top of page

පෙනහළු පිළිකා සහ භෞතචිකිත්සාව

Writer's picture: Wephysio MFCWephysio MFC

මෙය පෙනහළු පිළිකා වැළැක්වීමේ මාසය වෙනුවෙනි


හැදින්වීම


පෙනහළු පිළිකාව


  • පිරිමින් තුළ විනිශ්චය වන ‍ප්‍රධාන පෙළේ පිළිකාවයි.

  • කාන්තාවන් තුළ බහුලව දක්නට ලැබෙන 4 වන පිළිකාවයි.

  • පිළිකා මරණයට ප්‍රධාන හේතුව වේ.

  • වඩාත් පොදු හේතුව දුම්පානයයි

  • මීට අමතර හේතූන් වන්නේ,

- වක්‍ර දුම්පානයට නිරාවරණය වීම

- ඇස්බැස්ටෝස් හා අනෙකුත් රැකියා ආශ්‍රිත දූවිලි සහ රසායනික ද්‍රව්‍යයන් වලට නිරාවරණය වීම

- වෙනත් පෙනහලු ආශ්‍රිත රෝගාබාධ පැවතීම

- වයස්ගත වීම

- ජානමය සාධක

- සාමාන්යයෙන් අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් තුළ දක්නට ලැබේ.



භෞතචිකිත්සාවේ අරමුණු


ශල්‍යකර්මයට, රසායනික හෝ විකිරණ චිකිත්සාවන්ට පෙර


ඔබේ ශාරීරික යෝග්‍යතාවය ඉහළ නැං වීමට උපකාරී වේ

  • ප්‍රතිකාර වඩා හොඳින් දරා සිටීමට ඔබට උපකාර කරවයි

  • ඔබේ සුව වීම වේගවත් කරවයි


රසායනික හෝ විකිරණ චිකිත්සාවන් අතරතුරදී


ඔබ නිරෝගීව සිටීමට, රෝග ලක්ෂණ අඩු කර ඔබේ ජීවන තත්ත්වය සහ මානසික තත්ත්වය ඉහළ නැං වීමට උපකාරී වේ


ශල්‍යකර්මයට, රසායනික හෝ විකිරණ චිකිත්සාවන්ට පසු


  • අඩු වූ යෝග්‍යතාවය සහ මාංශ පේශි ශක්තිය නැවත ඇති කිරීමට උපකාරී වේ

  • දිගු කාලීනව ඔබේ ක්‍රියාකාරී හැකියාවන්, මානසික තත්ත්වය සහ ජීවන තත්ත්වය ඉහළ නැංවයි.


ව්‍යායාම


ස්වායු(Aerobic) ව්‍යායාම

  • මිනිත්තු 30 ක්

  • සතියකට අවම වශයෙන් දින 5 ක්

  • උදාහරණ

- Brisk walking( වේගවත් ඇවිදීම)

- Jogging( එළිමහනේ දිවීම )

- Stationary bike

- පිහිනීම


ශක්තිමත් කිරීමේ ව්‍යායාම

  • සතියකට දින 2-3 කි

  • ඔබේ මාංශ පේශි ශක්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ.


සමබර වීමේ ව්‍යායාම (ඔබ වැටී ඇත්නම්)


පෙනහළු සම්බන්ධව පුනරුත්ථාපනය

අධීක්ෂණය කරන ලද කණ්ඩායම් ව්‍යායාම , අධ්‍යාපන සහ උපකාර සම්බන්ධ වේ.

  • අධ්‍යාපනය

- ඔබේ රෝගය තේරුම් ගන්නේ කෙසේද?

- ඔබේ රෝග ලක්ෂණ වඩාත් හොඳින් කළමනාකරණය කරන්නේ කෙසේද?

- දුම්පානය නතර කරන්නේ කෙසේද (ඔබ දුම් පානය කරන්නෙක් නම්)

- සෞඛ්‍ය සම්පන්න ආහාර අනුභව කරන්නේ කෙසේද?


  • කණ්ඩායම් ආකාරයේ ව්‍යායාම කිරීම

  • සතියකට වරක් / දෙවරක් බැගින් සති 6-8 ක් අතර කාලයක් සිදු කරනු ලබයි.


පෙනහළු පිළිකා සඳහා භෞතචිකිත්සාව


මාර්ගෝපදේශ
  • සතියකට මිනිත්තු 150 ක් / හෝ ඊට වැඩි වේලාවක් මධ්‍යස්ථ ස්වායු ව්‍යායාමයක් කළ හැකිය (උදා-ඇවිදීම)

  • සතියකට ප්‍රතිරෝධක පුහුණු(resistance training) වාර 2-3 ක් කළ හැකිය.

  • උදාසීන කාලය මග හැරිය යුතුය.


භෞතචිකිත්සාවේ වාසි
  • ව්‍යායාම ධාරිතාව වැඩි දියුණු කිරීම (යෝග්‍යතාවය )

  • මාංශ පේශි ශක්තිය වැඩි දියුණු කිරීම

  • පිළිකා රෝග ලක්ෂණ අඩු කිරීම

  • මානසික අවපීඩනය අඩු කිරීම

  • කාංසාව අඩු කිරීම

  • පිළිකා නිසා ඇති වන කම්පාව අවම කිරීම

  • ජීවන තත්ත්වය වැඩි දියුණු කිරීම


ඇතැම් පිළිකා හඳුනා ගැනීමෙන් පසු ඉහළ ශාරීරික ක්‍රියාකාරී මට්ටම්වල යෙදීම සිදු කරයි.
  • මරණ අනුපාතය අඩු කිරීම


නිවසේදී කළ හැකි හොඳම දෙය නම් දිනපතා ව්‍යායාම කිරීම සහ ක්‍රියාශීලී ජීවන රටාවක් ගත කිරීමයි.
  • සතියේ බොහෝ දිනවල විනාඩි 30 ක ව්‍යායාම කළ යුතුයි.

  • වේගවත් ඇවිදීම වඩාත් ආරක්ෂිත සහ මෙය සාක්ෂාත් කර ගැනීම පහසු කරයි.

  • දිනපතා පියවර 10,000 ක් ඇවිදීමට ඉලක්ක කළ යුතුයි.



අංචලා සිවසුබ්‍රමනියම්



Reference


Comments


bottom of page