top of page

මස්තිෂ්ක ආඝාතය ඇති ළමුන් සඳහා ජල චිකිත්සාව.

Vimukthi Chandula



  • බොහෝ විට උපතට පෙර නොමේරූ, වර්ධනය වන මොළයට සිදුවන හානිය නිසා මස්තිෂ්ක ආඝාතය ඇතිවේ. මස්තිෂ්ක ආඝාතය නිසා අත් පා සහ කඳෙහි ස්ථිර හැඩයන් පවත්වා ගත නොහැකි වීම හෝ අසාමාන්‍ය මාංශ පේශි තද බව, අසාමාන්‍ය ඉරියව්, ස්වේච්ඡා චලනයන්, අස්ථායී ඇවිදීම හෝ මේවායේ යම් එකතුවක් සහිතව චලනයන් දුර්වල වේ.


  • මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන්ට ගිලීමේ ගැටලු ඇති විය හැකි අතර සාමාන්‍යයෙන් ඇසේ මාංශ පේශි අසමතුලිතතාවය ඇති විය හැකි අතර, ඇස් එකම වස්තුවකට යොමු නොකරයි. මාංශ පේශි තද බව හේතුවෙන් ඔවුන්ගේ ශරීරයේ විවිධ සන්ධිවල චලනයේ පරාසය අඩු වී තිබිය හැකිය.


  • ජල චිකිත්සාව;  මෙම රෝගීන්ගේ සෞඛ්‍යය නංවාලීම සඳහා ජල ස්ථිතික පීඩනය, උත්ප්ලාවකතාව, දුස්ස්‍රාවීතාවය සහ ජලයේ තාප ගති විද්‍යාව වැනි ගුණාංග භාවිතා කරයි. මෙම ප්‍රතිකාර සිදු කිරීම සඳහා පෙර පිහිනුම් අත්දැකීමක් අවශ්‍ය නොවේ.

 

 මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන්ට ජල චිකිත්සාව ප්‍රයෝජනවත් වන්නේ ඇයි?

  • මස්තිෂ්ක ආඝාතය ඇති දරුවන්ට ජල චිකිත්සාව ඉතා ප්‍රයෝජනවත් වේ. මන්ද ඔවුන්ට ජලයේ අඩු බාධාවන්  ඇත. ජලය දරුවන්ට ගොඩබිමට වඩා නිදහසේ ගමන් කිරීමට සහ අවම උත්සාහයකින් විවිධ අභ්‍යාස සම්පූර්ණ කිරීමට ඉඩ සලසයි.

  • මෙම තටාක 33 -36 ºC පමණ උණුසුම් ජලය භාවිතා කරන අතර දැඩි මාංශ පේශි සහිත දරුවන්ට පහසුවෙන් ගමන් කිරීමට උපකාර වන බැවින් ව්‍යායාම කිරීමට සහ මාංශ පේශි ශක්තිය වැඩි කිරීමට පහසු වේ. එය සමතුලිතතාවය, ශ්වසන ක්‍රියාකාරිත්වය නංවාලීමට සහ සන්ධිවල චලනයේ පරාසය වැඩි කිරීමට ද උපකාරී වේ.

  • මෙමගින් ජලයේ නිදහසේ ගමන් කිරීමට හැකි වීමෙන් දරුවන්ට  ආත්ම විශ්වාසයක් ඇති කර ගත හැක.  මෙම චිකිත්සාවේ අතුරු ආබාධ නොමැත.

 

මස්තිෂ්ක ආඝාතය සහිත ළමුන් සඳහා ජල චිකිත්සාවේ ප්‍රතිලාභ.

  • උණුසුම් ජලය තුළ අභ්‍යාස සිදු කරන බැවින්,; ගැමා තන්තු ක්‍රියාකාරිත්වය අඩු වීමෙන්  මාංශ පේශි ලිහිල් කිරීමට පහසුකම් සපයන අතර  අසාමාන්‍ය මාංශ පේශි තද බව අඩු කරයි.

  • ජල චිකිත්සාවේදී නව චලන කුසලතා අත්විඳීමට, ඉගෙනීමට සහ භුක්ති විඳීමට ඉඩක් ලබා දෙයි.  එමඟින් ක්‍රියාකාරී කුසලතා සහ සංචලතාව වැඩි කිරීමට සහ ආත්ම විශ්වාසය ගොඩනඟා ගැනීමට මග පාදයි.

  • ජලයේ සන්ධි සම්පීඩනය අඩු බැවින් සන්ධි අක්‍රියතාව අඩු  වේ.

  • පිහිනීම, ජලජ යෝගී අභ්‍යාස, ජලය මත පදනම් වූ චලන අභ්‍යාස, ගැඹුරු ජලයේ පාවෙන උපාංග හරහා සමතුලිත ව්‍යායාම, හුස්ම පාලන අභ්‍යාස, සහායක ඇවිදීමේ අභ්‍යාස, ගැඹුරු ජලයේ ඇවිදීම, සමාජ ක්‍රීඩා හරහා සමාජ අන්තර්ක්‍රියා සහ අක්ෂි සම්බන්ධතා වැඩිදියුණු කිරීමට උපකාරී වන මූලික ශක්තිය සහ සමබරතාවය වර්ධනය කරයි.

  • ආතතිය ,වේදනාව සහ අපහසු බව සමනය කරයි

  • ක්‍රියාකාරීත්වය වැඩි වීම නිසා පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහල නංවයි.

  • ශරීරය ජලයට යට වූ විට එක්  හෘද ස්පන්දනයකට වැඩි රුධිර ප්‍රමාණයක් පොම්ප කරන බැවින් හෘද වාහිනී විඳදරාගැනීම වැඩි දියුණු කරයි.

  • ශ්වසන ශක්තිය සහ විඳදරාගැනීම ඉහළ නංවයි

 

සුදුසුකම් ලත් භෞතචිකිත්සකවේදියෙකුගේ උපදෙස් මත මෙම ප්‍රතිකාර වලට යොමුවීමෙන් මස්තිශ්ක ආඝාතයේ සන්කූලතා බොහෝ දුරට අඩු  කරගත හැකිය.

 


References

https://www.hydroworx.com/research-education/additional-resources/cerebral-palsy-aquatic-therapy/#:~:text=Hydrotherapy%2C%20also%20known%20as%20aquatic,and%20adults%20with%20cerebral%20palsy

https://www.boltburdonkemp.co.uk/our-insights/posts/hydrotherapy-benefits-for-children-with-cerebral-palsy/


හන්ෂානි.


10 views0 comments

Comments


bottom of page