top of page

Hemiplegic gait

Vimukthi Chandula

Hemiplegia යනු ශරීරයේ එක් පැත්තක පමණක් දක්නට ලැබෙන අංශභාග තත්ත්වයකි. එය සාමාන්‍යයෙන් දකුණු හෝ වම්පස hemiplegia ලෙස වර්ග කෙරේ. ශරීරයේ එක් පැත්තක ඇති වන අංශභාගය සහ එහි දුර්වලතාවය නිසා සිරුරේ චලන පාලනය අඩු වන අතර සන්ධිවල චලනය සිදුවන පරාසයන් වෙනස් වේ.


රුධිර සැපයුමේ ඌනතාවය හේතුවෙන් මොළයේ එක් ප්‍රදේශයකට ප්‍රමාණවත් ඔක්සිජන් සහ පෝෂ්‍ය පදාර්ථ නොලැබීම ,රුධිර නාලවල අවහිරතාවයක් ඇතිවීම (ischemic ආඝාතය, 80% ක් පමණ) හෝ රුධිර නාලිකා බිඳී යාමෙන් (haemorrhagic ආඝාතය, 20% පමණ) මෙම තත්ත්වය ඇතිවේ. hemiplegic රෝගීන්ගෙන් තුනෙන් දෙකක් පමණ පිරිසක් පශ්චාත්-ආඝාත තත්ත්වයේ ප්‍රතිවිපාක අත්විඳියි.


ආඝාතය මොළයේ චාලක ක්‍රියාකාරකම් සඳහා ආවේග සපයන ප්‍රදේශ සහ ඒවායේ descending corticospinal track සහ එම මාංශ පේශිවලට හානි කිරීම සිදු කරයි. එසේම brainstem descending මාර්ග සහ intraspinal motor network අවහිරවීම මෙන්ම ඒවා අධික ලෙස උද්දීපනය වීමද සිදුවේ. එමගින් ශරීරයේ චලනයන් පාලනය කිරීමට ඇති හැකියාව දුර්වල වන අතර ඇවිදීමේ හැකියාවද දුර්වල කරයි.

මාංශ පේශි දුර්වලතාවය- මාංශපේෂීන්වල spasticity බව, පශ්චාත්-ආඝාත තත්ත්වයේ සංකූලතාවයන් වේ.





ඇවිදීමට hemiplegic ආඝාතයේ බලපෑම


  • පොළොව මත පාද ස්පර්ශයේදී, පාදයේ ඉදිරිපස මාංශපේෂි(anterior tibialis) පාලනයේ ශක්තිය අඩුවීම හෝ කෙන්ඩ (calf) මාංශ පේශිවල spastic බව හේතුවෙන් නිසිපරිදි විලුඹ පොළවේ ස්පර්ශ කිරීමට නොහැකි වේ. නිසි ලෙස dorsiflex කිරීමට නොහැකි වීම නිසා බොහෝ විට foot-drop තත්ත්වය ඇතිවේ.


  • ආඝාතය ඇතිවී පසුව සුව වූ අයට සාමාන්‍යයෙන් ඇවිදීමේදී කෙටි stance අදියරක් සහ දිගු swing අදිරයක් ඇතිවේ. තවද, ඇවිදීමේ වේගය අඩු වන අතර පියවර අතර දුර අඩු වීමද සිදුවේ.


  • පශ්චාත්-ආඝාත තත්ත්වය නිසා, සාමාන්‍යයෙන් swing අදිරයේදී පාද ඔසවා තැබීමේදී එම ඉරියව්වේ ස්ථායීතාවය සහ ශක්ති කාර්යක්ෂමතාවය ඇවීදීම් රටාවට බාධා ඇතිකරයි.


  • පශ්චාත්-ආඝාත රෝගීන් තුල පවතින ඇවිදීමේ අසාමාන්‍යතා සහ මාංශ පේශි දුර්වලතා නිසා ඔවුන් වැටීමේ ඉහළ අවදානමකට ලක් වේ.


hemiplegic gaitහි ඇවිදීමේ රටාවේ වෙනස්කම්


  • Hemiplegic gait යනු මාංශ පේශීන්වල දුර්වලතාවය සහ spastic බවත් සමඟම අනුවර්තනය වූ ඇවිදීමේ රටාවකි.


  • හානි වූ පැත්තේ පාදය ඔසවා නැවත පොළව මත ස්පර්ශ කිරීමේදී එම පාදය ඉදිරියට ගෙන යාම සිදු වන්නේ පාදය පැත්තට ගෙන යමින්, එය අර්ධ වෘත්තාකාර මාර්ගයක ගමන් කිරීම මගිනි. මේ සඳහා උකුල උපකාරී වේ.


hemiplegic gait හඳුනාගන්නේ කෙසේද?


  • ️ මේ සදහා ඇවිදීමේ වෙනස්කම් නිරීක්ෂණය කළ හැකි අතර, ආඝාතය නිසා ඇතිවන ඇවිදීමේ අපගමනය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම වෙනස්කම් ගණනය කිරීම වැදගත් වේ.


  • ️ Zeno Walkway System වැනි Gait mat තාක්ෂණය, ඇවිදීමේ වේගය, පියවර අතර දුර සහ ස්ථාවර කාලය වැනි තාවකාලික අවකාශීය ප්‍රමිතික ගණනය කිරීම් මෙහිදී බහුලව භාවිතා වේ.


hemiplegic ආඝාතය දී ඇවිදීම වැඩි දියුණු කිරීම සඳහා ප්‍රතිකාර


  • ️ රෝගීන්ට ප්‍රතිකාර අවශ්‍ය වන්නේ ඔවුන්ගේ ඇවිදීමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා ය.


  • ️ ඇවිදීමේ ආරක්ෂාව සහ එහි වේගය වැඩි දියුණු කිරීම මගින් ආඝාතය ඇතිවී පසුව සුව වූ පුද්ගලයන්ගේ වැටීම් වලක්වා ගැනීම සහ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම සිදු කරයි.


  • ️ කායික ශක්තිය අඩු වීම සහ චලන පරාසය අඩුවීම කළමනාකරණය කිරීම සඳහා bracing සහ එහි සහායක උපාංග බොහෝ විට භාවිතා වේ. පාදයේ අධික plantar flex වීම වැළැක්වීමට සහ heel strike ප්‍රවර්ධනය කිරීමට වළලුකර-පාද විකලාංග (AFO) භාවිතා කළ හැක.


  • ️ ඇවිදීමේ සහයක(walkers) සහ canes භාවිතා කළ හැකි අතර එය ශරීරයේ උඩු කොටසේ ස්ථාවරත්වයට සහාය වේ.


  • ️ දුර්වල මාංශ පේශි සක්‍රීය කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියාකාරී විද්යුත් උත්තේජනය (FES) භාවිතා කළ හැකිය.


Hemiplegia රෝගියකුගේ සමස්ත ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සඳහා භෞතචිකිත්සාව මනාව ඉවහල් වේ.


References

️ https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC6088193/

️ https://www.protokinetics.com/common-gait-deviations-post-stroke-hemiplegic-gait/


සුපුන් උදාර

7 views0 comments

Comments


bottom of page