top of page

පසු පිළිස්සුම් පුනරුත්ථාපනය

Vimukthi Chandula

පුනරුත්ථාපනය පිළිස්සුම් ඇති රෝගීන් කළමනාකරණයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර තුවාල වූ දින සිටම එය ආරම්භ කළ යුතුය. මෙම පුනරුත්ථාපන ක්‍රියාවලියට පිළිස්සුම් සත්කාර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්, හෙදියන්, භෞතචිකිත්සකවේදීන්, පෝෂණවේදීන්, මනෝවිද්‍යාඥයන්, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන් යනාදී වශයෙන් පිළිස්සුම් සත්කාර පිළිබඳ විශේෂඥ සෞඛ්‍ය වෘත්තිකයන්ගෙන් සමන්විත බහුවිධ කණ්ඩායමක සේවාවන් අවශ්‍ය වේ. පවුලේ සාමාජිකයන් සහ උපකාරක කණ්ඩායම් ද මෙම රෝගීන්ගේ ප්‍රතිසාධන ක්‍රියාවලියට සම්බන්ධ වේ.





පුනරුත්ථාපනය කිරීමේ අරමුණු


පුනරුත්ථාපනය ආරම්භ කිරීමට පෙර රෝගියාගේ ක්‍රියාකාරී තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා සම්පූර්ණ තක්සේරුවක් සිදු කළ යුතුය. මෙය එක් එක් රෝගීන් සඳහා අවශ්‍ය වන පරිදි ප්‍රතිකාර සැලැස්මක් නිර්මාණය කිරීමට මඟ පෙන්වනු ඇත.


පිළිස්සීමෙන් පසු පුනරුත්ථාපනය කිරීම යනු කුමක්ද යන්න පිළිබඳ රෝගීන් සහ ඔවුන්ගේ භාරකරුවන් දැනුවත් කිරීම රෝගීන් සුවවීම දිරිගැන්වීම සඳහා වැදගත් වේ.


සාමාන්‍යයෙන්, පිළිස්සීමෙන් පසු පුනරුත්ථාපනය කිරීමේ අරමුණු යොමු වන්නේ පුද්ගලයන් නැවත සමාජයට සමාජගත කිරීම සඳහා ය. මෙහිදී

  • ️ නිවැරදි චලන පරාසය පවත්වා ගැනීම

  • ️ සමේ හැකිලීම සහ ඇතිවූ කැළැල් වල බලපෑම අවම කිරීම

  • ️ සිරුර විකෘති වීම වැළැක්වීම

  • ️ මානසික යහපැවැත්ම පවත්වා ගැනීම

  • ️ සමාජ ඒකාබද්ධතාවය උපරිම කිරීම

  • ️ ක්‍රියාකාරී හැකියාව සහ නැවත සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම

  • ️ ජීවන තත්ත්වය ඉහළ නැංවීම


පුනරුත්ථාපනය කිරීමේ අදියර

තුවාලයේ බරපතලකම අනුව, පශ්චාත් පිළිස්සුම් කළමනාකරණයට මාස කිහිපයක් හෝ වසර ගණනක් ගතවිය හැක. පුනරුත්ථාපනය කිරීමේ අවධීන් මුල් හා පසු අවධීන් ලෙස බෙදිය හැකි වුවද, මේ සඳහා පැහැදිලි කාල පරාසයක් නොමැත.


මුල් අදියර

තුවාල සුව කිරීමේ අදියර ලෙසද හැඳින්වේ. මූලික වශයෙන්, මෙම අදියරේ අරමුණු පහත පරිදි වේ:


  • ශ්වසන සත්කාර - ගැඹුරු හුස්ම ගැනීමේ අභ්‍යාස, කම්පන (vibrations), percussion, postural drainage, කැස්ස(coughing), suctioning වැනි භෞතචිකිත්සක ක්‍රම මඟින් අතිරික්ත ස්‍රාවයන් ඉවත් කිරීම සඳහා යොදා ගත හැක.


  • බලපෑමට ලක් වූ සියලුම අවයව ඉහළට ඔසවා තැබීමෙන් ඉදිමිම වැළැක්වා ගත හැකිය.


  • සමේ හැකිලීම සහ තද ගතිය වැළැක්වීම සඳහා ස්ප්ලින්ටින් (splinting) කිරීම සහ නිසි ස්ථානගත කිරීම.


  • මෙම සංකූලතා වැලැක්වීම සඳහා රෝගියාගේ රෝග මට්ටම අනුව සක්‍රීය හෝ නිෂ්ක්‍රීය චලන පරාස වැඩි දියුණු කිරීමේ (ROM) ව්‍යායාම සිදු කිරීම ද ඉතා වැදගත් වේ.


  • චලන ක්‍රියාකාරකම් වලට සහභාගී වීම දිරිමත් කිරීම සඳහා භෞතචිකිත්සක සැසිවලට පෙර වේදනා නාශක ද ලබා දිය යුතුය.


  • වේදනාවන්ට සහනයක් ලබා දීම සඳහා විද්‍යුත් ස්නායු උත්තේජනය (TENS)


පසු අදියර

පශ්චාත්-සුව කිරීමේ අදියර ලෙසද හැඳින්වෙන මෙම අදියර පහත සඳහන් කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි:


  • දිගුකාලීන නිශ්චලතාව හේතුවෙන් මාංශ පේශි ශක්තිය, දරාගැනීමේ හැකියාව සහ සමතුලිතතාවය වැඩිදියුණු කිරීම.

  • ඇතිවූ කැළල් කළමනාකරණය

  • ක්‍රියාකාරී ක්‍රියාකාරකම්වල නිරත වීම

  • සමාජයට ඒකාබද්ධ කිරීමට සහය වීම


නැවත සම බද්ධ කිරීමෙන් පසු පුනරුත්ථාපනය කිරීම


සම බද්ධ කිරීම යනු ශරීරයේ එක් කොටසක සම ශරීරයේ තවත් ප්‍රදේශයකට බද්ධ කිරීමේ ක්‍රියාවලියයි. බද්ධ කිරීම සඳහා සම ලබා ගන්නා ස්ථාන වන්නේ ඉහළ අත සහ කලවා ප්‍රදේශයන්‍ ය. තවත් ප්‍රදේශ ලෙස පිටුපස, තට්ටම් හෝ උදරය ඇතුළත් විය හැකිය.


පශ්චාත් පිළිස්සුම් කළමනාකරණයේ භෞතචිකිත්සක මැදිහත්වීම


  • චලන පරාසය වැඩිදියුණු කිරීමට මෙන්ම මාංශ පේශි ශක්තිය වැඩි කිරීමට භෞතචිකිත්සක අභ්‍යාස.


  • වේදනාව සහ කැසීම සමනය කිරීම සඳහා පාරදෘශ්‍ය විද්‍යුත් ස්නායු උත්තේජනය (TENS).


  • විශේෂයෙන් කැපී පෙනෙන වේදනාවක් ඇති විට සහ රෝගියා අත් පා චලනය කිරීමට බියක් දක්වන විට චලන පරාස වැඩි දියුණු කිරීම සඳහා ජල චිකිත්සක ප්‍රතිකාර


  • චලන පරාසය වැඩි දියුණු කිරිමට පැරෆින් ඉටි චිකිත්සාව.


  • කැළැල් වල නම්‍යතාවය වැඩි දියුණු කිරීම සඳහා කැළැල් පටක සම්බාහනය කිරීම.


  • ලේසර් චිකිත්සාව- පිළිස්සුම් කළමනාකරණයේදී විශේෂයෙන් ablative භාගික ලේසර් මඟින් මාංශ පේෂීන්වල නම්‍යශීලී බව, රුධිර වාහිනීවල ඝනත්වය වැඩි දියුණු කිරීමට සහ සමස්ත පිළිස්සුම් කැළැල් අවම කිරීම සඳහා යොදාගනී.


References

https://www.ncbi.nlm.nih.gov/pmc/articles/PMC506862/

https://www.cuimc.columbia.edu/rehab/staywell/burns


චාමිකා හර්ෂණී

2 views0 comments

Comments


bottom of page