top of page

Pilates.

Vimukthi Chandula

Pilates යනු සිරුරේ ශක්තිය, නම්‍යශීලී බව සහ ඉරියව් සහ මානසික දැනුවත්භාවය වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ උපකරණ භාවිතා කරන ව්‍යායාම ක්‍රමයකි. Pilates මගින් ඉලක්ක කරන්නේ උකුල්, ප්‍රදේශය, ශ්‍රෝණි ප්‍රදේශය සහ කොන්ද ප්‍රදේශයේ ඇති මාංශ පේශි වේ. එහිදී සිරුර පෙළ ගැස්වීම, හුස්ම ගැනීම, සිරුර ඇතුළත පීඩනය ස්ථායි හා පාලනය කරන මාංශ පේශි ශක්තිමත් කිරීම සහ සිරුරේ සමායෝජනය හා සමබරතාව වැඩි දියුණු කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.




 

Pilates හී විවිධ ආකාර;

Pilates සාමාන්‍යයෙන් කාණ්ඩ දෙකකට බෙදෙයි.


  • බිම වැතිරී සිදු කරනු ලබන Pilates - මෙය ගුරුත්වාකර්ෂණය හා දේහ බර උපයෝගී කරගනිමින් සිදු කරන ව්‍යායාම මාලාවකි. මෙහිදී ප්‍රධාන අරමුණ වන්නේ දේහ ඉරියව්ව, සමබරතාවය සහ සමායෝජනය වැඩි දියුණු කිරීම සඳහා සිරුරේ මාංශ පේශි සකස් කිරීමයි.

  • උපකරණ මත පදනම් වූ Pilates - මෙහිදී මාංශ පේශි වලට ප්‍රතිරෝධයක් දක්වන විශේෂිත උපකරණ භාවිතා කරන අතර බරින් වැඩි සහ සැහැල්ලු උපකරණ ඇතුළත් වේ.


Pilates හි මූලික මූලධර්ම.

  මෙහිදී Pilates ක්‍රමයේ ක්‍රියාපිළිවෙල සාරාංශ කරන අතර සෑම ව්‍යායාමයකින්ම උපරිම ප්‍රයෝජන ගැනීමට මේවා වැදගත් වේ.

 

  • මානසික ඒකාග්‍රතාව - ආරම්භක පිහිටුම, සුමට සහ සෙමෙන් සිදු වන චලනයන් මෙන්ම ශරීරයේ එක් එක් කොටස් කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී සිදු කරයි. අවධානය වෙනතකට යොමු නොවන පරිදි සිටීම වැදගත් වේ.

  • පාලනය -සියලුම ව්‍යායාම පාලනයකින් යුතුව සිදුකරයි.

  • කේන්ද්‍රගත කිරීම -සියළුම චලනයන් ආරම්භ වන්නේ කේන්ද්‍රීය මාංශ පේශි වලිනි. (ප්‍රාචීර, උදර, ශ්‍රෝණි ප්‍රදේශයේ මාංශ පේශි). කේන්ද්‍රගත වීම, සමබරතාවය සහ දේහ ඉරියව්ව වැඩි දියුණු කිරීමට උපකාරී වේ.

  • ගලනය - සුදුසු චලන භාවිතය හරහා ගලායාම ඇති කරයි.

  • නිරවද්‍යතාව - Pilates නිවැරදිව සිදුකිරීමට මෙය අත්‍යවශ්‍යයි. මෙහිදී එක් නිශ්චිත සහ පරිපූර්ණ චලනයක් කිරීමට අවධානය යොමු කෙරේ.

  • හුස්ම ගැනීම - Pilates ක්‍රමයේදී හුස්ම ගැනීම වැදගත් වේ. ඔක්සිජන් ආශ්වාස කිරීම මොළය සහ ශරීරය ප්‍රබෝධමත් කරයි. ගැඹුරු හුස්මක් මගින් පෙනහළු ලිහිල් කරන අතර වඩා හොඳ අවධානයක් ලබා දෙයි.

 

Pilates වල ප්‍රයෝජන

  මෙහිදී ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ වලට ඇතුළත් වන්නේ:

 

  • ️ සිරුරේ ශක්තිය වැඩි දියුණු වීම.

  • ️ සිරුර පිළිබද දැනුවත් වීම.

  • ️ සිරුර ඇතුළත පීඩනය ස්ථායි කරන සහ පාලනය කරන මාංශ පේශි ශක්තිමත් කිරීම.

  • ️ සිරුර පාලනය.

  • ️ සිරුරේ ඉරියව් වැඩි දියුණු වීම.

  • ️ දෛනික ජීවිතයේ කටයුතු කාර්යක්ෂමව සිදු කළ හැකි වීම.

  • ️ සන්ධි වේදනාව අඩු වීම.

 

Pilates ව්‍යායාම මඟින් සමබරතාවය සහ දේහ ඉරියව් වැඩි දියුණු කිරීම සඳහා සන්ධි අසල මාංශ පේශි වර්ධනය කරයි. එය කොන්ද ප්‍රදේශයේ සහ අත් පා වල මාංශ පේශි පාලනය වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.


සිරුරේ මාංශ පේශි  සමබර කිරීමට, කොඳු ඇට පෙළ ස්ථාවර කිරීමට සහ ශාරීරික සමායෝජනය සහ සමබරතාවය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. මාංශ පේශි වල අසමබරතාවය හේතුවෙන් ඇති වන අනතුරු වලක්වා ගැනීමට ද එය ඉඩ සලසයි.

 

එලෙසම Pilates මානසික ඒකාග්‍රතාව වැඩි දියුණු කිරීම සහ මානසික ආතතිය පාලනය කිරීම සහ ලිහිල් කිරීම මගින් මානසික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට ද උපකාරී වේ.

 

බොහෝ විට නොසලකා හරින Pilates වල එක් වාසියක් නම් පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි දියුණු වීමයි. Pilates විසින් ශ්වසන ධාරිතාවය, පෙනහළු පරිමාව සහ ආශ්වාස සහ ප්‍රාශ්වාස අනුපාතය වැඩි කිරීම සිදු කරයි.

 

Pilates ව්‍යායාම ද පුද්ගලයාගේ අවශ්‍යතා පරිදි වෙනස් කළ හැකිය. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සිට නර්තන ශිල්පීන් දක්වාත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දක්වාත්, ගර්භනීභාවයෙන් නැවත යථා තත්ත්වයට පත්වන කාන්තාවන් සහ ශාරීරිකව පුනරුත්ථාපනය වන අය දක්වාත්, ඕනෑම කෙනෙකුට පාහේ Pilates භාවිතා කළ හැකිය.

 

බර අඩු කර ගැනීම සඳහා Pilates.

  Pilates ව්‍යායාම කිරීම සෞඛ්‍යයට හිතකර මෙන්ම සෞඛ්‍ය සම්පන්න දේහ බරක් පවත්වා ගැනීමට උපකාරී වේ.

 සති අටක් Pilates ව්‍යායාම වල යෙදීමෙන් ලැබෙන ඵලදායී ප්‍රයෝජන:

 

  • ️ සිරුරේ බර අඩුවීම.

  • ️ BMI අගය අඩුවීම.

  • ️ සිරුරේ ඉණ ප්‍රදේශය ශක්තිමත් වීම.

  • ️ උදරය සහ උකුලේ වට ප්‍රමාණය අඩුවීම.

 

සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් සහ අනෙකුත් ව්‍යායාම සමඟ Pilates ඒකාබද්ධ කිරීම දේහ බර අඩු කර ගැනීම සඳහා ඉතා ඵලදායී වේ.ආතරයිටිස්, මුත්‍රාඅඩස්සිය, ශ්වසන රෝග, සන්ධි වේදනාව, කොන්දේ වේදනාව ආදිය සුව කිරීම සඳහා Pilates ක්‍රමය උපකාරී වේ.

 

Pilates හා සම්බන්ධ පූර්වාරක්ෂාවන්.

  Pilates අඩු බලපෑමක් ඇති කරන ව්‍යායාමයක් වුවද, සමහර පුද්ගලයින් මෙය ආරම්භ කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගත යුතුය. ඒවැන්නන් නම්;


  • ආසන්න කාලය තුලදී ශල්‍යකර්මයකට භාජනය වූ පුද්ගලයින්.

  • ගර්භනී කාන්තාවන්.

  • වයස අවුරුදු 40 හෝ ඊට වැඩි පුද්ගලයින්.

  • හෘද රෝග වැනි කලින් පැවති රෝගී  තත්වයක් ඇති පුද්ගලයින්.

  • කලින් පැවති මාංශ පේශි ආබාධ හෝ ආබාධ සහිත පුද්ගලයින්.

  • දීර්ඝ කාලයක් ව්‍යායාම නොකළ ඕනෑම අයෙක්.

  • ඉතා අධික බර හෝ තරබාරු අය.

 

භෞතචිකිත්සක කළමනාකරණය.

 

  • භෞතචිකිත්සකවේදින් විසින් Pilates ක්‍රමය ආබාධ සුව කිරීමට, මාංශ පේශි වල අසමබරතාවයට, දේහ ඉරියව් නිවැරදි කිරීමට හා මාංශ පේශි ශක්තිමත් කිරීමට සහ තවත් බොහෝ දේ සදහා භාවිතා කෙරේ.

  • කොන්දේ පහළ වේදනාව අඩු කිරීමටද Pilates උපකාරී වේ.

  • ක්‍රියාශීලිත්වය අඩු තරබාරු කාන්තාවන්ගේ සිරුරේ සංයුතියේ පරාමිතීන්, කොන්දේ වේදනාව සහ තරබාරුකම අඩු කිරීමට Pilates  ව්‍යායාම වැඩසටහන් උපකාරී වේ.

 

References:

https://www.healthline.com/health/fitness-exercise/pilates-for-weight-loss

https://www.webmd.com/fitness-exercise/features/the-benefits-of-pilates

https://www.betterhealth.vic.gov.au/health/conditionsandtreatments/pilates-and-yoga-health-benefits

 

ලක්ෂීන් පතිරණ.

16 views0 comments

Comments


bottom of page