top of page

Fat Pad Syndrome

Vimukthi Chandula

Fat pad syndrome යනු ඉදිරිපස දණහිසේ වේදනාව සඳහා පොදු හේතුවකි. එය infrapatellar fat pad හි ඇතිවන ගැටළුවකි. Infrapatellar fat pad පිහිටා ඇත්තේ දණිස් අස්ථියේ යට ඉදිරිපස දණහිස් කොටසේය. එය මේද පටක වලින් යුතු ආරක්ෂිත ව්‍යුහයක්  වන අතර එය ඌර්වාස්ථිය හා ජංඝාස්ථිය යන අස්ථි වලින් දණිස් අස්ථිය වෙන් කරයි. Infrapatellar fat pad යනු වෙනස්වීම් වලට භාජනය වන ව්‍යුහයකි. Fat pad සින්ඩ්‍රෝමය ඇති වන්නේ Infrapatellar fat pad හි බාධාවක් සිදු වූ විටය. Infrapatellar fat pad සතුව ඉතා හොඳ ස්නායු සැපයුමක් පවතින බැවින් මෙම තත්ත්වය ඉතා වේදනාකාරී විය හැක.




 

Fat pad syndrome සඳහා පොදු හේතු පහත පරිදි වේ.

  • හදිසි තුවාල

  • නිදන්ගත දණහිස් ඔස්ටියෝ ආතරයිටිස්

  • Quadriceps මාංශපේශියේ තද බව

  • දණහිස පමණට වඩා කෙලින් කිරීම

  • ක්‍රීඩා වලදී දණහිස අධික ලෙස භාවිතා කිරීම හෝ පටකවල නැවත නැවත ඇතිවන ඉරීම්.


Fat pad syndrome තරුණ කාන්තාවන් තුළ දැකිය හැකිය. පැනීම් සම්බන්ධ ක්‍රීඩාවල යෙදී සිටින පුද්ගලයින් සහ සන්ධි ලිහිල්තාවයෙන් පෙළෙන පුද්ගලයින් මෙම සින්ඩ්‍රෝමය ඇතිවීමට නැඹුරු වේ.

 

ඔබ Fat pad සින්ඩ්‍රෝමයෙන් පෙළෙන්නේ නම්,

  • දණහිසේ ඉදිරිපස, දණිස් අස්ථියේ පතුල වටා ඔබට දැඩි වේදනාවක් දැනෙනු ඇත. කකුල සම්පූර්ණයෙන්ම කෙළින් වූ විට හෝ ඔබ පඩිපෙළක් නගින විට  සහ බසින විට හෝ ඔබ දිගු වේලාවක් සිටගෙන සිටින විට මෙම වේදනාව වැඩි විය හැක.

  • දණහිසට යටින් සහ ඒ අවට ඉදිමීම දැකිය හැක.

  • දණහිසෙහි බලපෑමට ලක් වූ ප්‍රදේශය ස්පර්ශ කිරීමේදී අධික වේදනාවක් දැනේ.

  • Fat pad සින්ඩ්‍රෝමයෙන් පෙළෙන විට රෝගීන් දණහිස අධික ලෙස කෙලින්  කිරීමෙන් වැළකිය යුතුය.

 

Fat pad සින්ඩ්‍රෝමය සඳහා මූලික ප්‍රතිකාර වන්නේ විවේකය සහ ඖෂධ ය. විවේකය සහ ඖෂධ මඟින් වේදනාව සහ ප්‍රදාහය අඩු කළ හැකිය.


භෞතචිකිත්සක ප්‍රතිකාර මගින් රෝගීන් ඔවුන්ගේ සුපුරුදු ක්‍රියාකාරකම් වෙත ආපසු ගෙන ඒම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරයි. භෞතචිකිත්සක ප්‍රතිකාර කිහිපයක් පහත පරිදි වේ.

  • ️Taping

  • ️මාංශපේශී ශක්තිමත් කිරීමේ ව්‍යායාම

  • ️Quadriceps සහ ඉදිරිපස උකුල් සන්ධිය ආශ්‍රිත මාංශපේශී දිගඇදීමේ ව්‍යායාම.

 

 

Fat pad සින්ඩ්‍රෝමයෙන් පෙළෙන රෝගීන් හට පහත උපදෙස් දෙනු ලැබේ.

  • ️සාපේක්ෂව උස අඩියකින් යුතු පාවහන් පැළඳීම.

  • ️රෝගීන්ගේ බර අඩු කර ගැනීම.

  • ️රෝගීන් චලනයන් පිළිබඳව දැනුවත් කිරීම.

 

 

References:

https://www.physio-pedia.com/Fat_Pad_Syndrome

https://www.bupa.co.uk/health-information/knee-clinic/knee-conditions/infrapatellar-fat-pad-syndrome

https://www.toshmd.com/hoffa-s-fat-pad-syndrome-orthopedic-surgeon-murray-utah-salt-lakecity.html#:~:text=Hoffa's%20fat%20pad%20syndrome%20also,of%20the%20Hoffa's%20fat%20pad

 

ෆස්මියා නූර්දීන්.

2 views0 comments

Commentaires


bottom of page