top of page
Writer's pictureWephysio MFC

නිවැරදි රටාවට ඇවිදිමු...


අප ගමන් කරන විට අපගේ පාද වල රිද්මයානුකූල චලනයක් දැකගත හැක. එක් පාදයක් සලකා බැලීමේදී ගමන් කිරීම සඳහා ප්‍රධාන සන්ධි පහක් (උකුල් සන්ධිය, දණහිස් සන්ධිය, වළලුකර සන්ධිය, Subtalar, පාද කූර්චෝපරි සහ පාද කූර්චාස්ථි අතර සන්ධිය/Metatarsophalangeal) සහ ප්‍රධාන මාංශපේෂී විසි අටක් දායක වේ.


ඇවිදීමේ චක්‍රයක් යනු කුමක්ද?


ඇවිදීමේ චක්‍රය යනු පුද්ගලයෙකු ගමන් කරන ආකාරය ලෙස සරලවම හැඳින්විය හැක. එය පියවර තැබීමේ පුනරාවර්තී ක්‍රියා රටාවකි. එක් පාදයකට සාපේක්ෂව මෙම චක්‍රය විස්තර කරනු ලැබේ. Double stance කාලයේදී ශරීරයේ බර දරා සිටීමේ ක්‍රියාවට අනුව පාද දෙකෙහි පරස්පර ක්‍රියාව සිදුවේ.


Double stance කාලය යනු පාද දෙකම පොළොව මත තබා සිටින කාල පරාසයයි. එය සමාන්‍යයෙන් Stance අවධියේ පළමු සහ අවසාන 10% කාල පරාසයන් තුළ දක්නට ලැබේ. ඉතිරි 40% කාල පරාසය Single stance කාල පරාසයයි. මෙම කාලයේදී ප්‍රතිවිරුද්ධ පාදය පැද්දෙමින් පවතී. සාමන්‍යයෙන් එක් පාදයක් ආධාරකයක් ලෙස ක්‍රියාකරන අතර අනෙක් පාදය ඉදිරියට ගමන් කරයි. එම පාදය බිම ස්පර්ෂ වූ විට එය ආධාරක පාදය බවට පත් වේ.


ඇවිදීමේ චක්‍රය එක් පියවරකින් ඊළඟ පියවරට බද්ධව ඇති නිසා ආරම්භක අවස්ථාව ලෙස ඕනෑම පියවරක් සැලකිය හැක. මෙහිදී සාමාන්‍යයෙන් ආරම්භක අවස්ථාව ලෙස පාද පළමුව පොළවට පතිත වීමේ අවස්ථාව සලකයි. එසේ සලකන්නේ එම අවස්ථාව සාමාන්‍ය හා අසාමාන්‍ය ඇවිදීමේ චක්‍ර දෙකෙහිදීම සිදුවන වඩාත්ම ස්ථාවර සිදුවීම බැවිනි.



එක් ඇවිදීමේ චක්‍රයක් ප්‍රධාන අවධි දෙකකින් සමන්විත වේ. ඒවා නම්,

  • Stance අවධිය

  • Swing අවධිය


සාමාන්‍ය ඇවිදීමේ චක්‍රයක් තුළ, දළ වශයෙන් 60% ක් Stance අවධිය හා 40% ක් Swing අවධිය සඳහා වැය කරයි. මෙම ප්‍රතිශතය ඇවිදීමේ වේගය සහ පුද්ගලයන් අතර වෙනස් විය හැකිය.


Stance අවධිය


මෙය බර ඉසිලීමේ අවධියයි. මෙම අවධිය Initial contact අවධිය, loading response අවධිය, Mid-stance අවධිය, Terminal stance අවධිය සහ Preswing අවධිය ලෙස කොටස් පහකින් යුක්ත වේ.


(1️) Initial contact අවධිය


ඇවිදීමේදී පුද්ගලයා වඩාත්ම ස්ථායී වන අවධිය මෙයයි. මෙහිදී පළමු පාදයේ විළුඹ බිම පතිත වීම සිදුවේ. මෙය ක්ෂණිකව සිදුවන ඉරියව්වකි. මෙහිදී පාදය හා පොළව අතර 25˚ක කෝණයක් පවතී. වළලුකර ආසන්න වශයෙන් උදාසීන අවස්ථාවේ පවතින අතර දණහිස 0˚-5˚ අතරද, උකුල 30˚ක කෝණයක් සහිතවද, නැමී පවතී. මෙම අවධියේදී Dorsiflexors, Hip flexors, Gluteus සහ Hamstrings යන මාංශපේෂීන් භාවිතා වේ.


(2️) Loading response අවධිය


පාදයේ ස්ථායිතාව සහතික කරන සහ තවමත් ප්‍රගතියට ඉඩ දෙන අයුරින් ශරීර බර පිළිගැනීම සූදානම් කිරීම මෙම අවස්ථාවේ අරමුණයි. මෙය මුලු චක්‍රයෙන් 10% කි.


(3️) Mid-stance අවධිය


මෙම අවස්ථාවෙහිදී, බිම සමඟ ස්පර්ශ වන්නේ එක් පාදයක් පමණක් වන අතර එය සමතලව පොළව මත පිහිටයි. පාදය ශරීරයේ බර ගන්නා අතර ශරීරය බර ඉදිරියට ගෙන යයි. Single stance අවස්ථාවේදී වළලුකර තවදුරටත් මඳක් Plantarflex අවස්ථාවේ පවතී. මෙම අවස්ථාවේ සිට ක්‍රමයෙන් dorsiflex අවස්ථාවට පත්වේ. Loading response හිදී ප්‍රේරණය වූ දණහිස නැමීම තරමක් වැඩිවී පසුව කැපීපෙනෙන ලෙස චලනය වේ. මෙම චලනය සඳහා hip extensors භාවිතා කරයි. මෙම අවස්ථාවේදී ශරීරය අවම ස්ථායි මට්ටමට පත්වේ. Soleus, Gastrocnemius, Quadriceps හා Hip extensors & abductors යන මාංශපේෂීන් භාවිතා වේ. මෙම අවධිය සම්පූර්ණ ඇවිදීමේ චක්‍රයකින් 20% කි.


(4️) Terminal stance අවධිය


මෙම අවස්ථාවෙහිදී විලුඹ බිමෙන් ඉවතට ගනු ලැබේ. ඇඟිලි තුඩු ඉහළට තල්ලු කර මුළු පාදය ඉහළට ඔසවා, පාදය බිමෙන් ඉවත් කරයි. මෙම අවස්ථාවෙහිදී, ශරීරයේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය තරමක් පහත වැටේ. විළුඹ එසවීම ආරම්භයේදී වළලුකර Stance අවධියේදී සිදුවන එහි උපරිම Dorsiflexion අවස්ථාවට පත්වේ. පාදයේ මධ්‍යස්ථයෙන් ශක්තිමත් ව්‍යාවර්ථයක් ඇතිවෙන අතර ස්ථාවරත්වය පාදය ඇතුළට හැරවීම මඟින් ලබාගනී. දණහිස හා උකුල දිගු වේ. Soleus, Gastrocnemius, Tibialis posterior, Peroneus longus හා Peroneus brevis යන මාංශපේෂීන් භාවිතා වේ. මෙය සම්පූර්ණ ඇවිදීමේ චක්‍රයකින් 20%කි. Stance අවධිය අවසානයේදී පාද දෙකම පොළව මත ස්පර්ෂව පවතී.


(5️) Preswing අවධිය


Swing අවධිය සඳහා පාදය සූදානම් වන අවධියයි. මෙය මුලු චක්‍රයෙන් 10% කි.


Swing අවධිය


මෙම අවධිය Preswing අවධියෙන් පසුව ඇතිවේ. ඉහළට එසවූ පාදය ඉදිරියට ගමන් කරන අතර එය එහිදී කෙටි වේ. මෙම අවධිය Initial swing අවධිය, Mid-swing අවධිය සහ Terminal swing අවධිය ලෙස කොටස් තුනකින් සමන්විත වේ.


(1️) Initial swing අවධිය


Swing අවධියේ ආරම්භක කොටස මෙයයි. දණහිස සහ උකුල යන සන්ධි දෙකම නැමී පවතී. උකුල එහි උදාසීන අවස්ථාවේ සිට 20˚ක් දක්වා වේගයෙන් නැමේ. වළලුකරෙහි Dorsiflexion අවස්ථාව ආරම්භ වේ. පාදය ඔසවා ගැනීම සඳහා ඉක්මනින් සංකෝචනය වන මාංශපේෂීන් වන්නේ Tibialis anterior, Long toe extensors සහ Peroneus tertius යන මාංශපේෂීන් ය. පාදය ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍යය වන බලය සකසා දෙන්නේ Hip flexors මඟිනි. මෙය ඇවිදීමේ චක්‍රයේ 13% කි.


(2️) Mid-swing අවධිය


මෙම අවධියේදී පාදය පොළව මත තබා ඇති පාදය හෙවත් Stance පාදය පසුකර යයි. පාදය එහි කෙටිම ස්වරූපය පෙන්වන්නේ මෙහිදීයි. උකුල එහි උපරිම නැමීමට එන අතර එය 30˚ක් වේ. Flexor muscles ඉහිල් වීම නිසා දණහිස සන්ධිය දිගහැරීමට ලක්වේ. වළලුකර එහි උදාසීන තත්ත්වයට පත්වේ. Iliacus, Tibialis anterior සහ අනෙකුත් Pretibial මාංශපේෂීන් භාවිතා වේ. මෙය සම්පූර්ණ ඇවිදීමේ චක්‍රයකින් 14%කි.


(3️) Terminal swing අවධිය


මෙය Swing අවධියේ අවසාන පියවරයි. ඉදිරියට ගන්නා ලද පාදය ඊළඟ Heel strike අවධිය සඳහා සූදානම් කිරීමට සෙමින් පොළවට පතිත කිරීම සිදුවේ. මෙහිදී සිදුවන දණහිසේ සම්පූර්ණ දිගහැරීම යම්කිසි ආවදානමක් සහිත ඉරියව්වකි. Midswing අවධියේදී ලබාගන්නා උකුල් සන්ධියෙහි 30˚ක නැමීම මෙම අවධියේදී දිගටම පවත්වා ගනී. දණහිස දිගහැරීම සිදුවන අතර වළලුකර එහි මූලික ඉරියව්ව පෙන්වන නමුත් මෙම අවධියේ අවසානයේදී සුළු වශයෙන් Plantarflex ඉරියව්වට පත්වේ. මෙහිදී පාදය ආශ්‍රිතව ඇති මාංශපේෂී උපකාරී වන අතර Semimembranosus, Semitendinosus, Biceps femoris, Quadriceps හා Hamstrings යන මාංශපේෂීද උපකාරී වේ. මෙය සම්පූර්ණ ඇවිදීමේ චක්‍රයකින් 13%කි.


ඇවිදීමේ චක්‍රයට සම්බන්ධ විශේෂ වචන.


  • Step - තනි පියවරක්.

  • Stride - සම්පූර්ණ ඇවිදීමේ චක්‍රයක්.

  • Step time - එක් පාදයක Heel-strike අවස්ථාව සහ ප්‍රතිවිරුද්ධ පාදයේ Heel-strike අවස්ථාව අතර කාලය.

  • Step width - පියවර දෙකක් අතර අවකාශය.

  • Step length - එක් පාදයක Heel-strike අවස්ථාවක සිට ප්‍රතිවිරුද්ධ පාදයේ Heel-strike අවස්ථාව අතර දුර

  • Stride length - එක් පාදයක Heel-strike අවස්ථාවක සිට එම පාදයේම Heel-strike අවස්ථාව අතර දුර.


ෆස්මියා නූර්දීන්


References


http://www.oandplibrary.org/alp/chap13-01.asp


https://www.physio.co.uk/what-we-treat/neurological/symptoms/walking-problems/abnormal-gait.php

14 views0 comments

Comments


bottom of page