top of page

සංගීතමය වෘත්තීන්වලදී භෞතචිකිත්සාවේ කාර්යභාරය.

Writer's picture: Wephysio MFCWephysio MFC

සංගීත වෘත්තිකයන්ට ඔවුන්ගේ මාංශපේෂි, ක්‍රීඩා කරන මලල ක්‍රීඩකයකු තරමටම අත්‍යවශ්‍ය විය හැකිය. සමහර අවස්ථා වලදී දැඩි ආතතියක්, පීඩනයක් වැනි අහිතකර තත්ත්ව යටතේ වුවත් ඔවුන් පැය ගණනනාවනක් (පැය 6- 8 පමණ) පුහුණුවීම්වල නිරතවී ඔවුන්ගේ ඉදිරිපත්කිරීම් සිදුකරයි.


සංගීත වෘත්තිකයන් වැඩිපුරම භාවිතා කරන මාංශපේෂි වන්නේ තියුණු චාලක ක්‍රියා සිදුකරන පේශීන්ය. මෙම මාංශපේෂි වල පේෂී සෛල විශාල මාංශ පේෂි වලට වඩා තරමක් වෙනස් වන අතර අධික භාවිතයේදී තෙහෙට්ටුවට හා වෙහෙසට පත්වීමට ඉඩ ඇත.


සංගීතඥයකුට යම් ආබාධයක් ඇතිවූ විට අප ඔවුන්ව ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයට නොව ඉහලම ක්‍රියාකාරීත්වයට ගෙන ආ යුතුය.

මෙම වෘත්තිය කණ්ඩායම් සදහා වාර්තා වී ඇති කාර්ය සාධනය හා ඒ සම්බන්ධ මාංශ පේශී ආබාධ ඉලක්ක කර නව ව්‍යායාම වැඩසටහන් විශේෂයෙන් නිර්මාණය කර ඇත.


මෙම වැඩසටහන පහත අංග වලින් සමන්විත වේ.


  • මුල් අදියරේදී, ස්ථායිතාව සහ ඉරියව් පාලනය හා සම්බන්ධ මාංශපේෂී සක්‍රිය කිරීම.

  • මැද අදියර වලදී හා අවසාන අදියර වලදී බාහිර කැලඹීම් හා ප්‍රතිරෝධක එකතු කිරීම.


මේ සදහා මාංශපේෂී විද දරා ගැනීමේ හැකියාව වැඩිකිරීමට අදාල ව්‍යායාම යොදාගන්නා අතර ඒවා වාද්‍ය භාණ්ඩ භාවිත කිරීමේදී යොදාගන්නා පොදු චලිත රටාවන්ට අදාලව භාවිතා කරයි



බහුලව දැකිය හැකි ආබාධ තත්ත්වයන්.


ක්‍රියාකාරිත්වය හා සම්බන්ධ වූ මාංශපේෂී ආබාධ, වෘත්තීය වාද්‍ය සංගීත ශිල්පීන් අතර පොදු සංසිද්ධියක් ලෙස හදුනා ගත හැක.


තවද,

  • අධික ලෙස භාවිතා කිරීමෙන් මාංශපේෂී වලට ඇතිවන ආබාධ.

  • ගෙල හා කොන්ද ප්‍රදේශයේ වේදනාව.

  • මාංශපේෂී අසමතුලිතතා ගැටලු.

  • චලන අක්‍රියතාව.

  • ස්නායු ආබාධ.

  • Musician's cramp

  • සංගීත භාණ්ඩයක් වාදනය කරන ඉරියව්ව ආශ්‍රිත තත්ත්වයන්

මෙම ආබාධ යටතට ගැනේ.


ආබාධ සඳහා කායික අවදානම් සාධක.


  • දිගු වේලාවක් සංගීත භාණ්ඩ වාදනය කිරීම හෝ වාදනයේදී යොදන බලයන් හදිසියේ වැඩිකිරීම.

  • පුහුණුවීම් අතරතුර අවශ්‍ය තරම් විවේකය නොගැනීම.

  • දුර්වල ඉරියව් හා ජෛව යාන්ත්‍රික රටාවන් භාවිතය.

  • නිවැරදි නොවන තාක්ෂණික ක්‍රම භාවිතය.

  • සෞඛ්‍යමය දැනුවත්කම අඩුවීම


භෞතචිකිත්සාවේ කාර්යභාරය.


  • ආබාධ තත්ත්වය තක්සේරු කිරීම.

කායිකව සිදු කරන පරීක්ෂණ, වාද්‍ය භාණ්ඩ වලටම සුවිශේෂ වූ ඇගයීම් ක්‍රම, විශේෂඥ සායනික පරීක්ෂණ ඔස්සේ, සැලකිලිමත්ව සිදුකරයි.


ආබාධ තත්ත්වය ඇතිවීමට හේතුව හඳුනාගැනීම.


  • පුද්ගලානුබද්ධ ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ප්‍රතිකාර කිරීම.

▪️ වාදනය කරන ඉරියව් නිවැරදි කිරීම.

▪️ වාද්‍ය භාණ්ඩ භාවිතා කරන නිවැරදි ශිල්පීය ක්‍රම නිරූපණය.

▪️ සන්ධි හා පේෂී මත ඇති පීඩනය අවම කිරීම.

▪️ ශ්‍රෝණිය ආශ්‍රිත මාංශ පේෂි පාලනය වැඩි දියුණු කිරීම මඟින් හඩ පාලනය වැඩ් දියුණු කිරීම.


  • නැවත ආබාධ ඇතිවීම වැළැක්වීම.

මෙහිදී අවදානම් සාධක හදුනාගැනීම හා ඒවායින් වැලක්වීමට ක්‍රියා කරයි.


  • පුද්ගලයාගේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම.

සංගීත ශිල්පීන් ගේ මාංශපේෂීන්වල ශක්තිය හා දරා ගැනීමේ හැකියාව වැඩිකිරීම මඟින් ඔවුන්ව ඉහලම ක්‍රියාකාරීත්වයකට ගෙන ඒම සිදු කරයි


  • සෞඛ්‍යමය දැනුම සහ උපදෙස් ලබාදීම.

නිවැරදි ඉරියව්, නිවැරදි තාක්ෂණික ක්‍රම, විවේකය ලබාගැනීම, අවදානම් සාධක හා ඒවායින් වැලකීම පිළිබඳව දැනුම ලබාදීම මෙහිදී සිදුකෙරේ.

ක්‍රියාකාරීත්වය හා සම්බන්ධ මාංශපේෂී ආබාධ වල ඉහල ප්‍රවණතාවකින් දැකිය හැක


ගෙල ආශ්‍රිතව


ග්‍රෛවී කශේරැකා සඳහා සිදු කරන ව්‍යායාම හා චිකිත්සාව, ගෙලෙහි නම්‍යතාවට හා විස්තාරණය ට අදාල මාංශ පේෂී ශක්තිමත් කිරීම සඳහා යොදාගනී. මෙහි අවසාන අදියරවලදී ගෙලෙහි අභ්‍යන්තර මාංශපේෂී සඳහා විවිධ ප්‍රමාණ වල ප්‍රතිරෝධ විවිධ කෝණයන්ගෙන් යොදයි. මෙය සිදුකරනු ලබන්නේ උපකරණ වල බර පවත්වා ගනිමින් ගෙලෙහි නිවැරදි පිහිටීම තබාගැනීමේ උත්සාහයක් ලෙසය.

ගෙලෙහි ඇතිවන ආබාධයන් සදහා,

ග්‍රෛවී කශේරැකා පුනරුත්ථාපනය,

මාංශපේෂී වල Hypertonic අඩුකිරීම මඟින් මාංශපේෂී කාර්යක්ෂමතාවය වැඩි කිරීම, උරහිස පුනරුත්ථාපනය (අංශඵලකයේ ස්ථායිතාව සහ උරහිස් සන්ධිය වටා ඇති මාංශපේෂී වල විදදරාගැනීමේ හැකියාව) සිදුකිරීම අවශ්‍ය වේ.


උරහිස ආශ්‍රිතව


උරහිස් මාංශපේෂී වල සමතුලිතතාවයට හා චලනය පාලනය කිරීම සඳහා, අංශඵලක ස්ථායිතාව හා උරහිස් සන්ධිය අවට මාංශපේෂී ක්‍රියා කරවන ව්‍යායාම යොදාගනී. මෙහිදී ප්‍රතිරෝධය එකතු කිරීම හා ව්‍යායාම වල කාර්යසාධනය වැඩිකිරීම ජෛව යාන්ත්‍රික රටාවන්ට අනුව සිදුකරයි.


කශේරුව ආශ්‍රිතව


මෙහි මුල් අදියරයේදී කටී ප්‍රදේශයේ මාංශපේෂී මත අඩු බරක් ක්‍රියා කරවීම සිදුකරයි. පසු අදියර වලදී මෙම මාංශපේෂී වඩාත් ක්‍රියාත්මක වන ලෙස ප්‍රතිරෝධයන් හා ව්‍යායාම යොදාගනී.


උදරය ආශ්‍රිතව


මෙහිදී උදරය ආශ්‍රිතව ඇති මාංශපේෂී, පොදුවේ නියම කරන ලද සායනික ක්‍රියා පිළිවෙලකට අනුව, සක්‍රිය කරන ව්‍යායාම සිදුකරයි. තවදුරටත් අසීරු පියවර වලදී ආධාරක යොදාගනී. අවසානයේ මෙම ව්‍යායාම හිදගැනීමේදී හා නැගිටීමේදී වඩාත් ක්‍රියාකාරී වන ආකාරයකට සිදුකරයි.


භෞතචිකිත්සක උපදෙස්


  • සංගීත වේදියා විසින් සමස්ත වාදන කාලය තුළදීම නිවැරදි ඉරියව් පවත්වා ගත යුතුය.

  • සංගීත වේදියා විසින් තම පුහුණුවීම් කාලය නිවැරදි ලෙස සැලසුම් කළ යුතු අතර සමස්ත වාදන කාලය පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය.

  • සංගීතවේදීන් නිතර විවේක ගැනීම මඟින් සන්ධි මතට යෙදෙන බර අඩු කරගැනීමට උපකාරී වේ.

  • දිගු පුහුණුවීම් සතියකට පෙර පෝෂණය සහ සජලනය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ.

  • අනතුර මුල් කාලයේදීම හඳුනා ගැනීම මඟින් පසුව ඇතිවිය හැකි සංකූලතා වළක්වා ගත හැකිය.

  • අනතුරුට ලක් වූ ප්‍රදේශය විවේකීව තැබීම, අයිස් තැබීම, සම්පීඩන සමඟ ඔසවා තැබීම වැනි ප්‍රථමාධාර මූලධර්ම මඟින් අයහපත් බලපෑම් ඇති වීම වළක්වාගත හැකිය.

References


https://www.rhpphysiotherapy.com.au/expertise/musicians-2/



ගිත්මි ඉෂාරා

Comments


bottom of page