top of page

රුමටොයිඩ් ආතරයිටිස්.




  • රුමටොයිඩ් ආතරයිටිස් යනු සන්ධිවල වේදනාව, ඉදිමීම සහ තද ගතිය ඇති කරන නිදන්ගත  ප්‍රදාහය තත්ත්වයකි. මෙම තත්ත්වය සාමාන්‍යයෙන් අත්, පාද සහ මැණික් කටුවලට බලපායි.

  • රුමටොයිඩ් ආතරයිටිස් ඇති සමහර පුද්ගලයින් සම, ඇස්, පෙනහළු, හෘදය සහ රුධිර නාල ඇතුළු ශරීරයේ අනෙකුත් කොටස්වල ගැටළු මෙන්ම තෙහෙට්ටුව සහ බර අඩු වීම වැනි සාමාන්‍ය රෝග ලක්ෂණද අත්විඳියි.

  • ස්වයං ප්‍රතිශක්තිකරණ ආබාධයක් වන අතර රුමටොයිඩ් ආතරයිටිස් ඇතිවන්නේ ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැරදි ලෙස හඳුනාගත් ඔබේ ශරීරයේ පටකවලට පහර දෙන විටය. දරුණු රුමටොයිඩ් ආතරයිටිස් මඟින්  තවත් ශාරීරික ආබාධ ඇති කළ හැකිය.

 

රෝග ලක්ෂණ.

  • රුමටොයිඩ් ආතරයිටිස් හි රෝග ලක්ෂණ  එහි බරපතල කම මත වෙනස් විය හැකි අතර  සමහර විටෙක පැමිණ නැති විය හැක. කාලයත් සමග, රුමටොයිඩ් ආතරයිටිස් නිසා සන්ධි විකෘති වී විසන්ධි විය හැක.

  • රුමටොයිඩ් ආතරයිටිස් හි ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ, සන්ධි වේදනාව, සන්ධි ඉදිමීම, සන්ධිවල තද ගතිය, සන්ධි ආශ්‍රිත උණුසුම, සන්ධිය වටා රතු පැහැ වීමයි.

  • සන්ධිවලට බලපාන ගැටළු මෙන්ම, රුමටොයිඩ් ආතරයිටිස් ඇති සමහර පුද්ගලයින්ට තෙහෙට්ටුව , ශරීර ශක්තිය නොමැතිකම, අධික උෂ්ණත්වය, දහඩිය දැමීම, දුර්වල ආහාර රුචිය, බර අඩු වීම වැනි සාමාන්‍ය රෝග ලක්ෂණ දක්නට ලැබේ.

රුමටොයිඩ් ආතරයිටිස් හි අතිවන ප්‍රදාහය තත්ත්ව සමහර විට ශරීරයේ අනෙකුත් ප්‍රදේශවල ගැටළු ඇති කළ හැකිය, එනම් ඇස්වලට බලපාන්නේ නම් වියළි ඇස් සහ හෘදයට හෝ පෙනහළුවලට පපුවේ වේදනාව  ඇති විය හැක.


රුමටොයිඩ් ආතරයිටිස් රෝගය ඇති වීමට හේතු.

  • රුමටොයිඩ් ආතරයිටිස් යනු ස්වයං ප්‍රතිශක්තිකරණ තත්ත්වයකි, එයින් අදහස් වන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේ සන්ධිවල නිරෝගී ශරීර පටක වලට පහර දීම නිසා ඇති වන බවයි.

  • කෙසේ වෙතත්, මෙය මෙසේ වීමට  හේතුව කුමක්ද යන්න තවමත් නොදනී.

 

අවදානම් සාධක.

  • ️ ජාන

  • ️ වයස

  • ️ ස්ත්‍රී පුරුෂ භාවය

  • ️ හෝමෝන

  • ️ දුම් පානය

  • ️ අධික බර ඇතුළුව ඔබේ රුමටොයිඩ් ආතරයිටිස් වර්ධනය වීමේ අවදානම වැඩි කළ හැකි කරුණු කිහිපයක් තිබේ.

 

ඇති විය හැකි සංකූලතා.


️ රූමැටොයිඩ් ආතරයිටිස්, විශේෂයෙන්ම එය හොඳින් පාලනය කර නොමැති නම්, ඔස්ටියෝපොරෝසිස්, රුමටොයිඩ් ගැටිති, වියළි ඇස් සහ මුඛය, ආසාදන, අසාමාන්‍ය ශරීර සංයුතිය, කාපල් ටනල් සින්ඩ්‍රෝමය(caral tunnnel syndrome) හෘදයාබාධ, පෙනහළු රෝග සහ ලිම්ෆෝමා වැනි  වෙනත් තත්වයන් වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇති කරයි.


  • ️ ඔස්ටියෝපොරෝසිස්; රුමටොයිඩ් ආතරයිටිස් සමඟම, රුමටොයිඩ් ආතරයිටිස් සඳහා භාවිතා කරන සමහර ඖෂධ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩි කළ හැකිය. තවද එය  ඔබේ අස්ථි දුර්වල කර ඒවා කැඩී යාමේ අවදානම වැඩි කරයි.


  • ️ රුමටොයිඩ් ගැටිති; මෙම තද පටක ගැටිති බහුලවම සෑදෙන්නේ වැළමිට වැනි පීඩන ස්ථාන වටාය. කෙසේ වෙතත්, මෙම ගැටිති හදවත සහ පෙනහළු ඇතුළු ශරීරයේ ඕනෑම තැනක සෑදිය හැක.

  • වියළි ඇස් සහ මුඛය; රුමටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින්ට Sjogren  සින්ඩ්‍රෝමය වර්ධනය වීමට වැඩි ඉඩක් ඇත, එය ඇස්වල සහ මුඛයේ තෙතමනය ප්‍රමාණය අඩු කරයි.

  • ️ ආසාදන; රුමටොයිඩ් ආතරයිටිස් සහ එයට එරෙහිව සටන් කිරීමට භාවිතා කරන බොහෝ ඖෂධ මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කළ හැකි අතර එමඟින් ආසාදන වැඩි වේ. ඉන්ෆ්ලුවෙන්සා, නියුමෝනියාව, ෂින්ගල්ස් සහ COVID-19 වැනි රෝග වළක්වා ගැනීමට එන්නත් ලබා ගැනීමෙන්  ඔබ ආරක්ෂා වන්න.

  • ️ අසාමාන්‍ය ශරීර සංයුතිය. සාමාන්‍ය ශරීර ස්කන්ධ දර්ශකය (BMI) ඇති  රුමටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින් තුළ පවා මේදය හා ස්කන්ධයේ අනුපාතය බොහෝ විට වැඩි වේ.

  • ️ කාපල් ටනල් සින්ඩ්‍රෝමය. රුමටොයිඩ් ආතරයිටිස් ඔබේ මැණික් කටුවලට බලපාන්නේ නම්, එම ප්‍රදාහයට ඔබේ අතේ සහ ඇඟිලිවල වැඩි කොටසකට අදාළ වන ස්නායුව වීමෙනි

  • හෘද හා සම්බන්ධ ගැටළු. රුමටොයිඩ් ආතරයිටිස් ඔබේ  ධමනි දැඩි වීමේ සහ අවහිර වීමේ අවදානම මෙන්ම ඔබේ හදවත හා ඒ අවට ප්‍රදේශඒ ප්‍රදාහයද වැඩි කළ හැක.

  • ️ පෙනහළු රෝග; රුමටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින්ට පෙනහළු පටක වල ප්‍රදාහය හා කැළැල් ඇතිවීමේ අවදානම වැඩි වන අතර එමඟින් හුස්ම හිරවීමක් ඇති විය හැක.

  • ️ ලිම්ෆෝමාව. රුමටොයිඩ් ආතරයිටිස් වසා පද්ධතියේ වර්ධනය වන රුධිර පිළිකා කාණ්ඩයක් වන ලිම්ෆෝමා අවදානම වැඩි කරයි.


භෞතචිකිත්සක කළමනාකරණය.

  • රුමටොයිඩ් ආතරයිටිස් යනු සුව කළ නොහැකි නමුත් පාලනය කල හැකි නිදන්ගත ආබාධයකි. දැනට පවතින සියලුම ප්‍රතිකාර රෝග ලක්ෂණ තවදුරටත් උග්‍ර වීඅ පාලනය කිරීම සහ වඩා හොඳ ජීවන තත්ත්වයක් ලබා දීම සඳහා යොමු කර ඇත.

  • බොහෝ අවස්ථාවන්හි චිකිත්සක ඉලක්ක වනුයේ:,


️ රෝග කළමනාකරණ දැනුම වැඩි දියුණු කිරීම

️ වේදනාව පාලනය කිරිම

️ දෛනික ජීවන කටයුතු වැඩිදියුණු කිරීම

️ සන්ධියේ තද බව අඩු කිරීමෙන් එහි චලන පරාසය වැඩි දියුණු කිරීම

️ සන්ධි  හානි වැළැක්වීම හෝ පාලනය කිරීම

️ සන්ධිය වටා ශක්තිය වැඩි දියුණු කිරීම

️ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම

️ සන්ධියෙහි ස්ථාවරත්වය සහ සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීම.


References

https://www.nhs.uk/conditions/rheumatoid-arthritis/#:~:text=Rheumatoid%20arthritis%20is%20a%20long,as%20flare%2Dups%20or%20flares

https://www.mayoclinic.org/diseases-conditions/rheumatoid-arthritis/symptoms-causes/syc-20353648

 

 

ලක්ෂි ජයවික්‍රම.

22 views0 comments
bottom of page