත විය යුතුය. එහිදී උකුල් සන්ධියේ ඉදිරිපස, පසුපස හා පැති ප්‍රදේශයේ මාංශ පේශීන් Stretch කල යුතුය.

  • ක්‍රීඩාවන් වල තීව්‍රතාවය ක්‍රමාණුකූලව වැඩි කළ යුතුය.

  • ඉතා තදින් හෝ ඉතා වේගයෙන් ක්‍රියාවන් සිදු නොකළ යුතුය.

  • ක්‍රීඩාවන්හි නිරත නොවන කාලවලදී වුවද මාංශ පේශි ශක්තිමත් කරන ව්‍යායාම හා නම්‍යශීලී කරන ව්‍යායාම සිදු කළ යුතුය.

  • හොඳින් සවි වන හා පහසු සපත්තු පැළදිය යුතුය.

  • උකුල් සන්ධිය ලිස්සා යාම සිදු වන්නේ නම් ක්‍රියාකාරකම් සිදු කරන ආකාරය වෙනස් කළ යුතුය.

SHS සහිත රෝගීන් කලමණාකරණයේදී භෞතචිකිත්සකවරුන් විශේෂිත කාර්යභාරයක් ඉටු කරයි.සිදු කරන ප්‍රතිකාර රෝග ලක්ෂණ මත රඳා පවතී.


References:-

https://www.ncbi.nlm.nih.gov/books/NBK448200/

https://www.healthline.com/health/snapping-hip-syndrome


ආශ්චර්යා දිව්‍යානි

3 views0 comments

Comments


bottom of page