top of page

COVID-19 හි භෞතචිකිත්සාවේ කාර්යභාරය.

Vimukthi Chandula

කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භ වී වසරකට වැඩි කාලයක් ගත වී ඇති අතර ආරම්භයේ සිටම, හෞතචිකිත්සකවේදීන් යනු සෞඛ්‍ය‍ය ක්ෂේත්‍රයේ කොවිඩ් රෝගීන්ට උපකාර කිරීම සඳහා කටයුතු සිදුකරන එක් ප්‍රධාන කණ්ඩායමක් වේ. කොවිඩ් රෝගය ඇති බවට තහවුරු වූ හෝ කොවිඩ් රෝගය සහිත යැයි සැක සහිත රෝගීන්ගේ රෝග කළමනාකරණය සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානවල සේවය කරන හෞතචිකිත්සකවේදීන් දායක වේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම කොවිඩ් රෝගීන්ගේ ශ්වසන රෝග කළමණාකරණය කරමින් ප්‍රතිකාර කිරීම සහ ශාරීරික පුනරුත්ථාපනය සඳහා ද භෞතචිකිත්සාව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.





  • ප්‍රාථමික සත්කාර,

  • ප්‍රජා සත්කාර සහ

  • දැඩි සත්කාර ආශ්‍රිත කොවිඩ් පුනරුත්ථාපන කටයුතුවලදී හෞතචිකිත්සක නිලධාරීන් ප්‍රධාන භූමිකාවන් ඉටු කරයි.


හෞතචිකිත්සකවේදීන් බොහෝ විට රෝගීන් සමඟ සෘජුවම සම්බන්ධ වන නිසා ප්‍රාථමික සත්කාරවලදී කොවිඩ් රෝග ලක්ෂණ කලින් හඳුනා ගැනීමට සහ රෝග සම්ප්‍රේෂණය වීම වළක්වා ගැනීමට ඔවුන්ට හැකිවී ඇත. ප්‍රජා මට්ටමින් සිදු කෙරෙන භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම මගින් රෝගීන් සහ වෘත්තිකයන් දැනුවත් කිරීම, කොවිඩ් රෝගය සුව වීමෙන් අනතුරුව ඇතිවිය හැකි සංකූලතා සඳහා ප්‍රතිකාර සිදු කරන අතර රෝහල් තුළ සිදු කෙරෙන දැඩි සත්කාර ඒකක ආශ්‍රිත ව සමහර අවස්ථාවලදී ඇතිවන දරුණු නියුමෝනියාව, උග්‍ර ශ්වසන පීඩන සින්ඩ්‍රෝමය (Acute Respiratory Distress Syndrome), sepsis සහ septic කම්පනය අවස්ථාවලදී, හෞතචිකිත්සකවේදීන් රෝගියාගේ ශ්වසන ප්‍රතිකාර සඳහා සම්බන්ධ වේ.


දැඩි සත්කාර ඒකකවලදී හෞතචිකිත්සකවේදීන්,


  • ️රෝගීන්ගේ වායු මාර්ගය පිරිසිදු කිරීම,

  • ️පෙනහළු ධාරිතාව වැඩි කිරීමට සහ

  • ️පෙනහළු ක්‍රියාකාරිත්වය වැඩි කිරීමට උපකාර කරයි.


කොවිඩ් රෝගය හා සම්බන්ධ දැඩි ශ්වසන ආබාධ සහිත රෝගීන්ට විවිධ භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතා කරමින් ශ්වසනය පහසු කිරීම, රෝගියාට දරුණු කැස්ස පාලනය කරගත නොහැකි අවස්ථාවලදී රෝගී තත්ත්වය කළමනාකරණය කිරීම සිදු කරයි. හෞතචිකිත්සකවේදීන් විසින් මාංශ පේශි, ස්නායු හා හෘද පුනරුත්ථාපනය ආශ්‍රිත ව්‍යායාම නියම කරන අතර එමගින් රෝගීන්ගේ චලන හැකියාව වර්ධනය කිරීමට උපකාරී වේ. තවද ව්‍යායාම සිදුකිරීමේදී ඇතිවන ශ්වසන අපහසුතා මගහැරීමට ද ශ්වාසනාල ශල්‍යකර්මයකින් අනතුරුව රෝගීන් යථා තත්ත්වයට පැමිණීම කළමනාකරණය කිරීමේදී ද හෞතචිකිත්සකවේදීන් ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


එසේම, නිරෝධායන කාලය තුළ හුදෙකලා වූ බොහෝ පුද්ගලයින් හට මුහුණ පෑමට සිදුවන ශාරීරික ක්‍රියාකාරකම්, පෝෂණය, නින්ද සහ මානසික සෞඛ්‍ය ආශ්‍රිත ගැටළු සඳහා උපදෙස් ලබා දීමේදී ද හෞතචිකිත්සකවේදීන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.


දැඩි සත්කාර ඒකක ප්‍රතිකාර කිරීමේ සිට කොවිඩ් රෝගීන්ගේ පුනරුත්ථාපන අවස්ථාව දක්වාම, හෞතචිකිත්සකවේදීන් ඉදිරි පෙළේ කටයුතු කරමින් සිටින අතරම ඉන් පසු උදාවන දීර්ගකාලීන කොවිඩ් තත්ත්වවලදී ද පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීම හෞතචිකිත්සකවේදීන්ගේ තවත් ප්‍රධාන කාර්‍යභාරයකි. එමඟින් කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ රෝගීන්ට නැවත තම සුපුරුදු ජීවන රටාවට ඇතුළත් වීමට අවස්ථාව සලසා දෙයි.


References

https://pursuit.unimelb.edu.au/articles/the-crucial-role-of-physiotherapists-in-covid-19-recovery


සන්කලනි ද සිල්වා

4 views0 comments

Comments


bottom of page