top of page

Frozen shoulder හෙවත් Adhesive Capsulitis පිලිබඳව ඔබ දැනුවත්ද?

Writer's picture: Wephysio MFCWephysio MFC

Updated: Jul 22, 2020

Adhesive Capsulitis යනු සමාජයේ පුද්ගලයන් අතර බහුලව දක්නට ලැබෙන රෝගී තත්වයක් වන අතර උරහිසේ වේදනාව හා චලන පරාසය අඩු වීමට බලපාන ප්‍රධානම හේතු අතරින් එකකි. බොහෝ අවස්ථාවලදී මෙය සුව වීමට මාස 12ත් 24ත් අතර කාලයක් ගත විය හැක.


Adhesive Capsulitis යනු කුමක්ද?

Frozen shoulder හෙවත් adhesive capsulitis යනු උරහිස් සන්ධියේ (glenohumeral joint) ඇතිවන වේදනාත්මක මෙන්ම සියලුම චලනවල පරාසයන් අඩු වීමට හේතුවන රෝගී තත්වයකි.


මෙම රෝගී තත්වය මගින් ඇදුම් ඇඳීම, යමක් එසවීම, ඇඳුම්වල පිටුපස ඇති පටි වැනි දෑ ගැට ගැසීම හා කොණ්ඩය පීරීම, රාක්කයක ඉහලින් ඇති යමක් වෙත ලඟාවීම වැනි අත හිසට වඩා ඉහලට එසවෙන ක්‍රියාකාරකම්වලට බාධා ඇතිවේ.



Adhesive capsulitis වර්ගීකරණය කිරීමේදී ප්‍රාථමික නොහොත් නිශ්චිත හේතුවක් මගින් පැහැදිලි කළ නොහැකි Adhesive capsulitis සහ ද්විතීයික Adhesive capsulitis ලෙස වර්ග දෙකකි.


ප්‍රාථමික Adhesive capsulitis වලදී,


රෝගියෙකුගේ උරහිසේ වේදනාව ඇතිවීමට හා චලන පරාසයන් අඩුවීමට නිශ්චිත හේතුවක් නැත. එනම් එය රෝගියා ශරීරයේ පද්ධතීන් ආශ්‍රිත රෝගී තත්වයකින් පෙලීම හෝ උරහිසේ ඇතිවු වෙනත් ආබාධයකකන් පෙලීම මගින් පැහැදිලි කළ නොහැක.


ද්විතීයික Adhesive capsulitis වලදී


රෝගියෙකුගේ උරහිසේ වේදනාව හා චලන පරාසය අඩු වීමට‍ ආඝාතයක් නිසා ඇතිවූ hemiparesis තත්වයක්, මෑතකදී උරස් හෝ උරහිස් ප්‍රදේශයන්හි කරන ලද ශල්‍යකර්මයක් හෝ cervical spondylosis වැනි හේතූන් බලපායි.


Adhesive capsulitis අවධි 3 කින් යුක්ත වේ

▫️️  Freezing අවධිය

▫️️  Frozen අවධිය

▫️️  Thawing අවධියයි.


Adhesive capsulitis හි රෝග ලක්ෂණ


Freezing අවධිය


  • වේදනාව-වේදනාව පැතිරුණු ස්වභාවයක් ගන්නා අතර වේදනාව දැනෙන ස්ථානය නිශ්චිතවම කිව නොහැක.

  • මෙම අවධියේදි වේදනාව ක්‍රමක්‍රමයෙන් වැඩිවේ.

  • රාත්‍රී කාලයේ වේදනාව දවල්ට වඩා වැඩිය.

  • නින්දේදී වේදනාව සහිත උරහිස යටට සිටින ලෙස (එම උරහිස මත) හාන්සි වීමෙන් වේදනාව වැඩිවිය හැක.

  • උරහිසේ සියලුම චලනවල පරාසයන් අඩුවේ.

  • සාමාන්‍යයෙන්, උරහිස අල්ලන විට වේදනාවක් නොදැනේ. (tenderness on palpation)


Frozen අවධිය


  • වේදනාව- ක්‍රම ක්‍රමයෙන් අඩුවේ.

  • නමුත් චලනයන්ගේ උපරිම පරාසයේදි වේදනාව ඇතිවේ.

  • මෙම අවධියේදී රෝගීන්ගේ ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ උරහිසේ ඇතිවන තද බව හා චලන පරාසයන් අඩුවීමයි.

  • උරහිසේ චලන සීමා වීම නිසා deltoid මාංශ පේෂිය නිරන්තරයෙන් භාවිතා නොවීම සිදුවන අතර එමගින් එම මාංශ පේෂිය ක්ෂය වීමකට ලක්වේ (Disuse atrophy).


Thawing අවධිය


  • වේදනාව- අඩුවී යන අතර තවමත් සමහර ක්‍රියාකාරකම්වලදී වේදනාව වැඩි වීමට ඉඩ ඇත.

  • මෙම අවධියේදී උරහිසේ චලන පරාසය යථා තත්වයට පත්වේ.


Adhesive capsulitis සඳහා අවධානම් සාධක

  • වයස- අවුරුදු 40ට වැඩි පුද්ගලයන්

  • ස්ත්‍රී පුරුෂ භාවය- ස්ත්‍රීන් අතර බහුලය.

  • Cervical spondylosis

  • උරහිසේ rotator cuff හී ඇතිවන ආබාධ, උඩු බාහුවේ අස්ථි බිදීම්, ආඝාතය හෝ මෑතකදී උරස් හෝ උරහිස් ප්‍රදේශයන්හි කරන ලද ශල්‍යකර්ම වැනි හේතූන් නිසා උරහිසේ චලනයන් සීමා වීම.

  • දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය හෝ අව ක්‍රියාකාරීත්වය (Hyperthyroidism or Hypothyroidism), හෘද වාහිනී (cardiovascular) රෝග, ක්ෂය රෝගය, පාකින්සන් රෝගය වැනි ශරීරයේ පද්ධතීන් ආශ්‍රිත රෝග.


Adhesive capsulitis සඳහා ප්‍රතිකාර කිරීම

Adhesive capsulitis සඳහා ප්‍රතිකාර කිරීමේදී එහි ප්‍රධාන අරමුණ වන්නේ උරහිස් සන්ධියේ චලන යථා තත්වයට පත් කිරීම හා පවත්වාගෙන යාමයි. මෙම තත්වය සඳහා ප්‍රධානව භාවිතාවන්නේ ශල්‍යකර්මවලින් තොරව සිදු කරන භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයයි. මෙම රෝගී තත්වය කලින් හදුනා ගැනීම හා නිවැරදි ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම මගින් අනවශ්‍යය ශල්‍යකර්ම වලක්වා ගත හැක.


තවද උරස් හෝ උරහිස් ප්‍රදේශයන්හි කරන ලද ශල්‍යකර්මවලට භාජනය වූ රෝගීන් විසින් එම ශල්‍යකර්මයෙන් අනතුරුව වේදනාව නිසා තම උරහිසේ චලන සීමා කරන බැවින් මොවුන් මෙම රෝගී තත්වයට ගොදුරු වීමේ වැඩි අවදානමක් ඇත. එම නිසා ශල්‍යකර්මයෙන් අනතුරුව භෞතචිකිත්සක නිළධාරිවරයෙකුගේ මග පෙන්වීම යටතේ නිසි පරිදී උරහිස චලනය කිරීම හා චලන පරාසයන් වැඩි කිරීමේ ව්‍යායාම් කිරීම මගින් මෙම රෝගීන් Adhesive capsulitis රෝගී තත්වයට ගොදුරු වීමේ අවදානම අවම කර ගත හැක.



දිලුමි ජයවීර



References


  • Tasto, J.P. and Elias, D.W., 2007. Adhesive capsulitis. Sports medicine and arthroscopy review, 15(4), pp.216-221

  • Anton, H.A., 1993. Frozen shoulder. Canadian family physician, 39, p.1773.

  • D’Orsi, G.M. Via, A.G., Frizziero, A. and Olivia, F., 2012. Treatment of adhesive capsulitis: a review. Muscles, ligaments and tendons journal, 2(2),p.70

  • https://www.mayoclinic.org/diseases-conditions/frozen-shoulder/symptoms-causes/



1 comentário


Chathuranga Pallegama
Chathuranga Pallegama
21 de jul. de 2020

Good article👍

Curtir
bottom of page