ලොකොමෝටිව් සින්ඩ්‍රෝමය යනු සංචරණ ඉන්ද්‍රියයන් දුර්වල වීම හේතුවෙන් සංචලනය අඩුවීමේ තත්ත්වයකි. පුද්ගලයෙකු ඇවිදීමේදී සිරුරේ සූක්ෂම ලෙස පාලනය වන චලන රටා ඇතුළත් වන බැවින් සංචරණ ඉන්ද්‍රියවල ඕනෑම අංශයක ආබාධයක් එයට අහිතකර ලෙස බලපෑ හැකිය. හදිසි කම්පන වලට අමතරව, සංචරණ ඉන්ද්‍රියවල නිදන්ගත රෝග, ලොකොමෝටිව් සින්ඩ්‍රෝමය සඳහා පොදු හේතු වේ.
ව්‍යායාම මගින් චාලක ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම මේ සඳහා ඵලදායී වේ. නමුත් බොහෝවිට මෙම රෝගී තත්වය පෙන්නුම් කරන්නේ සංචරණ ඉන්ද්‍රියයන්ගේ සැලකිය යුතු පිරිහෙන රෝග සහිත වයෝවෘද්ධ පුද්ගලයන් වන බැවින්, ව්‍යායාමයේ වර්ගය සහ තීව්‍රතාවය තෝරාගැනීමේදී ප්‍රවේශයම් විය යුතුය.
සංචලනය සඳහා සංචරණ අවයව පද්ධතිය සෘජුවම බලපෑම් ඇති කරයි . මැදිවියේ සිට වයෝවෘද්ධ පුද්ගලයින් අතර සංචරණ ඉන්ද්‍රියවල නිදන්ගත රෝග බහුලව පැවතීම සහ අවුරුදු 50 ට වැඩි පුද්ගලයින් තුළ නිදන්ගත රෝග සඳහා ශල්‍යකර්ම සඳහා ඇති අවශ්‍යතාවය සැලකිය යුතු ලෙස වැඩි වීම හේතුවෙන් ඔවුන් තුළ මෙය බහුලව දැකිය හැකිය .
වයෝවෘද්ධ පුද්ගලයින්ගේ සංචරණ ඉන්ද්‍රියයන් සඳහා බලපාන ප්‍රධාන ගැටළු හතරක් පවතී.
සංචරණ ඉන්ද්‍රියයන්ගේ ඇති වන වේදනාව සමග, සිරුරේ පහළ ප්‍රදේශයේ සහ කොන්දේ වේදනාව සංචලනයට බාධා ඇති කරන ප්‍රධාන හේතු වේ.
දරුණු ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයේ සිටින රෝගීන්ගේ විවිධ අනතුරු නිසා සිදු වන අස්ථි බිඳීම් සඳහා සිදුකරන ශල්‍යකර්ම (ලෝහ ඉස්කුරුප්පු භාවිතා කරන ක්‍රියා පටිපාටි) මගින් සංකූලතා ඇති විය හැක.
මෙම රෝගීන්ගේ සංචරණ ඉන්ද්‍රිය රෝග සඳහා සිදු කරන ප්‍රතිකාර සහ ශල්‍යකර්ම පෙර පැවති සංචලනයේ තත්ත්වයට සැලකිය යුතු ලෙස බලපායි.
විකලාංග ශල්‍යකර්මවලින් පසු තම නිවෙස් වෙත ආපසු පැමිණීම ප්‍රමාද වන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් දක්නට ලැබේ. මෙයට ප්‍රධාන වශයෙන් හේතුව වන්නේ වැඩිහිටි රෝගීන්ට ඔවුන්ගේ සංචලනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පශ්චාත් ශල්‍ය ශාරීරික පුහුණුවක් අවශ්‍ය වීමයි.
මිනිස් සංචරණ ඉන්ද්‍රියයන්ට වසර 50 ක පමණ ආයු කාලයක් ඇති අතර, දිගු කාලයක් භාවිතා කරන විට ඒවායේ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට අමතර උත්සාහයන් අවශ්‍ය බව දක්නට ලැබේ.
අර්ථ දැක්වීම සහ සංකල්පය.
ලොකොමෝටිව් සින්ඩ්‍රෝමය යනු සංචරණ අවයව දුර්වලතා හේතුවෙන් වාඩි වී සිටීම හෝ ඇවිදීම වැනි සංචලතා ක්‍රියාකාරකම් ප්‍රතික්ෂේප වන තත්ත්වයකි. මෙම සින්ඩ්‍රෝමය මගින් දෛනික ජීවන ක්‍රියාකාරකම් ස්වාධීනව කරගෙන යාමේ හැකියාව සීමා කරයි. අධි-වයස්ගත සමාජවල, බොහෝ මිනිසුන් තම ජීවිතයේ අවසාන භාගයේදී ලොකොමෝටිව් සින්ඩ්‍රෝමය අත්විඳිති. එමනිසා, මෙම සින්ඩ්‍රෝමය සීමා කිරීමට සහ සංචරණ ඉන්ද්‍රිය ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීමට මැදිහත් වීම අවශ්‍ය වේ.
සංචරණ පද්ධතියෙන් සමන්විත ප්‍රධාන කොටස් තුන වන්නේ
️ අස්ථි ,
️සන්ධි සහ අන්තර් කශේරුකා මඬල්
️සහ මාංශ පේශි සහ ස්නායු පද්ධතිය ය.
මෙම ඉන්ද්‍රියයන් හි ආබාධයක් මගින් සන්ධිවල හා කොඳු ඇට පෙළේ වේදනාව හෝ සීමිත චලනයන්, මාංශ පේශි දුර්වලතාවය සහ සමබරතාවයේ ඌනතාවයන් ඇති කරයි. මෙම සියලු දුර්වලතා එකිනෙකට සම්බන්ධ වන අතර ආබාධිතභාවය සඳහා බහු අවදානම් සාධක ලෙස පෙන්නුම් කරයි. මෙම ආබාධ නිසා අවසානයේ එදිනෙදා ජීවිතය හි ක්‍රියාකාරකම් සීමා වීම, ජීවන තත්ත්වය අඩුවීම සහ රැකවරණ සහාය අවශ්‍ය වීම සිදු වේ.
සංචරණ අවයව රෝග වල ලක්ෂණ.
සංචරණ ඉන්ද්‍රිය රෝග වල ලක්ෂණ වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන් තුළ පෙන්නුම් කරයි. සාමාන්‍යයෙන්, සංචරණය පරිහානීය රෝග ආරම්භක අදියරේ බොහෝ දුරට රෝග ලක්ෂණ රහිත ය. රෝගය වැඩිදියුණු වූ පසු රෝග ලක්ෂණ පැහැදිලිව පෙනෙන අතර, වැඩිදුර මැදිහත්වීම් අවශ්‍ය වේ.
ප්‍රමාණවත් ශරීර බරක් නොමැතිකම, අස්ථි සහ මාංශ පේශිවලට බලපාන ඔස්ටියෝපොරෝසිස් සහ sarcopenia මේ සඳහා අවදානම් සාධක වේ. අනෙක් අතට, අධික ලෙස බර දැරීම සහ තරබාරුකම යනු සන්ධි සහ අන්තර් කශේරුක මඬලවල විරූපණය හා ආබාධ සඳහා අවදානම් සාධක වේ. සන්ධි මත ඇති වන බර, සන්ධි කාටිලේජ සහ අන්තර් කශේරුකා මඬල් මත සංකේන්ද්‍රණය වී ඇත. මන්ද මේවා කම්පන අවශෝෂණය කිරීමට නිර්මාණය වී ඇති ව්‍යුහයන් වේ. එපමණක් නොව, මෙම පටකවලට සෘජු රුධිර සැපයුමක් නොමැති නිසා ප්‍රතිජනනය සඳහා අවම හැකියාවක් ඇත. එමනිසා, සන්ධි සහ අන්තර් කශේරුකා තැටි සාමාන්‍යයෙන් වයස්ගත වීමත් සමඟ කාලයත් සමඟ ගෙවී යයි.
භෞතචිකිත්සක කලමනාකරනය.
ඉහත මූලධර්ම සැලකිල්ලට ගෙන, භෞතිචිකිත්සකවේදීන් විසින් මැදිවියේ සහ මහලු වයසේ පුද්ගලයන් තුළ නැගී සිටීම සහ ඇවිදීමේ ක්‍රියාකාරකම් වැඩිදියුණු කිරීම අරමුණු කර ගෙන විවිධ ව්‍යායාම නිර්දේශ කරයි.
References.
https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC4906066/
https://pubmed.ncbi.nlm.nih.gov/27375370/
චාමිකා හර්ෂනී
Comments