top of page

Parkinson's gait.

Vimukthi Chandula


Parkinson's gait යනු කුමක්ද?


  • පාකින්සන් රෝගය ( විශේෂයෙන් එහි පසු කාලීනව ) මගින් පුද්ගලයෙකුගේ ඇවිදීමට හෝ ඇවිදින ආකාරයකෙරෙහි බලපෑම් ඇති කරයි. ඒහේතුවෙන් ඇතිවන වෙනස්කම් සහිත ඇවිදීමේ රටාව Parkinson's gait ලෙස හදුන්වයි.

  • සාමාන්‍යයෙන් Parkinson's gait ඇති අය ඇවිදින විටමාරුවෙන් මාරුවට තබන පියවර අතරදුර කුඩා වේ. ඇවිදීමේදී පාද ඔසවන්නට ඔවුන්ටඅපහසු විය හැකිය.

  • Parkinson's gait හි වෙනස්කම් කඩින්කඩ හෝ අඛණ්ඩව ඇතිවිය හැකිය. Freezing of gait වැනි වෙනස්කම් හදිසියේම සහ අහඹු ලෙසසිදු විය හැක. අඛණ්ඩවෙනස්වීම් යනු බලාපොරොත්තු වනවාටවඩා සෙමින් ඇවිදීම වැනි ඇවිදීමේදී නිතරමසිදුවන වෙනස්කම් වේ.


Parkinson's gait හි ලක්ෂණ,


Parkinson's gait හිදී පාකින්සන් රෝගයේලක්ෂණ වන චලනයන් මන්දගාමීවීම සහ වෙව්ලීම වැනිචලන රෝග ලක්ෂණ ඇතිවේ. පාකින්සන් රෝගයේ, චලන රෝග ලක්ෂණපැමිණෙන්නේ චලනයන් පාලනය අවම වීම සහමාංශ පේශි චලනයන් ආරම්භකිරීමට අපහසු වීමෙනි.

Parkinson's gait හි ලක්ෂණ පුද්ගලයාගෙන්පුද්ගලයාට වෙනස් විය හැකි නමුත්බොහෝ මිනිසුන් තුළ ඉතා පොදු , ලක්ෂණ කිහිපයක් දක්නට හැක . ඒවා නම්,


  • ️ කුඩා, මාරුවෙන් මාරුවට තබන පියවර ගැනීම.

  • ️ වයසටබලාපොරොත්තු විය හැකි වේගයටවඩා ඇවිදීමේ වේගය අඩු වීම.

  • ️ සාමාන්‍යයට ප්‍රමාණයටවඩා වේගවත් හා කෙටි පියවරඇති ඉක්මන් සහිත ගමනක් පෙන්නුම්කරයි.

  • ️ අවුල්සහගත/ගැස්සෙන සුළු පියවර ගැනීම.

  • ️ ඇවිදීමේදීදෑත් අඩුවෙන් චලනය කිරීම.

  • ️ නිතරවැටීමට ලක් වීම.

  • ️ පාකින්සන්රෝගය ඇති පුද්ගලයින්ට සමහරවිට ඔවුන්ගේ පාද ඔසවා ගැනීමේහැකියාව අහිමි විය හැකිය.

පටුඉඩක් හරහා ගමන් කිරීමේදී , දිශාවන් වෙනස් කිරීමේදී හෝ සමූහයක් මැදින්ගමන් කිරීමේදී වැනි සිදුවීම් වලදී ඇවිදීමේ දී ආරම්භක පියවරතැබීමට අපහසු වීම හෝ ඇවිදීමේදීපියවර තැබීම සම්පූර්ණයෙන්ම නතර වීම ( freezing of gait ) සිදු විය හැක. එය කාංසාව වැනි චිත්තාවේගයන් මගින්( anxiety ) හෝ ක්ෂණිකව ඇතිවන හැඟීම් ( feeling rushed ) මගින් ද ඇති වියහැකිය.

Freezing of gait ඕනෑමවේලාවක සිදුවිය හැක. කෙසේ වෙතත්, එකවර සිට ගැනීමේදී එයබොහෝ විට සිදු වේ.

ඇවිදීමේ වෙනස්කම්

Parkinson's gait හීදී , පහත වෙනස්කම් දැකියහැක. ඒවා නම්,


  • Hypokinesia (වේගය අඩු වීමත්සමඟ පියවර වල දිග අඩුවීම).

  • සමායෝජනයඅඩු වීම.

  • Festination. (මිනිත්තුවකට තබන පියවර ප්‍රමාණය වැඩි වීමත් සමගපියවර දිග අඩු වීම)

  • Freezing of gait ( ඇවිදීමේ දී ආරම්භක පියවරතැබීමට අපහසු වීම හෝ ඇවිදීමේදීපියවර තැබීම සම්පූර්ණයෙන්ම නතර වීම ).

  • Difficulty with dual tasking during gait ( ඇවිදීමේ දී තවත් කාර්යයක්කිරීමේ අපහසුතාව ).

Parkinson's gait සඳහා බලපාන සාධක.


පාකින්සන් රෝගයේදී , basal ganglia නම් මොළයේ කොටසක ඇති ස්නායු සෛලමිය යාමට පටන් ගන්නාඅතර dopamine නම් ස්නායු සම්ප්‍රේෂකය අඩුවෙන් නිපදවයි. basal ganglia, නියුරෝන අතර සම්බන්ධතා ඇතිකිරීම සඳහා dopamine භාවිතා කරයි. මෙයින් අදහස් කරන්නේ අඩු dopamine ප්‍රමාණයක් ඇතිවිට, නියුරෝන අතර ඇති සම්බන්ධතාප්‍රමාණය ද අඩු බවයි.

අපගේශරීරයේ චලනයන් වල සුමට බවඇති කිරීම සිදු කරන්නේ basal ganglia මගිනි. මොළයේමෙම ප්‍රදේශයේ ඉහතආකාරයට dopamine අඩු වී, නියුරෝනඅතර සම්බන්ධතා අඩු වූ විට, එම කාර්යය මනා ලෙස කළනොහැකිය. මෙය Parkinson's gait සඳහා හේතු වේ.


ප්‍රතිකාර.


ඇවිදීමේ රටාවන්පුහුණු කිරීමට උපකාර වන වඩාත් සුදුසුව්‍යායාම සමඟ සිදු කරන භෞතචිකිත්සක ප්‍රතිකාර Parkinson's gait හි දුර්වලතා මඟහැරීමටඋපකාරී වේ. මෙම අභ්‍යාස සමහරක් නිවසේදීසිදු කළ හැකිය. ඔබටවඩාත් සුදුසු වන ව්‍යායාමමොනවාදැයි තෝරා ගැනීමට සුදුසුකම්ලත් භෞතචිකිත්සකවේදියෙකු හමු වීම වඩාත්උචිත වේ.


References.

https://www.healthline.com/health/parkinsons/gait

https://parkinsonsdisease.net/symptoms/parkinsons-gait

ඉසුරුධනංජය.

3 views0 comments

Comments


bottom of page