top of page

නිවැරදි ලෙස හිස් ආවරණ පළදිමු...

Writer's picture: Wephysio MFCWephysio MFC

ඔබගේ වයස, පළපුරුද්ද කුමක් වුවත්, ඔබ යතුරු පැදියක් පදවන විට, skate පුවරු මත ක්‍රියා කිරීමේදී, හිම මත ලිස්සා යාමේදී හෝ ඔබේ හිසට තුවාල සිදුවිය හැකි වෙනත් ක්‍රියාකාරකම්වල නිරත වන විට හිස් ආවරණයක් පැළඳිය යුතුය.


බයිසිකල් පැදීමේදීද හිස්වැස්මක් පැළඳීමෙන් හිස සහ මොළයට බරපතල තුවාල වීමේ අවදානම 85% කින් අඩු කරයි. කෙතරම් කෙටි වුවත් සෑම ගමනකදීම හිස් ආවරණ පැළඳිය යුතුය.


අවුරුදු 12 ට අඩු ළමයින් ද sledding කිරීමේදී හිස් ආවරණ පැළඳිය යුතුය.



හිස් ආවරණ පැළඳිය යුත්තේ ඇයි?


හිස් ආවරණයක් නොමැතිව සිදුවන අනතුරු වලදී ඇතිවන කැපීම්, තැලීම් සහ අස්ථි බිඳීම් පසුකාලීනව සුව වන නමුත් ඔබේ මොළයට වන හානිය ස්ථිර විය හැකිය. එසේම අඩු වේගයකින් වැටීමෙන් පවා හිසට බරපතල තුවාල සිදුවිය හැකිය. එවැනි අනතුරු බොහෝමයක් හිස් ආවරණයක් පැළඳීමෙන් වළක්වා ගත හැකිය.


හිස් ආවරණයක් පැළඳීම මගින් ඔබට ආරක්ෂාව සැලසෙන්නේ කෙසේද ?


  • ️වැටීමකදී ඔබ හිස් ආවරණයක් පැළඳ සිටින්නේ නම්, වැටීමේදී ඇතිවන බලය හිස මතට යොමු නොවී හිස් ආවරණයේ මතුපිට පුරා බෙදා හරිනු ලැබේ.


  • ️මීට අමතරව පිටත දෘඩ ස්තරයට ඇතුලතින් පිහිටන ඝනකම් ප්ලාස්ටික් ස්තරය දැඩි පහරකදී හෝ කම්පනයකදී ආරක්ෂාව සලසයි.


අනතුරකට ලක්වූයේ නම්, ඉන්පසු නව හිස්වැස්මක් මිලදී ගත යුතුය. හිස් වැස්ම පිටතට හොදින් පෙනුනත් අභ්‍යන්තරයට හානි සිදුවී තිබිය හැකිය.


හිස් ආවරණයක් තෝරා ගන්නේ කෙසේද ?


හිස් ආවරණයක් මිලදී ගැනීමේදී නියම ප්රමාණයෙන් යුතු හා සුදුසු හිස් ආවරණයක් තෝරාගන්න.


හිස් ආවරණයක තිබිය යුත්තේ:

  • එය දෙපැත්තට හෝ ඉදිරිපස සිට පසුපසට හෝ ලිස්සා නොයා යුතුය.


  • හිස් ආවරණය ඔබේ හිසට ඉහළින් හතරැස්ව පිහිටන අතර නළලේ මුදුන ආවරණය කරයි. එය කිසිදු දිශාවකට නැඹුරු නොවිය යුතුය.


  • නිකට පටිය ( chinstrap ) මගින් හිස්වැස්ම ඕනෑම දිශාවකට පෙරළී යාමෙන් වළක්වයි. ගාංචුවේ කිසියම් කොටසක් කැඩී ඇත්නම් නව නිකට පටියක් සවිකර ගත යුතුය.එසේ නොමැතිවුවහොත්, අනතුරු අවස්ථාවකදී හිස් ආවරණය ගැලවී යා හැකිය.


බොහෝ යතුරුපැදි හිස් වැසුම් සැහැල්ලු හා විවිධ වර්ණවලින් යුක්ත වේ. මෝටර් රථ තුළ ගමන් ගන්නා පුද්ගලයන්ට පෙනෙන ආකාරයේ හිස් ආවරණයක් තෝරා ගැනීම වඩාත් සුදුසු වේ.


ළමුන් සහ හිස් ආවරණ


අවුරුදු 5 සිට 14 දක්වා ළමුන් බයිසිකල් පැදීම මගින් සිදුවන අනතුරු සහ යතුරුපැදි අනතුරු ළමයින්ගේ මරණවලට ප්රධාන හේතුවක් වී ඇත.


හෙල්මට් පැළඳීමේ වැදගත්කම දරුවන්ට තේරුම් ගැනීමට උපකාර වන උපදෙස්:


  • ආදර්ශයෙන් උගන්වන්න. හිසට තුවාල සිදුවිය හැකියාවක් ඇති ක්‍රියාකාරකම්වල නිරත වන විට වැඩිහිටියන් සෑම විටම හිස් ආවරණ පැළඳිමට වගබලා ගන්න.

  • හිස් ආවරණයේ බාහිර ස්වරූපයට දරුවන් කැමැත්තක් දක්වන්නේ නම් බොහෝවිට ඔවුන් එම හිස් ආවරණය පැළඳීමට රුචියක් දක්වයි.


ස්කී හෙල්මට්


හිම මත ලිස්සා යාමේදී ද දරුණු අනතුරු සිදුවිය හැකිය. හිස් ආවරණ එක් එක් ක්‍රීඩාවට විශේෂිත වන බැවින් හිම ක්‍රීඩාවේ බෑවුම්වල ගමන් කිරීමේදී බයිසිකල් සදහා වන හිස් ආවරණයක් නොව ඒ සදහා විශේෂිත වූ ස්කී හෙල්මට් පැළඳින්න.


හිස් ආවරණයක් පැළඳීමදී අනුගමනය කලයුතු පියවර වන්නේ,


  • හිස් ආවරණයේ ඉදිරිපස දාරය, හා ඇහිබැමි අතර ඇඟිලි දෙකක පළලට වඩා වැඩි පරතරයක් පැවතිය යුතුය. හිස් ආවරණය වඩාත් ඉදිරියට නැඹුරු වුවහොත් ඔබේ දෘෂ්ටියට බාධා ඇති කරන අතර වඩාත් පසුපසට නැඹුරු වුවහොත් හිසට ආරක්ෂවක් නොලැබී යයි.

  • හිස් ආවරණය හිසට හොදින් තදවන අයුරින් පැළදීමෙන් පසුව හිස වටා ලිස්සා නොයන අයුරින් එහි පටි සකස් කල යුතුය.

  • හිස් ආවරණයේ ඉදිරිපස සහ පසුපස පටි කනට පහළින් V හැඩයක් සැකසෙන අයුරින් තිබිය යුතුය.

  • ඉදිරිපස පටි සිරස්ව හා කන් වලට මදක් ඉදිරියෙන් ද පසුපස පටි වඩාත් තිරස්ව හා කන් වලට පිටුපසින් ද තිබිය යුතුය.

  • ඔබ කට අරින විට නිකට පටිය තදවිය යුතුය.

ඔබේ කට වසා ඇති විට, එක් ඇඟිල්ලක් ඔබේ නිකට සහ නිකට පටිය අතරට යාමට හැකිවිය යුතුය.


මෙම ආරක්ෂක ක්‍රම නිසියාකාරව පිළිපදින්නේ නම් හිසට සිදුවිය හැකි අනතුරුවලින් අපට හොදින් ආරක්ෂා විය හැකිය.


ඉසුරු ජයවීර


References


https://orthoinfo.aaos.org/en/staying-healthy/helmet-safety/https://www.choa.org/medical-services/wellness-and-preventive-care/summer-safety/helmet-safety

Comments


bottom of page