ශාරීරික ක්‍රියාකාරකම් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවේ අංගයක් ලෙස සලකනු ලැබේ. කායික අක්‍රියතාවය යනු හෘද රෝග සඳහා වන අවදානම වැඩි දියුණු කරන සාධකයකි. ව්‍යායාමවල නිරත වීම මගින් හදවත් රෝග වර්ධනය වීමේ අවදානම අඩු කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවසන්නේ හෘද රෝග ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා සතියකට අවම වශයෙන් විනාඩි 150 ක මධ්‍යස්ථ-තීව්‍රතාවයකින් යුත් ශාරීරික ක්‍රියාකාරකම්වල හෝ සතියකට අවම වශයෙන් විනාඩි 75 ක දැඩි-තීව්‍රතාවයකින් යුත් ශාරීරික ක්‍රියාකාරකම්වල හෝ මධ්‍යස්ථ සහ ප්‍රබල-තීව්‍රතා සංයෝජනයක් සහිත ශාරීරික ක්‍රියාකාරකම්වල නිතර වීම මගින් සැලකිය යුතු සෞඛ්‍ය ප්‍රතිලාභ ලබා ගත හැකි බවයි.
ව්‍යායාම මගින් systolic රුධිර පීඩනය වැඩි කිරීම, angina වැනි හෘද රෝග ලක්ෂණ අඩු කිරීම, ශාරීරික ක්‍රියාකාරකම් දරාගැනීමේ හැකියාව වැඩි කිරීම සිදු කරයි . එමගින් ඔවුන්ගේ එදිනෙදා කාර්යයන් සිදු කර ගැනීමට හැකියාව ලබා දෙන අතර ජීවන තත්ත්වයද උසස් වේ. නිතිපතා ව්‍යායාම කිරීම හෘද රෝග සඳහා වන අවදානම් සාධක බොහොමයකට හිතකර බලපෑමක් ඇති කරයි.
නිතිපතා ව්‍යායාමවල නිතර වීමේ ප්‍රතිලාභ
ශාරීරික ක්‍රියාකාරකම් දරාගැනීමේ හැකියාව වැඩි වීම
ශරීර බර අඩු වීම
රුධිර පීඩනය අඩු කිරීම
රුධිරගත කොලෙස්ටරෝල් මට්ට්ම අඩු කිරීම.- ව්‍යායාම මගින් අඩු ඝනත්ව ලිපෝප්‍රෝටීන (LDL ) කොලෙස්ටරෝල් මට්ට අඩු කරන අතර අධි ඝනත්ව ලිපෝප්‍රෝටීන (HDL) කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරයි. එමගින් රුධිරයේ සම්පූර්ණ කොලෙස්ටරෝල් මට්ටම අඩු කිරීම සිදු කරයි.
සිරුරේ ඉන්සියුලින් සංවේදීතාව වැඩි කිරීම- නිතිපතා ව්‍යායාම කිරීම දියවැඩියා රෝගීන්ගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කිරීමට ඉන්සියුලින් භාවිතා කිරීමට ශරීරයට ඇති හැකියාව කෙරෙහි හිතකර ලෙස බලපායි.
ව්‍යායාම මගින් ශරීරයට ප්‍රතිලාභ ගණනාවක් අත් වේ; ඉන් ප්‍රධාන ප්‍රතිලාභ ලෙස
️ මාංශ පේශි ක්‍රියාකාරිත්වය සහ ශක්තිය වැඩිදියුණු කිරීම සහ ඔක්සිජන් ලබා ගැනීමට සහ භාවිතා කිරීමට ශරීරයට ඇති හැකියාව (උපරිම ඔක්සිජන් පරිභෝජනය) වැඩිදියුණු කිරීම හැදින්විය හැක.
️ පුද්ගලයෙකුගේ සිරුර තුළ ඔක්සිජන් ප්‍රවාහනය කිරීමට සහ භාවිතා කිරීමට ඇති හැකියාව වැඩිදියුණු වන විට, නිතිපතා දෛනික ක්‍රියාකාරකම් අඩු තෙහෙට්ටුවකින් සිදු කළ හැකිය. හෘද වාහිනී රෝග ඇති රෝගීන් සඳහා මෙය විශේෂයෙන් වැදගත් වේ. ඔවුන්ගේ ව්‍යායාම ධාරිතාව නිරෝගී පුද්ගලයින්ට වඩා සාමාන්‍යයෙන් අඩුය.
️ ව්‍යායාම පුහුණුව මගින් ව්‍යායාම හෝ හෝර්මෝන වලට ප්‍රතිචාර වශයෙන් රුධිර නාලවල ප්‍රසාරණය වීමේ හැකියාව වැඩි දියුණු කරයි. රුධිර නාල බිත්තිවල ක්‍රියාකාරිත්වය වැඩි වීම මගින් ව්‍යායාම සිදු කිරීමේදී මාංශ පේශිවලට ඔක්සිජන් සැපයීමේ හැකියාව වැඩි දියුණු වේ.
️ හෘද රෝග ඇති රෝගීන් ව්‍යායාම වැඩසටහන්වලට සහභාගි වීම මගින් ඔවුන්ගේ ආත්ම විශ්වාසය වැඩි දියුණු වන අතර ආතතිය සහ කාංසාව අවම වේ
ව්‍යායාම පුහුණුව මගින්,
️ උපරිම ඔක්සිජන් අවශෝෂණය වැඩි කිරීම (VO2max)
️ ශරීරයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම
️ රුධිර නාල තුළ රුධිරය ගලායාම වැඩි දියුණු කිරීම සිදු කරයි.
හදවත් රෝගීන් සඳහා වන හෘද පුනරුත්ථාපන සැසිවලදී ව්‍යායාම වැඩසටහන් සකස් කිරීමෙන් භෞතචිකිත්සකවේදීන් විශාල කාර්යභාරයක් ඉටු කරයි. හෘද පුනරුත්ථාපන ව්‍යායාම වැඩසටහන් මගින් හෘද රෝගීන්ගේ මානසික අවපීඩනය අඩු කරන අතර රෝහල් ගතවීම් ද අවම කරයි. එසේම මෙමඟින් හෘදයාබාධ ඇති රෝගීන්ගේ මරණ අනුපාතයේ දිගුකාලීන අඩුවීමක් පෙන්නුම් කරයි.
රුවිණිකා ගම්ලත්
References
https://www.ahajournals.org/doi/full/10.1161/01.CIR.0000048890.59383.8D
Comments