top of page

හෘද රෝග පුනරුත්ථාපන ක්‍රියාවලියේදී භෞත චිකිත්සාවේ වැදගත්කම

Vimukthi Chandula


හෘද රෝග පුනරුත්ථාපනය යනු කුමක්ද?


හෘද රෝග සඳහා මූලික වන හේතුව කෙරෙහි හිතකර ලෙස බලපෑම් කිරීම සඳහා වැදගත්වන ක්‍රියාකාරකම්වල එකතුවක් මෙන්ම හැකි ඉහළම ශාරීරික, මානසික හා සමාජීය තත්ත්වයන් සැපයීමට අවශ්‍ය සියළුම සම්බන්ධීකරණ ක්‍රියාකාරකම් මඟින් රෝගීන්ට ඔවුන් විසින්ම ප්‍රශස්ත ක්‍රියාකාරිත්වය රැක ගැනීමට හෝ නැවත ආරම්භ කිරීමට හැකි වන වැඩිදියුණු කළ සෞඛ්‍ය හැසිරීම් තුලින් රෝගයේ වර්ධනය මන්දගාමී කිරීම හෝ ආපසු හැරවීමේ ක්‍රියාවලියකි.




හෘද රෝග පුනරුත්ථාපන ක්‍රියාවලියේ ප්‍රතිලාභ


▪️ රෝග ලක්‍ෂණ අඩු කරයි.

▪️ ජීවිතයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කරයි.

▪️ රෝගයට අනුකූල වීම හා තවදුරටත් වර්ධනය වීම වළක්වයි.

▪️ මරණ සිදුවීම හා නැවත නැවත රෝගය ඇතිවීමේ අවදානම අඩු කරයි.


හෘද පුනරුත්ථාපනය සිදු කළ හැකි අවස්ථා


  • පශ්චාත් - හෘදයාබාධ

  • පශ්චාත් - කිරීටක ධමනි බද්ධ කිරීම (Post coronary artery bypass graft)

  • පශ්චාත් -PCI

  • ස්ථාවර ඇන්ජයිනා (Stable angina)

  • කපාට ආදේශ කිරීම හෝ අළුත්වැඩියා කිරීමේ ශල්‍යකර්ම

  • හෘදයාබාධ හා බද්ධ කිරීම්

  • පර්යන්ත ධමනි රෝග


හෘද පුනරුත්ථාපනය සිදු නොකළ යුතු තත්ත්ව


  • දැඩි අවශේෂ ඇන්ජයිනා තත්ත්ව (Severe residual angina)

  • හානිපූරණය නොකළ හෘද අකර්මණ්‍ය වීම්

  • පාලනය නොකළ හෘත් ස්පන්ද විෂමතාව

  • Ischaemia තත්ත්ව,වම් කෝෂිකාවේ ක්‍රියාකාරිත්වය දුර්වල වීම හෝ ව්‍යායාම පරීක්ෂා කිරීමේදී හෘත් ස්පන්ද විෂමතාව

  • නිසි ලෙස පාලනය නොකළ අධි රුධිර පීඩනය

  • ව්‍යායාම කිරීමේදී ඇතිවන අධි රුධිර පීඩන හෝ අඩු රුධිර පීඩන තත්ත්වයන්

  • වෙනත් අස්ථාවර වෛද්‍ය ගැටලු (උදා: දුර්වල ලෙස පාලනය කළ දියවැඩියාව, Hypoglycemia (රුධිර ග්ලූකෝස් මට්ටම සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක පැවතීම) තත්ත්වයට නැඹුරු දියවැඩියාව, උණ පැවතීම , Active transplant rejection)

හෘද රෝග පුනරුත්ථාපනයේදී භෞත චිකිත්සකවරුන්ගේ කාර්යයභාරය


භෞතචිකිත්සාව

  • ශාරීරික ක්‍රියාකාරකම් පිළිබඳ උපදේශනය

  • ව්‍යායාම පුහුණුව හිදී

ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරයි.

භෞතචිකිත්සාව හෘදරෝග පුනරුත්ථාපනයේ අදියර 3 සඳහාම වැදගත් වේ.

1. පළමු අදියර (රෝහල තුළ දී)


රෝගියාගේ කාර්යයන් ඇදට පමණක් සීමා වීම නිසා ඇතිවිය හැකි බලපෑම් වැලැක්වීමට උපකාරී වන අතර රෝහලෙන් පිටවීම දක්වා සිදු කරයි.

මෙම අදියර හෘද රෝග තත්වයෙන් වහාම පසු හෝ අදාළ ප්‍රතිකාරයෙන් වහාම පසු ආරම්භ වේ.


එසේම භෞතචිකිත්සකයවරුන් දෛනික ජීවිතයේ ක්‍රියාකාරකම් කෙරෙහි අවධානය යොමු කරන අතර අධික ආතතිය වළක්වා ගැනීම පිළිබඳ රෝගියා දැනුවත් කිරීමද සිදු කරයි. රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර කිරීම හෝ පශ්චාත් ශල්‍යකර්ම සංකූලතා අවසන් වන තුරු සාපේක්ෂව විවේකයෙන් සිටීමට රෝගීන් දිරිමත් කරනු ලැබේ. රෝගියාගේ පෙනහළු පරීක්‍ෂා කිරීම, රෝගියාගේ සචලතාව වැඩි දියුණු කිරීම සහ රෝහලෙන් පිටවීමේ තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබේ.

2. දෙවන අදියර (පූර්ව බාහිර රෝගී අදියර )


නිවෙස් තුළ සාමාන්‍ය ජීවිතයට අනුකූල විය හැකි පරිදි රෝගියාගේ ස්වාධීනත්වය හා ජීවන රටාවේ වෙනස්කම් සිදු කිරීම සඳහා වැදගත් වේ.

රෝගියා රෝහලෙන් පිටව ගිය පසු, හෘද පුනරුත්ථාපන වැඩසටහනකට රෝගීන් ඇතුළත් කර ගනු ඇත. මෙම වැඩසටහන කුඩා කණ්ඩායම් ලෙස (6-10) පැවැත්වෙන අතර තනි පුද්ගල ව්‍යායාම වැඩසටහන් සහ කණ්ඩායම් අධ්‍යාපන සැසි මෙයට ඇතුළත් වේ.


3. තෙවන අදියර (පශ්චාත් හෘද රෝග පුනරුත්ථාපන අදියර )


අවදානම් සාධක හඳුනා ගනිමින් සහ ඒවා පාලනය කරමින් ජීවන රටාවේ වෙනස්කම් දිගු කාලීනව පවත්වාගැනීමට උපකාරී වේ.

පුද්ගලයාගේ නම්‍යශීලීත්වය, ශක්තිය සහ Aerobic conditioning වැඩි දියුණු කිරීම අරමුණු කරගත් පුද්ගලාණුබද්ධ ව්‍යායාම වැඩසටහනක් මත තෙවන අදියර පදනම් වේ.

Aerobic training මඟින් ඇති කරන බලපෑම


  • රුධිර පීඩනය අඩු කරයි.

  • මාංශ පේශි වලට ග්ලයිකෝජන් සැකසීමට උදව් කිරීමෙන් දියවැඩියාව ඇතිවීමේ අවදානම අඩු කරයි.

  • සෞඛ්‍ය සම්පන්න දේහ බරක් පවත්වා ගැනීමට උපකාරී වේ.

  • ශරීරයේ ප්‍රදාහක තත්ත්වයන් අඩු කරයි.

  • රුධිරයෙන් ඔක්සිජන් ලබා ගැනීමට මාංශ පේශි වලට ඇති හැකියාව වැඩි දියුණු කරමින් වැඩිපුර රුධිරය මාංශ පේශි වෙත පොම්ප කිරීමේ අවශ්‍යතාවය අඩු කරයි.

  • ආතති හෝමෝන මට්ටම අඩු කරයි.

  • හෘද ස්පන්දන වේගය අඩු කරයි.

  • අධි ඝනත්ව ලිපොප්‍රෝටීන් (HDL) මට්ටම වැඩි කරයි.

ප්‍රතිරෝධක (Resistance) පුහුණුවේ බලපෑම


  • එදිනෙදා ජීවිතයේ කටයුතු වල ස්වාධීනත්වය වැඩි කරයි.

  • මාංශ පේශි ශක්තිය වැඩි කරයි.

  • මාංශ පේශිවල විදදරාගැනීමේ හැකියාව වැඩි කරයි.

  • වැටීමේ අවදානම අඩු කරයි.

  • අධි රුධිර පීඩනය, ඉන්සියුලින් සංවේදීතාව සහ ඩිස්ලිපිඩිමියා (අසාමාන්‍ය ලෙස ඉහළ ගිය කොලෙස්ටරෝල්) අවදානම අඩු කරයි.


භෞතචිකිත්සකවේදියා අද්විතීය, අත්‍යවශ්‍ය දැනුම හා කුසලතා වලින් අනූන පුනරුත්ථාපන කණ්ඩායමේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන සාමාජිකයෙකු ලෙස සැලකෙන අතර රෝගියාගේ ජීවන මට්ටම වැඩි දියුණු කිරීම සඳහා සකසන ලද ව්‍යායාම වැඩසටහන් මඟින් ශාරීරික ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට සහ ඒවා සිදු කිරීමට සහාය වේ.


References:-

https://www.heartsupport.org.au/post/role-of-physiotherapy-in-cardiac-rehabilitation

https://www.csp.org.uk/publications/physiotherapy-works-cardiac-rehab


සජානි ගම්ලත්

6 views0 comments

Comments


bottom of page