top of page

COVID-19 තත්ත්වයේදී ඇතිවන Happy hypoxia

Vimukthi Chandula

ඔබේ ශරීරයේ ඔක්සිජන් මට්ටම ඉතා අඩු අගයක පවතින විට එය Hypoxia තත්ත්වයක් ලෙස හැඳින්වේ. සාමාන්‍ය ඔක්සිජන් සන්තෘප්තිය 94-99% අතර අගයක් වන නමුත් කොරෝනා වෛරසය පෙනහළු වලට හානි කිරීම ඔක්සිජන් මට්ටම පහත යාමට හේතු විය හැක. හුස්ම හිරවීමේ සිට පපුවේ වේදනාව සහ අනෙකුත් ශ්වසන සංකූලතා දක්වා විවිධ රෝග ලක්‍ෂණ මඟින් Hypoxia තත්ත්වය හඳුනාගත හැකිය.


හදිසි බාහිර අංශ වෙත ඉදිරිපත් කරන Covid -19 වැළඳුනු බොහෝ රෝගීන්ගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත වැටී ඇති නමුත් පැහැදිලි බාහිර සලකුනු නොමැති වීම රෝග විනිශ්චය ප්‍රමාද වීමට සහ සංකූලතා වලට හේතු වේ. මෙම තත්ත්වය හැඳින්වෙන්නේ ‘Happy hypoxia’ හෝ වඩාත් නිවැරදිව ‘Silent hypoxaemia ’ යනුවෙනි. මෙම රෝගී තත්ත්වය ‘Happy hypoxia’ යනුවෙන් හඳුන්වන්නේ රෝග විනිශ්චය කරන තුරු මෙම රෝගයෙන් පීඩා විඳින රෝගියා බාහිරින් සතුටින් හා හොඳින් සිටින බැවිනි.






COVID-19 රෝගීන් තුළ ඔක්සිජන් මට්ටම පහත වැටෙන්නේ ඇයි?


කොරෝනා වයිරසය යනු පෙනහළු සහ ශ්වසන මාර්ගය ඇතුළු ශරීරයේ විවිධ කොටස් වල ආසාදන ඇති කරන ශ්වසන රෝගයකි. එය ශරීරයේ ඔක්සිජන් සහිත රුධිර ප්‍රවාහය අවහිර කරන අතර එමඟින් රෝගීන්ට හුස්ම ගැනීමට අපහසු වේ. ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශ්වාස කරනුයේ පෙනහළු තුළ රුධිර නාල වල සිදුවන කැටි ගැසීම ඔක්සිජන් මට්ටම පහත වැටීමට හේතු වන බවයි.


'Happy hypoxia' තත්ත්වය හඳුනා ගන්නේ කෙසේද?


රෝහල්ගතව සිටින රෝගීන්ගේ මරණ ප්‍රමාණය සමඟ hypoxia සම්බන්ධතාවයක් දක්වන හෙයින් රෝගියා මඳ ආසාදන තත්ත්වයක් ඇති හෝ රෝග ලක්ෂණ රහිත වුවත් ඔක්සිජන් මට්ටම නිතිපතා නිරීක්ෂණය කිරීමට විශේෂඥයින් නිර්දේශ කරති. Pulse oximeter නම් උපකරණය ඔක්සිජන් සන්තෘප්තිය මැනීම සඳහා සාමාන්‍යයෙන් භාවිතා කෙරේ. එහි කියවීම් ප්‍රවේශමෙන් අර්ථ නිරූපණය කළ යුතුය.


ඔක්සිජන් සන්තෘප්තිය මැනීමට අමතරව සෞඛ්‍ය සේවකයින්, රෝගියාගේ ශ්වසන වේගය සහ අධික ලෙස හුස්ම ගැනීමේ ලක්ෂණ (Hyperventilation) සමීපව නිරීක්ෂණය කළ යුතුය.


COVID-19 රෝගීන් තුළ ඔක්සිජන් මට්ටම අඩු වීමේ සලකුනු


COVID-19 රෝගය සෑම විටම අඩු ඔක්සිජන් මට්ටමක් ඇති නොකරයි. COVID-19 රෝගයේ මූලික අවධියේ දී උණ, කැස්ස සහ සුවඳ සහ රසය දැනීම නැති වීම වැනි රෝග ලක්‍ෂණ දක්නට ලැබේ. කෙසේ වෙතත්, ඕනෑම අවස්ථාවක හුස්ම ගැනීමට අපහසු පුද්ගලයින් රෝහල් ගත කළ යුතු අතර වෛද්‍ය ආධාර ලබා ගත යුතුය.


ශරීරයේ ඔක්සිජන් මට්ටම අඩු වීම හඳුනා ගැනීමට උපකාරී වන ලක්ෂණ කිහිපයක් පහත දැක්වේ.


▪️ හුස්ම හිරවීම

▪️ පපුවේ වේදනාව

▪️ ව්‍යාකූලත්වය

▪️ තොල් නිල් පැහැ වීම

▪️ නාසයේ දැවිල්ල


පුද්ගලයෙකුට ඔක්සිජන් ප්‍රතිකාර ලබා ගත යුත්තේ?


ඔක්සිජන් සන්තෘප්තියේ මට්ටම 90%ට වඩා අඩු වූ විට, ඔක්සිජන් ප්‍රතිකාර වෛද්‍ය අධීක්ෂණය යටතේ ලබා දිය යුතුය.


References:-

https://timesofindia.indiatimes.com/life-style/health-fitness/health-news/coronavirus-what-is-happy-hypoxia-and-how-dangerous-can-it-be-for-covid-19-patients/photostory/83509650.cms

Dhont, S., Derom, E., Van Braeckel, E., Depuydt, P. and Lambrecht, B.N., 2020. The pathophysiology of ‘happy’hypoxemia in COVID-19. Respiratory research, 21(1), pp.1-9.

Wilson-Baig, N., 2021. Happy hypoxia in COVID-19: pathophysiology and pulse oximetry accuracy. Journal of Paramedic Practice, 13(7), pp.288-296.



හේෂානි හසින්තා

16 views0 comments

Comments


bottom of page